නාඩි සෙට් එක

Saturday, December 1, 2012

සඳවතී රතු වෙලා



වලා යහන් ගැබ අතරේ...
දුහුල් මොලොක් සළු පොරවා
ශ්වේත වර්ණයෙන් බැබළුණු
සඳවති රතු වෙලා!

හිරු කුමරුගෙ බහට
මිහිකතේ ඔවදනට
කීකරුව දිවි ගෙව්ව
සඳවතී රතු වෙලා

 වසන්තේ හැමදාම
දිනකරගේ ආලයෙන්
මුසපත්ව සිනාසුනු
සඳවතී රතු වෙලා

විලිබරව රතු වෙච්ච
සඳවතී වගේ නොව...
එඩිතරව අහස් කුස
රතු වෙච්ච සඳවතී....... .....අද හරිම හැඩ වෙලා!

58 comments:

  1. කව්ද මේ සඳවතී.....

    ReplyDelete
    Replies
    1. ;) ම්ම්.....දන්න කියන කෙනෙක්ද දන්නේ නෑ..... ;)

      Delete
  2. කව්ද මේ හැඩ වුනේ. කියහංකෝ අපටත්.

    ReplyDelete
  3. Replies
    1. හ්ම්ම් හ්ම්ම්..ඇයි මොකෝ?

      Delete
    2. කව්ද බොලේ මේ සඳවතී???

      Delete
  4. හ්ම්ම්ම්...මේ දවස්වල සදවතී හරි හැඩයි නේන්නම්.. (අහසේ ඉන්න)

    ReplyDelete
  5. :P ... අපිනං දන්නෑ......

    ReplyDelete
  6. ගිය 27 වෙනිදා නේද? මම දැක්කෙ නෑනේ අප්පා.... :(

    ReplyDelete
    Replies
    1. 27 විතරක් නෙවෙයි අයියා...ඊයේ පෙරේදත් එහෙමයි....

      Delete
    2. දැන් ඒමලු හැමදාම :)

      Delete
  7. සඳවතී මම දැක්කා පහුගිය 27 වෙනිදා..ඊට පස්සේ තාම නෑ අනේ...ඔයත් හොයනවද එයාව....? හි හි හී

    සරළ පද ටික ලස්සනයි නාඩියෝ...( පොත අස්සේ හිර වෙලා ඉන්න ගමන් උඩ බිම බලනවද ? )

    ReplyDelete
    Replies
    1. උඩ බිම බල බල තමයි මේ ටිකේ ඉන්නේ.... :)

      Delete
  8. හැමදාම නැති උනත් සඳවතී රතු වෙනවා
    …වලාකුලු විඩාවී නොකියාම ඉකිලනවා
    …ආයෙ ගිය ඉක්මනින් සඳවතී හිනහෙනවා
    …කල් මැරුම ඇති නේද
    …සඳට පාලුයි නේද...?

    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්......පාලු සඳට තරු පොකුරු තනි රකිනවා....

      Delete
  9. ලස්සන නිර්මාණයක්.
    ...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  10. නියමම නියමයි මචං. කවිය ගැන සාමාන්‍ය විදිහට හිතුවොත් මට චන්ද්‍රග්‍රහණයක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ චන්ද්‍රග්‍රහණයක් නම් නෙවෙයි...

      Delete
  11. මම දන්නේ විලිබරව රතුවෙච්ච සදවතී නෙවෙයි ,,තරහෙන් රතුවෙච්ච් චන්ද්‍රවතී ..හෙහ් හේ හ්

    ReplyDelete
    Replies
    1. හපෝ එයාද??මාත් දන්නවා එයාව නම්!

      Delete
  12. ෆොටෝ එකේ හැටියටනම් සදවති වටේට තම රතු වෙලා තියෙන්නේ.... හී..හී....

    ලස්සන පද පෙළක් සහෝ.... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකත් එහෙම තමා!
      තැන්කු වේවා!

      Delete
  13. ඔබ හුඟක් ලස්සන වචන දන්ක කෙනෙක්. ඒවා හසුරවන්න තවම ආධුනිකද මන්දා. ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා! ඇත්තටම මම ආධුනික කවියෙක්ටත් වඩා අන්තයි! බොහොම ස්තුතියි!

      Delete
  14. lassanai.....
    adamai me paththe awe..
    sooi blog ewwa ekak
    jaya....!

    http://katumatige.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! දිගටම එමුකෝ එහෙනම්!! :)

      Delete
  15. ඔය එක එක්කෙනා රතු වෙලා පේන්නෙ නම් එච්චර හොඳකට නෙවෙයි නාඩියො..........බලාගෙනෙයි...........
    (කවිය නම් සුපිරි...)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...මමත් කල්පනාවෙන් තමයි ඉන්නේ මේ ටිකේ!

      Delete
  16. අනේ මන්දා මේවා කියවනකොට මට එක එක එක එක ඒවා හිතෙනවා නාඩියෝ..;)

    ReplyDelete
  17. මට ලැජ්ජයි බං... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපෝ උඹත් ලැජ්ජා ටැක්සියක් නේ!

      Delete
  18. නාඩියා නාඩි වැටෙන පොටක් අල්ලාගෙන වගේ ආහ්.

    ReplyDelete
  19. සඳවතී රතු වෙලා කියන එක දකිද්දී මං හිතුවේ වෙන දෙයක්.හි හි හි.. ;)

    පදපෙළ නියමයි සහෝ!

    ReplyDelete
    Replies
    1. හික්ස්! මටත් හැබැයි මුලින්ම සඳ දකිද්දී හිතුනේ උඹට හිතුනා වගේ එකක්!

      Delete
  20. පද පෙළ නම් නියමයි. නමුත් මේ හදිස්සියේම එහෙම උනේ ඇයි??????????

    ReplyDelete
  21. නෑ නෑ මටත් මේ අද එකෙක් කිව්වා මේ දවස් වල හද රතු පාටයි කියල සත්තකින්ම...

    ReplyDelete
  22. බොලේ නාඩියා අද කවි නාඩියක් කොටලා...උත්සාහය නරකම නෑ... සදවතී රතු උනාම අමුතු ලස්සනක් තියෙනවා බං...

    ReplyDelete
    Replies
    1. ඒකනේ! හැබැයි ගොඩක් ය ඒ ලස්සන දකින්නේ වැරදි විදිහට!

      Delete
  23. ලඟින් ගිය එකෙක් මොකක් හරි නොහොබිනා විහිලුවක්වත් කරලද දන්නේ නෑ බං...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙඋඅක් නම් නෙවෙයි මම හිතන්නේ...

      Delete
  24. මොකක් හරි ව්‍යංගයක් වත් ද?.........
    ඔන්න පරක්කු වෙලා හරි ආවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්....ව්‍යංගයක් තමයි.......

      Delete
  25. ලස්සනම වචන ටිකක් තියේනවා. වලා යහන් ගැබ අතරේ...
    දුහුල්,ශ්වේත,බහට,මිහිකතේ, ඔවදනට,ආලයෙන්,විලිබරව කලාත්මක රසයක් එක කර සර්ථක උත්සහායක්.

    මනසින් දිවියට

    ReplyDelete
  26. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්‍රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්‍යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...