නාඩි සෙට් එක

Saturday, April 5, 2014

ආටක නාටක

ඇතාවැටුණු වැව සියාතු ගොයියාට කාසි පනම් වල අඩුපාඩුවක් තිබුනේ නැත. වතු පිටි වලින් එන ආදායමට හරි හරියට හරකා බාන නඩත්තු කරන එකෙන් එන මිල මුදල් ටිකත් එකතු පහදු උනාම අඩුවක් පාඩුවක් නැතිව විය පැහැදම් කරන්නට කාසි පනම් අතේ තිබ්බේය. ඒ අස්සේ මැම්බර් මහතැන් ගිය ජන්දෙන් පස්සේ ගංතුලානේ උන්නැහේට උදව් පදව් කරපු මිනිස්සුන්ට තාන්න මාන්න දීපු වෙලේ සියාතු ගොයියටත් සාම විනිසුරු පට්ටමක් පන්ගරාත්තු වුනේය. ඒ හින්දාම ගමේ ගොඩේ උන්ගේ සහතික කොළ මිටි අත්සන් කරලා පඬුරු පාක්කුඩම් ටිකක් පොදි ගහන්නට ඒ නිසාම ඉඩ පරස්තාව ලැබුණි.

කුමාර, සියාතු ගොයියාගේ ලොකු පුතණ්ඩියාය. නාමලී මැණිකේ කුමාර ඉපදී දොළොස් අවුරුද්දකට පස්සේ මිය පරලොව ගියාට පස්සේ කුමාර බලා කියා ගන්න හිටියේ සියාතු විතරය. ඒ නිසාම ඕනෑවට වඩා නිදහසක් ඉලන්දාරියාට ලැබුනේය. ගං තුලානේ වතු පිටි අස්සේ කරක් ගහමින් කොල්ලෝ කුරුට්ටෝ එක්ක රංචුවට වැටී රෑ දෙගොඩ හරි යාමේ ගේ දොර මතක් වෙච්චි එකා වගේ හීන් සීරුවේ ගෙට රිංගන්නට කුමාරට කිසිම තහංචියක් තිබ්බේ නැත. සියාතු ගොයියා ද වැඩි නිච්චියක් නිලව්වක්නැති මනුස්සයා වෙච්චි කොලුවා යන එන තැන්, කරක් ගහන තැන් ගැන හොයා බලන්නට වෙලාවක් කලාවක් තිබ්බේම නැත.

කොල්ලගේ කර දඬු උස් මහත් විය. වදෙන් පොරෙන් වගේ ඒකා ඉස්කෝලෙට යැව්වත් ඉගෙන ගත්තු අකුරක් නැත. ගමේ එකෙක්
“සියාතු ගොයියෝ ටිකක් හොයලා කරලා බැලුවනම් හොඳයි නේද කොලුවා කරන කියන වැඩ කටයුතු ගැන ටිකක්”

සියාතු කියන්නේ
“අම්මා නැති එකානේ බං. ඔය කෙලි සෙල්ලම් කරන වයසනේ බං. හය හතර තේරෙන කාලේ එද්දී ඕවා හරි යයි. මොකෝ මොකෙන් කියලා අඩුවක් පාඩුවක් ද! රටේ තොටේ පරක් තෙරක් දන්න කියන එකක්යැ. ලොකු තනතුරු තානාන්තර මොකටද බං. ගොවිතැනක් බතක් කරගෙන ඉන්න පුළුවන්නේ බං. මේ ඉඩම් කඩම් ටික බලා කියා ගන්න එකෙකුත් එපැයි!”

සියාතු ගොයියාත් කොලුවාට සැර වැර කරන්නට ගියේ නැත. ඕනෑ එපාකම් ටික හොයා බලා සල්ලිය බාගේ අතට දුන්නා විතරය. කුමාර කොලුවාත් කිසිම අර පරිස්සමක් නැතිව විය පැහැදම් කරගෙන හොඳ හොඳ අඩව් කස්තිරම් ඇල්ලුවේය.

කොහොමෙන් කොහොම හරි කොලුවා 10 විභාගෙට වාඩි උනේය. අනෙක් උන් ලියන කරන ඒවා දිහා ඕනෑවට එපාවට බලං හිටි කොලුවා වෙලා පහින්ම ප්‍රශ්න පත්තරේ බාර දීලා එලියට ඇවිත් වෙනදා වගේම බූරු පොළේ සූදු කෙලින්ටත්, අල්ලපු කඩමණ්ඩියේ වෙලේ කඩේ ගැටිස්සිගේ අනගාර දඟර බලන්ට යන්ඩත් කාන්ඩේ එක්ක වැටුනේය. 

අනේ වාසනාවට අතුරු ආන්තරාවක් නැතිව ලයිට් කණු පෝලිමක් ම ප්‍රතිපල කඩදාසියේ තිබ්බේය.

කොහොමෙන් කොහොම හරි ඔන්න දැන් ආරංචි විදිහට සියාතු ගොයියාගේ පුතණ්ඩියා, කුමාර ප්‍රයිවොට් දොස්තර විභාගේ අරගන්න යනවා කියන්නේ!


ලඟදි ශිෂ්‍යත්වේ කාලේ ලියපු පොතක් හම්බුනා. :D

47 comments:

  1. හැක් හැක් ඔච්චරම පහලට දාන්න එපා

    ReplyDelete
    Replies
    1. අනේ මම පහළ දැම්මේ නෑ. විස්තරේ කිව්වා විතරයි

      Delete
  2. උඹට වැරදිලා.... ඌ ගිහිල්ලා තියෙන්නේ ප්‍රයිවට් කොලෙජ් එකේ ලයිට් කණු හිටවන්න.

    ReplyDelete
  3. ඔය විභාගෙ නම් පාස් වෙයි මං හිතන්නෙ..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පාස් වෙයි වගේ තමා

      Delete
  4. කාසි පනම් ඕනෑතරම් තියෙනව නම්....... ආයෙ මොටෑ ඉගෙන ගෙන.....
    මං හිතුව මෙදා පාර ඉල්ලුව කියල ඉලැක් ෂෝන් එකට......

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ශෝන් වගේද පැන්ෂොන් තියෙන මේ රස්සා

      Delete
  5. ඒ විභාගෙ නම් පාස් වෙනවා. අනිවා.

    ReplyDelete
    Replies
    1. බලමු අපි මොනවයින් මොනවා කර ගනියි ද කියලා

      Delete
  6. අඩේ ඔච්චර කින්ඩිය දාන්න එපා , අර අ.අ.අ.අ. දොස්තර වගේ කෙනෙක් වෙයිද කවුද දන්නේ ?

    ReplyDelete
    Replies
    1. මොකද්ද බෝල අයියේ "අ.අ.අ.අ." කිව්වේ?

      Delete
    2. අ.අ.අ. ගොත ශිවංක නේද

      Delete
    3. ඔව් බස්සි , අර කොළඹින් චන්දෙ ඉල්ලපු දොස්තරයා

      Delete
  7. කෝම හලි දොත්තල නේ බොලව්..

    ReplyDelete
  8. ඌටත් යන කලක් තියෙන්න එපැයි බං.

    ReplyDelete
  9. අනේ ඔය වගේ එවුන් ඊළඟට පිටරටවල්වල ගිහිල්ල ලංකාවේ නමත් කනවට වඩා ලංකාවේම රැකියාවක් කරන් (දොස්තරයෙක් වෙලා) ඉන්න එකත් ලොකු දෙයක්නේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං.. අපේ උන්ගේ ඉහ මොළ කණ එකනේ වැඩේ උන් ටික

      Delete
  10. ප්‍රයිවට් දොස්තර විභාගෙ එච්චරම සවුත්තු ද බං?

    ReplyDelete
  11. ඉගෙනගන්නවා කියන්නේ දොස්තරලා ඉංජිනේරුවෝ වෙනවා කියන එකම නෙවෙයි. අනෙක අපේ එවුන්ට හරිහමං බිස්නස් එකක් කරන්න වතුපිටි නඩත්තු කරන්න ගොවිතැන හරියට කරන්න මොළේ තියෙන්නත් ඕනේ කියලා මමනම් හිතනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! ඒ දේ හරියට කරන මිනිස්සු තමයි අපිට ඕනේ.

      Delete
  12. උබටත් හිතෙන ඒව හැබෑටම :D
    අම්මා නැති එකානේ බං. ඔය කෙලි සෙල්ලම් කරන වයසනේ බං. හය හතර තේරෙන කාලේ එද්දී ඕවා හරි යයි. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්! තාම කට්ටියට ලියවිල්ලේ කරපු පොඩි වෙනස පෙනිලා නෑ වගේ හරියටම

      Delete
  13. අනේ වාසනාවන්..ලෙඩ්ඩු ටිකට තිස්තුන්කොටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේම පිහිටයි...

    ReplyDelete
  14. ප්‍රයිවෙට් කොලිජිය නොතිබ්බනම් ඌ රුසියාවෙ හරි බංගලාදේසෙ හරි යාවි නාඩියෝ. ඔවුවට හිත නරක් කොර ගන්ට කාරි නෑ.

    ReplyDelete
  15. ඔහොම තමා අද කාලෙ හැටි. මමත් දන්න ළමයෙක් ඉන්නව මේ වගේ. ඉස්සරහට යනකොට රැකියාවෙ වෘත්තීය ගරුත්වයත් නැති වෙන වැඩක් වෙන්න යන්නෙ.

    ReplyDelete
  16. ඔවුවා ඉතින් ඔච්චර හිතන්නත් දෙවල්ද මචෝ..

    ReplyDelete
  17. සල්ලි බලේ තමයි... මේ වගේ දේවල් ඉස්සරහට තව තව වැඩිවෙයි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒ ටික නම් වේවි

      Delete
  18. කිව්වත් වගේ ඔය වගේ දේවලුත් නොවුනොත් තමයි පුදුමේ.....

    ReplyDelete
    Replies
    1. දැන් දැන් වෙනවා කියන්න මදි නොකියන්න

      Delete
  19. ප්‍රයිවට් ඩික්ටර් කෙනෙක් වෙන්නත් ලයිට් කණු අරගෙන නම් බෑ. ඒවා ඇවිත් අමු කෙප්ප...

    ReplyDelete
    Replies
    1. මේ වෙනම කතාවක්. අත පයින් දාපු කතාවක්

      Delete
    2. ඩික්ටර් කිවවෙ එඩිටර්ද ? ඩිරෙක්ටර්ද ?

      Delete
  20. උඹ ඔය කියපු විස්තරේ ඇත්ත ඒවද? මට නං විස්වාස නැහැ බං. අතිශයෝක්තියක් වගේ..

    ReplyDelete
    Replies
    1. අත්තමත් නෙවෙයි! නැත්තමත් නෙවෙයි

      Delete
  21. මුන් කරන දොස්තරකමත් බූරුවා ගැහිල්ලක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත! හැබැයි බූරුවා වෙන්නේ අසරණ ලෙඩ්ඩු ටික

      Delete
  22. කමක් නෑ බං...මොන රටේ ඉගෙන ගෙන ආවත් ඇම් බී බී ඇස් ලියන්න එපායැ ලංකාවෙ....ගොඩාක් උන් මෙතනදි ෆේල් වෙනවා...සීයට 5 ක් වත් මේ විභාගය සමත් වෙන්නෙ නෑ..පිටරට ඉගෙනගත්ත අයගෙන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොහෙන් ආවත් act16 exam එක ලියන්න ඕනේ

      Delete
  23. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි විභාගෙ පාස්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...