නාඩි සෙට් එක

Saturday, May 17, 2014

කෝ???

උදේ පාන්දර හයයි දහයේ බස් එකට නැග්ග මම රතු පාට CTB බස් එකේ මුල්ලක් අල්ලාගෙන හොඳට නිදා ගන්නවා. බස් එකේ ජනේලෙත් එක්ක හයි කරලා තියෙන දිලිසෙන ඇල්මිනියම් බටේ වැදිලා තඩිස්සි වෙච්චි තට්ට ගෙඩිය අත ගාන ගමන් මං පිටකොටුවෙන් බහිනවා. 

වෙනසක් නෑ. වෙනදා වගේමයි. කෑල්ලක් සීයයි.. හැටයි හැටයි අරං යන්න.... අද විතරයි වෙන කොහෙවත් නෑ කිය කියා සද්ද ඇහෙනවා. ඒ ඔක්කොම සද්ද පරද්දගෙන හැම තැනින්ම එකම විදිහේ කවි ටිකක් ඇහෙනවා. අම්මා ගැන තාත්තා ගැන කියපු කවි ටිකක් හරි අපූරුවට මහ සද්දෙන් පේමන්ට් එකේ ඇහෙනවා. 

බෝධිය ඉස්සරහින් පාර පනින්න ගිහාම පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. කාකි සූට් එක ඇඳලා සන් ග්ලාස් එකක් එහෙම දාගෙන ඉන්න පොලිස් අයියා හරි හදිස්සියෙන් නලා පිඹ පිඹ කට්ටිය එහා මෙහා කරනවා.
එතන ඉඳන් කොටුව පැත්තට තියෙන කඩ පේළිය අරින්න පටන් ගන්නේ දැන්... කහ වතුර පුරෝපු දිලිසෙන පුංචි බේසම් අරගෙන එලියට ආපු කඩවල ඈයෝ පාරටත් කහ වතුර පොඩ්ඩක් ඉහිනවා. කෙලවරේ කඩේක ඉන්න පිරිමි ළමයා සාම්බ්‍රානි පැකට් එකක් රතු පාට වෙච්චි පොල් කටු අඟුරු තියෙන දුම් කබලට දාගෙන දුම් අල්ලනවා.

නිදි මතේ හිටපු මට ඒ දුම් සුවඳට ඇහැරෙනවා. ඉක්මනට අඩිය ඉක්මන් කරලා 120 බස් එකක් අල්ලගන්න දුවනවා, 

කොටුව ඉස්ටේෂම ඉස්සරහ අට්ටාලයක් ගහලා තියේ. රටේ උගත්තු යැයි සම්මත වෙච්චි උපාධි අපේක්ෂකයෝ ගොඩක් අට්ටාලේ උඩට වෙලා බලාගෙන ඉන්නවා. උන්ගේ ඇස් වල තියෙන්නේ බලාපොරොත්තුවක්. 

අවුරුද්දට ගෙදරින් කිරිබත් කටක් කන්න බැරි උනාට කැම්පස් ඇතුලේ වද දෙන දහසක් වෙච්චි ප්‍රශ්න ඉවර කරලා හැමෝම එකට කිරිබත් කමු කියන බලාපොරොත්තුව උන්ට තියනවා.

කඳුළු වේලිච්ච ඒ ඇස් දිහා බලාගෙන මූණු හපුටු කරගෙන යන සෙනඟ අතරේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තු එකෙක්වත් නැතිව ඇති කියලා මට සැක හිතෙනවා.

120 බස් එක සැර දාගෙන ඇස් වාට්ටුව පහු කරනවා. විහාරමහාදේවි පාක් එකේ වටේට ලස්සනට හීනි පාරවල් හදලා තියේ. සූදු සපත්තු දාගත්ත නෝනලා හති ඇර ඇර අර පාරේ දුවනවා. සපෝටර්ස් හයි කරපු උස නැති පුංචි බයිසිකල් වල නැගපු පුංචි උන් දුවන සෙනඟ අස්සේ වෙට්ටු කපනවා. 

වෙනදා පොලිසිය ඉස්සරහින් බහින මට පොඩ්ඩක් හෝල්ට් එක පහු කරගෙන ගිහිං ඉස්සරහින් බහින්න හිතෙනවා. උදේ වැටිච්ච ඉර අව්වට රේස් කෝස් බිල්ඩින් එක සූදු පාටට දිස්නේ දෙනවා. 

සූදු පාට බිල්ඩිම උඩින් කහ පාට ලොකු එම් අකුරක් පේනවා. රේස් කොස් එක එළියේ හයි කරපු බංකු වල වාඩි වෙච්චි මහත්තුරු ටිකක් කෑම කනවා. පිටිපස්සට වෙන්න කොළ පාටට පේන පිට්ටනියේ ඉස්කෝලේ ළමයි වගයක් රගර් ප්‍රැක්ටිස් කරනවා. 

රේස් කොස් එක අස්සෙන් ඇවිදගෙන මම ඉස්සරහට එනවා. නිදහස් චතුරශ්‍රේ ඉස්සරහ තියෙන වතුර මල ළඟ පුංචි එකෙක් දන ගහගෙන වතුර අත ගානවා, ඊට පොඩ්ඩක් එහාට වෙන්න ආච්චි කෙනෙක් වාඩි වෙලා පොතක් කියවනවා. 

නිදහස් චතුරශ්‍රේ වටේට වවලා තියෙන තණකොළ බිස්සේ තැන් තැන් වල ජෝඩු ජෝඩු උන්ගේ ලෝක වල තනි වෙලා ඉන්නවා. රෑ රතු පාට නා දළු වැක්කෙරෙන නා ගහ යට තුරුළු වෙච්චි ජෝඩුවේ ඉන්න ගැනු ළමයා හිනා වෙනවා මට ඇහෙනවා. ඒ ළමයා හිනා වෙද්දී ලස්සනට කම්මුලේ වලක් හැදෙනවා. කෙලවරේ ඉන්න ගල් සිංහයා කට බලියාගෙන බලාගෙන ඉන්නවා. 

මට 2008 අවුරුද්ද මතක් වෙනවා. අද වගේම ඒ දවස් වලත් මම 120 බස් එකේ මෙතනට එනවා. උසට හදලා තියන තාප්ප පහු කරගෙන මම කෙලවරේ තියෙන මුර මඩුවට එනවා. අරගෙන එන බෑග් මලු ඔක්කොම චෙක් කරලා ඉන ඉහ අත ගාලා සංස්ථා අයි.ඩි එක චෙක් කරලා ඇතුලට යන්න දෙනවා. එහෙම යද්දී අව්වට දිලිසෙන බැජ් එකක් ගහපු බෙරේ එකක් දා ගත්තු හමුදාවේ අයියා “ගුඩ් මෝර්නින්” කියනවා” මම හීනියට ගුඩ් මෝර්නින් කියාගෙනම බිම් එකට දුවනවා.

එදා “ගුඩ් මෝර්නින්” කියපු අයියා අද PT කිට් එකක් දාගෙන රේස් කෝස් බිල්ඩිමට එහා පැත්තේ අලුතින් හදන බිල්ඩිමේ බදාම අදිනවා මට පේනවා. 

මම “ගුඩ් මෝර්නින්” කියන්නේ නැතිව ඇතුළට යනවා.....


පින්තුරේ : www.telegraph.co.uk

71 comments:

  1. මම ඔය එක තැනකටවත් ගිහින් නැහැ :/

    ReplyDelete
    Replies
    1. කොටුව ස්ටේෂන් එකට ගිහින් තියෙනවා එච්චරයි :3

      Delete
    2. විභාගේ එහෙම ඉඅවර වෙලා වරෙන් රවුමක් එක්කන් ගිහිං අයිස්චර්යේ පෙන්නන්න

      Delete
  2. Oka thamai atta tatwe. Very creative

    ReplyDelete
    Replies
    1. තත්ත්වේ වෙනස් කරන්න බැරි වෙයිද?

      Delete
  3. තිත්ත ඇත්ත. ධර්මසිරි බණ්ඩාරණායක මහතාගේ මකරාක්ෂ නාට්‍යය බලල තියෙනවාද? (නැත්නම් සිරිල් ‍පෙරේරා මහත්මයාගේ මකරාක්ෂ පොත හොයාගෙන කියවන්න. මුල් පොත එව්ගින් ෂ්වාන්ස්‌ ගේ "The Dragon"). මට හිතෙන්නෙම දැන් අපි ඉන්නෙ මකරා මරා දාපු අවස්ථාවෙ කියලයි.

    ReplyDelete
    Replies
    1. කියවලා නෑ. හොයාගෙන කියවන්න ඕනේ අනිවාර්යෙන්ම

      Delete
  4. ඒ අයියා දැන් බදාම අනනවා...... මාරයි... අපූරු උපමාවක් පැහැදිලි සත්‍යයක්. බොහොම නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බොහොම ස්තුතියි.. :)

      Delete
  5. ඔයාට තට්ටෙකුත් තියෙනවද? :D

    ReplyDelete
  6. අර බදාම අනන ටික නම් සෑහෙන්න දැනුනා බං.

    ටික කාලෙට උන විපර්‍යාසයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං තව ගියේ අවුරුදු පහයි

      Delete
  7. රේස් කෝස් පිට්ටනියෙ ක්‍රිකට් වලට පස්සෙ ලංකාවෙ වඩාත්ම ජයග්‍රාහී ක්‍රීඩාව වන මලල ක්‍රීඩාව කළ ළමයි එක්කෙනෙක්වත් පේන්න නැහැ.ඒ වෙනුවට රගර් ප්ලේ කරන ළමයි කිප දෙනෙක්... බදාම කතාව වගේම මේකත් කෙටි කාලීන විපර්යාසයක්.දෙයක් පුළුල් කිරීම වැදගත්.ැබැයි තවත් දෙයක් හැකිලීමකින් තොරව.විශේෂයෙන් බහුතරය හැකිලී සුළුතරය පිම්බීම කියන කාරණය අපේ රටේ දකින්න තියෙන්නෙ ජාතියයි ආගමයි කියන එකේ දි විතරයි.එතනදිනම් හැමෝම වගේ මේ ප්‍රබේද වන්නේ මනුස්සයෝය කියන එක අමතක කරලා තිරිසන් වෙනවා... මේක ලස්සන එකක්.
    කඳුළු වේලිච්ච ඒ ඇස් දිහා බලාගෙන මූණු හපුටු කරගෙන යන සෙනඟ අතරේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්තු එකෙක්වත් නැතිව ඇති කියලා මට සැක හිතෙනවා.මෙන්න මේ නිදහස නාමික වීමේ ගැටළුව තමයි හැම තැනම අවුල

    ReplyDelete
    Replies
    1. //දෙයක් පුළුල් කිරීම වැදගත්.ැබැයි තවත් දෙයක් හැකිලීමකින් තොරව.// වටින කියන කතාව. නිදහස නාමික වෙලා කියන්නේ කවුරු මොනවා කිව්වත් සල්ලි කොළ උඩට එන දවස ඇවිදින්

      Delete
  8. "අයියා බදාම අනනවා" ...වැදුනා බොක්කට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. තේරෙනවනේ අයියේ වෙලා තියෙන දේ....

      Delete
  9. එදා සහ අද මැවූ වෙනසක් හෙටටත් එහෙම්මම අරන් යන අපූරුව

    ReplyDelete
    Replies
    1. හෙටට අරං යන එක වෙනස් කරන්න පුළුවන් නම් ඒක තමයි විජයග්‍රහණය

      Delete
  10. ඇත්තටම තත්ත්වේ ඔකද බන් ??

    ReplyDelete
  11. මේක ලියන්න කලින් පැණි වළලු බැලුවද බං.නැත්නං විජයග්‍රහණයේ සැමරුමට ලියපු ප්‍රශස්තියක්ද.

    ReplyDelete
    Replies
    1. පැණි වළලු කොහොමත් මං කැමති කොලමක්.... හිත ගිය තැන මාලිගාව කියලත් ටෙස්ට් පාරක් දුන්නේ ඒකනේ...

      මේකනම් ඔය කියන සැමරුමද මොකද්ද එකට තමා

      Delete
  12. විජයග්‍රහණ සැමරුමට ලියපු එකක් වගේ..

    ඒක එහෙම නම්..
    ඒ විරුවෝ.. නයිට් රේස් වලට වැලි කොට්ට ඇඳපු හැටිත් මට මතක් වෙනවා...

    ReplyDelete
  13. අද කතාව වෙනස්ව ලියල තියෙනවා. සරලව, ඒ වගේම පරිනත නිර්මානකාරයෙක්ගේ නිර්මානයක් වගේ මම දකින්නේ මල්ලි, වෙල්ඩන්

    ReplyDelete
    Replies
    1. පරිණතයි ද මන්දා.... :) ස්තුතියි ඈ!!

      Delete
  14. අපේ පැත්තේ නම් පොලේ එළවලු කිරනවා, යෝගට් විකුනනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව මොනවා වෙයිද මන්දා.....

      Delete
  15. හැක් ඔය දීලා තියෙන්නෙ ඒ අයියලට දැන් එහෙම වෙලා

    ReplyDelete
  16. ඔක තමයි දැන් තත්වෙ . ඔය අයියලා ඔය කරන වැඩ සාමාන්‍ය ජනතාවට දුන්නනම් මුන් කීයටවත් කරන්නෙ නැහැ .ඔහොම හදන්නෙත් නැහැ .ඔය අයියලා කවදාවත් උපවාස කරෙ නැහැනෙ .අපිට මෙක ඔනෙ . අපිට පඩි වැඩි කරන්න කියලා . එහෙම උනානම් අද ඔක ලිව්ව නාඩියාවත් මෙක කියවන මම වත් අද නොහිටින්න තිබ්බා .එක අතකට බැලුවොත් එදා අද මැරෙනෙවා හෙට මැරෙනව කිය කිය හිටියට වඩා බදාම අනන එක හොදයි .

    ReplyDelete
    Replies
    1. ඔව්.. බදාම අනන එකේ අවුලක් නෑ කියන්න පුළුවන්.. ඒත් අපේ හිත් වල හිතන විදිහ??? හරිද?

      Delete
  17. ගිහිං තියෙනවා.. ඒත්... කෝ..

    ReplyDelete
  18. මම මේ කියන දේ වෙනස් විදියට හිතන අය ඕනෙ තරං ඉන්න පුලුවන්.. ඒත් මම දන්න තරමට ගහ මරා ගැනිල්ල ඉවර උනාට පස්සෙ හමුදාවක් නඩත්තු කරන්න බැරි උනාම කරන්න වෙන්නෙ විසිරුවා හරින එක.. එහෙම උනාම හමුදාවට බැඳිච්ච අවුරදු 18-20 කොල්ලන්ට යන එන මං නැතිවෙන්නෙ අපේ රටේ ගොඩක් තැන්වලට හමුදාවෙ අය ගන්න කැමති නැති හින්ද.. එයාලට යන්න තියෙන එකම තැන ප්‍රයිවට් සිකුරුටි ජොබ්ස් විතරයි... අනිත් අතට ඒ අයව හමුදාවෙ තියාගෙන ඵලදායීව වැටුප් ගෙවන්න නං එක්කො පිටරකට තියෙන යුද්ධෙකට හරි යවන්න වෙනව.. ඒ ගිහින් මැරෙන්න වෙන්නෙ කොහෙවත් නැති රටක අය වෙනුවෙන්... ඒත් නැත්තං රටේ තියෙන වෙනත් අවශ්‍යතා සඳහා ශුම බලකායක් විදියට යොදා ගන්න පුලුවන්... පාරවල් හැදිල්ල, බිල්ඩිං හැදිල්ලටත් එහා ගිය වෘත්තීය පුහුණුවක් දීලා ඒ අයගෙන් වැඩක් අරගෙන, පඩියක් දෙන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ... ( මේ ඉතිං මගේ අදහස විතරයි..)

    ඊළඟට.. උපාධිදෘරීන් ගේ උපවාස... ලංකාවේ රස්සාවල් නැතුව නෙවෙයිනේ... හැබැයි ඉතිං නිකං ඉඳලා සල්ලි හම්බුකරන රස්සාවල් නං ටිකයි තියෙන්නෙ.. ඒවට යන්න නං උපවාස කළාට කමක් නෑ... ඒත් මහන්සි වෙලා වැඩ කරලා, කැම්පස් එකේ ඉගෙන ගත්ත ටිකත් එක්කම තවත් ඉහලට වෘත්තීය සුදුසුකම් හදාගෙන හොඳ පඩිගන්න පුලුවන් රස්සා නං ඕනෙ තරං තියෙනව....

    ReplyDelete
    Replies
    1. //වෘත්තීය පුහුණුවක් දීලා ඒ අයගෙන් වැඩක් අරගෙන, පඩියක් දෙන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ...// මමත් මෙතන වැරැද්දක් දකින්නේ නෑ.. හැබැයි එදා රණවිරුවා විදිහට දැක්ක කෙනා අද ආමිකාරයා නැත්නම් පාර හදන එකා විදිහට දකින ඇහෙයි වැරැද්ද තියෙන්නේ...

      //උපාධිදෘරීන් ගේ උපවාස// මේ දවස් වල ඇති වෙලා තියෙන්නේ රස්සා ඉල්ලන උපවාසයක් නෙවෙයි. සම සෞක්‍ය උපවාසය තියෙන්නේ ඒ අයගේ උපාධියේ ගුණාත්මක භාවය ආරක්ෂා කරන්න කියලා...
      අනිත් ඒවාගේ බොහෝ වෙලාවට තියෙන්නේ අසාධාරණ පන්ති තහනම් අයින් කරන්න වගේ ඒවා.. බොහෝ දුරට සාධාරණ ඉල්ලීම්....

      Delete
    2. හිරු මුලින් ම නිඩියා ලියපු යථාර්තය තේරුම් අරන් කමෙන්ටුවක් දැමීම ගැන මුලින් ම ස්තූතිවන්ත වෙනවා. මැදින් මැදින් කියවලා කමෙන්ටු කරන පිරිස අතර එය ඉතා වැදගත් දෙයක් කියලා තේරෙනවා ඔබ පැහැදිලි අදහසක් ඇතිව මේකට ප්‍රෙව්ශ වීමෙන් ම. ඇත්තට ම නාඩියා කියන කතාවේ මහා සත්‍යයක් තියෙනවා. ඒක ඔබ කියුවා වගේ ම යුද්ධයක් ඉවර කරපු රටක හමුදාව සම්බන්ධ ගැටළුවක්. නමුත් රටක ආරක්ෂා අතින් ගත්තාම හමුදාවක් නඩත්තු කිරීම රටකට බරක් විය යුතු නැහැ. ලංකාවේ ඇති වුණ යුද්ධය ඉවර කරන්න අපිට ඕනේ වුණ හමුදාව පිට රටකින් එන ගැටළුවක දී අනිවාර්‍යන්ම ඕනේ වෙනවා. ඒ නිසා රටක ආරක්ෂාව අතින් බැලුවම හමුදාව ගැන මීට වඩා වෙනස් විදිහට බලන්න වෙනවා.

      මේ රචනාව තුලින් නාඩියා මතුකරන්නා වූ දේ තමයි යුද්ධ කරපු වෙලාවේ රටේ ජාතික වීරයන් වූ සොල්දාදුවන් අද කුලීකරුවන් ලෙස බදාම ඇනීම කොයිතරම් ගැලපෙනවා ද කියන දේ. හිරු ඔවුන් වෙනුවෙන් වෙනම පුහුණුවක් හෝ වෙනම මුදලක් ගෙවන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනය කියන දේට යොදා ගන්නවා. නමුත් ඔබ කියන විදිහට මෙතන දී අපිත් ඒ ගැන වැරැද්දක් දකින්නෑ. මොකද හමුදා සෙබලා කියන්නේ ඕනේ ම දේකට සූදානම් වූ හැකියාවන් රැසකින් පිරිපුන් කෙනෙක්. ඔවුන් උතුරේ මහ රෑ කන්න බොන්න නැතුව දවස් ගණන් කැලෑ ඇතුලේ සතුරු උණ්ඩ වලින් ආරක්ෂා වෙලා සටන් කරන්න තරම් දරා ගැනීමක් සහ හැකියාවක් තිබුණ අය හැටියට ඔවුන්ට මේ වැඩ ඉතා ම සුළු දේවල්. අපිට පිටින් පේනවාට වඩා හමුදා සෙබලා හැකියාවක් ඇති සහ මානසික ව ශක්තිමත් කෙනෙක්. පිස්සු නටන හමුදා සෙබලුන් සහ හමුදාවේ සිටින්නට බැරිව පලාගය අය තුලින් හමුදාව මැනීම වැරදි වෙන්නේ මේකයි.

      ඉතින් එදා රටට ඇතිවුණ සතුරු ප්‍රහාරයන්ගෙන් රට බේරාගත්ත සෙබලා අද රට දියුණු කරන්න දරදිය අදිනවා. ඒ වෙනුවෙන් ඔහුට කොහොමත් රජයෙන් වැටුපක් ගෙවනවා. ඉතින් ඔහු එදා කරපු දේ සහ අද කරන දේ අතර වැඩි වෙනසක් නෑ. ඒ සියල්ල මේ රට වෙනුවෙන් තමයි.

      නමුත් අපි වෙනස් විදිහට මේක දිහා බලන්න වෙන්නේ එදා ජාතික වීරයින් කරපු හමුදා සෙබලා අද කොන්ක්‍රීට් අනද්දි අපි හදාගත්ත මහා චරිතයට මොකද වෙන්නේ කියන එකයි. බැරිවෙලාවත් අනගාරික ධර්මපාල තුමා පාරේ කොන්ක්‍රීට් අනනවා දැක්කොත්..... වීර පුරන් අප්පු පාරේ බැම්මක් බදිනවා දැක්කොත්..... එතන ගැටළුවක් තියෙනවා තමයි. හමුදා සෙබලා ගැන මිනිසුන් තුළ තිබුණ ගෞරවය ඉක්මනට ම නැති වෙන්න මේකත් හේතුවක් වෙන්න ඇති.................. නමුත් එය දෙපැත්තක් තියෙන කාරණාවක්... අපි සංවාදය දිගට ම ගෙනියමු...............

      Delete
    3. මෙහෙමයි... මම මතු කරන්න උත්සාහ කරපු අදහස අද ඒ රණවිරුවන් කරන සේවය දිහා වපර ඇසින් බලන එක හරිද කියන එක!!!

      Delete
  19. ලස්සනට කියාගෙන ඇවිල්ල අන්තිමට දුන්න නේද කණ පැලෙන්න! පට්ටයි නාඩියෝ!

    ReplyDelete
    Replies
    1. කණ පැලෙන්න ඔළුවට වැදෙන්න

      Delete
  20. හැලපයියා කිව්වා වගේම මහාචාර්ය ගංගානාත් දිසානායක ඇදුරු තුමාගේ හෙවනැල්ල මේ පෝස්ටුව පුරාම මම දුටුවා. ඉතාම අලංකාරයි නාඩියා...ඒ වගේම මේ ලියමන අවසාන කරන තැනදි අපේ සිත් වල ප්‍රබල කම්පනයක් ඇති කරන්න ඔබ සමත් වෙනවා. අති සාර්ථක නිර්මාණයක් කියලා කට පුරා කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්... ටිකක් ඒ ස්ටයිල් එක ගන්න හිතුවා පොඩි අත්හදා බැලීමක් විදිහට....
      බොහොම ස්තුතියි අදහසට

      Delete
  21. //මම “ගුඩ් මෝර්නින්” කියන්නේ නැතිව ඇතුළට යනවා....// ඔව් ඉතින් අපි හැමෝම හැමෝට ම මෙහෙම කිව්වට බලාගෙන යද්දි කාටවත් ගුඩ් නෑ... ඒක තමා යථාර්ථය!

    ReplyDelete
    Replies
    1. ඔය යතාර්ථය කියන එක වෙනස් කරන්නයි අපිට ඕනේ

      Delete
  22. එක වචනයක් විතරක් හදමුද නාඩියො? බෙරස් නෙවෙයි බෙරේ Beret

    ReplyDelete
    Replies
    1. සමාව භජනය කරන සේකවා! ඔන්න හැදුවා

      Delete
    2. එක්ක තවශක් එක්ක ගේනු ළමයා පිරිමි ළමයා තෙන්නා වියාර මහා තේවී එකේ ලව් තමා කොරනවා, පන්තුරක් අෂ්ශේ .........ඒක ටික්කකින් ගේනු ළමයා පිරිමි ළමයාට කියනවා තමා අයියෝ අප්පා මගේ කකුල් අශ්ශ අත්ත කාන්නේ නෙත්තුව යින්ඩකෝ කියලා. යේක පිරිමි ළමයා කියනවා චී චී අප්පා මම ඒම කෙත වෙඩ කුරාන්නේ නේ කියලා. ගේනු ළමයා එක්ක පාරටම යක්කා වගේ තමා කේ ගාගෙන තුවාන්ට පට්ටාන් ගත්තා. බලානකොට ඒක පාම්බු තමා රින්කලා කවුම අශ්ශට.

      Delete
    3. විචාරක

      හමුදාවේ සොල්දාදුවන් සහ නිලධාරීන් දෙකොටසම පළදින හිස් වැසුම් වර්ග දෙකෙන් එකක් තමයි ඔය. බෙරස් එක සහ බෙරට් එක කියන වචන දෙකෙන් ම ඕක ව්‍යවහාරයේ දී භාවිතා වෙනවා. නමුත් ඔබ ලියූ වචනය හරි. අනික තමයි පීක් එක. ඒක තමයි පොලීසියේ දානවා වගේ දාන ලොකු තොප්පිය. ඒක දාන්නට පුළුවන් නිළධාරීන්ට විතරයි. නමුත් මාණ්ඩලික නිළධාරී 01 ට පමණක් මේ පීක් එක දාන්නට පුළුවන් (ඒ තමයි කමිෂන් නොලත් අයගෙන් භාවිතා කරන්න පුළුවන් කොටස) නමුත් මිලිටරි පොලිස් හී සියලු දෙනාම පීක් එක භාවිතා කරවා. ඒක රතු පැහැයක් ගන්නා එකක්. අනික ඔවුන් නිලධාරීන්ට පමණක් සීමා වුණ (නිලධාරියෙකුගේ නිලය සංකේතවත් කරන) කේන් එකද (කිහිල්ලෙහි රදවා ගෙන යන ස්ටික් එකක් වැනි යමක්) භාවිතා කරනවා. මෙය රෙජිමේන්තුවක් තුළ දී රෙජිමේන්තු පොලීසිය ලෙස ද දියතලාව ඇකඩමියේ දී ඇකඩමි පොලීසිය ද ලෙස ද වෙනම නිලධාරීන් පිරිසක් විසින් භාවිතා කරනවා.........................

      Delete
  23. ඇත්ත ඇති සැටියෙන්..

    ReplyDelete
  24. උඹ කවදා ඉඳලා ද සංස්ථාවේ වැඩට යන්නේ හෑ? හෙ හෙ.. හැමදාම දකින කොට කිසි අගයකුත් නැ කිව්වාට ලියලා තියෙන විදියට කියෙව්වා.. නිතර දැක්ක දේ ලියලා තිබ්බා ගති හොඳේ....

    ReplyDelete
    Replies
    1. 2008 මම ගැච්චුවා ඔය කොළඹින් කතා කරන සංස්ථාවට....

      Delete
  25. "එදා “ගුඩ් මෝර්නින්” කියපු අයියා අද PT කිට් එකක් දාගෙන රේස් කෝස් බිල්ඩිමට එහා පැත්තේ අලුතින් හදන බිල්ඩිමේ බදාම අදිනවා මට පේනවා.

    මම “ගුඩ් මෝර්නින්” කියන්නේ නැතිව ඇතුළට යනවා....."

    ඇත්ත ඇති සැටියෙන් ලියලා තියෙනවා...

    ReplyDelete
  26. මේවට මොනවා කියන්නද මන්ද බන්....
    මේවා නොපෙනෙන විදිහට...නොදැක්ක විදිහට ඉන්න එකද කරන්න ඕන?

    ReplyDelete
  27. නාඩියා මොකෝ සද්ද නැත්තේ??මම කීප දවසක්ම ඇවිත් හිස් අතින්ම යන්න ගියා..

    ReplyDelete
    Replies
    1. ඉන්න ඉන්න. මේ ටිකේ වැඩ කන්දරාවක් ගොඩ ගැහිලා තිබ්බා.. ඉක්මනටම ආයේ නාඩියක් දානවා...

      Delete
  28. හරිම කාලෝචිත මාතෘකාවක් ඉතාමත් රසවත් ආරකට ඔබ ලියාතියේය කියා කියමි.

    අප සෙබලා දෙස බලන්නේත් ක්‍රිකට් ටීම් එක දිහා බලන විදියටමයි...යුද්ධය පටන්ගත් කාලයේ ආමි කාරයො නේවි කාරයො වුන් ඔවුන් යුද්ධය දිනූ විට රනවිරුවන් වුවා...රනවිරු කම දිගටම තියෙන ආතල් එකක් කරවන්න රනවිරු රියල් ස්ටාර් පටන් ගත්තා..

    පෝස්ටුව කියවීමෙන් මටනම් පසක් වුයේ නාඩියා ඒත්තුගන්වන්න හදන්නේ, නාඩියාද ඇතුලු අප මුලු සමාජයම (කෙළවර කඩේ සාම්බ්‍රනි මල්ලිද, විචාරක විසින් හඳුන්වාදුන් ලෙච්චමී සහ ඇයගෙ ප්‍රේමවන්තයාද ඇතුලුව ) අලුතෙන්ලද නිදහස බුක්තිවිඳිමින් මුහුනු පුලුටුකරගෙන සිටින්නේ ඇයිද යන්නයි.

    බදාම ඇනීමට ඔවුන් තෝරාගැනීම විවේචනයට හොඳ උත්ප්‍රේරකයක් උවත්, 250,000 වන යුද්ධයකින් ගිමන් හරින හමුදාවකට ලබා ගත හැකි ඉතාම ප්‍රයෝගික පුනරුත්ථපන ක්‍රමයක් වන සහ හොර මැර වංචා කොමිස් නොමැති (මහවැලි ව්‍යාපෘතිය වැනි )සංවර්ධන ක්‍රියාදාමයක ඔවුන් නිරතවී සිටින බව ඇදහීමම ඔවුන් සඳහා අප විසින් නිර්මානය කරන ලද වීරාත්මක රනවිරුබාවය රැකදේවී යනු මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. නමුත් බහුතර පුරවැසියන් ඔවුන් දිහා බලන්නේ රණවිරුවන් ලෙසද කියා ප්‍රශ්නයක් පවතී....

      Delete
    2. ඒ කියන්නේ අද දවසේදී බහුතරය ඔවුන් දකින ආකාරයද, නැතිනම් පොදුවේ ඔවුන් දුටු ආකාරයද?
      රනවිරුවා යන්න සමාජ හැඟීමක් පමනක්මද?
      උදාහරනයක් හැටියට, මට නම් අදත් එදාත් ඔවුන් හොඳ දක්ෂ සොල්දාදුවන්. හැබැයි මා යුද්ධයට මුහුන දුන්නේ සැතපුම් දහස් ගනනක දුරක සිට නිසා පොදුවේ රනවිරුවා යන්න සමාජය කෙසේ අර්ථ දක්වනාවද යන්න ගැන තීරණදීම හෝ අදහස් ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැතිය යන තැනත් තමයි ඉන්නේ නාඩි...

      Delete
    3. බහුතරය ඔවුන් දකින ආකාරය! රණවිරුවා යනු සමාජමය හැඟීමක් පමණක්ම නොවිය යුතුය.

      Delete
  29. හැම උදේම දකින කතාවේ එකම script එක... : වෙනසක්... !!!

    ReplyDelete
    Replies
    1. වෙනසක් තමයි අපිටත් ඕනේ කරලා තියෙන්නේ...

      Delete
  30. කතාව සරලයි ඒ හින්ද නීරස ඇත්ත වුනත් ඔලුවට කෙලින්ම යනවා කියෙව්වම
    මම බ්ලොග් වලට අලුත්..බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නේ නෑ මාත් ලියන්න උත්සහ කරා...මගෙ කතාවත් ඇවිත් කියවල හොද නරක පෙන්වල දෙනවනම් ගොඩාක් පින්

    http://mylifeasamuslimgirl.blogspot.com/

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...