නාඩි සෙට් එක

Thursday, June 7, 2012

පශ්චාත් පොසොන් උඩු බිරීම!



ඔන්න එහෙනම් පොසොනුත් ඉවර උනා!නාඩියා පොසොන් දවස් වල පට්ට බිසී වෙලා හිටියේ..ඒකයි මොකුත් කොටන්නවත් බැරි උනේ...

පොසොන් සමයේ නාඩියා හිටියේ සිරි ලංකාවට බුදු දහම රැගෙන ආපු අනුබුදු මිහිඳු හිමිගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච සුන්දර මිහින්තලා පුද බිමේ...!(කොහොමත් නාඩියාගේ සාමාන්‍ය පදිංචිය එහෙ තමයි..සංගනනේදී ලියල තියෙන්නේ එහෙම!)

පොසොන් එකට කොහොමත් අපේ විස්ස විද්දියාලේ බැහැලාම වැඩ!හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අමුතුම පහන් කුඩුවක් හදන්න කට්ටිය සුදානම් උනා!භක්ති ගීත..ඔසු පැන් දන්සැල්...වැඩ ගොඩයි...
රජරට විශ්ව විද්‍යාලේ අපේ කොල්ලෝ කෙල්ලෝ හදපු පොසොන් පහන් කුඩුවට ගහන්න කුඩුවක් ඉතින් ලොවෙත් නෑ!ලොවි ගහෙත් නෑ!මුළු කුඩුවම හදලා තියෙන්නේ අටපට්ටම් වලින්...!අටපට්ටම් 2500 ක්!සෙල්ලම් නෑ නේ!

දන්සැලත් නරකම නෑ!දවස් දෙකක් මිහින්තලා වන්දනාවේ යන අපේ වන්දනා නඩ වලට ගමන් විඩාව යන්න ඔසු පැන්!ලස්සනට සුද්ද කරපු පොල කට්ටක හකුරු කෑල්ලක් එක්ක දේශීය ඖෂධ සාරයෙන් හදපු අපේම ඔසු පැන් ඩිංගක්...

(හැබැයි හදන්න ගිහින් නම් පණ ගියා!මහා කල්දේරම් තුනක් එක්ක ගින්දර අතේ තියන් ඔට්ටු වෙන එක ලේසි පහසු වැඩක් නෙවෙයි!දුම් වැදිලා ඇහෙන් කදුළු කැට කඩා වැටෙද්දීත් අපේ කොල්ලෝ එතන හිටියේ දන්සලෙන් ඔසු පැන් පොල් කට්ටක් රස බලන සියදෝරිස් මාමගේ...සිරියලතා නැන්දගේ  අහිංසක හිනාව ඒ කදුලට වඩා බර හින්දා...)


හැබැයි ඉතින් අප්සෙට් වැඩේ තමයි ලංකාවේ අපේ අය මේ උතුම් පෝය දවසත් කානිවල් එකක් කරගෙන තියෙන එක!
ලංකාවේ අපේ පෙර පොසොන් සුදානම දැකල නාඩියාට පිස්සු බම්ප් උනා!

දවස පොසොන් දවසට කලින් දවස...ස්ථානය - ඇතුගල්පුර බස් ස්ටෑන්ඩ් එක....නාඩියා කලාස් ක්ලෝස් වෙලා ආපහු කැම්පස් එකට එන්න බස් එකකට රිංග ගන්න ස්ටෑන්ඩ් එකට ආවා!පිස්සු හැදෙයි..සඳ බොඳ වෙයි!කොහේ යන්නද!කිලෝමීටර් 2 ක් විතර අනුරාධපුරේ යන්න පෝලිම!වන්දනා නඩ අලංකෘත ඇදුමෙන් සැරසිලා පාට පාට විච්චුරණ එල්ලගෙන, තියෙන බියුටි කචල් සේරම කොරගෙන තණ්හා ..රතී..රඟා..වගේ උපාසක අම්මලා රොත්තක් පෝලිමේ ඉන්නවා!නාඩියා හිමින්ම එතනින් ශේප් උනා!නැත්නම් එතනම රහත් වෙයිද දන්නේ නෑනේ!

බස් කට්ටක නැගලා ඉස්ටේසමට ආවා කොච්චියෙවත් එල්ලිලා කැම්පස් එකට දුව ගන්න ඕනේ කියලා හිතලා! කොල්ලා 2 වෙනි පන්තියේ ටිකට් එකක් ගත්තා ඉඩක් කඩක් තිබ්බොත් ඒකටවත් පැන ගන්න කියලා!කෝච්චිය ආවා!කිසි  ප්‍රශ්නයක් නෑ!ඉඩ තියනවා!හැබැයි ෆුට් බෝර්ඩ් එකේ යටම පඩියේ විතරයි!ඒ තරම් ශ්‍රධාවන්ත ජනතාව පොසොන් වන්දනාවේ යනවා!හරි අමාරුවෙන් ඇතුලට රිංගලා කොච්චි පෙට්ටියේ ටොයිලට් එක ඉස්සරහ අඩි  4 ක විතර ඉඩක් අත්පත් කොර ගත්තා!ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි බය වෙන්න ඕනේ නෑනේ කියලා හිතාගෙන එතනම බිම ඉඩ ගත්තා! වවුලගේ ගෙදර ආපුවහම වවුලෙක් වගේ ඉන්නේ ඕනේ කියනවනේ.. 

අති සුන්දර සුවදවත් දුම්රිය සංචාරෙකින් පස්සේ පුරේ ඉස්ටෙමට ආවා!යාන්තම් ඇති! NDB නොමිලේ කෝච්චිය තිබ්බ හින්දා රුපියල් 30 ක් ඉතුරු කරගෙන කැම්පස් එකට සේන්දු උනා!

එදා රෑ පොසොන් පෙරහරේ සේසත් උස්සන් යන්නත් නාඩියාට සිද්ද උනා!කවද කාපු ටකරන්ද!හැබැයි ඉතින් සේසතක් උස්සන් දහස් ගණන් ලලනාවෝ පාර දෙපස ඉද්දි ඒ මැදින් ගාම්භීර විදිහට යන්නත් පින් කොරල තියෙන්න ඕනේ!

ඔන්න පොසොන් දවස!හෝ ගාල සෙනග මිහින්තලේ වදින්න එනවා!මිහින්තලේට යනවා නෙවෙයි..මහා සෙනගට තෙරපිලා ඒ දිහාට යැවෙනවා!

හොදම වැඩේ තමයි “පොසොන් කානිවල්” එක!ලංකාවේ ඉන්නේ කොහොමත් පශ්චාත් භාගයත් ආදායම් මාර්ගයක් කර ගන්න බලං ඉන්න මැන්ටල් බුවාලා ඉන්න රටක් නේ!උතුම් පොසොන් පෝයත් දැන් කට්ටිය මාකට් කරනවා!

මාරක ළිද...කතුරු ඔන්චිල්ලා....පාට පාට නූල් කඩ...රුපියල් 50 ක් දීලා බොලේ හිලට දාන පොට්...පච්ච කොටන ගුබ්බෑයම්....මේ සියල්ල අංගසම්පුර්ණ පොසොන් උත්සවයකට අවශ්‍යයිලු!

මහ රෑටත් sunglass දාගත්ත පච්ච සිරාල රංචු රංචු බොන්ගෝ ගගහා වටේ කැරකෙනවා!කටේ කිරි සුවදවත් ගිය නැති කොල්ලොන්ගේ කටින් එන්නේ C2H5OH සුගන්ධය...!

හොදම සීන් කෝන් එක තමයි සෙරෙප්පු මාටියා ගැසීම!නාඩියානම් කවදාවත් හොදයි කියන සෙරෙප්පු දෙකක් පන්සලට දාගෙන යන්නේ නෑ!(අනිත් එක හොදයි කියලා එකක් නාඩියාට නෑ!හැම එකක්ම නැනෝමීටර් 10 ක විතර ගනකම තියෙන ඒවා!)මොකද අපේ උපාසක මහත්තුරු නෝනලා ඒවා එර්දි කොරන බව අද්දැකීමෙන් දන්න නිසා!

ඔන්න අපි කස්ටිය මිහින්තලාව නැගලා පහළ බහිද්දී අපේ සෙට් එකේ සෙරෙප්පු කුට්ටම් 5 ක් ම එර්දි වෙලා!ශ්‍රද්දාව දෙගොඩ තලා යනවා ඉතින්...කට්ටිය ඉතින් සෙරෙප්පු නැතිව සෙරෙප්පු උස්සපු සුපින්වත් උපාසකයන්ගේ ජාතිය මතක් කර කර පල්ලම් බැහැලා පාර දෙපැත්තේ ගජ රාමෙට තියෙන තාවකාලික සෙරෙප්පු මාලිගාවකට ගොඩ උනා! මල jumping! එතන සෙරෙප්පු කුට්ටමක් ඔඩෙල් එකේ කුට්ටමකටත් වඩා ගණන්!මොනවා කරන්නද ඉතින්..අලි බෙටි පාග පාග මහ පාරේ යන්නැයි! මාසයක් ජිවත් වෙන්න තියෙන 2500 න් 10 න් 1ක්  සෙරෙප්පු දෙකකට ගෙවලා ලයිට් වක්කරපු අඹ ගස් මැද්දෙන් අපි හොස්ටල් ආවා!

මිහිදු හාමුදුරුවෝ මේවා දැක්කානම් ලංකාවට පය තියන්නෙත් නෑ කියල නාඩියාට හිතුනා....

23 comments:

  1. දැන් මෝඩ් වෙච්ච පොසොන් නොවැ තියෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට මොන මොනවා මොඩ් වෙයිද දන්නේ නෑ!

      Delete
  2. මිහිදු හාමුදුරුවෝ මේවා දැක්කානම් ලංකාවට පය තියන්නෙත් නෑ කියල නාඩියාට හිතුනා.......

    :)

    මගේ හොදම යාළුවා ඉන්නෙත් රජරට කැම්පස් එකේ තමයි .. පොසොන් වලට ආරාධනාවක් ලැබුනට යන්න උනේ නැහැනේ ඒ පැත්තේ .. :)

    ඔයාලගෙ කූඩුව අටපට්ටමට පෙන්නුවා කියලත් ආරංචියි ..මාරම ලස්සනයි එක නම් හ්ම්ම් ..

    ReplyDelete
    Replies
    1. අප්පේ..හොද වෙලාවට කින්නරී මේ පැත්තේ ආවේ නැත්තේ!නැත්නම් කවි ලියන හැටිත් අමතක වෙයි!ඒ තරමට සෙනග!
      ඔය යාලුවා නේද අර ඔය ලස්සන වෙලා කියලා බොරුවක් කියල තිබ්බේ? :පි
      තැන්කු වේවා!

      Delete
    2. හි හී ඔව් ඔව් යාළු හී හී ......:)

      Delete
    3. apith rajarata waddo harida yaluuuuuuuu

      Delete
  3. අයියෝ පොසොන්....

    අඩේ කූඩුවනං උපරිමයි නාඩියෝ... මැක්සා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රජතුමනි!
      හැබැයි ඉතින් මේ ට්‍රයි එක රජ වෙන්න නම් නෙවෙයි! :පි

      Delete
  4. ඇත්තටම කියනවනම් ඔය කියපුව සේරම ඇත්ත නාඩිය දන්නවා මේ මන් කවද කියලා පොසොන් දවස් වල තරම් කට්ටක් මගේ මුළු ජීවිතේටම මම කාවේ නැ. අඩුම ගානේ උස්සස්පෙල කොරනකොටවත් .
    හබි ඉතින් හිතේ කිසි කහටක් නැ අපි කරගත්ත පින් කන්දරාව දැක්කහම . අපේ තොරණ ගාවෙන් ගිය කාට උනත් ශාඅ මාරු නේ කියල කියුන මම අහගෙන . වැඩේ ගොඩ දාන්න අපේ කට්ටිට්‍යම සෑහෙන්න කට්ටක් කෑවා.
    දවස් 5 එක දිගට නිදිමරුව...එත් ඉතින් මේවා දකිද්දී කාටද ආඩම්බර ?

    ReplyDelete
    Replies
    1. සිරාවට පොලොස් මාමේ ඒ දවස් ටිකනම් අමතක වෙන්නේ නෑ කවදාවත්!අඹ ගහක් යට පොල් අත්තක් උඩ නිදා ගත්ත හැටි කවදා කොහොම අමතක කරන්නද?
      මේ පිනෙන් වත්..........නේද? හා හා....

      Delete
  5. වෙසක් පොසොන් නත්තල් අවුරුදු විතරක් නෙමෙයි දැන් මව්වරුන්ගේ දිනයත් විකුණනවා නාඩියෝ... අනේ කාලේ වනේ වාසේ කිව්වලු... තව ටික දවසකින් මොනවා විකුණයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ..දැන්නම් බයයි වගේ....මොනවා විකුනයිද දන්නේ නෑනේ!

      Delete
  6. එකදිගට දවස් 5ක් නිදිමරාගෙන වැඩ ගොඩ දාන්න මහන්සි උනත්... පොසොන් දවසෙ ආපු බැතිමත්තුන්ගෙ පින් ප්‍රාර්තනා ඇහව්වම ඒ ඔක්කොම අමතකයි.ඔය අස්සෙ නාඩියා එක්ක දවස ගානෙ යන එන මිහින්තලාවට පාර වැරදුන එකෙන් ,, සුපිරි කට්ටක් කැව... දවසකට 3 පාරක් ,නාඩියා කියපු නරලොව හොල්මන් වගෙ බැතිමත්තු දිහා බල බල කන්ද නග්ගෙ නෙතැයි... කකුල් කඩෙන්න වගෙයි හිටියෙ.. පිස්සු හැදෙයි සද බැබලෙයි කිව්වලු...

    ReplyDelete
    Replies
    1. පාර වැරදිච්ච එකටනං මගේ කිසිම සම්බන්ධයක් නෑ!එකට සම්පුර්ණ වැරදිකරු "මකා"!!මහසොනත් හොද සිහියෙන් නෙවෙයි නේ හිටියේ..මොහිණිට මැසේජ් කර කරනේ පාරේ ගියෙත්!
      අනික 3 පාරක් නැග්ගේ මොකටද කියල මතකනේ....නූල් සිද්ධිය එහෙම.... :පි

      Delete
  7. සිරි දේසෙ වැසියන්ගේ ශ්‍රද්දාව ගැන ඉතින් කුමන කථාද....

    කොහොම උනත් නාඩි සෙට් එක පිං කම් කිහිපයක්ම කරගෙන තියනවනේ.. එහෙම පහන් වෙච්ච සිත්... ඔය උපාසක උපාසිකාවන්ගෙ ශ්‍රද්ධාව හින්ද ගිණි තියාගන්නෙ නැතිව ඉන්න එක තමා හපන්කම

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...එහෙමවත් ඉන්න බලමු.. :)

      Delete
  8. මහ රෑටත් sunglass දාගත්ත පච්ච සිරාල// හික්ක්ස්ස්... ඕක දාගෙන රෑට යදිදි පුදුමාතලන් එකක් නෙද ඒ අයට ඇත්තේ.. හැබැයි නාඩිය නොදන්නව වුනාට ඕව මූන් ග්ලාස්ද දන්නෙත් නෑ...
    අර අටපට්ටම් පොසොන් පහන් කුඩුව නම් මාර ගති.. හදන්න මහන්සි උන සියළුදෙනාට ස්තූතිය....!!

    ReplyDelete
    Replies
    1. හී..හී..ඇත්තට ඒවා මූන් ගලාස් ද දන්නේ නෑ!අහන්නත් බැරි උනා! :පි
      බොහොම ස්තුතියි අපේ අහිංසක උත්සාහය අගය කලාට...

      Delete
  9. පෝස්ටුව දැක ප්‍රදේශානුරාගය ඇතිවී කමෙන්ටුවක් දමන්නටම සිත්විය.
    පළමුව හෙලා දකිමි.. (ඔබගේ නාඩිය නොව පොසොන් උත්සවය කානිවල් එකක් කරගන්නා සංවිධායක මහත්වරුන්ටය)
    පොසොන් කමිටුවේ සංවිධාන රැස්වීමකට ඔබ ගියහොත් කෙතරම් පොසොන් පින්කම මුදලට යටවී ඇත්දැයි වටහා ගත හැකිය. මෙවැනි අදහස් ඇති පින්වත් මහත්මයෙකුටවත් එවැනි තැනක හිස ඔසවන්නට බැරිවෙන්නටම මුදල බලපුලුවන්කාරකම ඉස්මතු කරගනියි.

    සංවිධානය කිරීම සාමාන්‍යෙයන් වසරේ මුල පමණ ආරම්භ වන අතර පළමු රැස්වීමටම බුරුතු පිටින් පැමිණෙන්නේ මාධ්‍ය කාරයන් සහ වෙළෙන්දන්ය.. මාධ්‍ය කාරයින් තම තමාගේ ආයතනයට පොසොන් දිනයේ මාධ්‍ය ආවරණය ළබා ගැනීමට කටයුතු කරති. පොහොසත් මාධ්‍යකාරයින් ලක්ෂ ගණනින් උත්සවය සංවිධානය කරන්නට ආධාර කරන බව පවසා කෙසේ හෝ ලබා ගන්නේ තවත් අත යටින් මුදලක් ##### අතට පත් කරවමිනි.. (සියසින් දුටු සත්‍ය සිද්ධීන් වේ.) ඔවුන්ගේ ටකරම් මාධ්‍යද එදාට වැඩක්ම නැත. මාධ්‍ය නැතිව අවතැන් වූවන් සොයාදීමේ සේවයක්ම වූවානම් ඊට වඩා ප්‍රයෝජනවත්ය. වෙළෙන්දන්, බීමකාරයින්ද තමන්ගේ බැනර් කටවුට් ලයිට් කණුවල එල්ලා ගැනීමටද පොරකති. (2012 දී නම් බැනර් එකක 21% කට අඩුවෙන් වෙළඳ නාමය පැවතිය යුතු බවත් ඉතිරිය බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන වාක්‍ය තිබිය යුතු බවට සම්මත වුවත් මා නම් එවැනි විශේෂත්වයක් දුටුවේ නැත.)

    ඉස්සර (පුංචිම කාලෙ) පොසොන් එකට තොරණක් දෙකක් වරදින්නේ නැත. (දැන් තියෙන්නෙ ඔය කියපු ජාතියෙම ඒව මේවයි කඩ ටිකයි විතරයිනෙ.) නමුත් රජරට කොල්ලන්ට කෙල්ලන්ට පින්සිද්ධ වෙන්නට පහන් කූඩු, තොරණකින් මිහින්තලය ආලෝකමත් වීම පැසසිය යුතුමය.

    +++ පොස්ටු එකින් එකට කොමෙන්ට් නොදැම්මාට සියල්ල එක තැනකින් මෙලෙස අගය කරමි. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..එහෙනම් ඒකයි මෙතන කතාව..... බොහොම ස්තුතියි... :)

      Delete
  10. පොසොන් සඳයි සරසවියයි... එක්ක අපිත් හිටියෝ..... රෑ එලි වෙනකම් ගස් යට ඉඳල කාපු කටු දැන් මතක් කරද්දී නම් හරි සුන්දරයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...