Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු
පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන්
අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න
පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!
2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය
නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ
අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පාසල්
වලට...
පොත් 10,000 ක් අරගෙන ඉස්කෝල 12ක නංගිලා මල්ලිලා
බලන්න යන මේ ගමනේදී අපිට යෝධ හයියක් උනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 4 වෙනි සන්නාහ
සන්නද්ධ රෙජිමේන්තුවේ මේජර් මැක්සිවෙල් මහත්තයා ඇතුළු අපේ යුධ හමුදා සහෝදර පිරිස..
“නලීන් අයියේ....”
“ඔව්...කතා කරනවා....”
“අයියේ..මම නාඩියා...මට පොඩි උදව්වක් ඕනේ...”
ඒ විදිහට පුංචි දුරකථන ඇමතුමකින් සමකය වටේ නලීන්
අයියා අපිට ලොකු උදව්වක් දුන්නා.. දිනය මාර්තු මාසේ 15 වෙනිදා.... මෙන්න දිනමිණ
පත්තරේ විස්තරේ...
13 රෑ පොත් ඔක්කොම ලොරියක පටවාගෙන මරදානේ ඉස්ටේසමට
ආපු වෙලාවේ ඉඳන් අපේ කට්ටිය නොසෑහෙන්න මහන්සි උනා. කිලෝ අටසිය ගානක් අපි දහ පහළොස්
දෙනෙක් අතින් එහා මෙහා අදිද්දී වැටුණු දහදිය බින්දු පැණි රස උනේ ඒ පොත් අතට ගත්ත
අහිංසක නංගිලා මල්ලිලාගේ සතුටු සිනා නිසා...
මොරවැව දකුණ සිංහල විද්‍යාලය, මහදිවුල්වැව විද්‍යාලය,
ත්‍රිකුණාමලය කාන්තා විද්‍යාලය, ශ්‍රී සිධාර්ථ විද්‍යාලය, රොටවැව මුස්ලිම් විද්‍යාලය,
ශ්‍රී මිහිදුපුර විද්‍යාලය, කිවුල්කඩ මහා විද්‍යාලය, අවිනගර් දෙමළ විද්‍යාලය,
ගෝමරන්කඩවල මහා විද්‍යාලය ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් වලට අපි මේ පොත් 10,000 බෙදා දුන්නා .
ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජෙනරාල් T.T.R
ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි’මලේ
චීන වරාය නාලන්දා විද්‍යාලේ තිබිච්ච උත්සවේ සාර්ථක කරගන්න අපිට ගොඩක් කට්ටිය උදව්
කළා..ලංකාවේ විතරක් නෙවෙයි..මහ සයුරින් එහා ඉන්න තෙත් හදවත් තියෙන ශ්‍රී ලාංකිකයෝ
විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු උනා. ඒ හැමෝටම බොහොම ස්තුතියි!
කියවලා ඉවර වෙලා පොත් රාක්කේ කොනක තියෙන පොතක්
හරි...අලුත්ම පොතක් හරි අපේම සහෝදරයෙක්ට පරිත්‍යාග කරමු...
තවත් විස්තර ඕනෙනම් 071-6663282 න් උපුල් හරි 071-6312367
නාඩියාට හරි කතා කරන්නකෝ....
මේ අහිංසක මල් කැකුළු හිනා වෙන්නේ ඔයාලා දීපු
පොත් නිසා.... එන්න අපි එකතු වෙමු.... මල් කැකුලකට පාට දෙමු......
විශිෂ්ටයි නාඩි!! එනවා කියල නෑවිත් පොල්ල තිබ්බට දාස් වාරයක් සමාවෙන්න ඕනේ.. හදිසි වැඩක් නිසයි එහෙම වුණේ!
ReplyDeleteලබන පාර අනිවාර්යෙන්ම වරෙන්!
Deleteමමත් දෙන්නම් පොත්. මීළඟ වතාවට.
ReplyDeleteබොහොම ස්තුතියි අයියේ...
Deleteඅනිවාර්යයෙන් යන්න කිට්ටු කරලා කියපන්. මම නම් කිසිම පොතක් තියා ගන්නෙ නෑ. කියවලා දීලා දානවා. ඒත් කඩෙන් හරි අරගෙන දෙන්නම්.
ReplyDeleteමාතලන් අයියේ..උඹ කතා කරපු එක ලොකු හයියක්! අපි එකතු වෙමු!
Deleteබොහොම හොඳයි, ඊළඟ සැරේ බලමු.
ReplyDeleteඅනිවාර්යෙන්ම!
Deleteගිය පාර නම් පොත් දුන්නා.මේ පාර දෙන්න බැරි වුනා.ඊළඟ පාරවත් volunteer කෙනෙක් වෙන්න ඕනි මේකේ. :)
ReplyDeleteඒක තමා! අනිවා volunteer කෙනෙක් විදිහට සෙට් වෙන්න ඈ!
Deleteමම ගිය මාසෙ ගත්ත පොත් හතරක්. ඒකෙන් දෙකක් කියවල ඉවරයි. අනික තව ගෙදරත් පොත් කීපයක් ඇති. බුකියෙ සෙට් වෙමු. සප් එකක් දෙමි.
ReplyDeleteපලි- මචං අර උමා කෙල්ලත් මේකට සැට් වුනා නේද ?
නැතුව නැතුව..මමත් ගියා..ෂහ්..කියල වැඩක් නෑ සෑම්..වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක්...
Deleteඅනිවා සෙට් වෙමු සැමෝ! මේ මෙතන සින්දු කියන්න උම්මා දෙන්න බෑ හරිය! ;)
Deleteඋමා අක්කා - කොහොම අතමක කරන්නද නේද ඈ!!!!
නාඩි අයියේ ඔන්න ඔය පාර අපි දිගටම support එක දෙනවා හොඳේ... :)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්..බොහොම ස්තුතියි මේ සැරේ කරපු උදව් වලට...දිගටම අපි එකතු වෙලා වැඩ කරමු...
DeleteThe best experience I had in life is joining Needy Readers. Trinco event was highly successful and it was amazing to see how hyped were the children to when they saw us. There own ayyala and akkala trying their best to give some thing back to the society.
ReplyDeleteThe best experience I had in life is joining Needy Readers. Trinco event was highly successful and it was amazing to see how hyped were the children to when they saw us. There own ayyala and akkala trying their best to give some thing back to the society.
ReplyDeleteSure machan! It's the best experience I ever had in my life too!
Deleteවිය යුතු දේවල්. නියමයි (Y)
ReplyDelete:) බොහොම ස්තුතියි!
Deleteමේ වැඩේනම් ලොවෙත් පට්ටයි..
ReplyDeleteඋදව්වක් ඕනි නම් බුකියෙන් හරි කියපන්...
එලස්! Needy Readers page එක පොඩ්ඩක් බලපන්... :)
Deleteමල්ලි මම හිතන්නෙ ඔයාලම වෙන්න ඇති අර පොත් ප්‍රදර්ශනයේ දිත් පොත් එකතු කලේ? මම ඒ වෙලාවෙනම් පොත් 2ක් අරන් දුන්නා.. ලංකාවෙනම් පොත් තියනවා බලමු ලබාදෙන්න විදිහක් තිබේනම් මම අනිවාර්යෙන් දැනුම් දෙන්නම්..
ReplyDeleteඔව්.. ඒ අපි තමා! :) බොහොම ස්තුතියි අක්කේ... :)
Deleteවටිනා වැඩක්. ජය වේවා...! අපිත් පුළුවන් විදියට උදවු කරන්නම්.
ReplyDeleteකොහොමත් කිව්වත් නොකිව්වත් ඔබතුමාගෙන් නම් උදව් ගන්නවා! :D
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDelete:)
Deleteඅනේ බං බොලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.
ReplyDeleteපින් තමා වී අයියේ....
Deleteදැනගෙන හිටියේ නැනේ මේක ගැන මල්ලි ආයෙම පාරක් කරන කොට මටත් කලා කරන්න කොහෙ හිටියත් උදව් කරනවා :)
ReplyDeleteඅනිවාර්යෙන්ම කතා කරන්නම්... :)
Deleteඇත්තමයි ලංකාවෙ උන්නනම් මොනාම හරි කරනවා ..දැනට වැඩේ අගේ කරනවා ඇර වෙන කරන්න දේකුත් නෑ....
ReplyDeleteකොහොම උනත් ලොකු පිනක් කරගෙන තියෙන්නෙ ..
අදමයි ආවෙ නාඩියගෙ නාඩි බලන්න..
හ්ම්ම්ම්....දිගටම එන්න.....
Deleteසිංදුවක් මතක් වුනා.. අර කියන්නේ//ඔබ කරනා සේවය අපි කවුරුත් අගයන්නේ..//
ReplyDeleteජය!!
:)
Deleteසමාජය වෙනුවෙන්, උදව්වක් ලැබෙන්න ඕන කෙනෙක් වෙනුවෙන් යමක් කරන එක උතුම් වැඩක්..
ReplyDeleteඅනිවාර්යෙන්ම!
Deleteවැඩේ ගැන මං දැන ගෙන හිටියේ නෑ.ඊලග පාර දන්වන්න.අනිවාරේයෙන්ම සපෝර්ට් එක දෙන්න ඕන හොද වැඩක්
ReplyDeleteඅනිවා කියන්නම්! :)
Deleteබොහොම අගය කරන වැඩක් නාඩියෝ.. මගේ පොත් ටිකත් පොත් රාක්කේ දූවිලි වදිනවා ඇති.. ලංකාවට ආවම මෙහෙම දේකට වත් ඒ ඔක්කොම දෙන්න ඕන..
ReplyDeleteහරිම හොඳයි! ලංකාවට ආපු වෙලාවක අපි කතා කරමු! :)
Deleteඑදා ලබපු චිත්තප්‍රීතිය නං උපරිමයි!
ReplyDelete