ආදරේ නාමයෙන් සීනිබෝල සුකුරුත්තම් විකුණන තොරොම්බල්කාරයන්
පාරේ කොහෙවත් නෑ....
ආදර කෝච්චි....ආදර ඩිස්කවුන්ට් කොහෙවත් හොයන්ඩ
නෑ....
පීසා එකක් එක්ක ආදර ටෙඩියෙක් ගන්න කොහේවත් තැනක්
නෑ....
ආදරේ උණුසුමට box එකක්
ඇතුලේ කවුරුවත් ඉන්නේ නෑ....
ඉන්ටසිටියක කොනේ මුල්ලේ තුරුළු උන ජෝඩුවක් බේතකට
ගන්න නෑ....
කොල්ලගේ පර්ස් එක හිදෙනකම් රවුම් යන ගැහැනියන්
මෙහේ නෑ.....
ආදරේ ලාබෙට උණු උණුවේ විකිනෙණා පෙට්ටි කඩයක් වත් නෑ....
ආදරේ නාමයෙන් ජපන් කොඩි ඉල්ලනා නරුමයන් මේ ලෝකේ කිසි තැනක නෑ...
- Meanwhile in a Parallel Universe (සමහර
විට සමාන්තර විශ්වයක....)
එහෙව් සමාන්තර ලෝකයක අපේ සමහර වුන් කියාවි..
ReplyDeleteඑහෙනම් අපි ඒ ලෝකෙ ජීවත්වෙන්නෙත් නෑ.. කියලා..
අදහස, අරුත, සිතිවිල්ල..
අගෙයි...!
අනිවාර්යෙන්ම එහෙම කියයි!
Deleteහැක හැක...අම්මපා දැන් උණුහුම විදින්න බොක්සුත් නෑ.....මේ තරන් ජයට වැලන්ටයින් සමරන තැනක් ලොවෙත් නෑ... :)
ReplyDeleteලොවෙත් නෑ!ලොවි ගහෙත් නෑ!
Deleteයකෝ ඕකෙ මොනාද එහෙනම් තියෙන්නෙ?
ReplyDeleteමම දන්නේ නෑ! මොකෝ සමාන්තර විශ්වෙකනේ! වෙනස් ඇති ටිකක්!
Deleteshaaa e universe eka shooi ne :P
ReplyDeleteහරිම ෂෝයි!
Deleteඋබ යනවා නම් ඒ ලෝකෙට පල , මට නම් කතා........ කරන්න එන්න එපා යමන් නොහික්මුනේ අර පැත්තේ කියල ,
ReplyDeleteහික්ස්!!!!යමන්කෝ බං ඒ පැත්තේ....
Deleteඅම්මපා මේක මට තේරුණේම නෑ
ReplyDeleteපහු පහු වෙද්දී තේරෙයි.....
Deleteහොඳයිනේ බන්.
ReplyDeleteහරිම හොඳයි....
Deleteහරි හරි... මේ පැත්තේ නෙමේ! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ පැත්තත් නෙවෙයිද කොහෙද....
Deleteවැල ඉන් ටයින් සුන්දරද මෙතරම් :පී
ReplyDeleteහරිම සුන්දරයි...හරිම සුන්දරයි.....
Deleteආදරයට මොකටද බොලව් දවසක් දා
ReplyDeleteනෑතිද තොපිට වෙන වෑඩක් දා
එලිසමය නෑතුව දා
හෑමදා ලව් කරපල්ලා......
නාඩියො කව් බෑ යන්තම් ගෑලපුවා උබ වෙනුවෙන්.......
හා හා..එහෙනම් හැමදා ලව් කරන්නම්කො....
Deleteනාඩියටත් එන්නේ පට්ට සිතිවිලිනේ බොලව්
ReplyDeleteඑහෙම තමා ඉතිං!
Deleteඔය කියන ලෝකෙ නැද්ද බන් හිල වඩයක්වත් බඩගින්නට කන්න...
ReplyDeleteසමාන්තර විශ්වයනේ..කොහොමද දන්නේ නෑ!
Deleteහොඳ වෙලාවට වෙන ලෝකෙක. මම බය උනා...
ReplyDeleteමෙහෙම ගියොත් අපිටත් බය වෙන්න වෙයි වගේ තමා!
Deleteඅඩේ.... මෙහෙම ලෝක තියෙයිද ඈ........
ReplyDeleteඅනේ මන්දා...හොයලා බලමු!
Deleteෂික් .. වැඩකට නැති ලෝකයක්.
ReplyDeleteඒක තමා මාත් බැලුවේ! කිසිම වැඩක් නෑනේ!
Deleteඒතකොට.... ආදරේ තියෙනවද බං..!
ReplyDeleteසමාන්තර ලෝකයක් නේ බං..ආදරයට වෙන නමක් කියනවා ඇති!
Deleteසුන්දරයි නාඩියෝ... අදාළ පුද්ගලයන්ගේ ඔලුව අත ගා කණ පලා ඇත..
ReplyDeleteඒ නාඩියාගේ විදිහ!
Deleteඅනේ වාසනාවන්.... අනුරාජපුරේ පැත්තේ වෙන්ටැ ඔය සමාන්තර විශ්වය තියෙන්නේ. එන්න ඕන මමත් ඕක සමරන දවසක ඇවිත් යන්න... ජය...!
ReplyDeleteඒ පැත්තෙත් තියනවද දන්නේ නෑ! අනේ මන්දා...හොයලා බලමු!
Deleteපිටසක්වල ගැන හරියට කතා වෙනවා !@
ReplyDeleteමේ ටිකෙත් ඔය එහෙන් ගල් කෑලි වැටෙනවා කියන්නේ නේද?
Deleteමගෙ අම්මෝ! මේකෙ ඉන්න කෙල්ලෙ එක පාරට ඇස් බෝල කැරකැව්වෝ! මම බය උන මගේ දිහා බැලූ පාරට!
ReplyDeleteහික්ස්! ගෑනු මායමක්!!!
Deleteවැලන්ටයින්, හී සැබෑ අවශ්‍යතාවය ඇත්තේ පෙම්වතුන්ට-පෙම්වතියන්ට වඩා ව්‍යාපාරිකයන්ටයි. 90 දශකයේදී ශ්‍රී ලංකාවේ එය සමාජගත කරනුයේ ද එවැනිම අවශ්‍යතාවයක් මතය.
ReplyDeleteව්‍යාපාරිකයන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නයි කැමැත්ත...ඒත් මොකෝ මිනිස්සු ඒකට අහු වෙන්නේ...?
Deleteමේ වෙනස් සිතිවිල්ල/නිර්මාණය මරු බං.
ReplyDeleteටිකක් විතර වෙනස්....
Deleteඔය ඔක්කොම නැතුව ගියාට කමක් නෑ අඩුම තරමින් ඒ ලෝකේ ආදරයවත් තියෙනවද ? නැත්තම් එහෙව් ලෝකයක් එපා කියලා ආදරවන්තයෝ වෙන ලෝකයකට පැනලා ගිහින්ද ?
ReplyDeleteආදරයත් සාපේක්ෂයි මේ ලෝකේ.
Deleteආදරවන්තයෝ.....එහෙම ය ඒ ලෝකේ ඉන්නවද කියලා තාම හොයා ගෙන නෑ!
Deleteමෙහෙම ඒවා ඉතිරු වෙලා තියනව කියන එක අහන්නත් සන්තෝසයිනෙ
ReplyDeleteඇත්තටම ඉතුරු වෙලා තියනවද කියන එකයි ප්‍රශ්නේ!
Deleteමලයෝ හරිම හරවත්..... ඒත් අපි කාගේත් නාඩි වැටෙන තාක් ආදරය කියන ගනුදෙනුව අපි කරගන යනවා. එය මුලින්ම අම්මා එක්ක අවසන බිරිය එක්ක. ඒත් හිතට එකඟව අනිත් ටිකත් කියන්න හැකිද.
ReplyDeleteආදර ගනුදෙනුව පිවිතුරුව කරන එකයි වැදගත්....
Deleteඒ විශ්වයට අයිති මම මොකෝ මේ විශ්වයේ ???? කම්පනා උනු එකම දේ මේක....ආතල් තනිකම ඔය කචල් වැලන්ටයින් ස්මරන ඇත්තන්ගෙ භූමිකා වලට වඩා
ReplyDeleteඅප්පේ..තනිකම නම් හොඳා තමා!
Deleteවැලන්ටයින් දවසට කෙල්ලගෙන් ඔක්ක්මත් ඕන...අන්තිමට වෙන කෙල්ලෙක් කසාද බැඳල ජපන් කොඩියත් ඉල්ලනව.....එක්කො කැඳ එක්කො රැවුල......
ReplyDeleteමොනව වුණත් අපිට නැති වැලන්ටයි භංග වේවා.....
ඒකනේ බං කුහකකම කියන්නේ! කොහොමත් වාණිජ වැලන්ටයින් නම් නැති තරමට හොඳයි!
Deleteමොනා උනත් කිවුව කතාවන සිරා නාඩියෝ..
ReplyDeleteහ්ම්ම්... :)
Deleteබැරිද අපිටත් ඔය තැනට පාර කියන්න
ReplyDeleteපාර හොයාගෙන යමු!
Deleteපට්ටයි නාඩියෝ....
ReplyDelete:)
Deleteලොවෙත් නෑ. සමාන්තර එකක මිසක්.
ReplyDeleteසමාන්තර එකකවත් තියෙයිද?
Deleteහරකුන්ගේ කන් ලස්සනට අත ගා ඇත..
ReplyDeleteඋපරිමයි.. තරුණයා...
එයයි නේද කල යුතු දෙය?
Deleteසිතුවිලි වදින්න දීලා තියෙනවා.
ReplyDeleteදැන් ටික ටික වැලන්ටයින් එකට එරෙහිව බලවේගයක් අවිත්තියෙනවා. එක අතකින් හොඳ දෙයක්.
ඇත්තටම හොඳ දෙයක්! හැබැයි නැති කරන්න ඕනේ වාණිජ්‍යකරණය වෙච්ච වැලන්ටයින්.
Deleteසමහර විට සමාන්තර විශ්වයක...ඒත් විශ්වාස කරන්ට බෑ නාඩියා...
ReplyDeleteමටත් විශ්වාස කරන්න බැරි ඒක තමා බං !
Deleteමේක අපි දාන්නේ විද්‍යා ප්‍රභන්ධ ගණයටද සුරංගනා කත ගනයටද??????
ReplyDeleteමොකක් හරි එකකට දාපන්!
Deleteඑතකොට ඔය කියන මෙව්වා එකේ අපි වගේ එවුන් එකෙක් වත් නැතුව ඇති නේ?? (නාඩියා වගේ එවුං එහෙම......)
ReplyDeleteඋඹලා වගේ උන් නම් නැතිව ඇති! අපි වගේ උන් නම් ටිකක් ඉඳියි!
Deleteඅම්මපා, අපි දැක්කෙත් නෑ අපි දන්නෙත් නෑ !
ReplyDeleteඅපි දන්නෙත් නෑ..දැක්කෙත් නෑ...
Deleteඇස් පිහිදාලත් බැලුව මඟ හරියෙදි මම ඉන්නෙ මේ ලෝකෙද කියල.... අවසානෙන් තමයි තේරුනේ තාම මේලෝකෙම තමයි කියල......
ReplyDeleteහ්ම්ම්..මේ ලෝකේ කවදා වෙනස් වේවිද....?
Deleteමේ වැලන්ටයින් සමරන එක කවුරුත් සිහිකල්පනාවෙන් කළොත් හොඳයි. මොකද එදාට කෙල්ලො අනාත කරල පස්ස ඩොරෙන් පනින එවුන්ගේ මේ කෙරුවාව අල්ලගන මුලු පිරිමි ජනසමාජයටම වයිරකරන්න කාන්තාවන් පොළඹවන කාන්තාවිමුක්තිවාදීන් මාර්තු 8 වනදාට උන්ගේ විකුර්ති අදහස් රටේ බෙදන්නේ අර වගේ සමාජ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජන ගනිමිනුයි.
ReplyDeleteහ්ම්ම්.....8 වෙනිදා ට විතරක් නෙවෙයි..හැමදාමත් එහෙමයි....
Deleteඑහෙම ලෝකෙක අපේ අය නම් ඉන්න කැමතිවෙන එකක් නැහැ මල්ලි ,, වෙනස් අදහසක්
ReplyDeleteඔව්.. ගිහිං දැම්මත් ආපහු එයි වගේ!
Deleteසුපිරියි. මගෙ බ්ලොග් රෝලෙ මේක අප්ඩේට් උනේ නෑ නෙව නාඩියෝ....
ReplyDeleteමේක ගිය අවුරුද්දේ වැලන්ටයින් ලියවිල්ල.. ඒකයි....
Delete