නාඩි සෙට් එක

Thursday, December 12, 2013

මනුස්සකම

පහුගිය සිකුරාදා. ඒ කිව්වේ දෙසැම්බර් 6 වෙනිදා මගේ අතිජාත මිත්තර අසීම්, මටයි පොලොස් මාමාටයි එවලා තිබ්බා අපූරු ආරාධනා පත්‍රයක්. සිරස News First, UN Volunteers සමඟ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු V Awards 2013 අවසන් රාත්‍රිය බලන්න එන්න කියලා. Volunteering කියන එක ඔළුවට ගහපු එවුන් වෙච්චි අපිට ආයේ හිත හිතා ඉන්න දෙයක් තිබ්බේ නෑ! එක පයින් එතන! තිබ්බේ සිරස රත්මලාන Stein Studio එකේ.
 
සමහර අය මේ අපූරු වැඩසටහන live බලන්න ඇති එදා සිරසෙන්. මෙහෙමයි.මෙතෙක් කාලෙකට මම රූප පෙට්ටියේ දැකපු වැඩසටහන් වලින් මගේ ඇස් දෙක තෙත් කරන්න පුළුවන් වෙච්චි එකම වැඩසටහන මේක!
අපි මිනිස්සු. ඒ කිව්වේ මනසින් උසස් යැයි කියා ගන්නා ජාතියක්. සමාජ සත්ත්වයෝ වෙච්චි අපි කරන සමහර වැඩ දැක්කහම මනුස්සයෝ කියලා කියා ගන්නත් ලජ්ජා හිතෙනවා. එහෙව් වෙච්චි ලෝකෙක තමන්ගේ ජීවිතය සමාජයේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් කැප කරපු අපේ කාලයේ වීරවරු එකතු කරපු අපූරු උත්සවයක්.

මේ සම්මාන ප්‍රදාන උත්සවයට අයදුම්පත් දහස් ගණනක් අතරින් තේරුණු උදාර සමාජ සේවකයෝ 12 දෙනෙක් අවසන් වටයේ තරඟකරුවන් විදිහට පෙනී සිටියා.



මේ අතරින් වසරේ හොඳම සමාජ සේවකයා විදිහට තේරුනේ බිහිරි ජනතාව වෙනුවෙන් තමන්ගේ කාලය ධනය කැප කරපු ආනන්ද ගුරුගේ මහත්තයා. ඔහුත් ඒ වගේම ආබාධිතයෙක්. තමන් විදිනවා සමාන වූ දුකක් විදින තාමගේම ජනතාව වෙනුවෙන් හැකි විදිහට උදව් කරන්න ඒ අපූරු “මනුස්සයා” ඉදිරිපත් වෙලා තිබ්බා. සම්මානය ලබාගත්තට පස්සේ සංඤ භාෂාවෙන් ඔහු කරපු කතාව අංග කීරි ගැස්සුවා. මුදල් පස්සේ හබාගෙන යන මිනිස්සු වෙච්චි අපිට හිතන්න ගොඩක් දේවල් එතන තිබ්බා. තමන්ගේම රැහේ එකෙක් ලස්සන වේදිකාවක සම්මානයක් ගද්දි එන සතුට ඒ අහිංසක මිනිස්සුන්ගේ ඇස් වලින් දෝරේ ගැලුවා.

ලංකාවේ හරියට youth ගැන කතා කරනවා. ආඩම්බරේකට වගේ යොවුන් පාර්ලිමේන්තුවක් හිටං අපිට තියෙනවනේ. ;) හැබැයි අපේ රටේ වැඩක් කරන්න පුළුවං වෙච්චි youth වෙච්චි අපි සමාජෙට දෙන්නේ මොනවාද කියන එකනං පොඩි ප්‍රශ්නාර්ථයක්! රියලිටි ෂෝ වලින් බිමට බැහැපු හතු පිපෙනවා වගේ එලියට බහින වීරයෝ ඉන්න රටක, වසරේ හොඳම තරුණ සමාජ සේවකයා විදිහට සම්මාන ලබපු අරලියා අබේසේකර තරුණිය නමටම හරියන විදිහට මුළු ලෝකෙටම සුවඳ බෙදන අපූරු චරිතයක්. ඈ මානසික උපදේශිකාවක්.  තමන් ලබා ගත්ත දැනුම සමාජයෙන් කොන් වෙච්චි ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇය කැප කරලා. අපි???

මේ උදාර සමාජ සේවකයෝ අතර හිටි සචින්ද දුලංජන තවත් අපූරු තරුණයෙක්. අපි සමාජයට අයිති නෑ කියලා අත හැරලා දාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කැප වෙච්චි ඔහු ඇත්තටම ධීර තරුණයෙක්. කාඩ්බෝඩ් වීරයෝ පස්සේ යන අපේ තරුණ පරපුරට හොඳ ආදර්ශයක්. අපිත් එක්ක තරුණ සමුළුවට සහභාගී උනා. ඇත්තටම ඔහු “මනුස්සයෙක්”.

මේ කවුරුත් ලක්සෙට කොඩි දාපු ධන කුවේරයෝ නෙවෙයි! නැත්නම් මේ කවුරුත් සුදු නැෂනල් ඇඳගෙන වියලි ආහාර පාර්සල් ටිකක් බෙදලා චන්දේ හිඟා කන තුට්ටු දෙකේ දේශපාලුවෝ නෙවෙයි. මේ හැමෝම අපේ සමාජ පන්තියේ ජිවත් වෙන අපිත් එක්ක හුස්ම ගන්න මිනිස්සු. වෙනස තියෙන්නේ තමන් එක්ක එකට වැටිලා ඉන්න මිනිස්සුන්ගේ නාඩි වැටෙන තාලේ උන් හොයාගෙන. ඒ මිනිස්සුන්ට මොකක් හරි කරන්න ඕනේ කියලා උන්ට හිතිලා. ඒ “මනුස්සකම”.

සමාජ සාධාරණත්වය උදෙසා කියලා කෑ ගහන අපේ කාලයේ “විරවරු” ගොඩක් කරන්නේ තේරෙන්නේ නැති වචන වලින් මොනවාදෝ කියවන එක විතරයි. ලොකු ලොකු තැන් අල්ලන්න කලින් තමන්ගේ වටේ පිටේ එකට හුස්ම ගන්න මිනිස්සු දිහා බලන්නවත් උන් ඉගෙන ගත්තොත්...


සමාජයේ විවිධ අහුමුලු ස්පර්ශ කරමින් මේ උදාරතර මිනිස්සු ගැන නිර්මාණය වෙච්චි ඇස් තෙත් කරවන මේ video ටික බලන්න. අනිවාර්යෙන්ම... මෙගා බයිට් ටිකක් ගියාට කමක් නෑ. අත පය හතර හොඳට තියෙන මිනිස්සු වෙච්චි අපි මොනවාද කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
එතකොට අපි?????


ආ.. තව දෙයක්.... අපිත් මේ පුංචි පහේ සමාජ සත්කාරයක් කරන්න හිතුවා මෙදා සැරේ නත්තලට. අපි එකතු වෙන්නේ කළුතර මාක් ශ්‍රී සරණ නිවාසයට.. උදුවප් මාසේ 28 වෙනිදා. මේ බුකියේ event එක. කැමති කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක යමු හිනා වෙන්න. අපේම සහෘදයොත් එක්ක.

"ජනතාව වෙත ගියෙමි.

ඔවුන් සමඟ ජිවත් වුනෙමි. ඔවුන්ට ආදරය කලෙමි.

ඔවුන් දන්නා තැන සිට පටන් ගත්තෙමි. ඔවුන් සතු දෙය මත ගොඩ නැංවූයෙමි.

මා කලේ එයයි."
දොස්තර ආරියසේන යූ ගමගේ.

64 comments:

  1. සිරසෙන් කරපු මේ වැඩේ වටිනව...ඒ වටිනාකම වැඩිවෙන්නෙ අනිත් මිනිස්සුත් මේව ආදර්ශයට අරගෙන සමාජෙට වැඩක් කලොත් තමයි..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි! බලමු මිනිස්සු කොච්චර motivate වෙයිද කියලා..

      Delete
  2. මේ වගේ වටින ජීවිත අඩුයි අද හොයාගන්නත්.ඇසුරු කරන්න ලැබුන එකම වටිනවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ! කළු නික හොයනවා වගේ වෙලා මේ මිනිස්සු හොයන එක.

      Delete
  3. මේ වාගෙ "මනුස්සයන්" ගැන අහන්න ලැබීමත් වාසනාවක් නාඩි මලේ....

    ReplyDelete
  4. හොද වැඩක් ඒ වගේම මේවගේ ලිපියක් ලිවිම ගැන ස්තුති

    ReplyDelete
  5. මාත් වොලන්ටියරින් කරපු කාලයක් තිබුනා :(

    ReplyDelete
  6. සිරසෙන් වගේම උබත් මේ මිනිස්සු ගැන රටටම කියපු එක මාර වටිනවා.. එල (y)

    ReplyDelete
  7. අපිව දැනුවත් කිරීම ගැන ස්තූතියි. ඇත්තටම අපිත් හරි ආත්මාර්තකාමි වෙලා නේද ?

    ReplyDelete
    Replies
    1. නැත්නම්! හොඳටම ආත්මාර්ථකාමී වෙලා.

      Delete
  8. මේ ගැන ලියපු එක වටිනවා නඬියෝ.. මොකද රටේ කොයි දේවල් ගැන ආරංචි ඉක්මනට පැතිරුනත් මේවා එහෙම නැහැනේ..

    ReplyDelete
  9. උඹෙන් තමා අපි ඉතින් මේ වගේ විස්තරයක් දැනගන්නේ.
    හොද විස්තරාත්මක ලිපියක්.

    ReplyDelete
  10. අරලිය මගේ ඒකකයේ වැඩ කරන්නේ. පහුගිය අවුරුදු දෙක තුල ඇය මා සමග මගේ ඒකකයේ රෝගීන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කලා.

    ReplyDelete
    Replies
    1. මට අහපු ගමන් හිතුනා. මම අහන්න කියලා හිටියේ කොහොමත්!

      Delete
  11. අගනා සටහනක් මලයා... ඒ වගේම ඔබත් දිනෙක මෙවන් සම්මානයකින් පිදුම් ලබන්න සුදුස්සෙක්..

    ReplyDelete
  12. තැනකුයි නාඩියා. මෙහෙම දෙයක් කරන්න හිතෙන එකම ඇති, ඒ වගේම සිරසින් මේ කරපු වැඩේ ගොඩක් වටිනවා. නමුත් ඊළඟට වෙන්නේ මේක හැම නාලිකාවකම කොපි කරලා එකෙන් වෙළඳ වාසි ගන්න හදන එක තමයි , මේකට මාකට් එකක් හදාගන්න දැන් අනිත් එවුන් කොපි ගැහිල්ල පටන් ගනියි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කතාවක්.

      Delete
    2. කොපි කලාට හරියට වැඩේ වෙයිද?

      Delete
  13. හ්ම්ම් අපුරු වගේම ගොඩක් වටිනා වැඩක්...

    ReplyDelete
  14. මමත් එන්නම් පුලුවන් උනොත් :)

    අර ඉවෙන්ට් ලින්ක් එකෙන් යන්නෙ අප් කමින් ඉවෙන්ට්ස් වලට මිසක් ඒ ඉවෙන්ට් එකට නෙමේ.. ඒක හදන්න.. මටත් එවන්න

    ReplyDelete
    Replies
    1. අනිවා වරෙන්! ඔන්න මම උඹට invite කළා.

      Delete
  15. මේ යුඑන් ප්‍රොගෑම් එකට සිරිස පබිලිසිටය නොලැබුනා නං අපි ඒ ගැන ඒ තරං හිතන අය නෙමෙයි. හොද වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඒකයි වැඩේ! අපි බලන්නේ ඕන දෙයක් වැරදි විදිහට බලන්න නේ!

      Delete
  16. මේ වගේ මිනිස්සු ඇත්තටම රටකට වාසනාවක්. ඒ වගේම ඒ මිනිස්සු ගැන රටට හෙළිදරවු කරන්න කාලයක් වෙන් කරන එකත් ඒ වගේම වැදගත් වැඩක්.

    ReplyDelete
  17. බොහොම හොඳයි. මෙවැනි දේ ගැන අහන්නත් සන්තෝසයි.

    ReplyDelete
  18. දැන් ඔන්න බස්නාහිර චන්දෙ ලග ලගම එනව කියල කියනවනෙ.මේ දවස් වල අපේ ගම පළාත් වල මිනිස්සුන්ට දේශපාලනය කරන උදවිය මාර ලව්.බෙහෙත් දෙනව කන්නාඩි දෙනවා පුදුම ආදරයක් අෆ්ෆා..දෙපැත්තෙන්ම හිනා යනව යකෝ..

    ReplyDelete
    Replies
    1. අප්පේ... ඔන්න අපේ කට්ටිය අණ බෙර ගහන සමාජ සේවේ!

      Delete
  19. ඇත්තටම මේ දෙය අප අතරේ බෙදා ගත් ඔබට ඉතාමත් ස්තුතියි

    ReplyDelete
  20. අර සරණ නිවාසය මාක් ශ්‍රී යනුවෙන් නිවැරදි විය යුතුයි මලේ...ඇත්තටම උඹ පොත් කාවෙක් නොවී මෙහෙම සමාජයේ කටයුතු වලට බැහැලා වැඩ කරන එක ගැන සතුටුයි. හැකි නම් මාධ්‍ය ආයතනයකටම සම්බන්ධ වෙන්න බලහං...ජීවිතේ බොහෝ දේ විදින්න පුලුවන් වෙයි එතකොට...බොට ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා. ඔන්න වැරැද්ද හැදුවා. පොත් කාවෙක් වෙලා කාටවත් වැඩක් නෑනේ! බලමු. ඉස්සරහදි එහෙම වෙයිද දන්නේ නෑනේ...

      Delete
  21. මෙවන් මිනිසුන්ට මාගෙ ආචාරය.උබටත් සුභ පතනව

    ReplyDelete
  22. හිමින් සීරුවෙ වීඩියො ටික බලන්නම්..මෙහෙම ඇගයීම් හැම අවුරුද්දෙම වෙනවා.. මෙවර සිරස කිරීමෙන් එය සමාජ්ය තුලට ගිහින් ලොකු වටිනාකමක් ඇතිවෙලා ගොඩක් අය මේ වගේ දේවල් කරන්න පෙළඹෙනවා නම් බහුතරයක් අසරණයන්ගෙ කඳුළු පිසලන්න මෙහෙයක් කරන තනි පුද්ගල උත්සාහයන් එකතු වෙලා ඒ ගොල්ලන්ගෙ ලෝකය එළිය වෙයි. නාඩියා කරන්නෙත් ඒ වගේ හොඳ දෙයක් තමයි..මේ තොරතුරු බෙදා හදා ගැනීමෙන්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙන්න ඕනේ! සමාජය ගැන හිතන මිනිස්සු ඇති වෙනවනම් ප්‍රශ්න ගොඩක් අඩු වෙයි..

      Delete
  23. මමත් සමාජ සේවකයෙක් වෙනවා. :)

    ReplyDelete
  24. මෙවන් මිනිසුන් ඇගයීම වටිනවා.

    ReplyDelete
  25. මම ටීවී බැලිල්ල අත් ඇරලා නිසා මේ ලිපියෙන් තමයි විස්තර දැන ගත්තේ. මේ වගේ දේවල් කරන එක වටිනවා සුපර් ස්ටාර්වලට වැඩිය!

    ReplyDelete
    Replies
    1. මමත් TV බැලිල්ල අත ඇරලා ගොඩක් කල්! අප්පේ සුපර් ස්ටාර්ස් ලා ගොඩක් කාඩ්බෝඩ් වීරයෝ විතරයිනේ!

      Delete
  26. මේ දේවල් පොඩි කාලේ ඉඳලාම කියලා දෙන්න ඕන දේවල් නාඩියෝ.. Charity begins at home.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. පොදී කාලේ පුරුදු උනාම දිගටම කරගෙන යයි.

      Delete
  27. සමාජ සේවය ස්ටේටස් පෙන්නන..ජීව දත්ත පත්‍රකාවෙ කොටසක් වෙච්ච සමාජයක ලක්සෙට කොඩිය දාපු නැති හදවත උණුවෙන මිනිස්සු ඉන්නවි කියල පෙන්නපු නාඩියට ස්තුතිය...මම හැමදාම කියන්නෙ සංවේදී මිනිස්සු දකින්නෙ නෑ බලනව..ඒයාලට ඇහෙන්නෙ නෑ අහනව...එහෙම මිනිස්සු බොහොම සවිඥානිකයි...උඹල අපි දැකල අතෑරලා දාන..ඇහිල අතෑරල දාන දේවල් මේ වගේ මිනිස්සු හදවතේ තැන්පත් කරගෙන...පිළිතුරැ හොයනව..ඉතාමත් වටිනා වැඩක්...

    ReplyDelete
    Replies
    1. //සංවේදී මිනිස්සු දකින්නෙ නෑ බලනව// මසුරන් වටින කතාව බං...

      Delete
  28. තියරිය ටොන් එකකට වඩා ප්‍රැක්ටිකල් අවුන්සෙ වටිනවා කියල කවුදෝ කියල තියෙනවා!!!!!!!!!!!!!!

    ReplyDelete
  29. නාඩියෝ......ඔය ආනන්ද ගුරුගේ මහත්මයා අතින් පෙන්වන සංඥාව මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. අඩේ! ඒකනම් දන්නේ නෑ! බලමු දන්නා කියන කෙනෙක් ඉඳියි ද කියලා....

      Delete
  30. වෙලාවක බලන්න ඕනේ වීඩියෝ ටික...දැන් බැලුවොත් ..

    ඔයා ලියපු ලිපිය අගය කරනවා නාඩි...

    ReplyDelete
  31. මේකනම් හොඳම උත්සවයක්! මෙවැනි උදවියට තමයි සම්මාණ දෙන්න ඕනේ. යහපත් සත්ක්‍රියාවක්!!

    ReplyDelete
  32. සහතික ඇත්ත. අද කාලෙ ඇගයීම් ලැබෙන්නෙ ඒ වගේම වීරයො කියල කිරුලු පළඳින්නෙ බොරුවට කෑගහන මිනිස්සු. එහෙමත් නැතිනම් පාට පාට ඇඟේ උලාගෙන කැමරා ඉස්සරහ ඇඹරෙන මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ පිට ඔපය විතරයි. ඇතුල හිස්. ආත්මාර්ථකාමී කම, උද්දච්චකම හිත් ඇතුලෙ පිරිල. නිහඬව, සමාජයට හිතාගන්නවත් බැරි තරම් සේවය කරන මිනිස්සු, තවත් මනුස්සයකුගෙ දුක නිවන්න තමන්ගෙ ජීවිතේ වටිනා කාලය කැප කරන මිනිස්සු ඇගයීමට ලක්වෙන්නෙ හරිම අඩුවෙන්. ගෑණු ළමයෙක් විදිහට අරලියා කරන සේවය ගැන පුදුම ගෞරවයක් හිතෙනවා. බහුතරයක් තරුණ අය තමන්ගේ ජීවිතේ ගැන විතරක් හිතල අනිත් අයගෙ ජීවිත යකාට ගියත් තමන්ට තමන්ගෙ පවුලෙ අයට හරියනව නම් එච්චරයි කියල හිතන්න පුරුදු වෙලා ඉන්න සමාජයක මේ වගේ අය විරලයි. ගිය පාර වගේම මේ පාරත් මේ උතුම් කාර්ය්‍යයට සහභාගි වෙන්න ඒ වගේම සුලු විදිහට හරි උදවු කරන්න ලැබීම ගැන සතුටුයි. මේ කාර්ය්‍යය ගැන බ්ලොග් අවකාශයෙත් මේ වගේ ඉඩක් ලබා දීම ගැනත් සතුටුයි.

    ReplyDelete
  33. ආ ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕනෙ. මෙයට මාධ්‍ය අනුග්‍රහය දැක්වුයේ සිරස නිව්ස් ෆස්ට්. මේක ප්‍රධාන වශයෙන්ම සංවිධානය කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වේඡ්ඡා සංවිධානය. කිසිදු මුල්‍යමය ප්‍රතිලාභයක් නැතුව මේ වෙනුවෙන් පැය 24ම කැපකරපු එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධානයෙ වැඩකරන විශාල තරුණ පිරිසක් හිටියා. ඒත් ඒ අය හිටියෙ තිරය පිටුපස....

    ReplyDelete
  34. අපිටත් දැනගන්න ලිව්වට තැන්කූ ඈ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...