අම්මා
කියන්නේ...
අවුරුදු තුනකින්
හොද රස්සාවක් එක්ක ගෙදර එන ලොකු මහත්තයෙක්..
තාත්තා
කියන්නේ..
මගේ දාඩියෙන්
කාල ඇදලා ඉන්න ලොකු උගතෙක්..
පන්සලේ ලොකු
හාමුදුරුවෝ හිතන්නේ..
ගමටම ආදර්ශයක්
වෙච්ච ධෛර්යවන්ත තරුණයෙක්!
යාළුවෝ
හිතන්නේ...
ආතල් life එකක් ගත කරන කොල්ලෙක්!
ගමේ අය
කියන්නේ..
ආ....රතු
පක්ෂේ එකෙක්!!
රටේ මිනිස්සු
හිතන්නේ..
පොඩි දේටත්
උත්ගෝෂණ පිකටින් කරන උගත් මෝඩයෝ රැලක්!
පොලිසිය
හිතන්නේ..
බැටන් පොල්ලේ
හයියයි..කඳුළු ගෑස් සැරයි test කරන්න ඉන්න
ඩමියක්!
දියවන්නාවේ
ඇත්තෝ හිතන්නේ..
නිදහස් අධ්‍යාපනයේ
වැරදි අතුරුපලයක්!
ලෝක බැංකුව
හිතන්නේ..
සංවර්ධනයට
තියන ලොකු බාධාවක්!
ඒත්....
මම නම්
හිතන්නේ....
මම....
කකුල් අත පය
බැදලා දාපු...
කටට ප්ලාස්ටර්
අලවපු
ආඩම්බරකාර
තාත්තගේ අවජාතක පුතෙක්!!
ඔය විදියට හිතන එකත් වැරදිම නෑ මල්ලි... දිගටම ලියපං...
ReplyDeleteහැබැයි සුදු වෑන් එකක් එයිද???
Deleteඇටිකිච්ච වගේ ඉන්න උඹව අරන් යන්න වෑන් එකක් ඕනිවෙන එකක් නෑ මල්ලි.මෝටර් සයිකලයක් ආවනම් ඇති වෙයි.
Deleteහා හා...පිස්සු හැදෙයි අපිව මෝටර් සයිකල් වල දාගෙන ගියොත්!!!
Deleteහ්ම්ම්ම්ම්....වෙනස් දෙයක්...!
ReplyDeleteඅදහස හොදයි..!
දිගටම ලියන්න...!
තැන්කු වේවා!!!!
Deleteඅඩේ ඇත්තටම ආඩම්බර කාර තාත්තට ... අවජාතක පුත්තු ඉන්නවද,,,
ReplyDeleteකියපන් විස්තරේ .. ඊලඟ චන්දෙදී ඔය ඩීටේල් අනිත් උන්ට විකුණන්න පුලුවන්
අදයි මේ පැත්තට ගොඩ උනේ... ෆලෝ පාරක් දාගෙනම යන්නම්
හෙන සෙට් එකක් ඉන්නවා කියලා තමයි ආරංචිය!බලමු ඊළඟ චන්දෙදි market කරන්න..තැන්කු වේවා පස්සෙන් ආවට... :)
Deleteඅඩේ මරැනේ බං
ReplyDeleteමරුම තමා.....!!!
Deleteඅපේ ජීවිත වල තිත්ත ඇත්ත තමයි ඕක.
ReplyDeleteඅනිවාර්යෙන්ම....!
Deleteගෑල්ළමයි හිතන්නේ?
ReplyDeleteඒක ඉතිං ඒ ළමයින්ගෙන් තමයි අහන්න වෙන්නේ...
Deleteගෑණු ලමයි හිතන්නේ...... ම්ම්ම් "ඔය ලොකු පාට් දාගෙන හිටියට බැන්දයි පස්සෙ හදාගන්න පුලුවන් අසරණ කොල්ලෙක්"... හික්ස්...
Deleteමාර කතානේ මෙයාලත් කියන්නේ..බලමු බලමු...ඒ බැන්දාට පස්සෙනේ..... ;)
Deleteනදිනි අක්කා ++++ ^_^
Deleteහහහා.... පට්ට ටෝක්ස් ටික :)
ReplyDeleteඋඹලට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අපිට කොහොමත් සුභයි තමා!
Deleteඇත්ත කතාව !
ReplyDelete:)
Deleteඅලුත් ගුවන්තොටුපලකුත් හදපු එකේ බැරිද ආඩම්බරකාර තාත්තගෙන් ප්ලේන් එකක් වත් ඉල්ලගන්න. තව දින 10යි
ReplyDeleteප්ලේන් එකක් නෙවෙයි! මේ අහස අපේ නේ!!!!
Deleteහ්ම්ම්ම්ම් .....................
ReplyDeleteහ්ම්ම්ම්.......
Delete//කකුල් අත පය බැදලා දාපු...
ReplyDeleteකටට ප්ලාස්ටර් අලවපු
ආඩම්බරකාර තාත්තගේ අවජාතක පුතෙක්!!//
මම නම් කියන්නේ රටට හොද නාඩියක් වේ යැයි කියා....
හ්ම්ම්..එහෙමත් වෙන්න ඇති!
Delete