නාඩි සෙට් එක

Wednesday, January 22, 2014

තනිකම


සීත හිමේ ගොඩක් කල්...
මම බලාගෙන හිටියා...

තනියම?

නෑ...
තනියම නෙවෙයි....
මගේ තනියට හිටියා...
හුළඟ...

නෑ?

ඔව්... හුළඟ හිටියා මුමුණ මුමුණා...

මොනවද?

කාගෙන් කාගෙන් හරි හොරෙන් අහුලා ගත්තු පෙම් පල හිලව්...

ඉතිං....?

නෑ.. මට මොකුත් හිතුනේ නෑ...
මොකෝ මං බලං හිටියා හුඟක් කල්...

තනියම?

නෑ...
තනියම නෙවෙයි
මගේ තනියට හිටියා
අහස....

නෑ?

ඔව්.. අහස හිටියා ගෝරනාඩු කර කර..

ඇයි ඒ?

ලැබුනේ නෑ කියලා සීත හිම ශිඛරේ ලැම තුරුලේ ඉන්නට...

ඉතිං...?

නෑ.. මට මොකුත් හිතුනේ නෑ...
මොකෝ මං බලං හිටියා හුඟක් කල්...

තනියම?

නෑ...
තනියම නෙවෙයි
මගේ තනියට හිටියා
මලක්....

නෑ?

ඔව්...  තිබුනා මලක් මට පේන නොපෙනෙන ඈතක..

ඉතිං...?

නෑ.. මට මොකුත් හිතුනේ නෑ...
මොකෝ මං බලං හිටියා හුඟක් කල්...

තනියම?

නෑ.... මලත් එක්ක....


පහුගිය නාඩියේ තිබිච්ච පින්තුරේ දැකලා සිරා අයියා කියලා තිබ්බා ගොඩක් වෙලා බලාගෙන හිටියා කියලා. මමත් ගොඩක් වෙලා බලාගෙන හිටියා.. ඇස් දෙක බොඳ වෙනකම් ම...


46 comments:

  1. බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ ගීතය මතක් වුණා.

    ReplyDelete
  2. අනේ මන්ද මේ කොල්ලොන්ට හිතෙන ඒවා.. හැක් හැක්. එළ අදහස නාඩියෝ. සිරා පින්තුරේ වෙන මොකක් හරි හෙව්වද මන්ද සත්ගුණවත් උනත් පොට්ට මීටර් එක තාම වැඩ නේහ.

    ReplyDelete
    Replies
    1. මැලේ රාළ කියල තිබ්බා,

      අහිංසකයි රටක් වටියි - විවාහයට කෙනෙක් සොයයි... කියලා.

      Delete
    2. මට මතකයි. සිරාත් ස්වයං ඇප්ලිකේෂන් එකක් දලාතිබුනා ඒත් වැඩක් උනේ නැ

      Delete
    3. මේකට කියන්න තියෙන්නේ බන් ටෝච් එක අතේ තියාගෙන බැට්රි කැලි දිහා බලන් ඉන්නවා කියලා තමයි...... කවදාද දාලා පත්තු කරන්නේ කියලා

      Delete
    4. @දේශකයා : මේකනම් ඇප්ලිකේෂන් එකක් නෙවෙයි!

      Delete
  3. නෙත් හතර මුණගැහුනද? එහෙම වුනානම් අලුත්ම කවියකට ප්‍රස්තූතයක් ...

    ReplyDelete
  4. අඩෝ සින්දු කැලි මතක් වුණා ,නියමයි ...අමුතුම අදහසක් පින්තුරේත් මරු ...

    ReplyDelete
    Replies
    1. එහෙනං සින්දුවක් දෙකක් කියමු

      Delete
  5. මලක් කියන්නෙ තනමල්විල එකක්ද. ඒව එක්කනං බලාගෙන ඉන්න කට්ටිය ඉන්නව ඕනතරං.

    ReplyDelete
  6. ඒ පින්තුරේ කියාගාන්න, හිතාගන්න බැරි මොකක්ද අමුතු දෙයක් කියනවා නාඩි...

    ReplyDelete
  7. හරිම අපුරුයි නාඩි අයියේ.. සිරාවටම කියාගන්න බැරි මොකක්ද එකක් තියෙනවා ඒ පින්තුරේ

    ReplyDelete
    Replies
    1. මට මගේ නොවන මොකක් හරි එකක් වගේද?

      Delete
  8. ඇත්තටම ඒ පින්තූරේ අමුතුම ලස්සනක් තියෙනවා ...

    පින්තූරේ දිහා මමත් හුඟක් වෙලා බලන් හිටියා. ලියපු පද වැල් ටිකත් පින්තූරෙට හරියටම ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බොහොම ස්තුතියි ඈ...

      Delete
  9. ඒ සිතුවිලි රොත්තට මම කැමති

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ රොත්ත අත අරින්න කැමතියි

      Delete
  10. හිතේ අදහස් හිර වෙලා
    මාත් පිංතුරය දිහා බලන් හිටියා හුඟක් වෙලා
    තනියම..
    නෑ තනියට තිබ්බා උඹේ අපුරැ කවියක්
    වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තනියට ඔන්න වැටක්!
      +++++++++++++++++++

      Delete
  11. සීතල වැඩි කමටම ලියවෙලාද මන්ද?අපුරුයි

    ReplyDelete
  12. පොටෝවනම් සුපිරිමයි.. ලස්සන ලොකේෂන් එකක්..

    නිසදැස උපරිමයි.

    ReplyDelete
  13. සොබාදහම එක්ක ඉන්නකොට තනි නෑ නාඩියෝ

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒ තමයි තනිකමට හොඳම ඔසුව

      Delete
  14. පිස්සු හැදෙයි. සුපිරි අදහස මල්ලි. නිකම් කොයිල් වෙලා ගියා...

    ReplyDelete
  15. පින්තූරෙට ලස්සන අදහසක් දාල තියන්නෙ.. මම නම් කොහොමත් ඔහොම පින්තුර වලට මනාපයි.. කොච්චර මනාපද කිව්වොත් රෙසලුෂන් එක ටිකක් හොඳට තියනව නම් ඩවුන්ලෝඩ් කරල බැක්ග්‍රවුන්ඩ් එකටත් දාල තියනව..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මේකනම් ෆෝන් එකෙන් ගත්ත එකක් ඒ නිසා එච්චර resolution හොඳ නෑ

      Delete
  16. අඩේ නියමයි ඈ..

    ReplyDelete
  17. සිරාවටම ලස්සන පින්තුරෙ.එකටම ගැලපෙන කවිය බොල

    ReplyDelete
    Replies
    1. කලාව උපදින්නේ හැමදාමත් සොභාව ධර්මයත් එක්ක..නියම කවියක්.....කියලා වැඩක් නෑ..best of luck. :)

      Delete
  18. ඔව්..ඒකේ හරිම ගුප්ත කලාත්මක බවක් තියෙනවා.......

    ReplyDelete
  19. කලාව හැමදාමත් උපදින්නේ සොභාව ධර්මයයි තනියයි එක්ක.නියම කවියක්..කියලා වැඩක් නෑ..best of luck :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...