නාඩි සෙට් එක

Monday, October 29, 2012

"වැඩක්" කරමුද?


 සැප්තැම්බර් මාසේ පළවෙනිදා මම නාඩියා හිටියේ කුමන කැලේ මැද්දේ....සත්තු බලන්න කියලා දවස තුනක් විතර කැළැවල් ගානේ හිටියේ....ඔන්න මෝබයිලාවට මැසේජ් එකක් ආවා..මේ ගමන mobitel එකේ අක්කානෙවෙයි...ශාරුක් අයියත් නෙවෙයි..අමුතුම එකක්...

නාඩියා Youth fest 2012 ගියාට පස්සේ සමාජ සේවා වැඩකටයුතු වලට සම්බන්ධ උනානේ...ඔන්න ඒකට සම්බන්ධ එකක්...Needy Readers කියල IMCD එකෙන් කරන සමාජ මෙහෙවරක්ලු...එන්න ඒ වැඩපිළිවෙලේ volunteer කෙනෙක් විදිහට වැඩ කරන්න කියල තමයි මැසේජ් ඒක ඇවිත් තිබ්බේ..කොහොම කොහොම හරි...හොඳ දෙයක් නේ කියලා නාඩියා අතීසාර මිත්තර පොලොස් මාමත් එක්ක ඔන්න ඒ වැඩේට සෙන්ටිමෙන්ටල් උනා....

මල් කැකුලකටපාට දෙන්න කියලා නාඩියා කෙටුවේ ඔන්න ඔය ගැන...

එදා අපි ඉල්ලපු ඉල්ලීම් වලට ලංකාවේ විතරක් නෙවෙයි...ලෝකේ වටේම නාඩි වැටෙන මිනිස්සු හරිම පුදුමාකාර විදිහට ප්‍රතිචාර දක්වලා තිබුනා...එදාම මට කතා කරපු දැනට දුර රටකට ගිහිං ඉන්න මගේම ආදරණිය ගුරුතුමී ඒ පුංචි මල් කැකුළු වලට ලොකු පරිත්‍යාගයක් කළා...

බ්ලොග් ලෝකේ අපේ අයත් හරිම ලස්සනට  මේ සත්කාරයත් එක්ක පෙළ ගැහුනා...BMICH එකේ පොත් ප්‍රදර්ශනේට ආපු red riding hood, ධරණී, මනියා,හිරුහිමාවී, සැගියා වගේ ගොඩක් කස්ටිය Needy Readers කස්ටියත් එක්ක එකතු උනා...(නාඩියා හොරෙන්ම කස්ටිය එනවා බලාගෙන හිටියේ ඈ! ;) ) ධරණී ළමයා එයාම ලියපු පොතක් ගෙනත් දුන්නලු ඔන්න..ඒක අලංක්රුතයි ඈ!

ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදා හංවැල්ල තුන්නාන ශ්‍රී සුමනජෝති ඉස්කෝලේ පොඩි පහේ උත්සවයක් තියලා ඒ පුංචි මල් කැකුළු වලට පොත් බෙදා දුන්නා...ලංකාව පුරා ඉස්කෝල..පුස්තකාල...සංස්කෘතික මධ්‍යස්ථාන...මේ වගේ තැන් වලට Needy Readers අපේ කස්ටිය බෙදා දුන්නු පොත් ගාන 12,000 ත් පැන්නුවා! ඒ ඔක්කොම ඉතින් නාඩි වැටෙන ඔයාලගේ අතින් දන් දීපු පොත්!

හැමෝටම එහෙනම් ඔන්න ස්තූතියි කිව්වා... :)

ඔන්න SundayTimes එකෙත් අපි ගැන ලියල තිබුනලු ඈ!ෆොටෝ එකේ හරිම ලස්සන කොල්ලෙක් ඉන්නවා නාඩියා කියල! ස්වාධිනරුපවාහිනියේත් අපි ගැන නිව්ස් එකක් දැම්මලු..

 ආයේ කියල වැඩක් නෑ...Volunteer team එකත් හරිම ආතල්! පිස්සු බම්ප් වෙච්ච ජනතාවකගෙන් සැදුම් ලත් හරිම අපූරු කණ්ඩායමක්! වැඩ කරන ගමන් පිස්සු කෙලින්න දන්නෙම නෑ!

ඔයාල අපිට භාර දීපු පොත් ඔක්කොම වගේ අපි එකතු කෙරුවේ බොරැල්ලේ මැගසින් ඒක ඉස්සරහ තිබිච්ච අපේ උපාලි අයියගේ බෝඩිමේ...බෝඩිමේ ඉන්නේ හතර දෙනෙක් උනාට ඒ මාස දෙක තුනේ හැමදාම හය හත් දෙනෙක් බෝඩිමේ නයිට ගහනවමයි...වහලේ ළඟටම ගොඩ ගැහිච්ච පොත් ගොඩවල් අස්සේ කාඩ්බෝඩ් එලාගෙන නිදා ගත්ත හැටි...දෙමටගොඩ නයිට් කඩේ නිදා ගත්ත හැටි....සතුට වැඩිකමට ගල්කිස්සේ මූදට පැන්න හැටි... NRPL 2012 වගේ හරිම ලස්සන මතකයන් ගොඩාරියක් මේත් එක්ක එකතු උනා..

ඔන්න ළමයිනේ Needy Readers 2013 ත් තියන්නයි අපේ ලෑස්තිය! ලංකාවේ දුර ඈත පළාත් වල අපේම නංගිලා මල්ලිලා ගොඩකට පොත් පත් බෙදා දෙන්න අපි හිතාගෙන ඉන්නවා..


අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම්...රටට සමාජෙට සේවයක් කරන්න ඕනේ කියල හිතෙනවනම්..... Needy Reader 2013 Volunteer Team එකත් එක්ක එකතු වෙන්න ඔයාටත් පුළුවන්...



වැඩි විස්තර ඕනෙනං නාඩියා අතමන්නකෝ ඈ... :)

51 comments:

  1. Man me kiyanna yana mewwa eka me nadiyata nam adhaala netha.eheth nokiyama beriya.
    Nadiyage nadi godak kiyewwe adaya.ewa nam maruya.maru kiynne mare maruya.pissu bamp wena tharamata alankruthaya...
    Wedi wediyen naadi kotanta ideas pahala wewai bokkenma pathami :)

    ReplyDelete
    Replies
    1. වෙරිම වෙරි තැන්කු ඈ! දිගටම මේ පැත්තේ නාඩි වැටෙන හැටි බලන්න එන්නකෝ ඈ....

      Delete
  2. එල කිරි වැඩක් නාඩියත් ඉඳල හිටලා නාඩි වැටෙන වැඩක් කොරනවා කියලා දැනගන්න ලැබීම සතුටක් :)

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම ඉතින් නාඩි වැටෙන වැඩ තමා කොරන්නේ..ඉඳලා හිටලා අලුගුත්තේරු වැඩක් කොලාට... ;)

      Delete
    2. ඒක ඉතින් වයසේ වැරැද්ද නේ

      Delete
  3. නියමයි! ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...ස්තූතියි ඈ... :)

      Delete
  4. ඔබගේ සද් කාර්යයට සුබ පැතුම්. හෙට (30) දිනමිණ පත්තරෙත් යනවා බ්ලොග් කරුවන්ගේ සමාජ සද්කාරයයක් ඒ ඔයාලගේ එකමද මට මතක නැ හෙට බලන්න.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. නළින් අයියා දිනමිණ පත්තරේ යන්නෙ බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කරපු සත්කාර්යයේ විස්තර... අද (29/10/2012) අද පත්තරෙත් ඒ ගැන සටහන් වුනා. ඉදිරි දිණවල ලංකාවෙ අනිකුත් ජාතික පුවත්පත් වලත් ඒ බැවි ලියැවේවි.

      කවුරු කලත් හොද දේ හොදමයි... මේ සත්කාර්යයත් බොහොම සාර්ථක වෙන්නට පතනවා... ආධාර දීමේදී සැබෑම අවශ්‍යතාවය ඇති පිරිසට තමයි ඒවා ලැබෙන්න ඕනෙ... ජය !

      Delete
    2. නලින් අයියේ..මේකත් ඒ වගේම සත්කාරයක් තමයි....අනිවා ඒක කියවන්නම්...
      ඔව් සිරා අයියේ....යමක් කමක් කර ගන්න පුළුවන් මිනිස්සු විදිහට අපිත් අතපය බදාගෙන හිටියොත්......??ඒක හොඳ නෑනේ නේද?

      Delete
    3. අනිවාර්යයෙන් නාඩියා... සල්ලි වලට ගන්න බැරි මනුස්සකමේ සතුට හොදින් විදින්න පුලුවන් මෙවැනි දේ කිරීමෙන්...

      Delete
  5. හි හි.. මාත් යන්තම් මේකට වත් අත දුන්නනේ.. පුදුම විදියට සතුටුයි... හි හි...
    බලමු ඊළඟපාර මීට වඩා දෙයක් කරන්න පුළුවන් වෙයි...

    පොත් ගුල්ලියෙක්ගෙන් සුභ පැතුමි....

    ReplyDelete
  6. හොඳ වැඩක්නේ.. සාර්ථක වෙන්නට පතනවා...ජයවේවා !

    ReplyDelete
  7. බොහොම හොඳ වැඩක්, සියලු කටයුතු සාර්ථක වේවා මචෝ!!

    ReplyDelete
  8. නාඩියා,
    අපි හැමෝම සමාජෙට බනිනව. ඒත් නාඩි ගැහෙන වැඩක් දැක්ක ගමන් අපේ නරක මිනිස්සු ගොඩක් දෙනෙක් හොඳ පැත්ත හැරෙනව. ඒක තමයි අපේ රටේ හැටි. මිනිස්සුන්ගෙ හොඳ මොනව හරි දෙයක් නිසා වැහිල තියෙන්නෙ. ඒත් උවමනාවක් උන ගමන් ඒ හොඳ උඩට එනව. තියෙන ප්‍රශ්නෙ ඒ හොඳ උඩට ගන්න පෙරමුණ ගන්න කෙනෙක් නැති එක. අන්න එතනදි තමයි උඹල වගගේ එවුන් හැබෑවටම නාඩි වැටෙන මිනිස්සු විදිහට ඉදිරිපත් වෙන්නෙ. එතකොට අපෙත් නාඩි වැටෙන බව අපිට දැනෙනව. අපේ නාඩි වැටෙන බව පෙන්නුවට උඹට පින්. උඹලගේ ඊලඟ සත් කාර්යයට හැකි උදව්වක් කරන්නං.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං..මිනිස්සුන්ට අපි "ජිවත් වෙනවා" කියල මතක වෙන්නේ ජිවිතෙන් ගොඩක් කාලයක් ගියාට පස්සේ...
      බොහොම ස්තූතියි ඈ.. :)

      Delete
  9. හුඟක් වටින වැඩක්.. සියලු කටයුතු සාර්ථක වේවා!

    ReplyDelete
  10. මටත් අත බැරිනං කකුලක් හරි දෙන්න ඕනි.. ඉන්න බලන්න කෝල් එකක් දෙන්න

    ReplyDelete
    Replies
    1. එල එල....කකුලක් හරි දීපන්කො! :D

      Delete
  11. බොහෝම පිංඅතේ වැඩක්.....ඔයාලට සුභ පතනවා තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියල.......

    ReplyDelete
  12. නියමයි..
    ජය වේවා..

    ReplyDelete
  13. මේ පාර needy readers එකටනම් සහයෝගය දුන්නා.පටන් ගන්නකොට කියන්න එහෙනම් හරිද,ලබන අවුරුද්දෙත් පුළුවන් උදව්වුක් කරන්නම්කෝ....

    ReplyDelete
  14. සුපිරි වැඩක් ජයවේවා ...!!!

    ReplyDelete
  15. එල කිරි සුපිරි වැඩක්...! සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. නාඩියා ..,අපට බැරිද පොත් ටිකක් පොස්ට් කරලා ලැබෙන්න සලස්වන්න..පුලුවන්නම් ඒ කොහොමද?කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කොහෙද පොත් ටික තියෙන්නේ කියන්න බලන්න...අපි එකතු කර ගන්න බලන්නම්.....

      Delete
    2. ඔයාල එකතු කරන්න පටන් ගත්තම කියන්නකෝ!පොත් ටික තියෙන්නේ රත්නපුරේ!
      :D

      Delete
    3. රත්නපුරේ! කිසි ප්‍රශ්නයක් නෑ.... 071 666 3282 -උපුල් සේනානයක සහෝදරයාට කතා කරන්න...
      බොහොම ස්තූතියි ඈ.. :)

      Delete
  18. එළ නියම වැඩක් බන්.
    බලමු ඊලඟ එකට මාත් මොනවාහරි කරන්නම්

    ReplyDelete
  19. ela..ela kiri wadak ne..all the best machoo...

    ReplyDelete
  20. නාඩියත් සෙල්ලං පොරක් නෙමෙයි නේද

    ReplyDelete
  21. දැයේ දරුවන්ට දැනුම් සයුරෙන් දිය දෝතක් දුන්නු ඔබ සැම දෙනාටම පිං

    ReplyDelete
  22. හොද වැඩක් ! සුබ පැතුම් !

    අද තමයි මේ පැත්තට අවේ අද ඉදන් ඉතින් හැමදාම කරක් ගැහුවට කමක් නැනේ :)

    ඇවිත් යන්න එන්න, "The අච්චාරු පිටුව"

    ReplyDelete
  23. අදමයි ආවේ ..සුබ පැතුම..කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...