කාන්තා දිනය තියෙන මාසයේ
නම් කාන්තාව ගැන කතා එමටය. කාන්තා අයිතිවාසිකම්, සම තැන, නිසි තැන ආදී මෙකි නොකී
කතා බහුලය. හැබැයි බොහෝ කතා එතැනින්ම ඉවර වෙනවා. ආයෙත් ඒ කතා පටන් ගන්නේ ඊළඟ
අවුරුද්දේ කාන්තා දින සැමරුම් තියනා විටය.
කාන්තා දිනය ඉවර වෙලා
දවස් දෙක තුනකට පස්සේ ඉන්දියාවේ ඉන්නා මගේ යාලුවෙක් (ගෑල්ලමයෙක්) කතා කළාය.
“මාර වැඩක් නේ මට අද
උනේ. හවස ලෙක්චර්ස් ඉවර වෙලා ඔටෝ එකක (ඉන්දියාවේ ත්‍රි වීලර් නැත්නම් ටුක් ටුක්
වලට කියන්නේ එහෙමලු) එද්දී පාරේ පාලු හරියක නවත්තලා එලවපු මනුස්සයා ආපහු හැරිලා
මගෙන් වැඩිපුර සල්ලි ඉල්ලුවා. මං බෑ කිව්වහම කෑ ගහන්න එපා කියලා තර්ජනේ කළා. මං
ඉතිං සල්ලි දුන්නා. ටික කාලයක් යනකං ඉතිං බයට ඔටෝ වල යන එක නවත්තන්න වෙයි!”
මේක හයිද්‍රාබාද් වල
හොඳට එළිය තියෙන හවස හතරට විතර වෙච්චි වැඩක්. ලංකාවේ හැබැයි මෙච්චර දරුණු නැති
උනත් තත්ත්වේ මිට පොඩ්ඩක් හරි සමානයි.
“බස් එකේ රෑ වෙලා
කැම්පස් එන්න බෑ. මහන්සියට නින්ද ගියොත් එහා පැත්තේ ඉඳන් ඉන්න එකා අපිව කොට්ටේ කර
ගන්නනේ බලාගෙන ඉන්නේ.” නුවර ඉඳන් කැම්පස් එන ආලෝකා ඒ විදිහට කිව්වේ අතිශෝක්තියකින්
උනත් බොහෝ දුරට කතාව හරි.
මේ වගේ බස් එකේ
හේත්තුවක් දාන්න ආපු “අයියා” කෙනෙක්ට අපේ කෙල්ලෙක් මේ ලඟදි අතේ තිබ්බ කුඩෙන් හොඳට
බැට දීලා තිබ්බා. මනුස්සයා හිමින්ම බස් එකෙන් බැහැලා ගිහිං.
හැමදාම පත්තෙරේ අරගෙන
බැලුවොත් ස්ත්‍රී දූෂණ, අතවර වලින් නම් අඩුවක් නෑ. හැමදාම බණ අහන බණ කියන රටේ වෙන
දේවල් කියලා හුල්ලන්න විතරයි අපිට පුළුවන් උනේ.
SLCERT එකට, ඒ කියන්නේ ශ්‍රී
ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට එන පැමිණිලි වලින් වැඩි හරියක් සමාජ ජාල, දුරකථන
වගේ තාක්ෂණික මෙවලම් යොදා ගෙන කාන්තා හිංසනයට අත වනපු අවස්ථා. බලපුවහම අපේ උන්ට
තියෙන්නේ පුදුම අහේනියක්.
ඔෆිස් එකක උනත් තත්ත්වේ
මීට වෙනස් නෑ. ඇහැට කනට පේන කාන්තා පරාණයක් ආවොත් ඒක බාර ගන්න කට්ටිය එන්නේ
පෝලිමේ.
රටට විදේශ විනිමය ගේන ප්‍රධාන
මාර්ගයක් වෙච්චි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ මේ ලිංගික සුරා කෑම වගේම ශ්‍රමය සූරා
කන එකත් අඩුවක් නැතිවම සිද්ධ වෙනවා. Man
Power ආයතන කියලා අටවා ගත්තු
උගුල් වලින් බොහෝ වෙලාවට වෙන්නේ අර්ථසාධක මුදලක් වත් දෙන්නේ නැතිව හොඳට වැඩ අරගෙන
ඕනේ නැති උනාම එළවලා දාන එක.
“මට ඒ කම්පැනි එකේ වැඩ කරන්න
බෑ මල්ලි. බොසා වැඩ දෙනවා දෙනවා ඉවරයක් නෑ. Deadline එකට දුන්නේ නැතිවහම
කියන්නේ කරන්න බැරි නම් අස්වෙලා යන්න. ඔයාගේ Position එකේ වැඩ කරන්න ඕනේ තරම් male workers ලා අපිට හොයාගන්න පුළුවන් කියලා.”
රටේ හරිම ඉහළින්
පිළිගන්න කොම්පැනියක වැඩ කරන අක්කා කෙනෙක් කියපු කතාවක් මේ.
ඉස්සර සිව් සැට අබරණින්
සැරසිලා කාන්තාවකට ලංකාවේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට පයින් එන්න පුළුවන්
උනාලු. හැබැයි දැන් ගියොත් නම් අබ සරණයි තමා..
මේකද යහපාලනේ නෙවෙයි...
මේකද අපේ මහා ලොකු
හැදියාව, සභ්‍යත්වේ කියන එක තමයි අහන්න තියෙන්නේ.
කොතනද අපිට වැරදුනේ?
පින්තූරය - www.dnaindia.com
මම එක ඔන්න හිටං.. අද මද මන්දා මෙ පැත්තට අවේ... කොතනද අපිට වැරදුනේ කියන්න නම් අමරුයි මට...
ReplyDeleteහැමදාම බණ කියන බණ අහන රටක්ලු මේක. ඒත්.............................?
ReplyDeleteකැමරාවෙන් එහා ලෝකය
වැරදිච්ච තැන් තියා උන් හිටී තැන් මතක කාටද අනේ දැන් ... ස්තුති අපේ දිනයට ලිපියක් ලිව්විම ගැන :)
ReplyDeleteමේ ගැන දිගට ලියන්න පුළුවන් වෙයි නාඩි...,
ReplyDeleteඉරිදා උදේ පාන්දරම කෑවා නේද ආතල් එක අපේ ඇත්තම තත්වයම පෙන්නලා නාඩියක් කොටලා
ReplyDeleteවෙනස් වෙන්න බොහොමයක් දේවල් තියෙනවා නාඩියෝ
ReplyDeleteදිනයට ලිපි ලියලා වැඩක් නෑ බං..ආයෙ මේ ගැන අපි කථා කරන්නෙ ඊලග කාන්තා දිනය දවසටද...අපේ සමාජයේ ගොඩාක් උන් සංස්කෘතික සලුපිලි වලින් වසාගෙන ඉන්න රාගයේ පීඩනය ලිහාගන්න තැනක් නැතුව ඉන්නෙ. මල්වත්තක ලං වෙලා කථා කලත් සික්කා විසිල් එක ගහනවා. මෙන්න මේ පීඩනයත් බස් වල නිදහසේ යන්න කාන්තාවන්ට නොහැකි වෙන්න කාරණයක් කියලා මට හිතෙනවා. ඉන්දියාවෙ බස් වල කාන්තාවන්ට එක පැත්තක් සහ පිරිමින්ට තවත් පැත්තක් ලෙස තිබෙනවා. දුම්රිය වලත් කාන්තා මැදිරි වෙනම තිබෙනවා. ඒ මේ කාන්තා හිංසනය නිසාම තමයි.
ReplyDeleteබ්‍රිතාන්‍යයන්ගෙන් හොරකම් කරලා කරේ දාගත්තු අමුතුම සදාචාරයක් තමයි දැන් ලංකාවෙ තියෙන්නෙ. ඒ අසහනය සහ පීඩනය පිටකරන්න ඉඩ හොයන අය නිසයි බස් වල කෝච්චිවල පවා කාන්තාවකට නිදහසේ යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නෙ.
Deleteකොතනදි හරි වැරදුනා බං.. ඒත් දැන් ඒ ගැන කොච්චර හෙවුවත් ඒක වෙනස් කරන්නවත් හදන්නවත් බැරි වෙයි දැන් යන විදිහට නම්..
ReplyDeleteඔව්ව හොයල වැඩක් නෑ. ඉස්සරහට එන්න ඉන්න එවුං ටික හරි හදන්න තමා තියෙන්නේ
ReplyDeleteකාන්තා හින්සණය ගැන කොපමන කතා කලත් කිසි දෙයක් වෙනස් වෙලා නෑ.
ReplyDeleteකාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීම ගැන අපේ ස්තූතිය.
ReplyDeleteඉස්සරහටවත් මේ වගේ දේවල් නොවෙන්න වග බලා ගන්න පුළුවන් නම් තමයි වැදගත්.
ඉන්දියාව එක්ක බැලුවම අපේ රට ගොඩක් ඉදිරියෙන්
ReplyDeleteනමුත් අපි හිටපු විදිහට දැන් තියෙන තත්ත්වය ගැන කොහෙත්ම සතුටු වෙන්න බැහැ
ඒ වරද දැන් හදන්න බැහැ. පොඩ්ඩක් පාලනය කරගෙන යන්න විතරයි පුළුවන්...
හැමදාම කාන්තා දිනයක් තමයි. ගෙදර ගිහින් අම්මාගෙන් බැනුම් අහනකොට ඒක තේරෙයි. :P
ReplyDeleteනාඩිට ස්තූතියි ලිපියට. කාන්තාවන් කාටවත් මතක් වුනේ නෑනේ කාන්තා දිනය...:D
මේ අදහස් මතු කරපු එක අගය කරමි. ඔක්කොටම ඉස්සර අපි හැමෝම අම්මෙක්ගේ දරුවෙක්.
ReplyDeleteමෙහෙමයි නාඩියා. ලංකාවෙ නං කාන්තාවන් හරිම ඔතෑනියි. හරිම කම්මැලියි. හැම තැනම කෑල්ල වෙන්න හදනව මිසක් වෙන කිසිම වැඩක් කරන්නෙ නෑ. යුරෝපෙට ගිහිල්ල බල්න්න ඕන ගෑනු ඉන්න ඕන විදිය. ඒ රටවල තනිකරම ආර්ථිකය ගෙනියන්නෙ ගෑනු. ලංකාවෙ වගේ මිනිහගෙන් කකා නාස්තිකරන ගෑනු පිටරටවල නැහැ. ඒ වගේ කාන්තාවන් ඉන්නකොට ඒගොල්ලන්ට අතවරයක් කරන්න තියා අල්ලන්නත් මිනිස්සු බයයි. ඒ ගෑනු හරිම එඩිතරයි. ලංකාවෙ ගෑනු ගැන නං කතා කරල වැඩක් නෑ කියල දන්නවනෙ. මිනිහගෙම රීරි මාන්සෙ රටට තියා ගෙදරටවත් සත පහක් හොයන්නෙ නැති ගෑනු මෙනෙ ඉන්නෙ. ඉතිං එහෙම චාටර් ගෑනුන්ට කවුරුත් බය නැහැ. පාරෙදි උනත් ඕන දෙයක් කරයි. මේකට මූලිකවම වගකියන්න ඕනෙ අපේ ගෑනුම තමයි.
ReplyDeleteමම මේ ලඟදි බැලුවා නාඩියා India's Daughter කියලා වාර්තාමය චිත්‍රපටියක්. ඒක ඉන්දියාවේ පෙන්නන්න තහනම් කරපු එකක්. ඔන්න ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලපං. වැරැද්ද කරපු එවුන් දෙන නිදහසට කරුණු ගැන අහගෙන ඉන්නකොට ආසාවේ බෑ.
ReplyDeleteනාඩි ඇෆ්ගන් වලද කොහෙද කෙල්ලක් යකඩ ඇදුම් ඇදගෙන මහපාරෙ යන්නෙ..ලිංගික වද හිංසාවන්ගෙන් බේරෙන්න
ReplyDelete