නාඩි සෙට් එක

Saturday, October 19, 2013

ලංකාවේ IT

Image Source : http://community.telecentre.org/profiles/blogs/year-of-english-amp
කම්පියුටර් නැත්නම් බං job කට්ටක් හොයා ගන්න බෑ බං” ගෙදර ආපු වෙලේ සැලුන් එක පැත්තේ කැරකුනා. අපිත් එක්ක එක පන්තියේ හිටපු ඩයල් එකක්! දැන් ගාමන්ට් එකක සුපවයිසර්! උගේ බජාජ් ඩිස්කවරි බයික් එකේ මාව ගෙදරට ගෙනත් දාන ගමන් කිව්වා. උඹනම් කියයි තෝ සුපවයිසර් වෙලා බයික් එකක් හරි අරගෙන. මෙච්චර කොරලා අපි තාම දුවන්නේ ලක්ෂ 60 රෝද 6 වාහනේ! ඒ ටික කියන්න හිතුනත් අමාරුවෙන් වචන ටික ගිල ගත්තා.
 
OL නැත්නම් AL ඉවර වෙලා ගෙදර එද්දී අත පුරෝලා බාගෙට බාගයක් හම්බවෙන පාට පාට කොළ වල තියෙන්නේ IT ඩිප්ලෝමා... සහතික පත්‍ර කෝස් අරවා මේවා ඉවරයක් නෑ! සති අන්තේ පත්තරේ වැඩියෙන්ම තියෙන්නේ පුද්ගලික උපාධි ආයතන වලින් දෙන IT උපාධි එක එක එව්වා. ඒවා මේවා කොහොම තිබුනත් මේ ලඟදි මම ගිය conference එකක මෙහෙම කතාවක් කිව්වා.

“ලංකාවට විදේශ විනිමය ගේන්න තියෙන ඉතා වැදගත් අංශයක් තමයි තොරතුරු තාක්ෂණ සේවා සැපයීම. නමුත් ප්‍රශ්නය ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් හිඟකම”

කිරි අප්පට බල්ලෝ පැනපි! එතකොට මේ ඔක්කොම IT කරනවා කියපු උන් රට ගිහින්ද මෙච්චර අහේනියක් හැදිලා තියෙන්නේ?

ඔය එක කතාවක්. අනිත් කතාව උනේ 2012 දී. ඒ අවුරුද්දේ තියපු ජන සංගනනේ සංගණන නිලධාරියෙක් විදිහා මංතුමාත් ගමේ ගෙවල් ගානේ ගියා. ඔය පුරවන්න තිබ්බ කොලේ තිබ්බා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව කියලා එකක්! දැන් ඕක මනින්න මොකක් හරි නිර්ණායකයක් ඕනෙනේ. ඒ ගැන අහපුවහම උඩ ඉන්න ඇත්තෝ කිව්වේ “කොම්පිතරයක් on off කරන්න දන්නවනම් ඒකට හරියක් දාන්න” කියලා විතරයි! ඔන්න අපේ රටේ ඒ සාක්ෂරතාවේ මැන්න හැටි!

ඔය අහව් අස්සේ මංතුමා ලෙක්චර් එකක් එහෙම ගානට කට් කොරලා නින්දක් දාන්න උන වෙලාවක කාමරේට කඩන් පාත් උනා අපේ සහෝදර සාත්තර ෆැකල්ටියේ යාලුවෙක්! මිනිහා ඒ පැත්තේ ප්‍රසිද්ධ චරිතේ. පොතක් දෙකක් එහෙමත් ලියලා තියනවා. ඇවිත් කියපි “මචං මේ pen එකේ තියෙන file එක මේ අනිත් pen එකට දාල දියන් බං” මම පුදුම උනා. මෙච්චර පොඩි වැඩක් කරවාගන්න ඇයි මොකෝ මෙහාටම දුවගෙන එන්නේ කියලා...

“නෑ බං අපි ඉතිං ඔය තාක්ෂණ සුකුරුත්තම් දන්නේ නෑනේ බං” ඔන්න ඒ මනුස්සයා නිදහසට කාරණේකුත් කිව්වා.

නාඩියා IMCD සමාජ සත්කාරත් එක්ක එකතු වෙච්චි කොලුවා වෙච්චි මේ ටිකේ ලංකාවේ ඈත ගම් වල තියෙන ඉස්කෝල වලටත් යනවා. පුස්තකාල පොත් දෙන්න වගේ වැඩවලට! ඔහොම ගිය වේලාවකදී ගොඩ උනා මහකනදරාව වම් ඉවුර යාය 1 විද්‍යාලයට. ඒ ඉස්කෝලේ IT සර් මට පෙන්නුවා ඒ ළමයි හඳපු අධ්‍යාපන වැඩසටහන් වගයක්! 7 වසරේ ළමයි! හරිම ඉහල නිර්මාණාත්මක හැකියාවකින් කරපු නිර්මාණ! සමහර ඒවා අපේ සමහර ලෙක්චර්ස් වල presentation වලට වඩා හොඳයි! හැබැයි තියෙන්නේ සීමිත සම්පත් ටිකක්!:D  

ඔන්න ඔහොමයි මං දැකපු විදිහට ලංකාවේ තොරතුරු තාක්ශනේ!

එක පැත්තක ලොකු දියුණුවක් තියෙද්දී අනිත් පැත්තේ මෙලෝ දෙයක් දන්නේ නෑ! රටේ මහජනතාව මොනවා කිව්වත් තොරතුරු තාක්ෂනේ නිසි පල නෙලා ගන්නේ නෑ! කීයෙන් කී දෙනාද තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් train time table එක බලාගන්න පුළුවන් කියලා දන්නේ? (වැරදි එක වෙනම කතාවක්! ;) ) නැත්නම් කීයෙන් කී දෙනාද ඇත්තටම ඕනේ සින්දුවක් internet එකෙන් download කරලා අහන්නේ??

පාසල් යන ළමයි කොච්චර නම් පය ගානක් නිකරුණේ සමාජ ජාල අඩවි වල වැය කරනවද? Internet money කියලා පැය ගණන් net එකේ එල්ලීගෙන ඉන්න වෙලාවේ මොකක් හරි online course එකක් හරි e-book එකක් හරි කියවලා දැනුම කියන දේ හොයාගෙන ඒ ඇසුරෙන් ප්‍රතිලාභ ලබන්න හිතන්නේ කීයෙන් කී දෙනාද?

කොතනද අපිට වැරදුනේ????

අපි කතා කරමු!      

29 comments:

  1. අද්දීයාපනේ කන බුරු පප්පල තුන් කට්ටුවෙන් තමා අහන්න ඕනේ ,
    >>කොතනද අපිට වැරදුනේ???? <<
    කියල...

    ReplyDelete
    Replies
    1. ඒ පප්පලා දන්නේ ඉතිං ඕවාට කමිටු වාර්තා හදන්න විතරයි!

      Delete
  2. අපිට වැරදුනේ බං ඕවා ගැන නොදන්න ඔලමොට්ටලයෝ මුල් පුටු වල වාඩි කරවපු එකෙන් තමා. දෙකක් නැහැ..

    ReplyDelete
    Replies
    1. උන් මුල් පුටු වලින් නැගිටින්නේ නැති එකනේ අනිත් වැඩේ!

      Delete
  3. ලංකාවෙ මෝඩ හරක් වැඩි වෙන තරමට ඔය ලොක්කන්ට වාසියි, ඒකයි ඔය....
    දැන් පඳුරකට පයින් ගැහුවත් සොෆ්ටෙයා ඉන්ජො විසික් වෙන ලයින් එකක් තියෙන්නෙ. ඒත් ඇත්තටම උන්ට වැඩක් කරගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්ණයක්.. මමත් ප්‍රයිවෙට් තමයි කරන්නෙ. ඒත් අපේ උනත් මැශිමක් ෆෝමැට් කරගන්න බැරි උන් ඕන තරම් ඉන්නවා. ඒත් පේපර් වලට A+ තියෙනව. ඕකුන්ට ඩිස්ටෙන්ශන් එකත් එක්ක ඩිප්ලෝම අරන් කම්පැනි වලට ගියාට අඩුම ගානෙ C++ project එකක්වත් කරගන්න බෑ..

    මට හිතෙන්නෙ ප්‍රධානම අවුල තමයි (රජයේ හා පෞද්ගලික) කැම්පස් ඔක්කොගෙම ගිරව මෙතඩ් එකට මූලික තැනක් දෙන එක, ප්‍රැක්ටිකල් පැත්ත බලන්නෙම නැති තරම්. අන්තිමට එන්නෙ දැනුම විතරක් තියෙන ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි උන් ටිකක්...

    ReplyDelete
    Replies
    1. ඒත් කම්පනි එකකට ගනිද්දි වැඩ පුලුවන්ද බැරිද කියලා බලනවා නේද සාමාන්‍යෙයන්. මම දැන් වැඩ කරන සහ කලින් වැඩ කරපු තැන් හැම එකකම වගේ code එකක් එක්ක සෙල්ලමක් දාන්න දුන්නට පස්සෙ තමා වැඩට ගත්තේ.

      Delete
    2. ඔව්.. මං කියන්නෙ මෙහෙම උන් ඩිග්‍රිය අරන් ගියාට පස්සෙ ඉනර්විව් වලදි නාගන්නවා. එතකොට අදාල ඉන්ස්ටියුට් එකත් ඉවරයි

      Delete
  4. අපේ අක්කත් කම්පියුටර් කෝස් එකක් කරා. ඉවර වෙලා සහතිකෙත් අරගෙන පස්සේ දවසක මගෙන් අහනවා මල්ලි කම්පියුටර් එකට සී.ඩි. එක දාන්නේ කොහෙන්ද කියලා. ඔන්න ඔහොමයි සමහර කම්පියුටර් ක්ලාස්.

    ReplyDelete
  5. වැරැද්ද තියෙන්නේ කොහෙද කියල හිතාගන්න බැ.. ඒත් අපේ එඋන් දකින දකින හැම මගුලම පස්සේ යන්න පුරුදු වෙලා නේ ඉන්නේ. ඕක සිංහලයගේ වැරැද්ද... හදාගන්න එක අපේ යුතුකම.එහා ගෙදර එකා මොකක් හරි කොළඹ course එකක් කරනවා නං මේ ගෙදර එකටත් ඕනේ ඊට වඩා ලොකු ගණක එකක් කරන්න... තමන්ට ගැලපෙනවද, පුළුවන් ද කියල බලන්නේ නෑ.
    අනික තමයි සල්ලි සුරගෙන කන කොම්පීතර class... ඕවගේ ඉන්න කට්ටිය ගැන දන්නවනේ.. උගන්නන්නේ මොනවද කියල එයාල දන්නෙත් නෑ... මට මේ ලදී හම්බුනා ලගදි මහා උසස් විදිහට පටන් ගත්ත කැම්පස් එකක multimedia course එකක් කරන පොරක්. මෑන් කියනවා, පොරගේ ෆයිනල් එකට දෙන්න තිබ්බේ පොඩි කාටුන් කැල්ලක් හදල ලු. ඔන්න ඔහොමයි සමහර තැන් වල උපාධි දෙන්නේ.. ඔහොම අය වැඩකරන කොට ලෝකේ අනිත් පැත්තේ එවුන් අපිට උන්ගේ අනිත් පැත්තෙන් හිනාවෙනවා...
    කාට කියන්නද මේවා!!

    ReplyDelete
  6. ඔතන වැරැද්ද තියෙන්නෙ බං උවමනාවක් නැති කම කාලේ කන එකේ කික් එක දන්නේ කාලේ කන උන්

    ReplyDelete
  7. ඕකට ප්‍රධානම හේතුවක් විදියට මං නං දකින්නෙ ඔය කෝස්වල තියරි ටික විතරක් දැනගෙන එතනින් එහාට මෙලෝ දෙයක් නෑ කියල හිතාගෙන පරිගණක පාවිච්චි කරන මානසිකත්වයක් ඇති අය කියලයි. නාඩිය කියල තියෙනව වගේ ගම්වල ඉන්න ළමයින්ට මොනව හරි හිතල බලල කරන්න වෙලාවක් තියෙන නිසා ඒ ළමයි ඒකෙන් ප්‍රයෝජන අරගෙන මොනවහරි අලුත් දෙයක් කරන්න බලනව. හැබැයි ඒකට අතදෙන්න ඒ වගේම ගුරු‍වරයෙක් ලැබෙන්නත් ඕන.
    මේ පැත්තෙ කොම්පියුටර් විකුණන්න තියෙන කඩ දෙකෙන්ම අරං යන ඒව හතරක් පහක්වත් දවසකට ආපහු අරගෙන එනව. සමහරවිට පොඩි සොෆ්ට්වෙයා කේස් තියෙන ඒව. ඇයි අරගෙන යන උංට බැරි ඕන දෙයක් වෙද්දෙං කියල ඕක ෆෝමැට් කරල අලුතෙන් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල බලන්න.

    ReplyDelete
  8. ඇත්ත නාඩියා. අපිත් කෝස් කොලාට ගෙදර තිබුන කොම්පීටර් කට්ට අත පත ගාල උගෙන ගත්ත තරම් දෙයක් වත් ඒවයෙන් ඉගැන්නුවෙ නෑ. ඔය විච්චූරන කෝස් නම් සත පහකට වැඩක් නෑ.

    ReplyDelete
  9. සහතික ඇත්ත නාඩි මලේ. මගේ යාලුවෙක් ඉන්නවා කැම්පස් එකේ, පොර අර කොළඹ කොම්පීතර් ඉස්කෝලෙන් දෙන බාහිර උපාධියත් ඉවර වෙන්න ඔන්න මෙන්න කාලෙ තමයි මම බ්ලොග පටන් ගත්තෙ. මූ දවසක් මගෙන් අහනවා මොකද්ද මචෝ බ්ලොග් කියන්නෙ කියලා.... ගිය සතියෙ පොරට ජොබක් නෑ කියල හූල්ලන නිසා මම කිවුවා නිකං ඉන්න එකේ ෆ්‍රී ලාන්ස් පාරක් දාපන්කො කියලා. බලාගෙන යද්දි මූ ඒක අහල තියෙන්නෙත් එදාමයි. මොනාද එහෙනම් ලැපට එබීගෙන කොරන්නෙ ඇහුවාම කියාපි ෆිල්ම් බලනවා, එෆ්.බී. යනවා තමයි ලු.

    බ්ලොග් එකේ කමෙන්ට් කරන්න නම් එෆ්.බී. කමෙන්ට් පෙට්ටියක් එල්ලන්න කිය කියා වද දෙනවා කැම්පස් ගිය ගොඩක් උන්. ඇත්තටම අයි.ටී. දැනුම ගන්න බෑ තියරි ගිරවා දැම්මට. A++ නම් ගනීවි ඉතින්. මම කවදාවත් මේක විෂයක් විදියට හදාරලා නෑ. සේරම ගොඩ දා ගත්තෙ වීඩියෝ ටියුටෝරියල් බලලා, ඒවායෙ තියෙන ඒවා ලැප් කටුවෙන් කරලා බලලාම තමයි.

    ඒත් ඔයා කියනවා වගේ දැන් සමරහ පොඩි උන් ඉන්නවා මාර දියුණුයි ඒ අතින්. උන් කරන්නෙත් අර සීමිත සම්පත් වලට තමන්ගේ අසීමිත නිර්මාණ හැකියාව කලවම් කරලා වැඩ කරන එකයි. එහෙම එකා තමයි නියම වැඩ කාරයා.

    ඔය මොන කෝස් කලත්. මොන සහතික තිබුනත්, පැන්සලකින් කුරුටු මිනිහෙක් අඳින්න බැරි එකාට සාර්ථක ග්‍රැෆික් නිමාණ ශිල්පියෙක් වෙන්න අමාරුයි. කොයි දේත් ඇඟේ තියෙන්න ඕනෙ. පොත් වල පිටු දිය කරලා පෙවුවට පරිඝණක සාක්ෂරතාවය ලැබෙන්නෙ නෑ.

    කාලීන මාතෘකාවක් සංවාදයට බඳුන් කරනවාට ස්තූතියි නාඩියා. වැදගත් ලිපියක්.

    ReplyDelete
  10. අනුන්ගේ පැත්තට එක ඇගිල්ලක් දික් කරනකොට තමන්ගේ පැත්තට තව හතරක් හැරවිලා තියෙන බව දන්නේ බොහොම ටික දෙනයි රටක් වෙනස් කරන්න කලින් තමන් වෙනස් උනොත් නිකන්ම රට වෙනස් වෙනවා .... ලංකාවෙන් හොදම IT වැඩ්ඩො බිහිවෙලා තියෙන්නේ ක්‍රමයේ මොන වැරැද්ද තිබ්බත් තමන්ගේ මහන්සියෙන්, උවමනාවෙන් update වෙච්ච නිසාමයි..... වැල්වටාරම් ගොඩක් කියාගෙන ආවේ තමන්ගේ හිසට තම අතමය සේවනල්ල කියලා හිතාගෙන වැඩකරන අයට ක්‍රමයේ මොන වැරැද්ද තිබුනත් යන්න ඕන උඩටම යනඑක ලොකු ගේමක් නෙවිය කියල කියන්නයි

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++
      මම දන්න සොෆ්ටෙයා ඉන්ජෙක් ඉන්නවා. සේරම ඉගෙනගත්තෙ තමන්ගෙ මහන්සියෙන්. ඒත් ඩිග්‍රිය ඉලෙක්ට්‍රොනික්ස්. තවම අවුරුදු විසිපහයි ඒත් සොෆ්ටෙයා ඉන්ජන්ට විසිටින් ලෙක්චර් කොරන්න පවා ගියා උන්දෑ නම්. මට එයා හින්දාමයි තේරුං ගියේ හැකියාව කියන එක සහතික කොළ වල ලියලා අතට ගන්න ඕනෙ එකක් නෙමෙයි කියන එක.

      Delete
  11. ඔය දේවල් වගේම මචෝ සමහර IT කරන එවුන්ම කියනවා අපිට ඉතින් ලේක්ච්ර්ස්ලා නෑ මේවා තෙර්න්නේ නෑ අනන් මනං ඉන්ටනෙට් එකේ මගුල් බලන එවුන් දන්නේ නෑ එකෙන් ඉගන ගන්නත් පුළුවන් කියලා..
    තව අපි මොන පම්පෝරි ගැහුවත් ලංකාවේ පොත් පත් නැති ඉස්කෝලත් එමටයි .. ඉතින් මේ හැමදේම අඩුපාඩු දැක දැක අපි ලෝකෙට පම්පෝරි ගහනවා.. නියම හැකියාවන් තියන වුන් ගොඩයි ඒත් වුන්ට බඩු නෑ.. නිසි පිළිවෙලකට මේ ටික ගොඩ දා ගත්තොත් IT වලින් ලෝකෙම හොල්ලන්න බැරි කමකුත් නෑ..

    ReplyDelete
  12. කොච්චර කෝස් කළත් වැඩක් නෑ ප්‍රායෝගික දැනුම නැත්නම්..
    අනික බොහෝ දෙනා අමතක කරපු දෙයක් තමයි පරිගණක නිපදවුවෙ අපේ පහසුවට මිසක් අපිව බය කරන්න නොවන වග.

    ReplyDelete
  13. මට නම් නාඩියෝ ඔය සාස්තරේ ගැන ලොකු දැණුමක් නැහැ. අපේ රටේ අවුලට මුල.... ක්‍රම සම්පාදනය අවුල්.....සැලසුම් ක්‍රියාත්මක කිරීම අවුල්......

    ඊයේ පෙරේදා අයිටී විතරක් නෙමේ එදා ඉඳන් තියෙන සිලෝන් ටී වලට තියෙන අවුල බලපන්.

    ReplyDelete
  14. අපේ ඉතින් සිස්ටම් එකේ හැටියට ගොඩක් තැන් වල වැරදි තමයි..

    ReplyDelete
  15. //එක පැත්තක ලොකු දියුණුවක් තියෙද්දී අනිත් පැත්තේ මෙලෝ දෙයක් දන්නේ නෑ! // මේ කතාව නම් සහතික ඇත්ත. මෙතෙන්ට විතරක් නෙමේ හැම තැනට ම මේක අදාළ යි.

    ReplyDelete
  16. පරිගණක සාක්ෂරතාවය විතරක් නෙවෙයි නාඩි මලේ , අපේ රටේ සාක්ෂරතාව මනින්නේත් ඔහොම තමයි,තමන්ගේ නම ලියාගන්න පුළුවන් වීම. ඉතින් යමක් කියවාතෙරුම් ගැනීමේ හැකියාව ගොඩ දෙනෙකුට නෑ

    ReplyDelete
  17. අඩේ එහෙම බැලුවම මාත් පොරක් තමයි!

    ReplyDelete
  18. පරිගනකය කියන්නේ මෙවලමක්..ඒ මෙවලම තමන් නියැලෙන ක්ෂේත්‍රයට හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නෙ නැතුව පරිගනක විතරක්ම ඉගෙන ගන්න එකේ අවුලක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ...අද බහුතරයක් පරිගනක දන්නවා..අනිත්වා දන්නෙ නෑ..

    ReplyDelete
  19. අපිට වැරදිලා තියෙන්නෙ අපේ පාලකයන්ට නිසි දැක්මක් නෑ...අලුතෙන් පත්වෙන අධ්‍යාපන ඇමතිට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තමයි අපි හැමදාමත් අත් වින්දෙ...ඊළගට එන එකා තමන්ට රිසි විදියට ඒක වෙනස් කරනවා...නැත්නම් අධ්‍යාපන ඇමතිකම වගේ භාරදූර තනතුරකට මෙලෝ සුදුසුකමක් නැති ගොනෙක් පත් කරනවා...ඉතිං මෙහෙම තත්වයක් යටතේ සාධනීය වෙනසක් කොහොම බලාපොරොත්තු වෙන්නද බං...

    ReplyDelete
  20. ඔය තත්වේ IT විතරක් නෙවෙයි හැම තැනම තියෙන දෙයක් බන්. අපි බොරුවට කුණු කන්දල් වලින් ඔලු පුරෝගන්නවා විතරයි, වැඩක් ඇති දෙයක් ඉගෙන ගන්නේ නෑ. අපේම කැම්පස් වල ඉගැන්නිලි දිහා බැලුවා නම් යසට පෙනේවි. අපේ ලෙචෙක් හිටියා, මිනිහා 2008දි අපිට ගෙනල්ලා දාපු OHP presentation මම හිතන විදිහට 1995 විතර හදපුවා. ඔන්න කෙලිය...

    වැඩ අස්සේ එන්නේ බන්. නිතර එන්න වෙන්නේ නැති එකට සමාවෙයන්...

    ReplyDelete
  21. //ඒ ගැන අහපුවහම උඩ ඉන්න ඇත්තෝ කිව්වේ “කොම්පිතරයක් on off කරන්න දන්නවනම් ඒකට හරියක් දාන්න” කියලා විතරයි! ඔන්න අපේ රටේ ඒ සාක්ෂරතාවේ මැන්න හැටි!//

    අපේ ගෙවල් අහල පහල ගෙවල් ගැන පුංචි සමීක්ෂනයක්

    1
    රජයේ සේවකයන් තිදෙනෙක් සිටින නිවසකි දන්නා තරමට ලැපක් සහ කොමෙක් ඇත වැඩක් ගන්නා පාටක් නැත. ඒ කොල්ලයි කෙල්ලයි බුකියේ නං ඉන්නවාය

    2
    මධයම ප්‍රමාණයේ විය්‍යපාරක් හිමියෙකුගේ නිවසකි 20ක් 25ක් සේවකයන් හිටියට ලිය කියවිලි ඔක්කොම අතිං පයින් තමා . මොවා හරි වැඩක් කරගන්නට කමියුනිකේෂන . සයිබර් කැෆේ , ටයිප් සෙටින්ග් වන්දනාවේ යෙදෙනවාය

    3
    කාර්මිකයෙකුගේ නිවසකි. රට ඉන්න පුතාට ස්කයිප් කොල් ගන්නවා පමනි

    4
    කොල්ලන් හතරක් සහ එක කෙල්ලක සිටින නිවසකි. බුකියට ගොඩවීම . ගේම් ගැසීම , සින්දු ඇසීම , කුණුහාරප බැලීම

    4
    රජයේ සේවකයෙකුගේ නිවසකි . එක පුතෙක් සීටී . ලක්සයකට කිට්ටු මුදලකට මාස දොලහකින් ගෙවීමට ගත්
    කොම්පීතරය , රෙද්දක් දමා සාලය කොනක වසා ඇත , පරිස්සං කරන්න ඕනලු , කොල්ලා කඩලා දායි කියලා තමයි ගෙදරගෑනු මනුස්සයා කියන්නේ

    6
    රස්සා කරන කෙල්ලෝ දෙන්නයි ඉස්කෝලේ කෙල්ලෝ දෙන්නයි ඉන්න ගෙදරක් . කොම්පියුටරයක් ගත්තෝතින් කෙල්ලං නරක් වෙනවා යැයි කියලා අරගන්නේ නැත

    ඔන්න පරිඇටයේ සාක්ෂරතාවය

    ReplyDelete
  22. අපේ රටේ අයට දැනුම පිපාසාවක් නැත. තිබෙන්නේ ගොසිප් පිපාසාවකි. අන්තර්ජාලය නිසා සාක්ෂරතාව වැඩි වුණත්, පරිගණක ක්ෂේත්‍රයේ දැනුම සොයා යන්නන් අඩු වී ඇත. මා BCS සඳහා එක විෂයක් අන්තර්ජාලයෙන් ලබා ගත් තොරතුරු වලින් ගොඩ දා ගෙන ඇත්තෙමි. ඒ මෙතරම් අන්තර්ජාලය වේගවත් කාලයක නොවේ. උවමනාව ඇත්නම් ක්‍රමයක්ද ඇත(If there's a will, there's a way). අද සමාජ ජාලා දැනුමට සමාජ රෝග බවට පත් වී ඇත. අප පවා වැඩි වෙලාවක් ගත කරන්නේ මේ ගොසිප් ලෝකය තුල නේද ? ලංකාව තුල ඕනෑම අපචාරයක් පැතිරී යන්නට කාලයක් ගත නොවන බව සමීක්ෂණ වලින් සොයාගෙන ඇත. හොඳම උදාහරණ ෆොටෝ කමෙන්ට්. දැන් ඒක පුදුම විදියට පට්ට ගහනවනේ. රටේ ඉහළ ඉන්න අයට බැනීමෙන් පලක් නැත. ඔවුන් ෆේස්බුක් තහනම් කළානම් රජයක් පෙරළන්නට හේතුව එය විය හැක. හොඳ දේ ග්‍රහණය කර ගන්නවා අඩුකම අපේ රටට තිබෙන හෙණයයි. දෙදෙනෙක් හමු වූ විට IT පිලිබඳ කතා ඇසෙන්නේ කලාතුරකිනි. දැනුම ඇති අය පිටරට රැකියා වලට යෑම නතර කල නොහැක.

    ReplyDelete
  23. මම අටම්පහුර සහෝදරයගෙ පැහැදිලි කිරීම ඉහළින්ම පිළිගන්නව විශේෂයෙන් කොළඹට තදාසන්න නොවන පොඩ්ඩක් ඈතට වෙච්ච ගම් පළාතක ජිවත් වන මට, අටම්පහුර කියන ජාතියෙ පුද්ගලයෝ බොහොමයක් මුණගැහිල තියෙනව...අපේ පළාතෙ හුගක් ගෙවල් වලට ඉන්ටර්නේට් කියන්නෙ කුණුහරැපයක්, ගෙදර නෝන මහත්තය කියන්නෙ ‘‘අරන් දෙන්නේ එහෙම නෑ ළමයි නරක් වෙනවා‘‘ එහෙමත් නැත්නම් ‘ඔය කොම්පියුටරයක් ඔනෙ නම් අරන් දෙන් හැබැයි සාලෙන් තියන්න ඕනෙ‘ කියල...එයාල හිතන්නෙ ටෙලිවිෂන් එක වගේ මුළු පවුලටම රස විදින්න පුළුවන් ජාතියෙ මෙගා ටෙලි නාට්‍ය පෙන්නන මෙව්ව එකක් විදිහට කොම්පියුටරේ පාවිච්චි කරන්න ඔනෙ කියන එක....විශේෂයෙන් තොරතුරැ තාඣෂණ දැනුම අනාගත ලෝකයට කොච්චර වටිනවද කියන එක ඈත පළාත්වලට වටහල දෙන ආකාරයෙ වැඩසටහනක් තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. මම තමයි අපේ පැත්ත පළාතටම කොම්පියුටර් එකක් ගෙනාවෙ....ඕක ගෙනාව දවසෙ ඉදන් හොරාට ගෑණියෙක් ගෙනාව ගානට ගමේ තැන් තැන් වල කසු කුසු ගාන්න පටන් ගත්ත...යල් පැන ගිය අදහස් තියෙන දියවෙමින් යන අපේ පහුගිය පරම්පරාවල සමහර පුරැක් නැති වෙනකම් තොරතුරැ තාඣෂණය විතරක් නෙමේ...අලුත් ලෝකයෙ ප්‍රවණාත ලංකාවට අරන් එන එක නම් හරිම අපහසු වැඩක්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...