නාඩි සෙට් එක

Thursday, March 20, 2014

රාධා


“යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..” 

මොනරගල කෙළවරින් රතු පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට ගිහිං නැති හීනි දිග ඇඟිලි වලින් මෙච්චර වෙලා හුළඟට දඟ කරපු කෙස් කැරැල්ල ආයේ උඩට කරන ගමන් රාධා මං දිහා බලනවා.

“ඒක මම දන්නවා.. ඒත්....”

“නෑ රාධා කවදාවත් අපේ අප්පච්චිලගේ අම්මලාගේ හිතන විදිහ වෙනස් කරන්න බෑ. එකම රතු ලේ අරවා මේවා කොච්චර බයිලා ගැහුවත් ඔයා ගැන කිව්වහම මං දිහා බලන්නේ නිකම් මිනියක් මරලා ගෙදර එනවා කියන්නා වගේ.”

රාධා.. ඔව්.. එයා දෙමළ... පුංචි කාලේ යාපනේ හැදිලා වැඩිලා තිබ්බට යුද්දේ පටන් ගන්නකොටම වගේ යාපනේ ගෙවල් දොරවල් අත ඇරලා කොළඹ ඇවිත්. අවුරුදු දෙකකට ඉස්සරලා කයිමන් දොරකඩින් ඇතුලට ඇවිත් “අමරේ” රෙජිස්ටර් වෙන්න ආපු දවසෙත් ඉනෙන් පහළටත් කඩා හැලෙන ගොතපු දිග කොන්ඩේ උඩට වෙන්න පොඩි පිච්ච මල් දෙකක් තුනක් ගහලා තිබ්බා මට මතකයි.

“ආ.. කෙල්ලට තේ දළු කඩන්න කියලා තෝ වත්තේ මහත්තයා වගේ රඟ පාපන් බලන්න”

සින්නෝ ටිකක් “හිල්ටන්” එක ලඟදි අල්ලගෙන පුංචි පහේ rag එකක් කරද්දී ලෙච්චමී උනේ “රාධා. එදා ඉඳන් උදේ හවස හම්බුනත් හිතේ කියාගන්න බැරි මොකක් හරි හිර වෙලා තියනවා කියලා දෙන්නටම තේරිලා තිබ්බා. 

“උඹ සෝෂල් එක පැත්තේ රවුම් ගහනවා වැඩියි.....”

 මෙලෝ හසරක් තේරෙන්නේ නැති සුගතයාගේ ලෙක්චර් එක කට් කරලා සෙනට් එකේ පඩි පෙළ යටට වෙලා සිය ගානක් වෙච්චි සෝෂල් කෙල්ලෝ මැද්දෙන් මතු වෙන ඒ දොඹ ගෙඩි වගේ ඇස් දෙක බලාගන්න වලි කාපු මාව අපේ උන්ට නෝට් වෙලා තිබ්බා.   

“අම්මලා අප්පච්චිලා හිත රිදෙන දෙයක්නම් නොකරන එක හොඳයි... ඒත්.....” 

“පච බංකුවේ” එහා පැත්තේ ඉඳගෙන රාධා ඇස් දෙක තවත් ලොකු කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. කවදත් හෙවණේට තිබිච්ච පච ගහ මැද්දෑවෙන් හීනියට එන රතු පාට ඉර අව්වට ඒ ඇස් දිලිසෙනවා. කඳුළු....

“මෙයා දැන් කවි පොත් කියනවා වැඩියි!”

“ඇයි අපිට කවි අකැප ද?”

“නෑ ඕවා කියවලා ඔය කෝඩ් බෝඩ් ඔක්කොම අමතක වෙලා යයි!”

ලයිබ්‍රිය ඉස්සරහ තෙල් බැම්මට වෙලා අපි වාද කළා. ෂ්‍යාම් සෙල්වදුරෙයි අමුතු ඉලන්දාරියෙක් උනේ ඇයි කියලා අපි පැය ගණන් කතා කළා. මෙච්චර තාක්ෂනේ දියුණුයි කියලා කෑ ගහන ලෝකේ ප්ලේන් එකක් නැති උනොත් හොයා ගන්න සති ගානක් යන එකේ මගේ කන්නාඩි දෙක හොයාගන්න මට පැය ගානක් යන එක පුදුමයක් නෙවෙයි කියලා රාධා මට විහිළු කළා.  

ඒ දවස ආවා. කළු පාට ලෝගුව පොරෝගෙන එයා යන්න ගියා. තවත් අවුරුද්දක් ලුණු නැති බත් එකේ රහ බල බල හිටපු මම ඇස් ලොකු කරලා හීනියට හිනා වෙන රාධා අමතක කරන්න වලි කෑවා.

අවුරුද්දක් ගිහිං. අලුතින් කාපට් දාපු කැම්පස් එකේ ඇතුලේ පාරවල් පිරෙන්න කිචි බිචි ගැන සෙනඟ පිරිලා. රතු පාට ලෝගු දාපු කට්ටිය පිටිපස්සෙන් අපිත් ඇතුලට ගියා. උපාධි බම්බුව අතට අරගෙන එලියට බහිද්දී මං ගල් ගැහුනා!

 Congratulations….ආ.. අපේ cousin නංගි කෙනෙක් medical එකේ හිටියා. එයත් අද cloak දානවා. ඒ නිසා ආවා. Sorry... අදුන්නලා දෙන්නත් අමතක උනා. මේ රාජ්.... My husband. We married last December.”




ඔව්.. ඒ රාධා!


පසුසටහන : අකුරු ඇමුණුමේ සමහර වදන් රජරට සරසවි උප සංස්කෘතියෙන් පෙරී ආ ඒවාය. රාධා මනකල්පිත චරිතයක් නොවුනත් මේ මගේ කතාව නොවේ. Off road යාමට බිය වූ කතා කාරයා මෙන්ම රාධා seat belt තද කරගත් යෞවනයේ තවත් එක් කැඩපතක් පමණි. 
  

64 comments:

  1. හෙහ්...හෙහ්.... එහෙම වුන එක ලොකු දෙයක් බං ..... එල.

    ReplyDelete
  2. නාඩියට නාඩි වැටුනද දන්නේ නෑ ඒ වෙලාවේ. මාරු කතා පොඩ්ඩ

    ReplyDelete
  3. අපි හැමෝම සමාජ සත්වයෝ නෙව....අනික් උන් බම්බු ගහගත්තාවේ කියල ලොකුවට කිව්වට ඕෆ් රෝඩ් යන්න උනාම හොරෙන් හොරෙන් ඒ ගැන හිතනවා....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා වැඩේ. කොච්චර ට්‍රයි කලත් යටි හිතෙන් ආපහු අදිනවා

      Delete
  4. මේ මහා බාධක පරය තියෙන්නෙත් අපේ හිත ඇතුලේ. ඒ මහා බාධක පරය බිඳින්න ඕනෙත් අපිමයි. මගේ අයියාගේ ලොකුපුතා විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නේ. ඔහු ද්‍රවිඩ තරුණියක සමග පෙමින් වෙලුනා. අපේ නෑ දෑ සනුහරේ යුද්ධ ප්‍රකාශ කළා. මම තනියම අර කොල්ලා වෙනුවෙන් සටන් කරා. අයියා ජීවතුන් අතර නැහැ. බාප්පේ මට පිහිටවෙන්න කියලා ඌ කියපු නිසා ඔක්කොම කරුණු එකලාසයක් කරලා කසාදෙට අත්සන් කලෙත් මමයි. අද උන් දරුවෙකුත් ලබලා බොහොම සතුටෙන් ඉන්නවා. අර දෙමලි දැන් සෑහෙන්න සිංහල වෙලා. දැන් අපේ එවුන්ට දෙමලි හොඳ වෙලා. අනේ කාලේ වනේ වාසේ.

    ReplyDelete
    Replies
    1. සෝක් නේ! අපේ කට්ටියට කොහොමත් දෙයක් මතක හිටින්නේ සති දෙකයි තුනයි නේ

      Delete
    2. රට වෙනුවෙන් කළ යුද්ධයට වඩා ඒ කොලුවා වෙනුවෙන කළ යුද්ධය මට බොහෝම වටිනවා...

      Delete
  5. හුටා ....මොනවා කරන්නද ..මට පරණ සිද්ධියක් මතක් වුනා ..ලියනවද නොලියනවද කියලා කම්පනා කොරන්නේ

    ReplyDelete
    Replies
    1. ලියපන් අයියේ ඉතිං මොකට තව තද කරගෙන ඉන්නවද!

      Delete
  6. නාඩියා මොකක් හරි ලිව්වම ඒකේ යටින් අර වගේ අදහස් කියන එක කියවන කෙනාට අසාධාරණයක්.. කියවන කෙනාට කැමති දෙයක් හිතාගන්න අරින්නයි තිබුනේ..

    කැම්පස් සංස්කෘතියේ ඔවැනි දේවල් අනන්තයි. ඉතිං උඹ ඒක නොදැනද හිටියේ.. මට තේරෙන්නෑ ඇයි උඹ ඔය තරං අවුල් උනේ කියලා...

    ReplyDelete
    Replies
    1. කියවන කෙනාට කැමති දෙයක් හිතාගන්න අරින්නයි තිබුනේ..///

      දේශක හරි මං හිතන්නෙත් එහෙමයි ,මං දේශක ගේ කතා වලට කැමැති එකනේ ,



      Delete
    2. මට එතනදි හිතුනෙ "ඔව් ඒ රාධා" කොටස නොදා, වෙන මොකක් හරි විදිහකින් වක්‍රව කිව්ව නම් හොඳයි කියලයි.

      Delete
    3. දේශක : ම්ම්.... ඒකත් ඇත්ත වගේ... ඒ කෑල්ල අයින් කලානම් හොඳයි කියලා දැන් මටත් හිතෙනවා.
      //මට තේරෙන්නෑ ඇයි උඹ ඔය තරං අවුල් උනේ කියලා...// අනේ බං මේ මගේ මල නෙවෙයි!

      චන්දන : බලමු හොඳ විදිහක් හිතලා

      Delete
    4. චන්දන කියන එක මමත් පිලිගන්නවා.
      මොකද//මේ රාජ්.... My husband. We married last December.”// කියනකොට මට හිතුනා රාධා තමයි කියලා.

      Delete
  7. හම්මේ මතක්ක් කරන්න එපා නාඩියෝ මං හරි අමාරුවෙන් ඔය වගේ සින් එකක් තියලා යන්තම් ගොඩ අවා විතරයි ,මං පොරත් ලිව්වා ඒ දවස් වල හැබැයි කතාව නම් ලියන එකක් නෑ තව කාලෙකට .

    පරවි කිරිල්ලි

    පිච්ච මල

    අවසානේ දේශකටත් හිනා වුණා ,සිරා මගේ හිත අයේ මුකක්ද වුණා :((((((( හම්මේ ,
    කතාව ඇත්ත එකක් ද ????

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත එකක් නෙවෙයි! මේ කතාව ඊට පොඩ්ඩක් ලඟින් යන කතාවක පෙර දැක්මක්

      Delete
  8. කතාව නම් සිරා. නියමයි. ඒත් මටත් නිකමට වගේ හිතෙනවා දේශා කියලා තියෙනවා වගේ අවසානෙ කියවන එකාට භාර දුන්නා නම් හොදා කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒක තමා මාත් දැන් එහෙම හිතෙනවා

      Delete
  9. සුපිරි මචන් කතාව වගේම ලොකු වපසරියක් කතා කෙරුණා කියලා හිතුනා..අපේ ජන වාර්ගික බෙදීමේ ඉඳලම නැතිවුන ප්ලේන් එක වෙනකම්ම තියන දේශපාලන කතාවක් උබ කාටත් නොතේරී මතු කලාද කියලත් හිතුනා. නැති වුන කණ්නාඩිය හොයලා ඉක්මනට දාගෙන අපි ලෝකේ හරියට බලමු මේ පාට පාට කණ්නාඩි ගලවලා දාලා..

    ReplyDelete
    Replies
    1. ම්ම්...... එච්චර හිතුවේ නැති උනාට ටිකක් විතර ඒ ගැන කතා කෙරිලා තියනවා තමා. අනිවාර්යෙන්ම මේ පාට කන්නාඩි ගලවලා දාන්න කාලේ හරි

      Delete
  10. කතාව ලස්සනයි නාඩි.

    ReplyDelete
  11. උඹට මොකුත් කියල වැඩක් නෑ මොකද උඹ කමෙන්ට් වලට රිප්ලයි නොකරන බ්ලොග් පොරක් නිසා.
    ඇවිත් බලල ගියා කියල කියන්නං.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි! අප්පේ හැලප අයියේ මම පොරක් නෙවෙයි. රිප්ලයි කොරන එකනං මඟ ඇරෙනවා ඕසේට. ඒ ඉතිං වැඩ අනාගැනිල්ල නිසාම තමා. සමාවෙන්ඩ ඉතිං මේ ගැත්තා ට...
      මොනවා හරි කියලා පලයන්කෝ අයියේ....

      Delete
    2. මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි..

      Delete
    3. වැඩේ දරුණුයි ඒ කියන්නේ! එහෙනං ඒ ගැනත් බලන්න වෙනවා

      Delete
  12. සුදු මල්ලිMarch 21, 2014 at 12:09 AM

    කතාව නම් ලස්සනයි නාඩි අයියේ..

    අපි දැන් ඉන්න මේ සමාජ ක්‍රමේ වෙනස් වෙනකම් අපි හිතන විදියත් වෙනස් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් off road යන්න පටන් ගත්තනම් වැඩේ හරි යයි

      Delete
  13. කතාව නියමෙට ගලාගෙන යනවා. ජය වේවා....!

    ReplyDelete
  14. මෙවගෙ කතා මෙහෙම නැතුව අවසන් වෙන දවස වැඩි දුරක නෙමෙයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එහෙම වෙයි. අපි බලං ඉමු..

      Delete
  15. හිල්ටන් එකයි ලයිබ්‍රිය ඉස්සරහා තෙල් බැම්මයි හින්දා කැළණිය සරසවියද හිතුනා නාඬි.ආසාවෙන් කියෙව්වා.අත්දැකීමක් වගේ අකුරු කරලා...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අත්දැකීමක් නම් නෙවෙයි.. ;)

      Delete
  16. අපූරු යි කතාව. රාධා වැරදි යි කියල ද කියන්න හදන්නෙ?

    ReplyDelete
  17. මාරයි.. හැබයි මේ රාධා කියන්නේ අක්කෙක් ද? ?

    //කළු පාට ලෝගුව පොරෝගෙන එයා යන්න ගියා. තවත් අවුරුද්දක් ලුණු නැති බත් එකේ රහ බල බල හිටපු මම..// කියලා කියන්නේ.. :o

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ.. කැමති දෙයක් හිතා ගන්න පුළුවන්

      Delete
    2. මොනාද හලෝ අපි නෙවේ නේ රාධව දන්නේ ඔයා නේ.. ඒ කැමති දෙයක් හිතා ගන්න නෙවේ.. ඇත්ත කතාව දැනගන්න ඕනේ..

      Delete
    3. මම කොහොමද රාධා ව දන්නේ?

      Delete
    4. එහෙනම් මේ මම මට මට කියලා තියෙන්නේ..

      Delete
    5. First parson narration කියන්නේ first hand experience කියන එක නෙවෙයි

      Delete
  18. හ්ම්. ජාතිකත්ව කෙසේ වෙතත්, අපි තාම මේ කුල මල අත්හැර ගන්න බැරුව ඉන්න සමාජයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකත් තදටම තියෙන ප්‍රශ්නයක්

      Delete
  19. රාධාට වෙන කරන්න දෙයක් තියෙන්න නැතුව ඇති.. ලස්සනයි කතාව..

    ReplyDelete
    Replies
    1. සමහර විට.. කියන්න බෑ ඉතිං මොකුත්

      Delete
  20. සුපිරියි ඈ.... මේ ඔයාගෙ කතාව නූනට, කතානායකයාගෙ චරිතෙ නාඩි මල්ලිගෙ ලක්ෂණත් තියෙනවා නේද..... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. එහෙම කොහොමද කියන්නේ...?

      Delete
  21. ඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩි :)

    ReplyDelete
    Replies
    1. අත පය කැඩෙන්න යුද්ධේට ගියා යෑ!

      Delete
  22. ෂුවර්නෙ උබට උන එකක් නෙමේ කියල? :D

    ReplyDelete
  23. නියම කතා වස්තුව මචෝ..

    ReplyDelete
  24. පවු නාඩියා....රාධා කෙල්ලට කොක්ක ගහන්න බැරි උනා නේද....

    තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා සින්දුවද ඒ කාලෙ කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. අනේ මං ඔය සින්දු කිව්වේ නෑනේ අයියේ

      Delete
  25. රාධව අයිති නුනේ ජන්මයේ වරදින්ද....? කියල හිතන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... කියන්න බෑ.. කොතන නමුත් වැරදිලා...

      Delete
  26. මේක ඇත්තම කතාවක්ද? ඔයාගේ සිතුවිල්ලක්ද??

    ReplyDelete
  27. මේක ඇත්තම කතාවක්ද? ඔයාගේ සිතුවිල්ලක්ද??

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් නෙවෙයි. හැබැයි වෙන්න පුළුවන් දෙයක්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...