මා හිතාදර නාඩි ප්‍රිය
ජනතාවනි, හෙළයෙක් වශයෙන් අපට ඉතා ආඩම්බර විය හැකි අති මනලෝලි සොයාගැනීමක් ඔබ හමුවේ
තැබීමට අවසර....
නාඩියා නාඩිරත්න (එනම්
මං තුමා) මේ උත්කෘෂ්ට සොයා ගැනීම සිදු කලේ assignment එකක් නට්ටටම කෙලවී ඇති
අති පජාත අවස්තාවක නොවන බව කරුනාවෙන් සලකන්න...මෙය වනාහි හෙළයන්ගේ ප්‍රෞඩත්වය හා
තාක්ෂණික දැනුම් සම්භාරය ලොවට හඩගා කියන්නා වූ තවත් එක් ස්වර්ණමය අවස්ථාවකි!
රාවණා යුගයේ සිට පැවත එන
ඉපැරණි පුස්කොල පොත් වල ෆොටෝ එක්ක අති ඉපැරණි තාක්ෂණික වාර්තා ගැඹුරින් විශ්ලේෂණය
කිරීමෙන් මෙම මතය සනාත කල හැකි බවට දෙස් විදෙස් බොහෝ වියතුන් මට ඊ පණිවිඩ හා
ඇස්.ඇම්.ඇස් ඒවා ඇත...ඒ වගත් මෙසේම....
ඔබ C දන්නවාද??එය හුදෙක් ඉංගිරිසි භාෂාවේ තුන් වෙනි අකුර නොවේ! C වනාහි තුන් වෙනි පරම්පරාවේ පරිගණක භාෂාවක් ලෙස හදුන්වන මෙව්වා එකකි...ඒ ගැන
ඔබට වැඩි දුර කරුණු මේක ඔබා දැන ගත හැක.
නාඩියා කැම්පස් ගත
වීමෙන් පසු පළමු සමාසිකයේ(එය අනේ අනිච්චං හේතු නිසා නමාසිකයක් බවට පත් විය) මේ C අකුර පිලිබඳ ඉගෙන ගැනීමට නියමිතව තිබුණි...දැනටද එහි ඇති කෙළිලොල් බව නිසා
මං තුමා ඒ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටිමි.දැනට හෙළි වී ඇති ,ඔබාමා ප්‍රමුඛ
බටහිර ගැති විජාතික බලවේග විසින් සඟවා තබාගෙන ඇති C පිළබඳ හෙළි නොවූ තතු
මෙසේය!
C භාෂාවේ සම්භවය හා
විකාශනය හෙළදිව ඇසුරින් සිදුවී ඇත!
බොහෝ පරිගණක භාෂා වල
මූලය C වන්නා සේම සිංහලයේද මුලය C ය!
C-හෙළ > සී-හෙළ > සිනහෙළ > සිංහල
නුතනයේ අපි C ක්‍රමලේඛයක් compile කරනවා කියයි! නමුත්
පුරාණ පුස්කොල පොත් වල දක්වා ඇත්තේ අපේ පුරාණ මෘදුකාංග ඉංජිනේරුවන් එය “කපෝති”
කරනවා ලෙස හැදින්වූ බවයි!
Compile > කොම්පයිල් >
කොපාල් > කෝපත් > කපෝති
එහිදී දෝෂයක් පැන නැගීම “error” එකක් ලෙස හැදින්වුවද එහි විකාශනය සිදු වී ඇත්තේ
Error > එරර් > එරෙන් > එරෙනවා ලෙසටය!
ආඩම්බරයි නේද
හෙලයිනි....
එසේම bug යන වචනයද “බොග” යන වචනය ඇසුරින් තනා ගත් එකක් බව පැහැදිලි වන්නේ දෙකම අනවශ්‍ය
අවස්ථා වල පැන නැගී ප්‍රශ්න ඇති කරන බැවිනි!
එසේම මෙහිදී භාවිතා වන data type හෙවත් දත්ත වර්ග ද සිංහල ඌරුවට අනුව හැඩ ගැසී ඇති අපුරුව
බලන්න.
Int > ඉන්ට් > ඉන්ට
> ඉලක් > ඉලක්කම්
Double > ඩබල් > දශම්
> දශම
Char > චා > චාටර් (මෙය එක්
සංකේතයක් පමණක් ගබඩා කල හැකි කුජිත එකක් බැවින් ඉපැරණි මෘදුකාංග ඉංජිනේරුවන් මේ
නාමය භාවිතා කරන්නට ඇත)
එසේම මෙහි ඇති array යන යෙදුම දත්ත ගබඩා කිරීම වියන්ගාර්තයෙන් ප්‍රකාශ කිරීමට ඉතා අපුරුවට යොදා
ගෙන ඇත!
“දොර ඇරේ” යන යෙදුම විමසා
බලන්න..එහි “ඇරේ” යන පදයෙන් යම් කිසි විවෘත වීමක් අදහස් කරයි..එසේම සී භාශාවේද “array” යන්නෙන් දත්ත ගබඩා කරන ස්ථානයක් විවෘත කරනවා මෙන් අදහසක්
ගෙන දේ!
මේ ආකාරයෙන් විමසා බලන
කල්හි “සී” යනු හෙළයන්ගේම තවත් සාඩම්බර නිපැයුමක් බව අප පිලි ගත යුත්තේමය!
සියලු C කාරයෝ ගොඩ යත්වා!!!!
ප.ලි - දයාබර කොම්පිතර
හිතැති ජනතාවනි, මේ ඔබේ හුදු පහන් සංවේගය තකා කෙටූ නාඩියකි! දවසම අඟල් 14.1 දිහා ඔටවාගෙන බලා සිටීමෙන් මෙවැනි
දාර්ශනික අදහස් පහල විය හැක!ප්‍රවේශම් වන්න!
ලයික් එකක් දාලම යමු ඈ!
ආ උඹටත් හැදුනද අසනීපේ.. ප්‍රීතී ප්‍රීතී ප්‍රීතී නාඩි
ReplyDeleteමොන අසනීපේද බං! එහෙනම් ප්‍රීති ඈ!
Deleteඑල නාඩි!!! අපිත් (c හෙළ) ලේසි නෑ බලන් ගියාම. උඹගේ සොයා ගනීමට ජයවේවා..!! පැහැදිලි කිරීමේ පහසුවට ඉස්කිරින් සොට් එකකුත් දාල තියන්නේ :D :D
ReplyDeleteසතියකට එකක් වත් මෙහෙම නාඩියක් වැටෙනවා නම් මරු..
ආයෙත් අහලා! ඔන්න සොට් එකකුත් තියනවා! සතුයකට සැරයක් නේ...බලමු බලමු.... :)
Deleteපට්ට ආ නාඩියෝ.සිංහලෙන් නාඩි වැටෙන එකෙක් ඉන්න එකත් සතුටකි :D
ReplyDeleteඅඩේ ඕනේ භාෂාවකින් ඕනේ ජාතියකින් නාඩි වැටෙන්නේ එකම විදිහට බං
DeleteC තමා බං සී !
ReplyDeleteඅයි සී ද සී !!!!
Deletewargapurnikawa hodai balagena yanakota mu liyana keppath ekka. He he
ReplyDeleteEla ela man nam owata kemathei.
මේවා කෙප්ප නෙවෙයි බං! අලුත්ම සොයා ගැනීම්!
Deleteමෙයාටත් රාවනා ලෙඩේ බෝ වෙලා වගේ...කමක් නැ කමක් නැ සතුටුයි.. ඒත් ඔලුව නරක් කරගන්න නම් එපා.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
හප්පේ නෑ! මේවා රාවණා ගේ කාලේ ඉඳන් එන පොත් වල තිබ්බා කියල තමයි කිව්වේ..! එයා වැඩිය මේකට සම්බන්ධයක් නෑ!
Deleteඕ අයි C හි හි හී..
ReplyDeleteඇයි KFC හික්ස් ....!
Deleteඑහෙනම් මේවයි මේ C!
Deleteමෙයා මාර හෙළයෙක්නේ !
ReplyDelete:D
නැතිව නැතිව! :D
Deleteහික්ස්... මේ වගේ ඒවා පහල වෙලා නතර වෙච්ච එකම මදෑ,...
ReplyDeleteතාම නතර වෙලා නෑ වගේ.......තව එනවා වගේ තේරෙනවා!
Deleteමම කිව්වා කියලා හිතාගන් ...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉතිං කියපන්කො! හික්ස්!
Deleteමෙච්චර කල් c කොලා මේවා නිකම් වත් හිතුනේ නෑනෙ....
ReplyDeleteඒකනේ!!! හිමිට හිමිට හිතපන්! නැත්නම් අන්ද කයිප්පු වෙන්න පුළුවන්!
Deleteපිස්සු හැදෙන සඳ.... නාඩියාට වෙච්ච වැඩේ .. හයියෝ.....
ReplyDeleteජයරත්ත මහත්තයා ආගිය අතක් නැති නිසා උඹලාවත් මේ වැඩේ දිගටම ඇඳගෙන යන එක හොඳයි...
අප්පේ දිගටම ඇදගෙන ගියොත් ලෙචා මගේ බෙල්ල මුලින්ම shut down කරලා දායි!
Deleteඋඹට වර්ගපූර්නිකාවේ ආචාර්යා තුමා නඩු දායි යකෝ කෙප්ප කෙලිනවට.
ReplyDeleteඅනේ! Cතාසියක් එවයිද දන්නේ නෑ නේ?
Deleteනියම ම පිස්සුවක් C කළ හරියක්.ජය වේවා!
ReplyDeleteතැන්කු ඈ! :)
Deleteආ... බලනකොට හෙළුවෙන්ම වනලා තියනවානේ
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්......
Deleteaththa mata nam epa wela me raawanage wikarai
ReplyDeletee ayage Compile > කොම්පයිල් > කොපාල් > කෝපත් > කපෝති wage
wihilu wadai...
මේ ඔබේ ලේ පිරිසිදු කර ගැනීම සඳහාය! :)
Delete‘නාඩියාගේ අතිවිශේෂ හෙළිදරව්ව‘ කිව්වම මම හිතුවෙ මූ මේ ‘අතිවිශේෂ‘ ගැන කතාකරනවය කියල. මේ වෙන වැල් බයිලයක්නේ, චෑහ් ..
ReplyDeleteහික්ස්! අති විශේෂ වගේ තමයි! බයිලා නෙවෙයි බං මේ C !
Deleteඇත්තටම බැරැක් ඔබාමවත් කරලා නැතුව ඇති මෙච්චර හොඳ හෙලිදරව්වක්.. මටත් සතුටුයි නදියා ත් සී කරනවා කිවම...
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
හික්ස්! ඒකනේ...ඔබාමා මේවා දන්නේ නෑ බං!
Deleteඒ පාර උඹත් පටන් ගත්තාද බන් අර රාවණා වගේ ලයින් දෙන්න... හිකිස් ඊයෙ පෝයත් තිබ්බ හින්ද මොකුත් නොහිතා ඉන්නංකෝ!!
ReplyDelete(මොනව උනත් වටින ඉතිහාස කරුණු ටික..අපරාදේ කියන්න බෑ..)
පෝය ඊයේද?? අප්පට සිරි! ඒක තමා!
Deleteඔබතුමා රාවණා යුගයට අයත් බ්ලොග් පිටු වැඩි වශයෙන් පරිහරණය කරන බව පෙනේ, මේ පිළිබඳව අවධානයෙන්, පාලනයකින් යුතුව කටයුතු කරන්නේනම්, අනාගතයේ සෑදිය හැකි ධරුණු ගණයේ අසනීපයකින් වැළකීමේ අවස්ථාව ඔබ සථුඉ.....
ReplyDeleteඑසේය එසේය!
DeleteC කාරයොන්ට ජය වේවා!!! අපිට ජයවේවා!!!! හඳ පායනකොට මොකක්ද මොදුවෙනවලුනේ මී ජයගෙ පිස්සුව මේකටත් හැදීගෙන එනවද කොහේ.
ReplyDeleteමී ජයා ගේ තරම් එකක්නම් මටනං නැතෝ!!
Deleteඅඩෝ පට්ට සීන් එක නේ!!! එහෙනං ඔය සුද්දෝ හෝ ගාලා වැඩ දාන්නේ අපේ ගැජට් වලින් ඈ..... ආඩම්බරයි!!!
ReplyDeleteඒකනේ ඒකනේ!! අපිට අගයක් නෑ ඉතිං!
Deleteඅම්මට සිරි නාඩියගේ C කසාදය නරකටම හිටලා නෑ එහෙනම්. දැන් C වලින් කපෝති කරනකොට එරාගෙන බොගද set වෙනවා කියල නේද ඔය කියන්නෙ.
ReplyDeleteනැත්නම් නැත්නම්..ඒක තමා මේ වෙලා තියන්නේ....!
Deleteඅඩො මෙක නම් ෆට්ටම ෆට්ට
ReplyDelete:)
Deleteඅපිත් අවා මේ පැත්තට ඇවිත් යන්න.. නියම පොස්ට් එකක් ඇමරිකන් කාරයෝ අදවෙනකන් පාවිචි කරලා තියෙන්නේ අපේ බාසවනේ
ReplyDeleteනැත්නම් නැත්නම්...අපේ එක තමා!!
Deleteඋඹේ මේ උත්කෘෂ්ඨ සොයා ගැනීම ගැන කියවලා මගේ හෙළු ලේ කකියනවා බොල... බොට ජයම වෙන්න ඕනෙ.... ඔලුව තදට කොහෙ හරි වැදුනා නම් දේශීය නිෂ්පාදනයක් එතන හොදින් ගල්වා තදින් අතුල්ලනු.
ReplyDeleteදේශීය නිෂ්පාදනයක් කිව්වේ අයියේ.....දංකොටු එකක් වගේද...?
Deleteහයියූ උඹ හිතන දේවල්... මම කිව්වෙ අර ............වෙද මහතෙකි ඔබෙ ගෙදර වර්ගය ගැන.
Deleteආ...ඒකද....? ;)
Deleteඅද තමයි මචෝ මේ පැත්තට ආවේ ,,,
ReplyDeleteපොස්ටුවනම් ෆට්ට ආ ...
ජයෙන් ජය !!!
ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව "
තැන්කු ඈ!! එල එල දිගටම වරෙන්කෝ එහෙනම්!
Deleteමම හිතුවේ මීවන පලානයාගේ දිෂ්ටියක්වත් බොට වැහිලද කියලා හෙහ් හෙහ් හෙහ් හේ
ReplyDeleteහෙහ්! හෙහ්! හෙහ්!!!!!!
Deleteනාඩියා පලවෙනි සිංහල ප්‍රොග්‍රෑම් එක කොම්පයිල් කොරද්දි ෂැගියත් ලග හිටිය මත්කද...???????
ReplyDeleteනැත්නම් නැත්නම්! හිටියා නේන්නම්!
Deleteප්‍රින්ට්එෆ් ("ඇයි යකෝ මේක අවුරුද්දකට කලින් හොයා නොගත්තෙ. \ඇන් එහෙනම් දෙයියනේ කියල සිංහලෙන්ම ප්‍රෝග්‍රෑමෙ ටයිප් කරල ගොඩ දානවනේ.. ")සෙමිකෝලං.
ReplyDeleteයකෝ සෙමි කෝලන් අතමක උනානේ!!
DeleteThamange jathiya apahasayata lak karana konda pana nethi niwatayo
ReplyDeleteපිස්සූ ඈ මම සර්ච් කලේ වර්ගපූර්ණිකාව හම්බුනේ මේක . හෙළ ජොගී
ReplyDelete