නාඩි සෙට් එක
Saturday, April 12, 2014
ඔන්ලයින් අවුරුදු? ඈ???
කජු ඇට ද කොස් ඇට ද! මෙන්න online අවුරුදු! ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න full online අලුත් අවුරුදු උත්සවයක්!! පිස්සු බම්ප් වෙනවා ඈ! ඇතෙක් බරට තෑගී ලු!
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මහත් වූ ආඩම්බරයකිනි! ඔබ ලොව කොතැනක සිටියත් ,තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට අප සූදානම්!
අපේ අවුරුදු උළෙලේදි ඔබට සහභාගී විය හැකි තරඟ ඉසව් ,
1.අවුරුදු කුමරා
2. අවුරුදු කුමරිය
3. කනා මුට්ටි
4. අලියාට ඇස තැබීම
5. ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
6. කඹ ඇදීම
7. ලිස්සන ගහ නැගීම
8. කොට්ට පොර
9. බාධක දිවීම
10. බෝනික්කාට නම දැමීම
11. සැඟවුණු භාණ්ඩය සෙවීම
12.හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. ලොකුම බොරුව
15.සැඟවුණු අමුත්තා
ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග ලබාදීමට මව්බිම Ceylon Today සහ DIALOG ආයතන සූදානමින්.
දැන්ම ඔබෙ මිතුරන් දැනුවත් කරන්න.සියලු දෙනා සමඟින් 13 වන දින සවස 6 සිට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඔබත් එක්වන්න..
ප්‍රධාන අනුග්‍රාහක / Partnering with : මව්බිම (Mawbima) Ceylon Today
Powered by : Dialog Axiata
තාක්ෂණික අනුග්‍රාහක : Brightron Solutions
ඔය ඇති! වැඩි විස්තර ටික ඔක්කොම බුකියේ event එකේ තියනවා!!
එහෙනම් ශ්‍රී සුභ නව වසරක් වේවා ඈ!!!!
කිරි ඉතිරේවා නව වසරේ!!!!
Subscribe to:
Post Comments (Atom)
අම්මට සිරි ඒක මාර අත්දැකීමක් වෙයි බන් :D
ReplyDeleteආයෙත් අහලා! අමුතුම අත්දැකීමක්!
Deleteනාඩියා ඔන්ලයින් කියන්නේ නිකංද ?
ReplyDeleteනැත්නම් නැත්නම්
Deleteගොහින් බලමු. නාඩි, 20 එනවද?
ReplyDeleteසුබ නව වසරක් වේවා…!!
එනවා එනවා 20 එනවා
Deleteඅඩේ එහෙම එකකුත් තියනව ද.. අවුරුදු කුමාරයා තරඟෙට මං එනව. @පොටෝ සාප්පුව ඕපන් කරමින් :D
ReplyDeleteබෑ බෑ පොටෝ සාප්පු ඔට්ටු නෑ
Deleteගිහින් බලමු...
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !!!
එසේම වේවා!!!
Deleteඔව් ඔව් ඇවිත් බලන්න
මට මතක් වුනේ ප්‍රේමදාස මහත්තයට තිබුනයි කියල කියන නවීන වැසිකිලිය. බටන් තුන එබුවාම ඔප්සන් වෙනස්. මතක විදියට දෙවනි බටන් එකෙන් කෙරුනෙ කෘතිම අතක් ඇවිත් පස්ස පැත්ත හෝදල දෙන එක.
ReplyDeleteඅමිල, තුන්වෙනි එක පෑඩ් එක ගලවන එකලු. ඒක ඔබල මිනිහ කුට්ටම නැතිකරගත්ත කියලයි කතාවෙ තීන්නෙ.
Deleteකොහොම උනත් දැන් ඇත්තටම ඔය වගේ වැසිකිලි පෝච්චි තීනව. නිකන් නෙමෙයි ලන්නග එනකොට සීට් එක පහත්වෙනව, පොඩි බටයක් යටින් ඇවිත් වතුර විදල හෝදනව, හෝදන වතුරෙ උෂ්නත්වය පාලනය කරගන්නත් පුලුවන්. කොටිම්ම සමාන්‍ය මිනිහෙක්ට නොදැන පවිච්චි කරන්න බැරි තරම් කම්ප්ලිකේටඩ්!
මෙන්න භාන්ඩෙ,
http://www.totousa.com/Washlet/S300eS350e.aspx
අප්පේ ටොයිලට් දියුණු වෙලා තියෙන තරමක්!
Deleteමරු ඈ..... පිස්සු බම්ප් වෙන කන්සෙප්ට් එකක් නෙව.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.. අමුතුම කන්සෙප්ට් එකක්
Deleteනියමයිනෙ. බලමුකො.
ReplyDeleteඇවිත්ම බලන්න තෑග්ගක් ගන්නත් පුළුවන් වෙයි
Deleteඋඹ බැලුවොත් කොහෙ හරි ඉවෙන්ට් එකකනෙ ඉන්නෙ..දැන් කැම්පස් යන්නෙ නැද්ද ?
ReplyDeleteනාඩි පිරුනු ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !
යනවා යනවා! අවුරුදු දවසේ කැම්පස් නෑනේ! :D මේක ඉතිං අපේම වැඩක්! ;)
Deleteසිරා අයියටත් සිරාම අලුත් අවුරුද්දක් වේවා!!!
සුපිරි වැඩේ මචෝ...
ReplyDeleteඒකනේ....
Deleteඑලනෙ ඔන්න අපිත් එනවා එහෙනම්
ReplyDeleteඇවිත් බැලුවා නේද රගේ!
Deleteමම නම් ඔය වගේ වැඩවලට කැමති නෑ....
ReplyDeleteඒ මොකෝ ඒ?
Deleteඔන්ලයින් බනිස් කන්නයි ,කිරි කවන්නයි තියෙනවනම් මාත් එනවා
ReplyDeleteඔව් ඉතිං අර මොකාද්ද "ගෙඹි" කතාවක් යන්නේ නිකම් යැ!
Deleteමරු මරු මම මේ හවසත් අවුරුදු කුමාරියන්ට ලයික් දාලා ආවේ.. ස්පෙෂලි අපේ නිනුවට එහෙම..
ReplyDeleteආ .... මරු මරු
Deleteතියන තියන හැම පියවර සුභ වේවා
ReplyDeleteකරන කියන දේ රිසි ඵල ගෙන දේවා
හිතන පතන සැප සම්පත් ඉතිරේවා
නිතින සහන ලැබදෙන වසරක් වේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
#එසේමවේවා!!!! #එසේමවේවා!!!!
Deleteහිතාගන්න බැහැ ෆේස්බුකි නොමැති නිසා. මව්බිම එක්ක කරන්න යන්නේ ඉස්සර සිරසේ ලක්ෂපතිආරච්චි කරා වගේ ගොන් සීන් එකක්ද..අලුත් මාධ්‍ය චූන් එකක්ද... දන්නේ නැති නිසා අහන්නේ....
ReplyDeleteහ්ම්ම්.. එහෙම එකක් නම් නෙවෙයි. interactive online වැඩක්! පොඩ්ඩක් event එක පැත්තට ඔලුව දාල බලන්නකෝ
Deleteනාඩි වැටෙන සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔබටත් එසේම වේවා!!
Delete