කුකුළටත් කලින් ඇහැරිලා
තුනට හතරට නැමිලා
බස් එකේ තෙරපිච්ච මට
කුකුල් කරමල් පාට, ලයිනින්
තොල් මැදින්
ටීෂා...
“ගුඩ් මෝනින්”
කියුබිකල් එක මැදින්
තිබ්බේ නැත්නම් වීදුරුව
දෙනවා මං කිස් එකක්
රෝස් පවුඩර් උලපු, සුදුම
සුදු මුණටම
ටීෂා..
එවනවා මං ෆ්ලයින් කිස්
එකක්
දැන් පැලෙයි දෝ මන්දා...
කර කැපුණු හැඩ හැට්ටේ
වටොර හිර කළ ඩෙනිම
අතේ අයිෆෝනය, කරේ ඇට
මාලය
ටීෂා...
හරි හැඩයි දැක්කහම
ඉංගිරිසි වක්කරන්
ලොක්කෝ ටික වටකරන්
හයි ෆයි කාර් වල හවසට
ගමන් යන
ටීෂා..
“ සී යූ ටුමාරෝ”
පින්තූරය - www.dailymail.co.uk
සිකේ මොනා කොරන්නද , හැමදාම සී යූ ටුමොරෝ , හැබැයි ඔන්ලි සීන් , වට් ටු ඩු නාඩි .
ReplyDeleteදුරින් ඉඳ ඔබ දෙස බලන්නම් ;)
Deleteඋඹ මේ පට්ට බිසී කියකිය කරන එකම වැඩේ ටීෂාට මනෝමය කිස් දෙන එක විතරයිද ඈ?
ReplyDeleteකොච්චර බිසී උනත් අච්චර කිස් එකක් නොදී කොහොමෙයි ;)
Deleteසී යූ ටුමාරෝ කිව්වට හෙටත් ඉතින් ඔච්චරම තමයි නේද? :
ReplyDeleteකවිය නියමයි!
හෙට අනිද්දා... හැමදාම ඔහොමයි
Delete"සිහින සමනළියන්ට වඩා, යථාර්ථය හමුවේ දෙපයින් සිටගත් වීදි ගණිකාව උතුම් ය" කියලා හිත හදාගනිනං නාඩි...
ReplyDeleteසිහින සමනලියන් කරන්නේ අප සිහින අතරේ අතරමං කිරීම පමණයි
Deleteකවුද බං මේ ටීෂා?
ReplyDeleteවේරියබල් එකක් කියමුකෝ... :)
Deleteපහුගිය මාස කීපෙටම මසෙකට වතාවයි නාඩි වැටුනේ. හැක්. මේ අප්‍රෙල් නාඩියද? බස් එකෙ තුන් කුදු ගැහීගෙන වැඩට එන අපි වගේ උන් දිහා ටීශල බලන එකම උනත් ඇති ඉතින්.. කූඹි ඇදෙන්නේ පැණි මුල් වලටමනේ..
ReplyDeleteඅනේ මන්දා.... අනේ නෑ.. වැඩ වැඩි නිසා මොකුත් කොටාගන්න බැරි උනා... බලමු ඉස්සරහට කොටන්න බලමු
Deleteටීෂා.. නැති වුනාම ඔෆිස් එකම පාලු ඇති නේද හි..හි...
ReplyDeleteයකා නැති අම්බලම වගේ!
Deleteමොනා උනත් හැමදාම වැඩට යනවා ඇති නොවරදවාම.......
ReplyDeleteමං තව වැඩට යන්නේ නෑනේ :D
Deleteහි හි හි තීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ ශා i loveeeeee youuuuuuuuu හිටං....
ReplyDeleteඔය වගේ අය බොහොමයක් ඔෆිස් වල ඉන්නවා නේද,, ලස්සනයි කවිය
ආයෙත් අහලා....
Deleteඅපි වගේ එවුන්ට ඉතින් හැමදාම කියන්න වෙන්නෙ සී යූ ටීශා තමයි බං..
ReplyDeleteසී යූ සී යූ
Deletehikzzz.........kalekin awe me patte....kawiyanam supiri....
ReplyDeletemama siththami
අම්මේ... සිත්තමි.. වෙල්කම් බැක් ඈ!
Deleteඔහේ ටීෂා මෙහෙ පාශා ........
ReplyDeleteසිෂා එහෙමත් ඇතිනේ..
Deleteටීෂා... ඇස් , කන්, නාස් කඩාගෙන යන නම...
ReplyDeleteඇයි පෙනුම!
Delete//කුකුල් කරමල් පාට, ලයිනින් තොල් මැදින්//
ReplyDeleteලස්සන තොල් දෙකක් මැවිලා පේනවනේ... :D
හ්ම්ම් හ්ම්ම්.....
Deleteමේක මරු නාඩියො. ටීෂාගෙ ජාතකේ අඩු නැතුව වටහාගන්න පුලුවන් අපිට. උඹ තවම පොඩි එකා..මේ නැට්ටිච්චියො දිහා බලන්නෙ නැතුව වැඩක් කොරහං..නාඩි වේගය වැඩි කොරගන්නෙ නැතුව.
ReplyDeleteමං ඔය ඕවා දිහා වැඩිය බලන්න යන්නේ නෑ අයියේ...
Deleteමෙව්වා කියවද්දී රස්සාව පරස්තාව ජීවිතේ යන මේ හැමදේම එකම ස්ක්‍රීන් එකේ වෙන වෙනම කොටුවල පොඩියට මැවිලා පේනකොට කොහොම ආතල්ද...
ReplyDeleteමම මම ගැන සතුටුද...? දන්නේ නැහැ...
මම මම ගැන දුකද...? ඒ දන්නෙත් නැහැ...
හැබැයි ඔය ස්ක්‍රීන් එකේ මම දකින දේ ඇත්ත කියල මම දන්නවා...
මේ වගේ ඒවාට අපේ කලින් හිටපු ඔෆිස් එකේ එකවුන්ටන් කියන්නේ "ඉන්සෙන්ටිව් එක" කියලා. මේ වගේ ඒවා නැත්නම් කොහොමද මේ ජීවිතේ ඇදගෙන යන්නේ?
ReplyDeleteFood for your eyes. Oh yeah.
ReplyDeleteමේ පැත්තටත් ඇවිත් යන්න එන්න
ReplyDeletesudupoosa91.blogspot.com