නාඩි සෙට් එක

Saturday, January 26, 2013

පිස්සෙක් ! ! !



කඩමාල්ලක් ඇඟේ දවටාගෙන කොණ්ඩය රැවුල වවාගෙන පොලිතින් කොළ, පත්තර ඇඟේ ඔතාගෙන පාරේ තොටේ ඉන්න මිනිස්සු ඔබ දැකලා ඇති...

සමහර විට ඒ මිනිස්සුන්ට බැනලා ඇති! නැත්නම් පව් අසරණයෝ කියලා රුපියල් කාසියක් නැත්නම් කොලයක් ඒ දිහාට විසික් කරන්න ඇති..ඒත්..... ඒ අයත් අපේම සහෝදරයෝ කියලා අපි හිතුවද????

නාඩියා අද කොටන්නේ නාඩි හිතට තදින් වැදිච්ච දෙයක්! පාරේ තොටේ නිතරම යන එන මිනිහා වෙච්චි නාඩියා ට මේ වගේ මානසික ආබාධ තියෙන හිසට වහලක් නැති මිනිස්සු අනන්තවත් හම්බ වෙනවා! ඒ මිනිස්සු හයියෙන් හිනා වේවි හිටියත් ඒ හිනාව පිටිපස්සේ හැංගිච්ච තනිකම..අසරණකම....ඒ වටකුරු ඇස් අස්සේ හැංගිලා තියනවා කියලා නාඩියාට හිතුන වාර අනන්තයි!

“සලමන්”! නාඩි පුරේ පැත්තේ හරිම ප්‍රසිද්ධ චරිතයක්. පොඩි මානසික ආබාධයක් තියනවා..මහ පාරේ තමයි දවසේ වැඩි හරියක් ඉන්නේ...ලොකු මල්ලක් කරේ දාගෙන දිග පොල්ලක් අතේ අරගෙන තමයි ඉන්නේ... හැබැයි අපේ පැත්තේ නාඩි වැටෙන මිනිස්සු ඒ අසරණයාට හැමදාම කන්න බොන්න දෙනවා! මනුස්සයා කිසිම කරදරයක් නොකර පාඩුවේ ඉන්නවා! හැබැයි මොනවා හරි කියලා විහිළු කලොත් එහෙම ගලකින් වත් ගහනවා...

නම නොදන්න තවත් මේ වගේ අසරණයෙක් මට හම්බ උනා... තනියම දේශපාලන කතාවක් කරනවා වගේ කතා කර කර පාරේ එහෙ මෙහෙ යන එක තමයි එයා කරන්නේ... දවසක් මම මහා වැස්සේ රෑක ගෙදර එද්දී අර මනුස්සයා ලයිට් කණුවක් එක ලොකු කතාවක්! 

හිනා වෙන්න එපා!!!!!!! අපි අඩන්නයි ඕනේ!!

මනස නොවැඩුණු..නැත්නම් මොකක් හරි හේතුවක් නිසා මනස විකෘති වෙච්ච දහස් ගානක් අපේ අය අපිත් එක්කම හුස්ම ගන්නවා. ඒත්... ඒ අය අපෙන් වෙන් කරලා...නැත්නම් “පිස්සෝ” කියලා හංවඩු ගහලා.. අංගොඩ පටෝලා ප්‍රශ්නේ ඉවර කරමු කියලයි අපි හිතාගෙන ඉන්නේ...

මචං ලා..මචීලා.... අනන්ත සසරේ අපිත් අනන්ත පව් කරන්න ඇති..අපිට වඩා ඩින්ගිත්තක් වැඩියෙන් පව් කරපු අය අර විදිහට දුක් විදිනවා ඇති! දැන්වත් අපි වෙනස් වෙමු! වෙනස්ම ඇසකින් අපිත් එක්කම ඉන්න ඒ අය දිහා බලන්න අපි පුරුදු වෙමු...

51 comments:

  1. ඇත්ත තමයි නාඩියෝ. මේ කතාව නම් මටත් බොක්කටම වැදුනා...

    ReplyDelete
  2. මම නම් දැං ඔය වගේ දේවල් වලට මූණ දෙනවා අඩුයි.. ඒත් ඉස්සර නම් ඇති වෙන්න ඔය වගේ හිතිලා තියෙනවා...

    ReplyDelete
  3. කතාව ඇත්ත බං. සමහරු ඔය වගේ අයව විහිලුවට ගන්නවා. ඒ වුනාට ඒත් මිනිස්සු. අපි මෙහෙම හිටියට අපිට මොනවා වෙයිද කවුද දන්නේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි ගොඩක් යට තේරෙන්නේ නැත්තේ...

      Delete
  4. ඒකනම් ඇත්තමය නාඩියෝ.අංගොඩ ගිහින්ම බලන්න ඕනා,ඒ අපි හිනා වෙන මිනිස්සු කරල තියෙන නිර්මාණ.හොඳ මානසිකත්වයේ ඉන්නවයි කියන අපි මොනාද කරන්නෙ කියල හිතෙනව.

    ReplyDelete
  5. aththamai nadiyo ube kathawa sahathika aththa..

    Train wala yana godak aya nam dannawa ati eka manussayek innawa,eyage athak apranikai eya tamai godak station wala wawila tiyana kalawa,walpala sudda karanne...

    Pissek wage hitiyata harima hoda manussayek,onama kenek ekka hodata kathabaha karala.udawu karala innawa.godak aya eyata pissu kiyala hithuwata minihata athi pissuwak na..
    Gampaha - Polgahawela athara station wala tamai meya godak inne..

    Kanna tika dunnahama,tani athin wisi kaththen wisi gagaha apuruwata lassanata station awata sudda karanawa. Ath dekenma wada karanna puluwn manussayekutawt bruwa ati e karana dewal e tharam apuruwata karanna.

    E wage kihipa denekma matath munagahila tiyenawa..

    ReplyDelete
    Replies
    1. අන්න බලපන් ඒ මනුස්සයා කරන සත්කාර්ය.....

      Delete
  6. කතාව ඇත්ත ඒත් කියපං මස්සිනා මේකට අපට සාමාන්‍ය මිනිහෙකුට කළ හැකි දේවල් මොනවද කියලා.පෝස්ටුව සංවේදියි තමා ඒත් කළ හැකි දේ යෝජනා කරහං මලයා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මුඋලින්ම කරන්න ඕනේ අපි හිතන පතන විදිහ වෙනස් කර ගන්න එක..අනිත් එක තමයි අපිට පුළුවන් විදිහට ඒ අසරණ අය ගැන හොයලා බලන එක..මම දන්නා විදිහට ඒ අයව රැක බලා ගන්න..ප්‍රතිකාර කරන්න භාර ගන්න තැන් තියනවා..අපිට පුළුවන් නම් ඒ අයව ඒවාට යොමු කරන්න..ඒක ලොකු දෙයක් වෙයි ඒ අයට...

      Delete
  7. ඇත්ත කතාව යාලු ..සමහර වෙලාවට පිස්සු කියන අයට වඩා සමහරු පිස්සෝ

    ReplyDelete
  8. මන් කවදාවත් පිස්සෙක්ට,පි කෙනෙක්ට විහිලු කරලා නැහැ බන් මටත් හරිම අනුකම්පාවයි එහෙම අය ගැන.

    ReplyDelete
  9. කතාව ඇත්ත. සමහර වෙලාවට අපිට තරම් පිස්සු නෑ කියල හිතෙනව ඒ මිනිස්සුන්ට. මං ඉස්සර මානසික රෝගීන් ඉන්න වාට්ටුව පැත්තට හේතුවක් නැතත් නිතරම ගියා. සිංදු කියල විනෝදෙන් ඉන්න හැටි දැක්කම ඒ ජීවිතෙ වාසනාවන්තයි කියල හිතුන.

    පාරෙ ඉන්න එහෙම අයට නම් මං කවදාවත් උදව් කරල නෑ. එහෙම කරන්න අවස්තාවක් ලැබිල නෑ. ඔය අතරෙ රස්සාව විදිහටත් එහෙම කරන අය ඉන්නව කියන එකත් අමතක කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. එහම අයත් ඉන්නවා අනිවාර්යෙන්ම.....

      Delete
  10. කතාව ඇත්ත.... නාඩි වැටෙන මිනිහෙකුට විතරයි ඒක තේරෙන්නේ...

    ReplyDelete

  11. මචන් කියන්න ඕනේ ටික ඔක්කොම කියල තියෙනවා..
    මේ මන් වෙන තැනක දාපු කමෙන්ට් එකක් , මේකේ උනත්
    මන් කිව්වේ මේ දේ ගැන .උබ ඒක ගොඩක් පැහැදිලිව කියල
    තියෙනවා..ගොඩක් හොඳයි මේ දේ ගැන ලිව්ව එකට ...


    \\\ තව තව තුවාල නොවී ඉන්න ----.මිනිස්සු බෙහෙත් දෙන්න වගේ ඇවිත්
    යනින් ගමන් ඇගිල්ලෙන් ඇනගෙන යනවා.තුවාල වෙන්න වෙන්න ඔයාව
    බාර ගන්න කෙනෙක් නැහැ .

    මිනිස්සු හරිම දස්සයි තව කෙනෙක්ව මානසිකව රිද්දන්න , තුවාල කරන්න.
    මේ ලෝකේ ගොඩක්ම ආදරය සෙනෙහස ඕනේ අපි " පිස්සෝ " කියන
    අයට ..ඒත් ඒ අයට සමාජෙන් මොනවද ලැබෙන්නේ ?

    " අන්න පිස්සෙක් , මොන්ගලයෙක් " වගේ වචන නේද ?

    මට මේ දැන් පණ දෙන්න ඉන්න මිනිස්සුන්ගේ ඔහොම තැන් පෙන්නන්න
    පුළුවන් .

    මේ ලෝකෙම නරා වලක් ,
    සෙන්ට් පව්ඩර් අනූන .
    පියරු බබීල පිරුණ ! ////

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මචං!! ලෝකෙම නරා වලක් වෙලා තමයි!

      Delete
  12. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මුලින්ම හිතන විදිය ව්නස් කර ගන්න ඕන

    ReplyDelete
  13. අපි මොකද බං කරන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. හිතන පතන විදිහ වෙනස් කරන එක තමයි මුලින්ම කරන්න ඕනේ...

      Delete
  14. හොද සිහියෙන් ඉන්න මිනිස්සු ලෝකෙට පේන්න කරන බොරු රග පෑම දැක්කම හිතෙනව මේ මිනිස්සු ඊට වඩා අවන්කයි කියල...

    ReplyDelete
  15. උබ කියන කථාව ඇත්ත බං ...මමත් ඕන තරම් කීයක් හරි දීලා ගිහින් ඇති... ඒ කුම්මහි කමට වත් වෙන එහෙකටවත් නෙවෙයි බං.. එතනින් එහාට කරන්න දෙයක් නැතිකමට

    මේ පෝස්ටුව උපරිම සංවේදී බං

    ReplyDelete
    Replies
    1. එතනින් එහාට කරන්න ඕනේ දේ දැන්වත් අපි හිතන්න ඕනේ බං...

      Delete
  16. සබ්බේ පුතුජ්ජනා උන්මත්තකා ලු නෙ... සකල ලෝ වැසි පෘතග්ජනයෝ අඩු වැඩි වශයෙන් සියලු මනෝරෝග වලින් පෙලෙන්නෝ වෙත් ලු... එබැවින් මොකෙක් හෝ පෘථග්ජනයෙක් එබන්දෙකුටම “පිස්සෙක්“ යැයි කීම වනාහි සිරිමලියට විග්‍රහ කර ගත නොහැකි මාන්දමික කරුණකි.“මේක පිස්සු ලෝකයක්“ වන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. එසේය! මේක අනිවාර්යෙන්ම පිස්සු බම්ප් වූ ලෝකයකි!

      Delete
  17. මානසික ආබාධ, ශාරීරීක අඩුකම් තියෙන අයට උසුළු විසුළු අඩංතේට්ටම් කිරීම නොදියුණු ගෝත්‍රික ලක්‍ෂණයකි.

    ඒඛ මේ ලෝකෙන් උතුම් රටේ උතුම් සිංහල ජාතියට කොහෙන් ආවද මන්දා? සමහර විට පර සුද්දාගෙන් බෝවුණා විය හැකියි.

    ReplyDelete
    Replies
    1. එසේ විය හැකියි! සොයා බැලිය යුතුයි!

      Delete
  18. හැට් ඔෆ් නාඩියො.....

    ReplyDelete
  19. මම ඔය ක්‍රමය දන්නා දවසේ ඉඳල අනුගමනය කරනවා මම එක්ක ඉන්න එකෙක්ටවත් මම එහෙම කරන්න දෙන්නේ නැහැ සිරාවටම.

    ReplyDelete
  20. හැමදාමත් ජිවත් වෙන්න ආපු උන් කරන වැඩ.ඊළඟ අත්මයක් නැ කියලා හිතාන ඉන්නේ.ඒත් ඒවා විඳවන්න දවසක් එනවා.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  21. ඉස්කෝලෙ යන දවස්වල නම් ඔය වගේ හිඟන මනුස්සයෙක්, පිස්සු මනුස්සයෙක් දැක්කම මටත් මාර අප්සට්. හුඟ වෙලාවක් ඒ ගැන හිතනව. ඒත් පස්සෙන් පහු ඒකට හුරු වුනා. ඇත්තම කිව්වොත් එහෙම අයත් ලෝකෙ ඉන්නව කියල තත්ත්වය අවබෝධ කරගත්තට පස්සෙ ඒක නොතකා ඉන්න එක තමයි හොඳම වැඩේ කියල මම හිතා ගත්තා. නැත්නම් ඉතිං මම ඒ ගැන හිතන්න හිතන්න මමත් මානසිකව වැටෙනව. ඒක තමයි ජීවිතේ හැටි, මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...නොතකා ඉන්න එක නෙවෙයි බං කරන්න ඕනේ..ඒ අයට උදව් කරන එක....

      Delete
    2. හ්ම් ... මට නිකමට හිතුන උඹ ඕක කියයි කියල. උදව් කියල අපි මොනව කරන්නද බං. ඔන්න මම කෝටිපතියෙක් උනානම් ඒ මිනිස්සු වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙලක් කරන්න තිබුන මගේ සල්ලි යොදවල. මම බලයක් තියෙන නිලධාරියෙක් වත් උනානම් බලධාරීන්ගෙ අවධානය යොමුකරල රජය ගනනෙවත් සුබසාධන වැඩපිළිවෙලක් කරන්න තිබුන. දැන් ඉතිං මට පුළුවන් ලොකුම දේ වැඩිම උනොත් රුපියල් 10 ක් 20 ක් දීල නිකා ඉන්න එක. ඒකෙන් ඒවගේ මනුස්සයෙක්ට ඇති වැඩේ මොකක්ද? දැන් කියන්නෙපා මේ ලෝකෙ වැඩ කරල තියෙන්නෙ බලපුළුවන්කාර මිනිස්සු විතරක් නෙවි කියල, ඇත්ත, ඒත් මම එහෙම කැපකිරීම් කරන්න පුළුවන් කෙනෙක් නෙවි. ඒක මගේ හැටි, ඉතිං ... පුළුවන් අයට ඒ වැඩේ භාර දීල මම පැත්තකට වෙල මගේ පාඩුවෙ ඉන්නව.

      උඹ මම කියපු දේ වරදවා වටහාගෙන. මම දැන් කාලයක් තිස්සෙ අනිත් අය වෙනුවෙන් දුක් වෙන එක පසුතැවෙන එක පුළුවන් තරම් අඩු කරනගන්න උත්සාහ කරනව, මගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන්. ඒක උඹට තේරුම් ගන්න ටිකක් අමාරුවෙයි. අවුලක් නෑ, මාව තේරුම්ගන්න මම ආශ්‍රයකරන අයටත් අමාරු ඇති. මම ඕව හිතන්නෑ බං. පුළුවන්තරම් සතුටින් ඉන්න උත්සාහ කරනව මිසක්.

      Delete
    3. මට තේරෙනවා උඹ කියන එක... ඒත් මචං අපි තනි තනියෙන් හරි දෙයක් කරන්න ඕනේ... අපිට ඒ දේ කරන්න පුළුවන්! බල ඇත්තෝ දෙයක් කරනකම් අපි කවදාවත් බකන් නිලන් ඉඳලා බෑ!

      Delete
  22. ඔය මානසික අඩුපාඩු කම් තියන අයට ඇත්තටම පිස්සු පිස්සු නැහැ. ඒ වගේ අයට පිස්සෝ කියන උන්ට තමයි පිස්සු.

    මං තුමාට දවසක් නුවර මහ ඉස්පිරිතාලේ දී ඔය මානසික රෝගයක් නිසා රෝහල් ගත කරපු කෙනෙක් හමු උනා. උගෙත් එක්ක කතා කලාම තමයි මට තේරුනේ අපිට තමයි පිස්සු කියලා. ඒ කතා කීපයක් පොස්ට් එකකින් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. එල! ඉක්මනට ඒ පොස්ට් ටිකත් දාමු!

      Delete
  23. This is one of the best 'NAADI' ever !! :)

    ReplyDelete
  24. ඔලුවටත් හදවතටත් එක ලෙස වදින සුපිරි නාඩියකි. අපි හැමෝම නාඩි වැටෙන මිනිස්සු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...