වැඩ කරන ජනතාවගේ දවසේ හැම
තැනම පේන්න තියෙන පෝස්ටර් බැනර් වල තියෙන්නේ “දියව් දියව්!!!” කියලා! කොහෙවත් “ගනිව්
ගනිව්” කියලා නෑ! අනේ මන්දා....
රටේ විරැකියාව උග්‍ර
වෙලාලු! රැකියා නැහැල්ලු! උපාධිධාරියෝ මහපාරෙලු!! ඔව්! සේරම ඇත්ත! උඩ ඉදන් යට තැන
වෙනකම් ඔක්කොම මේකට වැරදිකාරයෝ! අපිත් එක්ක! ඔක්කොම වැරදිකාරයො!
කැම්පස් පැම්පස් නාඩියේමංතුමා කිව්වේ කැම්පස් වලින් එලියට එන අපේ උන්ට යන කලදසාව ගැන.
ඒ අහව් අස්සේ “ඇයිරත්තරං ඔය අත් වල මජං” කියලා අහන්න ගිහිං ඇහුනේ වෙනමම පැත්තක්!
කොහොමෙන් කොහොම හරි මැයි
දිනේ රතු පාට ඇඳලා එහෙම කොටන්න ගත්තේ මේ ටිකේ ඔළුවට වැදිච්ච අදහස් ටිකක්.
විරැකියාව, හැම තැනම
තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි රජයට හරි පුද්ගලික අංශෙ අයට හරි බෑ
ලංකාවේ ඉන්න ඔක්කොම උපාධිධාරියෝ ටිකටයි අනිත් ඔක්කොටමයි රස්සා දෙන්න. මොකද
කිව්වොත් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එන හැමෝටම අපි රජයේ රැකියා දෙනවා කියලා
පොරොන්දුවක් කිසිම රජයක් දෙන්නේ නෑ. අනික එහෙම දෙන්න ඕනි කියලා බැඳිලත් නෑ. ඒ අය
කරන්නේ රැකියා වෙළඳ පොලට අවශ්‍ය මානව සම්පත ගොඩ නංවන එක විතරයි. (හැබැයි ඒක හරියට
වෙනවද කියන එක ප්‍රශ්නයක්)
ඉතිං ඉතිරි උන් ටික මොකෝ
කරන්නේ?? හැමදාම ලිප්ටන් වටරවුමට වෙලා කෑ
ගහනවද? නැත්නම් බෝක්කුවක් උඩට වෙලා හැමදාම රැකියා ඇබෑර්තු පත්තරෙයි ගැසට් ඒකයි කියෝ
කියෝ ඉන්නවද???
ලඟකදී දවසක මංතුමා ගෙදර
එද්දී රෑ 8 ට විතර ටවුමේ පාන් බනිස් තියාගෙන හිටිය ත්‍රි විලරේ පැත්තෙන් මගේ නම
කියනවා ඇහුනා. මොන විජ්ජුම්බරයක් ද කියලා
ඔලුව දාල බලද්දී යකෝ මේ අපේ පන්තියේ හිටිය අතීසාර මිත්තරයෙක් නේ මේ! මිනිහා OL විභාගේ පේල්! පන්තියේ අන්තිමයාගේ ඉඳලා ගත්තොත් 3 වෙනියා විතර! හැබැයි හරිම
හිත හොඳ කොල්ලා!
“අඩේ බං උඹද මේක කරන්නේ!
මං දන්නේ නෑනේ!”
“කොහෙද ඉතිං උඹලා ගමේ
රටේ වත් ඉන්න එකක් යැ!”
“ඉතිං ඉතිං උඹ ගත්තද බං
මේ ත්‍රි විලරේ? කොහොමද දැන් බිස්නස් එහෙම?”
“අවුලක් නෑ බං. මේක මං
1කට ගත්තේ. පාන් තියෙන පෙට්ටිය අඩු ගානකට හම්බුනා. දැන් ඉතිං මේක තියාගෙන වැඩේ
කරගෙන යනවා”
“එලම තමා! කොහොමද ඉතිං
සම්තින් එකක් වැදෙනවද?”
“නැත්නම්! කොහොමත් දවසකට
හයදාහක වත් බිස්නස් එකක් තියනවා බං. තෙල් වලට එහෙම වියදම් ඇරලා 2ක් වත් අතට ගන්න
පුළුවන් බං.”
“යකෝ තනි උඹට හොඳටම
ඇතිනේ ඒ ගාන!”
“නෑ බං wife ටයි පොඩි එකාටයි සලකන්නත් එපැයි”
ඌ දැන් මාස හතරක පොඩි
එකෙක්ගේ තාත්තා කෙනෙක්! සන්තෝසයි බොලව්.
මට ඌ කියපු විදිහට ඔය
චුන් පාන් යන ත්‍රි විලරේක ලොරියක ඉන්කම් එක ඔන්න ඔහොමයි. බනිස් ගෙඩියකින් රුපියල්
5ක් සුද්ධ ලැබේ තියන්න පුළුවන් ලු! (දැන් ඉතිං තොපි ඊළඟ පාර පාන් මල්ලි ආපුවහම
ඒවටත් ඩිස්කවුන්ට් ඉල්ලන්න යන්න එපා!)
දෙයියන්ගේ පිහිටෙන්
නෙවෙයි උගේ දාඩිය වල පිහිටෙන් පවුලක් කාල ඇඳලා ඉන්නවා. ඊළඟ මාසේ විතර තව ත්‍රි
විලරයක් අරගෙන මස්සිනාට වැඩේ හුරු කරවන්නයි උගේ ලෑස්තිය. ඌ දැන් ව්‍යවසායකයෙක්!
ඊලඟ කතාව...
අසංක අයියා අපිට වඩා
අවුරුදු 3ක් විතර වැඩිමහල්. මිනිහා බැන්දා. හැබැයි අවාසනාවකට හම්බුනා පොඩි එකාට
තැලිසිමියාව. ඉස්පිරිතාල ගානේ ගිහිං එහෙම මිනිහගේ රස්සාව නැති උනා. මොනවා කරන්නද!
මිනිහා බැස්සේ බුලත් විට බිස්නස් එකට. උදේ පාන්දරම විට හදලා ටවුමේ කඩ ටිකට
ගෙනිහින් දාන එක තමයි කලේ. වැඩේ නැගලා ගියා. දැන් මනුස්සයා මදුරුවා බයික් එකක්
එහෙම අරගෙන ලකේට ඉන්නවා. මේ සයිඩ් එකටම බුලත් විට දාන්නේ මිනිහා!
“මල්ලි දැන් මට තියෙන ප්‍රශ්නේ
ඉල්ලන ප්‍රමානෙට සප්ලයි එක දෙන්න බැරි එක! එච්චර වැඩ තියනවා. ඒ හින්දා මං උදේට විට
හදලා දෙන ගෑනු කෙනෙක්ට පඩියකුත් ගෙවනවා බං”
බින්දුවේ ඉදන් නැගිට්ට
අසංක දැන් ව්‍යවසායකයෙක්!
මං තුමාට ඔය මගේම කියලා
බිස්නස් පිස්සුව තදේටම තියන එකෙක්. AL
ඉවර වෙලා තව සෙට් එකක්
එකතු කරගෙන වැඩේට බස්සා. කලේ ඉතිං දන්න කියන software වැඩ කෑලි තමා. Project එකයි කලේ! වැඩේ කොට උඩ! මං කපෝති! අතේ තිබිච්ච පෝන්
කට්ටත් විකුනලා තමයි බේරුනේ. වැරදෙනවා. හැබැයි පාඩම් ඉගෙන ගෙන නැගිටින එකයි
වැදගත්.
දැන් නම් ඉතිං Brightron Solutions වෙච්චි අපේම කොම්පැනියේ වැඩ ටික කරගෙන ඉන්නවා. ගන්න
දැනුමින් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන්නත් එපැයි.
බ්ලොග් ලෝකේ නම් ගොඩක්
දෙනෙක් ව්‍යවසායකයෝ! හිරු අක්කා, අභීත අයියා, අයිස් ජෝඩුව මේ මම දන්න කියන දෙතුන්
දෙනෙක්. තමන්ගේම කියලා ව්‍යපාරේක තියෙන වැදගත්කම ඒ අය දන්නවා.
කවුරු කොහොම කිව්වත්
වැඩේ ලේසි නෑ! හිනා වෙන්න නම් කට්ට කන්න ඕනේ මල්ලි...
මෙහෙම කියන් යද්දී මතක්
වෙන්නේ අපේ ත්‍රි වීලර් මල්ලිලා ටික. ඒ අයත් එක අතකින් බැලුවහම තමාගේම මුදල්
ඉපයීමේ මාර්ගයක් හිමි උදවිය. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. සාමාන්‍යන් අර්ධ
නාගරික ප්‍රදේශයක නැත්නම් ගම්බද පලාතක හන්දියක ත්‍රි විලරයක් තියාගෙන ඉන්න අය ඒ
අයගේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවද? මං දැකලා තියෙන විදිහට ඒ අය හයර් නැති වෙලාවට
කරන්නේ ඔහේ පාර දිහා බලාගෙන ඉන්න එක. නැත්නම් කාඩ් පාරක් ගහන එක.
නිකමට හරි මේ spare time එකත් ආදායම් ලබන විදිහක් කරන්න පුළුවන් නම්... තව
සම්තින් එකක් අතේ...
එහෙම කරගෙන ගියොත් ඒ
මල්ලිත් ව්‍යවසායකයෙක්!
හරිම අමාරුවෙන් කියෝ
ගත්තු වචනේ “ව්‍යවසායකත්වය” හිංගලෙන් කිව්වොත් entrepreneurship. විශ්වවිද්‍යාල වල පැය
ගණන් ලෙක්චර් කරලා ඉගැන්නුවත් තරුණ සමුළු අරවා මේවාගේ කොච්චර කතා උනත් ලංකාවේ තරුණ
ව්‍යවසායකයෝ ඉන්නේ හරිම අඩුවෙන්...
සමහර විට සමාජේ තියෙන
පරණ අටු මත මේකට හේතු වෙන්නත් පුළුවන්.
මොනවා මංතුමා කිව්වේ
දැන් ගිහිං පෙට්ටියක් බදාගෙන පාන් බනිස් විකුනපන් කියලා හරි බුලත් විට හදපන් කියලා
හරි නෙවෙයි.
අපි හිතමු.
තමන් හිසට තම
අතමය සෙවනැල්ල කියලා කියනවනේ....
මෙන්න මේවගේ එවුන්ට මගේ ආචාරය!!!
ReplyDeleteඅනිවාර්යෙන්ම අපි ආචාරය පුද කල යුතුයි
Deleteනියම කතාවක්...
ReplyDeleteඒක තමයි කොටන්න හිතුවේ
Deleteකතාව නියමයි , ඇත්තෙන්ම ලංකාවේ සරසවි වලින් රැකියා වෙළඳ පොළ ඉලක්ක කරගත්ත පාඨමාලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්, න්‍යායික දැනුම විතරක් තියෙන උපාධිධාරියෙකුගෙන ආයතනයක් බලාපොරොත්තුවෙන සේවකයෙක් ගොඩනැගෙන්නේ නෑ
ReplyDeleteඔව්. හැබැයි උපාධිධාරියෝ සමහරක් හිතන්නේ එයාල ඔක්කොම දන්නවා කියලා
Deleteකියන්න අමතක වුනා උඹේ පොටෝවේ අද්භූත ත්‍රීවීල් එකක් වැදිලා, ඕක මීට අවුරුදු ගානකට කලින් හදිසි අනතුරකින් විනාශ වෙච්ච එකක්ලු, අහම්බෙන් උඹේ කැමරාවේ සටහන් වෙලා , අම්මෝ බයේ බෑ
ReplyDeleteඅප්පට සිරි! ඒක තමා!!!!
Deleteසිරාවටම නාඩි වැටෙනකම් හිතන්න ඕන කතාවක්. හිත ඇත්නම් පත කුඩාද කිවුවලු.
ReplyDelete//දෙයියන්ගේ පිහිටෙන් නෙවෙයි උගේ දාඩිය වල පිහිටෙන් පවුලක් කාල ඇඳලා ඉන්නවා// +++++++++++++++
හිත ඇත්නම් පත කුඩාද! අන්න කතාව!
Deleteසුපිරි ලිපියක් නාඩියෝ. මෙන්න මේ විදිහට යථාර්ථය පැහැදිළි කරදීම තුළින් කෙනෙකුට පුළුවන් හිතලා හැදෙන්න. 'ව්‍යවසායකශිප්' කියලා කියන්න බැහැ නේ? ආයේ හිතයි සායක සිප් එක ගැන කිව්වා කියලා.
ReplyDeleteබෑ බෑ එහෙම කියන්න බෑ. එතකොට ටිකක් අසභ්‍යයි වගේ! :D
Deleteහ්ම්ම්.... උවමනාවක් තියෙනවනම් මොනවද කරන්න බැරි !
ReplyDeleteමටත් ඔන්න ඕකයි කියන්න ඕනේ උනේ
Deleteඅපිත් එක්ක O/L කරපු අපේම යාලුවෙක් විබාගේ අන්තිම දවසේ එලියට ආවේ මමනම් අයෙත් ඉස්කෝලේ එන්නේ නෑ බන් සුවර් එකටම මම විබාගේ ෆේල් කියාගෙන.... අපි අතරේම හිටපු කෙනෙක් කිව්වා එහෙනම් උබ අර උබලගේ ආච්චිලගේ ගමේ (හම්බන්තොට පැත්තේ) තියෙන ඉරිගු කරල් ටිකක් ගෙනල්ල අපි A/L කරන කාලෙට ඉස්කෝලේ ගේට්ටුව ළඟ තියාගෙන විකුනපන් කියලා.... ඇත්තටම පොර එක කරා මාස 6ක් විතර අපි එපා වෙනකම්ම ඒ කාලේ ඉරිගු කෑවා මාස හයකට පස්සේ පොර අපේ ඉස්කෝලේ විතරක් නෙවි අවට පාසැල් කීපයක් ලංගම කට්ටියදාලා වැඩේ කෙරෙව්වා අවරුදු දෙකක් විතර යනකොට (අපි එතකොටත් ස්ටුඩන්ට්ලා) පාසැල ළඟ වගේම පළාතේ හැම පොලකමත් මිනිහගේ ඉරිගු හා වෙනත් එළවලු වර්ග අවරුදු හතක අටක් විතර යනකොට ලොරිම හතරක හිමිකාරයෙක් ..... කතාව මෙතනින් නවත්තන්නම්
ReplyDeleteඔන්න බලපන් මිනිස්සු නැගිටින හැටි!
Deleteහිතන්න යමක් ඉතිරිකල කතා ටිකක් ... තමන්ගේම ශක්තියෙන් නැගිටින්න හදන නව ව්‍යවසායකයින්ට අපේ උත්තමාචාරය හිමි වෙන්න ඕනේ...
ReplyDeleteඅනිවාර්යෙන්ම! ඒ වගේම අපේ සහයෝගය දෙන්න ඕනේ
Deleteඅඩෝ එල කතාව ඈ, ව්‍යවසායකත්වය ගැන දේශනයක් වගේ :)
ReplyDeleteදේශනයක් නෙවෙයි! පොඩි අයිඩියා ටිකක්
Deleteඅනුන්ට නොබැන තම හැකියාවෙන් වැඩ ගන්න මේ වගේ කොල්ලන්ට කවදාවත් වරදින්නේ නෑ. නාඩියෝ නියම සටහනක් අද දවසට හොදට ගැලපෙන
ReplyDeleteඔව්! උන් කොහොම හරි නැගිටිනවා!!!
Deleteඒක ඇත්ත. පොතේ පතේ දැනුම විතරක් මදි. සමාජය ගැන හොඳ දැනුමක් තියෙන්නේ ඕනේ.
ReplyDeleteස්තුතියි ඈ :)
//සාමාන්‍යන් අර්ධ නාගරික ප්‍රදේශයක නැත්නම් ගම්බද පලාතක හන්දියක ත්‍රි විලරයක් තියාගෙන ඉන්න අය ඒ අයගේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවද? මං දැකලා තියෙන විදිහට ඒ අය හයර් නැති වෙලාවට කරන්නේ ඔහේ පාර දිහා බලාගෙන ඉන්න එක. නැත්නම් කාඩ් පාරක් ගහන එක.//
ReplyDeleteඔන්න බලපං අපේ රටේ වටිනා තරුණ ශ්‍රමය කොච්චරක් වැඩක් නැතුව අහක යනවද.පොඩ්ඩක් මේ ගැන හිතුවද උඹ.
ඒකනේ! මං මේ ටිකේ ඒ ගැන හිත හිතා ඉන්නේ. මොකක් හරි solution එකක් තියෙන්න ඕනේ මේකට!!!
Deleteමේවගේ එවුන්ව අගේ කරන්න ඕන.. නෑ නෑ කියලා කාටවත් කිය කිය නොයිද පුළුවන් දෙයකින් යමක් පටන් ගන්න එක වටිනවා.. සමහර විට ඒක හොද වෙන රස්සාවක් හම්බුවෙනකන් තාවකාලික දෙයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ වගේ ඉස්සරහටම යන ගමනක හොද පියවරක් වේවි..
ReplyDeleteඅනිවාර්යෙන්ම! තබන පොඩි පියවර තමයි ඉස්සරහදි ලොකු ගමනක මුල වෙන්නේ
Deleteසහතික ඇත්ත නාඩියෝ. තව එකක්, ව්‍යවසායකයෙක් වෙන්න රස්සාව අත ඇරල, ඉඩම් උගස් කරල සල්ලි හොයාන, තොවිල් නටල පලවෙනි පියවර තියන්න දෙයක් නෑ. තමන්ගෙ දෛනික වැඩකටයුතු අතරෙ පොඩි ඉඩක් හදාගෙන පොඩ්ඩ පොඩ්ඩ නැගිටින්නයි තියෙන්නෙ.
ReplyDeleteනාඩියාගෙ ව්‍යාපාරයට හදවතින්ම සුභපතනවා! බස්සත් ඔය තාලෙ එකක් පටන් ගත්ත GiltEdge කියල. ජොබ නිසා වැඩේ හෙමින් හෙමින් යන්නෙ. ඒත් තමන්ගෙ දෙයක්, තමන්ට කියල බුලත්විට බිස්නස් එකක් හරි තියේනම් ඕනෙම වෙලාවක කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවනි.
හ්ම්ම්....... කැම්පස් වලින් 'දියව් දියව්" කියාගෙන එලියට බහින ගොඩක් උදවියට මේව කියන එක බීරි අලින්ට වීණා වයනව වගේ වැඩක් නාඩියෝ.
අන්න බස්සාට වැඩේ අගය තේරිලා! ඒකනේ මට දැක්ක දවසෙම තේරුනා අපේ බෝට්ටුවේ කොල්ලෙක් කියලා
Deleteමමත් ආසයි බන් පොඩි බිස්නස් පාරක් කරන්න..එත් හිතාගන්න බැහැ මොන වගේ බිස්නස් එකක්ද අපිට කොරන්න පුළුවන් කියල..
ReplyDeleteමෙහෙමයි උඹට හැකියාවක් තියෙන වගේම උඹ ඉන්න හරි, බිස්නස් එක Locate කරන්න ඉන්න පැත්තේ හරි මාකට් එකක් තියෙන දෙයක් පටන් ගනින්. නැත්නම් උඹ ඒකට දාන සල්ලි සහ කාලය අපරාදේ
Deleteඔබගේ කතාව සම්පුර්ණයෙන්ම හරි. දියව් දියව් කියලා ඉල්ලන්නේ තම නොහැකියාව නිසා. ඔහොම ආකල්ප තියෙන කාලකන්නින්ට ජොබ් දීම තමයි රටට විනේ.
ReplyDeleteසීන් එක ජොබ් වලට ගන්න හරි ආකල්ප තියෙන මිනිස්සු හිඟයි
Deleteඑළ.... උඹලා වගේ උන් තමයි මේ රටට ඕන.. අපි ඔය දේවල් කිව්වාම, අපිව මරාගෙන කන්න එනවා. එහෙම එන අරූ මහත්මයත් මේකේ කොමෙන්ට් එකක් දාලා තියෙන එක ගැන බොහොම සතුටුයි...
ReplyDeleteස්වෝත්සාහයෙන් දියුණු වීම සම්බන්ධව මම කිසිම විරෝධයක් දක්වලා නැහැ කොහේවත්. මොකද අපිත් ස්වෝත්සාහයෙන් බඩ පුරෝගත්තු එවුන් නිසා. අනිත් එක එහෙම කරන්න උත්සාහ කරන එවුන්ට අඩුම ගානේ ලියුම් කඩදාසියකින් හරි උදව් කරලත් තියෙනවා. හැබැයි රට මැකවු දූපතක් කරන කැසිනෝ ආවැඩිල්ලට නම් විරුද්ධව ලියලා තියෙනවා. මොකද එහි බරපතල ආදීනව කියවලා තියෙන නිසා.
Delete@මාතලන් - මෙහෙමයි.. මරාගෙන කන්න එන්නේ ඒකෙ අගය නොදන්නා උන් සහ දහඩිය හෙලන්නේ නැතිවේ හම්බ කරන් කන්න පුරුදු වෙච්චි උන්!
Delete@අරූ - කැසිනෝ විකාරෙට නම් මමත් විරුද්ධයි. මොකෝ කිසිම පාලනයක් නැහැ ඒවගේ. අනිත් එක ගිවිසුම් කිසිම දෙයක් transparent නෑ
වැඩ කරන ජනතාවගෙනුත් කාන්තාවන්ට සිද්ධ වෙන අසාධාරණකම් වැඩියි.
ReplyDeleteආ... එතකොට වැඩ කරන ජනතාවට කාන්තාවෝ අයිති වෙන්නේ නැද්ද?
Deleteඈ බං රුපියල් පහක ලාභයක් තියේද බනිස් එකකින්.. මට දැනං හිටියේ රුපියල් දෙකයි කියල නේ..
ReplyDeleteඒ බං බේකරි කාරයාගෙන් direct බඩු ගත්තහම එන ලාබෙ
Deleteමෙහෙමයි අපේ වුනුත් ගොඩක් හිතන්නේ තියන දේවල් වලට වඩා නැති දේවල් ගැන ඉතින් හුඟක් වුන්ට තමන් ගාවමතියන සම්පත් පෙන්නේ හරි අඩුවෙන් ඇත්තටම ලොකු ආකල්පමය වෙනසක් අවශ්‍යයි අපේ රටට..
ReplyDeleteඅන්න ඒකනේ.. තමගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නෑ
Deleteකැම්පස් වලින් අවුට් වෙන ගොඩක් උං හිතන්නෙ උංට රස්සාවල් දෙන්න ආණ්ඩුව බැඳිල ඉන්නවයි කියලයි. හැබැයි මොළේ තියෙන එකා උපාධිය පැත්තක විසිකරල තමංගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගන්නව.
ReplyDeleteහැබැයි ඔය වගේ ස්වයං ව්‍යාපාර කරන අයට රජය පැත්තෙන්නං කිසිම සහනයක් ලැබෙන්නෙ නෑ. අර බදු, මේ බදු, ලයිට් වතුර බිල් ගෙවනකොට ඒ මිනිස්සුන්ට ඉතුරු වෙන්නෙත් සුළු ලාබයක් විතරයි.
ඔව් බං ස්වයං රැකියාවක් කරන එකෙක්ට ලෝන් කට්ටක් දා ගන්න ගිහාමත් අපා දුකක් විදින්න ඕනේ
Deleteඔබ මුලපුරලා තියෙන්නේ ඉතාම වටිනා කතා බහකට. ඔය ඔන්ටපෘනශිප් නැත්නම් ව්‍යවසායකත්වය කියන එක හැමෝටම නෑ . දැනට හොයාගෙන තියෙන හැටියට ඕනිම සමාජයක සියයට දහයක් පහළවක් තමයි ඔය කියන චරිත ලක්ෂනත් එක්ක උපදින්නේ. ඉතිරි මිනිස්සු කවුරුවත් හදපු ආයතනවල followersලා විදිහට වැඩ කරන්නලු කැමති .එක නිසා විශ්ව විද්‍යාලවලින් පිටවෙන හැමෝම ව්‍යාපාරිකයෝ හෝ තමන්ගේ උත්සාහයෙන් යමක් ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ නෑ . ඒ නිසා කරන්න ඕනි ව්‍යවසායකත්වය පිළිබඳවත් නුතන වෙළඳපල අවශ්යතාත් ගැන පුළුල් අවබෝදයක් තියෙන පිරිසක් විසින් අපේ විශ්ව විද්‍යාලවල සිලබස් කණපිට හරවන එක . එතකොට රුපියල් දහදාහේ පඩියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල තණකොළ උගුල්ලන උපධිදාරියෝ බිහිවෙන එකක් නෑ
ReplyDeleteබීබීසි එකේ ගිය ඩ්‍රැගන්ස් ඩෙන් බලලා ඇතිනේද? ඉස්සර ඉස්කෝලවල් අතරින් තේරුවා නේද බෙස්ට් ඔන්ටපෲනර් කියලා අවුරුද්දකට සැරයක්.
Delete@තිලක සිත - මේකනේ අපේ උපාධිධාරියෝ හරිම අකමැතියි අභියෝග වල මුහුණ දෙන්න. කැමති නිස්කලංකව තියෙන දෙයක් කාල ඉන්න ජොබ් එකකට. සිලබස් විතරක් නෙවෙයි. කැම්පස් ඇතුලේ තියෙන උප සංස්කෘතිය පවා වෙනස් වෙන්න ඕනේ
Delete@අරූ - හොඳ ඔත්තුවක් ටිකක් හොයලා බලන්න ඕනේ. ලංකාවෙත් එහෙම ඒවා තියනවා වැඩිය ප්‍රසිද්ධ නැති උනාට. IT ෆීල්ඩ් එකේ තියෙනවා venture engine කියලා program එකක් එහෙම. MIT එකෙන් කරන එකක් තියනවා global Start ups කියලා entrepreneurs ලාව ඇගයීමට ලක් කරන
ආරූ 'ඩ්‍රැගන්ස් ඩෙන්' මම බලල නෑ . ලංකාවේ චැනල් වලට බෑනේ මේ විදිහේ වැඩසටහන් කරන්න . කඳුළු විකුණන සෝප් ඔපෙරාවලින් විතරයි මිනිස්සුන්ගේ ඔළු පුරවන්ට යන්නේ.
Deleteනාඩියෝ, මම කියන්න්නෙත් සරල සිලබස් වෙනසක් නෙවෙයි උගන්වන දේ සහ ඉගෙන ගන්නා උන් හිතන පතන විදිහත් වෙනස්කරන්න පුළුවන් කොටස් මේ පාඨමාලාවලට එකතු වෙන්න ඕනි
අන්න ඒකයි! නැත්නම් සිලබස් කොච්චර වෙනස් කලත් වැඩක් නෑ
Deleteniyamai nadiyoo umbe kathawa
ReplyDeleteමෙක තෙරුම් කරන්න නම් ලෙසි නැ නාඩියො
ReplyDeleteහැබැයි තේරුම් ගත්තොත් අත අරින්නෙත් නෑ
Delete//හැබැයි ඇත්ත තත්ත්වේ තමයි රජයට හරි පුද්ගලික අංශෙ අයට හරි බෑ ලංකාවේ ඉන්න ඔක්කොම උපාධිධාරියෝ ටිකටයි අනිත් ඔක්කොටමයි රස්සා දෙන්න.// මසුරං කියමන!
ReplyDeleteඒකනේ ඒකනේ
Deleteඋඹ වගේ කැම්පස් යන කොල්ලෙක් මේ විදියට හිතන එකත් සතුටක්. රටක ආර්ථික සමෘද්ධිය කෙරේ බලපානවා මේ වගේ ක්ෂුද්‍ර මට්ටමේ ආර්ථිකය සවිමත් වීම. ඒකට මේ වගේ ව්‍යවසායකත්වයක් අවශ්‍යයි. මම ටික කාලෙකට කලින් දැක්කා කෘෂිකර්ම උපාධිදාරීන් දෙදෙනක් කරගෙන යන ෆාම් එකක්. හොඳ ආදායමක් ලබනවා.
ReplyDeleteඔව්. දැන් දැන් උපාධිධාරීන් මේ පැත්තට යොමු වෙනවා. අහන්නත් සතුටුයි
Deleteඔය සහශ්‍රය ලබන්න කිට්ටුව ලංකාවෙ රැකියා විරහිත උපාධිදාරියො 33000 හිටියා කියලා බොලා අහලා ඇති. දැන් ඒ අගය තියෙන්නෙ කොතනද කියලා මම දන්නෙ නෑ...ඔය 33000 තිබ්බ කාලෙ කරපු සමීක්ෂණයකට අනුව ඒ වෙද්දි පුද්ගලික අංශයේ විතරක් ලක්ෂයකට වඩා රැකියා ඇබෑර්තු තිබුනා. ඉතින් ඇයි ඒ අය මේ උපාධිදාරීන්ට රැකියා දුන්නෙ නැත්තෙ...හේතුව උපාධිය සමත් කියලා කඩදාසි සහතිකයක් තිබුනට ඒ අයට ප්‍රායෝගිකව රැකියාවක් කරන්න දැනුමක් නොමැති වීම.
ReplyDeleteඔය රැකියා විරහිත අති මහත් බහුතරය කලා උපාධි ධාරීන්...වර්තමානය වෙද්දිත් අපේ විශ්ව විද්‍යාල රැකියා වෙළදපොලට ගැලපෙන ලෙස තමන්ගෙ උපාධි වල සංයුතිය හදලා තියෙනවද කියලා උඹලම දන්නවා ඇති නොවැ. සම්මුඛ පරීක්ෂණ වලදි උපාධි ලද අය හැලෙන්නෙ හේතු දෙකක් නිසා. ඉංග්‍රීසි සහ පරිගණක දැනුම...මේ කියන දේවල් නැතුව උපාධි පිට උපාධි ගැහුවත් පුද්ගලික අංශය සේවයට බදවා ගන්න කැමති නෑ...
මම දකින අනිත් කාරණේ තමයි...උපාධියක් ලැබුවට පස්සෙ ඒ අය පොඩි රැකියාවකින් හරි තමන්ගෙ වෘත්තීය ජීවිතේ ආරම්භ කරන්න කැමති නෑ...මම දැන් උපාධිදාරියෙක් කියන අදහසින් හිස ඔදුම්මවාගෙන උසස් තනතුරු පස්සෙම දුවලා අන්තිමට රැකියාක් නොකරම වයසට යනවා...වැඩි දුර ඉගෙනගත්තෙ නැති කෙනා සුලුවට යමක් පටන් අරන්...සමාජය එක්ක ගැටිලා ගොඩාක් දේ ඉගෙන ගෙන සාර්ථකත්වයට පත් වෙනවා...
මේකනේ.. උපාධියක් ගත්ත එකා හිතනවා දැන් හරි මම ඔක්කොම දන්නවා කියලා. ඒකයි කේස් එක.
Deleteරැකියා වෙළඳ පොලට හරියන සිලබස් කින් කියද ඉතිං තියෙන්නේ
නාඩි මලේ, බුලත්විටේ පොටොව දැකලා කටට කෙළත් ඉනුවා බන්. මෙහෙ හරියකට බුලත් විටක් කන්ට විදිහක් නෑ. මම ලංකාවාට යනකොට Airport එකෙන් එළියට ඇවිල්ලා ඉස්සල්ලාම කොරන්නෙ ලඟම තියෙන කඩේකින් බුලත් විටක් ගන්න එක. ඒක කාලා රතුවට කෙළපාරක් ගැහුවාම තමා සිරාවටම දැන් ඉන්නේ ලංකාවේ කියලා හිතෙන්නේ. (කොහොමත් flight එකෙන් බහිද්දි ටිකක් ඔලුව කැරකෙන පාවෙන ගතියක් තමා තියෙන්නෙ, මට විතරද මන්දා).
ReplyDeleteඋඹේ post එක නම් එළ. කොහොමත් තමාට තමාම තමා (අත්ථාහි අත්ථනො නාථො මෙහෙමයි බුද්ධ භාෂිතේ, එහෙනං). අයේ එකෙ කොහොමත් දෙකක් නෑ. අද කට්ට (bone) කෑවොත් හෙට boneless කන්ට පුලුවං. උඹෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!!!
මමත් බ්ලොගක් ලියනවා ඒ පැත්තේ ඇවිල්ලා යන්ට වරෙන් (http://elapataha.blogspot.com/)
flight එකෙන් බහිද්දී තියෙන මාන්දමික ගතියනම් මහම මහා විකාරයක්!!! බුලත් විට වලට මමත් කාලයක් ඇබ්බැහි වෙලා හිටියා! දැන්නම් නැත්තේම නැති තරම්.
Delete// අද කට්ට (bone) කෑවොත් හෙට boneless කන්ට පුලුවං.// මසුරන් කතාව .
බොහොම ස්තුතියි ඈ...
නියම කතාව නාඩි මෙක තෙරෙන උන් ඉන්නවා නම් අපේ රටේ මේ තරම් ගැටලු නෑ ප්‍රශ්ණේ තියෙන්නෙ තමන් ගේ දෙයක් පටන් ගන්න ගොඩක් අය බයයි කඩන් වැටෙයි කියලා,එහෙම අවදානමක් ඕනම දෙයක තියෙනවා,තමන් ගේ දෙයකට මහන්සි වෙලා එකෙන් ලැබෙන තෘප්තිය කියලා වැඩක් නෑ..
ReplyDelete