නාඩි සෙට් එක

Sunday, December 23, 2012

සියාතු මාමා කොළඹ ගියාය

සියාතු මාමාගේ ලොකු පුතා ආමිකාරයෙකි!ඉස්සර රණවිරුවෙකි!පොඩි එකා දැන්නම් අවුරුද්දකටත් වැඩි දවසක ඉඳන් ගෙට වෙලාය! ඌ මහා විභාගේ ඉහලින්ම පාස් උනත් තාම උන්ගේ අර Z අකුරේ අවුල්ද මොකද්දෝ එක හින්දා එලියට පහලියට බහින්නේ නැත!ඉස්සරහට ඌ ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!) මේ දොහේ  ඌ පල්ලෙහා ගාමන්ට් එකේ සුපවයිසර්කමක් කරනවාය....

පොඩි කෙලි නම් 10 විභාගේ ලිව්වේ මේ සැරේ! ගණනුයි විද්‍යාවයි අමාරුයි කියලා ඒකි නහයෙන් අඩා ගත්තු ගමන්මයි! ඒත් සියාතු මාමාගේ කොළඹ පොඩි මලයාගේ කෙලීටනම් පේපර් එක කලින් හම්බ වෙලාලු! සියාතු මාමා ඒ හරුපේ ඩින්ගිත්තක්වත් විශ්වාස නොකළේ ඒ ටියුසන්කාරයාට නිරපරාදේ සෝලි තියන්න එපැයි කියලා මායියාට දෙසා බාන ගමන්මයි!

පුදුමාතලන් මහ හටන ඉවර උනාට පස්සේ ලොකු එකා කොළඹ කෑම්ප් එකට මාරු උනේ උගේ අතේ වැදුණු උණ්ඩයක් හින්දා කියලයි සියාතු මාමාට කිව්වේ..හැබැයි ඒකෙන් උනේ බැංකුවට එන පඩියෙන් ගානක් කැපුණු එක විතරයි!

කොහොමෙන් කොහොම හරි ගිය සතියේ ලොකු පුතා සියාතු මාමාට පෝන් එකෙන් කතා කරලා මෙහෙම කියලා තිබුනා...

තාත්තේ....මේ සිකුරාදා කොළඹ කාර් රේස් එකක් තියනවා....අපිත් ඒකට වැඩ! එනවනම් ඇවිත් යන්ඩ එන්න.පොඩි මාමලාගේ ගෙදර නවතින්න පුළුවන්නේ...

අනේ පුතේ ලොකු ගානක් යයිනේ බං ඕවාට! මද්දුවත් නහයෙන් අඩනවා මේ ටිකේ සල්ලි ඉල්ලලා ඌට නායකත්ව පුහුණුවද මොකද්ද එකකට යන්ඩත් සල්ලි ඕනෙලු!

ඒ ගැන මං බලාගන්නම්කො තාත්තේ....කෝච්චියේ එන්ඩ! වැඩි ගානකුත් නෑනේ!

හුම්......බලනම්කො.....

ඉස්සර ගමේ තිරික්කල් රේස් එකේ මුදුනා වෙච්ච සියාතු මාමාට කාර් රේස් කියන එක අලුත් දෙයක්! පිම්මේ පිඹගෙන යන වාහන කන්දරාවක් දැක්කේ ගිය පෙබරවාරියේ ඔයාමඩුවේ තිබිච්ච “සංගීතෙට” ආපු වෙලේ තමයි! හැබැයි ලොකු එකා කියපු විදිහට මේක ඊටත් වඩා ලොකු එකක්ලු! 

ගිය කන්නේ මහ නියගෙට අහු වෙලා අස්වැන්න පාලු උනායින් පස්සේ දීපු සහනාධාර වලින් ටිකක් ඉතුරු වෙලා තිබිච්ච හින්දා සියාතු මාමගේ හිතට පුංචි පහේ රස්තියාදුවක් ගහන්න හිතුනා...

කන්ඩ බොන්ඩ විදිහක් නෑ කියලා ගෙදර උන්දෑ අඩෝ ඇඩියා දැම්මත් ඒවා තඹ සතේකට ගණන් නොගත්තු සියාතු මාමා පුරේ ඉස්ටේසමෙන් යාල් දේවියට නැග්ගා.

ගල්ගමුවෙන් කෝච්චියට ගොඩ වෙච්චි කළු හීන්දෑරි කෙලී ගෙනාපු දිවුල් වලින් මල්ලක්ම සියාතු මාමා ගත්තේ දිවුල් වලට තිබිච්ච පෙරේත කමටම නෙවෙයි! ඒ අසරණ කෙලි පොඩිත්තගේ මූනේ හිනාවක් දකින්න තිබ්බ ආසාවට.

කොටුවෙන් බැහැලා එළියට බැහැලා බලපුවහම යම යුද්ධයයි! වෙලේ කඩාඩුව කැඩුනාම වැලි කොට්ට ගොඩ ගහන්නැහෙ පාර දෙපැත්තේ වැලි මලු පුරෝලා! ලොකු ට පෝන් කරන්ඩ ඕනේ කියල එහේ මෙහෙ බලද්දී මෙන්න ලොකු කොලුවත් එතැන! අප්පේ ඒකත් වැලි නාලා! සියාතු මාමාට හොඳටම හිනා! මොකෝ මේකා යුද්ධ කොලාට මොකෝ  කැත්ත උදැල්ල අරගෙන වැඩිය වැඩ කරපු එකෙක්යෑ!

"හා..තාත්තේ...ඉන්ඩ මං එන්නම්....."

හවස් වෙනකම් ලොකු එකාගේ යාලුවෙක් කියල අදුන්නලා දීපු ළමයෙක්  එක්ක අලුතෙන් අස්ප වේගෙන් ගහන කොන්කිරිට් බිල්ඩිම් අස්සේ ඇවිදලා හවස සියාතු මාමත් ආවා කියපු කාර් රේස් බලන්ඩ... ලොකු එකා ඒ වෙද්දී 50 හේ ටිකට් එකක් දීලයි තිබ්බේ....

රෑ උනාට මොකෝ ගිනි මද්දහනේ වගේ එලිය! සැර ලාම්පු පත්තු කරලා! පාර යාන්තම් පේන නොපේන මායිමේ මුල්ලක් හොයා ගන්ඩ සියාතු මාමගේ පුතාට ඇහැක් වෙලා තිබ්බා!

ඉස් මිස් නැතිව සෙනඟ...අනේ මන්දා..සියාතු මාමනම් මහ දෙයක් දැක්කේ නෑ..එක එක පාට ගාපු සැර සද්දයක් තියෙන වාහන ටිකක් ගිනිපුග්ගාය වගේ එහෙට මෙහෙට දුවනවා තමයි සියාතු මාමා දැක්කේ..

තාත්තේ....අරකෙ යන්නේ “පොඩිම පුතා”.....

අනේ වාසනාවන්! ඌ හරි දස්සයි නොවැ! අර හඳට යන්න පෙරුම් පුරන උත්තමයා නේ! සියාතු මාමට සතුට වැඩි කමට ඇහෙන් කඳුළුත් ආවා! මොනවා උනත් කුරහන් සුවඳ විඳපු අපේ එකෙක් නොවැ!

පාන්දර ජාමේ වෙද්දී ඔක්කොම සෙල්ලම් ඉවරයි!

තව හොඳ හොඳ සෙල්ලම් පන්දාහේ කෑල්ලේ තිබ්බා කියලා ලොකු එකා ඇහැක් වහලා කිව්වට සියාතු මාමා ඒවා ගණන් නොගත්තේ අර යකඩ අස්පයෝ පැදලා ඇඟේ අමාරුව යවා ගන්ඩ එහෙව් එකක් කොලාට මක්කෙයි කියලා ලොකු එකාට ඔරෝන ගමන්!

පහුවදා මලයාගේ ගෙදරට ගොඩ වෙලා රෑ තැපැල් රේල්ලුවට සියාතු මාමා එද්දී කොටුවේ එකම සා සූවයි! පෙට්‍රල් වැඩි වෙලාලු!

ඉතිං අපිට මක්කෙයි...අපි පෙට්‍රල් ගහන්නේ *කටයැ!!! සියාතු මාමට *කෙනුත් හිනා!!!!!    



ලයික් එකකුත් දාමුද?

85 comments:

  1. අනේ අනිච්චං..... ::P

    ReplyDelete
  2. Replies
    1. 1 නම් නෙවෙයි වගේ! කමක් නෑ කමක් නෑ! ආයේ පාරක් ට්‍රයි කරමු!!
      හික්ස්! ඒ වගේමද? ;)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Patta patta... (y) :)
    Btw, Siyathu mama kolomba giyeya neda bn, sinhala vyakarana anuwa giyaya kianne sthrilinga padhawalatane... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... :)
      මට ඔය ව්‍යාකරණ එච්චර බෑ! ඒත් මෙතන නම් සියාතු මාමා -ගියාය වෙලා තියෙන්නේ හේතුවක් ඇතිව! හිතලා බලපන්! :)

      Delete
    2. ඔව් ඔව්... මට යාන්තමට වාගෙ තේරුනා... අර නිකම් ඉන්න බැරිකමට වාගෙ කිව්වෙ... ඒ හැටි මෙව්ව කරගන්න දෙයක් නෑ......... :)

      Delete
    3. හ්ම්ම් හ්ම්ම්...මම නොදන්නවයැ කොල්ල දක්සයා වග!

      Delete
  6. අපේ මාමලයේ වැඩ නොවැ .......

    ReplyDelete
  7. හොක් හොක් හොක්.
    මේවා බලල අපි අපිටම හිනා වෙමු.. :D

    ReplyDelete
    Replies
    1. මේවා බලලා පණ යන තරමට මටම හිනා!

      Delete
  8. එතකොට නාඩිය නයිට් රේස් බලන්න ගිහින් කොරේ මක්කැයි.....

    ReplyDelete
  9. හෙහ් ආශ්චර්ය නේ!!!

    ReplyDelete
  10. අනේ වාසනාවන්...!

    ReplyDelete
  11. අනේ ඔය සියාතු ගොයියව රටේ හැම තැනකම ඇවිද්දල පෙන්නහං නාඩි මලේ පවුනේ.

    ReplyDelete
    Replies
    1. මේ ටිකෙනම් බැරි වෙයි අයියේ...පස් කඳු කඩා වැටෙනවා..වතුර දානවා..හරි ජන්ජාලයිනේ!

      Delete
  12. මේ විගඩම් දැක්කම කටට එන දේවල් මේකේ කෙටුවොත් උඹත් කපෝති මමත් කපෝති.අනේ අම්මප, මුන් සේරටම තලන්න ඕනේ හරකෙක්ගේ වේලපු අහවල් එකෙන්.මේ වෙන සේරම බල බලත් උගත් එවුන් මර නින්දේ.!! රටකට ගිය කල.
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං! හැබැයි කපෝති වෙද්දෙන් කියලා මං නම් කොටනවා!

      Delete
  13. අද නම් කථාව පස්ටයි නාඩියා... උඹෙන් මම කියවපු හොදම එක කියලා කටක් ඇරලා කියන්න පුලුවන්... රේස් එකෙන් පස්සෙ රුසියන් බඩු දාපු අගර දගර නැටුම් එහෙම සියාතු මාමා දැකලා නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ ටිකත් දැක්කා පත්තරේ ;)

      Delete
    2. අඟර නැටුම් බලන්න බෑනේ බං සිරෝ පනහෙන්!
      හික්ස් හික්ස් සැමෝ!

      Delete
  14. anna puthee niyama minissu..
    Thel,badagostharee wageeda night raase..
    Asiyaawee aashchrya bola..

    ReplyDelete
  15. නිර්මාණශීලී හැකියාවට 100% ලබා දෙමි...:D :D
    පට්ටයි හොඳේ !!

    ReplyDelete
  16. පංකාදු පහයි පොස්ටුව..! සියාතු මාමා හිනා වෙච්චි විදිහටම පොඩි පුතාලත් අපිට හිනා වෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බං! උන් දෙපැත්තෙන්ම හිනා වෙනවා ඇති!

      Delete
  17. මේ තාත්තල, පුතාල, බාප්පල සහ වටේ ඉදන් ගොට්ට අල්ලන උන් ඉන්නකන් ඉතින් ආශ්චර්යය නේන්නම්.... අනිත් පෑත්තෙත් ඉන්නවනෙ අපායටවත් භාරගන්නෙ නෑති උන් ටිකක් මෙයාලගෙ වියදමින්ම... ඉතින් සදා සොත්ති තමයි....

    ReplyDelete
  18. එක හුස්මට කියවන්න පුලුවන් වෙන ගානට ලියලා තියෙනවා. මොනව උනත් මේ රේස් බේස් වලින් පස්සේ අර අහිංසක පාර අතුගාන මිනිස්සුන්ට දවස් කිහිපයක වැඩ මහන්සි වෙලා කරන්න තිබ්බ බව නම් මම හොඳටම දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් මමත් දැක්කා!!! කාපු තැන පහරලා යන එවුන් නේ!

      Delete
  19. උඹයි මම එක වෑන් එකේ යමු මචං..

    ජය !

    ReplyDelete
    Replies
    1. එල එල! සුදු පාට ලම්බෝ එකක්ම එවයි නේ බං!

      Delete
  20. ඇ මෝඩ ......... පුතෝ සිංහල ව්‍යාකරණ මරල මාතෘකා දාන්නේ පොර වෙන්න හිතාගෙනද? අතට අහු වෙන හරියක හිටියනම් කණ පැලෙන්න දෙකක් දෙනවා.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමා වෙන්ඩ ඕනේ සමරසේකර මහත්තයෝ....නිර්මාණයක නිර්මාණශීලි කාර්යක් සඳහා හරි මොකක් හරි ව්‍යංගයක් හරි කියන්න ව්‍යාකරණ වෙනස් කලාට කමක් නෑ කියලයි මම හිතුවේ.....

      Delete
  21. රුපියල් 10 කින් තියා රුපියල් 100කින් වැඩි කලත් අපි පෙට්රෝල් නොගහ ඉඳීවිද නේද මහින්ද මාමේ...?..ඉතින් තව කීයක් වුනත් වැඩිකරන්න මාම බය වෙන්න එපා. අපි පෙට්රෝල් ගහනවා..මොකෝ අපේ වාහන මුහුදු වතුරෙන් දුවන එකක්යෑ. මාමා නුවනක්කාරයා...

    අනික අපේ ඒකාකාරී ජීවිතේට වෙනසක් එකතු කරන්න නයිට් රේස් තියලා පාරවල් වහල කොළඹ රස්සාව කරලා මැරිලා මැරිලා හවස ගමේ යන්ඩ බලාන ඉන්න අහිංසක මිනිස්සු අතරමන් කරාවියෑ...මාමි අපි ගැන කොච්චර හිතනවද අම්මපා. බොලාට ඒක තේරෙන්නේ නෑ. හෙහ් හෙහ් හෙහ්... ආහ මේ උඹේ කතාව මැක්සා ආ

    ReplyDelete
    Replies
    1. ඒක තමා මේ මාමලාට අපි සලකනවා මදි!

      Delete
  22. මරු කතාව නාඩියෝ පෙට්‍රෝල් ගනන්ගියාට අපට මොකෝ මහා රජාට හරියනවනම්

    ReplyDelete
    Replies
    1. ඒක තමා අපේ මනුස්පයෙක් නේ මොනවා උනත්!

      Delete
  23. හි හි... ඔන්න බලන්ට ආශ්චර්යයක මහත.. අර හද්ද වන්නියේ ඉන්න සියාතු මාමටත් කාර් රේස් බලන්න පුලුවන් නෙව.. කවුද කියන්නේ කොළඹට කිරි ගමට කැකිරි කියලා..
    හි හි කොළඹටයි ගමටයි කැකිරි උන්ට කිරි..

    ReplyDelete
    Replies
    1. හික්ස්!අපිට කැකිරි වත් ඉතුරු උනොත් ඇති!

      Delete
  24. ලංකාවේ උන් කොහොමත් හිනා වෙන්නේ #කෙනි. කටින් හිනා උනොත් බඩ හිස් කියල පේනවනේ..

    ReplyDelete
  25. මෙව්වා තමයි ආශ්චර්යය ..

    ReplyDelete
  26. ආශ්චර්යය ..මරු කතාව!!!


    :)

    ReplyDelete
  27. "...ඉස්සරහට ඌ ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!)..."

    මේ වාක්‍යට නම් නාඩියො මම උඹත් එක්ක සෑහෙන්න මල පැන්න........උඹ ගැන හිතන් හිටිය විදිය වැරදිද මන්ද.......ඔක්කොම මතුපිටින් අතගාලා කතා කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. අන්න පිසාචයෝ උඹ නැට්ට පාගගන්නයි යන්නේ!මේ මම ලියලා තියෙන්නේ බහුතර සමාජය අපි ගැන හිතන විදිහ!!
      අපි දන්නවනේ අපි කවුද කියලා!
      මේක බලපන්! "මම" නැත්නම් "අපි" කවුද කියලා කොටපු නාඩිය!

      http://naadiyaonline.blogspot.com/2012/05/blog-post_21.html

      Delete
    2. මමත් උඹ වගේම "නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප යුතුකමක් නොව අපගේ වගකීමකි" කියන දේ තරයේ විශ්වාස කරන කෙනෙක්! :)

      Delete
    3. උපහාසය තේරුම් කරළා දෙන්න වීමත් මහ එපා වෙන වැඩක් නේද?

      Delete
    4. ලින්ක් එකක් දාන කොට ඒක ක්ලික් කළාම වැඩ කරන්න නම්, ටැග් භාවිතා කරන්න. මෙන්න මෙහෙම.

      http://naadiyaonline.blogspot.com/2012/05/blog-post_21.html

      Delete
    5. අප්පේ ඔව්! ඒකත් මහා එපා කරපු වැඩක්!!!
      බොහොම ස්තුතියි අවවාදයට! ඉස්සරහට දාන ලින්කු ඔක්කොම එහෙම දාන්නම්!! :)

      Delete
  28. හික්ස් හැබැට ප්‍රෙට්‍රල් ගණන් ගියා කියලා අපිට පාන් ඈ

    ReplyDelete
    Replies
    1. පාන් නම් නෙවෙයි තමා! මොකෝ පාන් වත් කන්න බැරි වෙයි මේ යන හැටියට!

      Delete
  29. හික්...හික්....ආශ්චර්යේ බොල ආශ්චර්යේ....... :d

    ReplyDelete
  30. එල එල.. මටත් "...ඉස්සරහට ඌ ආඩම්බරකාර කැම්පස් ශිෂ්‍යයෙක් වෙන්ඩ බලාගෙන ඉන්නවාලු!(ඒ කියන්නේ වෙන්ඩ ජෙප්පෙකි!)..." කියපු එකට ටිකක් මලෙන් තමයි කොමෙන්‍ටුව දාන්න ආවේ.
    දැන් තමයි දන්නේ ඒක කිව්වේ කින්ඩියට කියලා.
    :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ!! තව පොඩ්ඩෙන් උඹලා සෙට් එක මාව මස් කරනවනේ!

      Delete
  31. ආස්චර්යඩ මුකඩ්ඩ එකනෙ හලේ....

    ReplyDelete
  32. අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ. ඒ තරමට අපිව ව්‍යාකූල කරලා තියෙන්නේ

    ReplyDelete
  33. සියාතු මාමා ගෑනු ළමයෙක්ද නාඩියෝ..ගියාය කියලා දාලා තියෙන්නේ..ඒකෙත් ගතියක් නැතුවම නෙමේ නේද :)
    ජය වේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ගෑනු ළමයෙක් නෙවෙයි! ටිකක් කියෝලා බලන්න රූ..එයාව ඔහේ වැනෙන චරිතයක් කරලා තියෙන්නේ!

      Delete
  34. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    ශ්‍රී ලංකාවේ හෟද් ස්පන්දනයේ නාඩි ස්පර්ෂය කරමින් ඊට පහර දෙන උන්ව හඳුනා ගනිමු!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම! බ්ලොග් ලියන්නෙක් සතුවිය යුතු සමාජ වගකීම එයයි!

      Delete
  35. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා මහත්තයෝ......සුභ පැතුම් ඔබටත්!

      Delete
  36. සිරාම කතන්දරේ මචං නියමයි..

    ReplyDelete
  37. ආස්සර්යේ බොලව් ආස්සර්යේ

    ReplyDelete
  38. ""අනේ වාසනාවන්! ඌ හරි දස්සයි නොවැ! අර හඳට යන්න පෙරුම් පුරන උත්තමයා නේ! සියාතු මාමට සතුට වැඩි කමට ඇහෙන් කඳුළුත් ආවා! මොනවා උනත් කුරහන් සුවඳ විඳපු අපේ එකෙක් නොවැ! ""


    හැහ , තවමත් ඒ කෑල්ලට හිනා යනවා බන් , පට්ටයි ඈ.. නියමටම ලියල එක

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිනා වෙලාම නාඩි නැවතෙයි බොල!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...