නාඩි සෙට් එක

Thursday, May 31, 2012

කොම්පීතර


අද නාඩියා කොටන්න හිතුවේ පහු ගිය දොහක ඇතුගල්පුර කොරපු මෘදුකාංග එක්සිබිසං එකේ ඉද්දි ඔළුවට එන්ටර් වෙච්ච අයිඩියාර් ටිකක්..

ඔන්න ඉතින් උදේ පාන්දරම ආදරණිය ඉස්කෝලේ නංගිලා මල්ලිලා ටික ටිචර්ලත් එක්ක ප්‍රදර්ශනේ බලන්න ආවා...අවුරුදු දෙක තුනකට ඉස්සර වෙලා අපිත් මෙහෙම් ආවනේ කියලා ඒක දැකල මට හිතුනා..සමාරම්භක උත්සවේ එහෙම තියලා...පොල්තෙල් පහන එහෙම පත්තු කොරලා...වැඩේ පටාන් ගත්තා....

අපිත් ඉතින් දන්න කියන වැඩ දාල අපි දන්නා කියන දේවල් මතු පරපුරට කියලා දෙන්නා සෙට් උනා.ඉස්කෝල වලින් එන්න කියලා තිබ්බේ O/L, A/L තොරතුරු තාක්ෂනය ඉගෙන ගන්න ළමයින්ටයි..ඒ විෂය වලට සම්බන්ධ ගුරුවරුන්ටයි..

පැහැදිලි කිරීම් පටන් ගත්තා..විස්තර කරන්නේ Software Development ගැන..Java ක්‍රමලේඛන භාෂාවේ තියන වරුණේ ගැන එහෙම ඉතින් කියනවා.ළමයි පුදුම වෙලා වගේ ඒක එක්කෙනාගේ මුණු දිහා බලන්න පටන් ගත්තා!පේන විදිහට වැඩේ අවුල් වගේ!කරගෙන ගිය ඒක නවත්තලා අපි පොඩ්ඩක් audience ඒකෙන ප්‍රශ්න අහන්න පටන් ගත්තා..

IT කියන්නේ මොන වගේ subject එකක් කියලද නංගිලා මල්ලිලා හිතන්නේ?”
“..........(නිශ්ශබ්දතාවය)”

Software එකකින් අපි කරන්නේ මොනවගේ දෙයක්ද?”
“ම්ම්ම්.......ම්ම්ම්.....”

මොනවද නංගි මල්ලි ඔයාලා දන්න software?”
ම්.....word….windows…….ම් .....”

මාර සිද්ධිය!ඉස්කෝලේ ICT විෂය කරන අයවත් මේ ගැන කිසිම අවබෝධයක් නෑ!හරිම දුකයි!අපි මහා ලොකුවට කියනවා ලංකාවේ තොරතුරු තාක්ෂණ දැනුම හරිම දියුණුයි...පරිගණක සාක්ෂරතාව බොහොම වැඩියි කියලා!හැබැයි ඒක නෙවෙයි  ලංකාවේ ඇත්ත තත්වේ!

ඇත්තම කිව්වොත් අපි සංගණන වලදී පරිගණක සාක්ෂරතාව මනිනවා කියලා කරන්නෙත් බොරුවක්!2011 සංගනනේ(හැබැයි ඒක තිබ්බේ 2012 මේ අවුරුද්දේ!)අපි සාක්ෂරතාව කියලා ගත්තේ කොම්පිතරයක් ඕන් කරගන්න පුලුවන් කස්ටියනේ!ඇත්තටම ඒකටද  පරිගණක සාක්ෂරතාව කියන්නේ????

  ඉස්කෝල වලත් කියන්න හැම වෙලාවෙම අපිට පහසුකම් නෑ!ප්‍රමාණවත් තරම් ගුරුවරු නෑ!ඒ වගේ චොකා බයිලා!හැබැයි ඇහුවොත් internet නම් තියනවා කියලා කියනවා!ප්‍රයෝජනයක් ගන්න පාටක් නම් පෙන්න නෑ!පාසල් බොහොමයකගේ පරිගණක විද්‍යාගාර ප්‍රින්සිපල්ගේ  හරි සර් කෙනෙක්ගේ හරි පෞද්ගලික දේපලක් බවට පත් කොරගෙන!

අනිත් දුක හිතෙන දේ තමයි ලංකාවේ ළමයි කොම්පීතර කියලා හිතන්නේ windows වලට!Bill Gates මාමට පශ්චාත් භාගෙනුත් හිනා යයි මේවා අහලා!පවු නේ!මොකද ඉතින් අපි මේකට කොරන්නේ????ඇස් ඇරගෙන කට බලියන් බලන් ඉමුද???අපිය කොරන්න පුළුවන් දෙයක් කොරමුද??මොකද පඩුපුල් ආසනේ කවදා උණු වෙයිද දන්නේ නෑනේ!

10 comments:

  1. හ්ම් හ්ම්... අර අහපු දේවල් වලට උත්තර දෙන්න මමත් දන්නේ නෑ ඕං.. මට අයි ටී මැජික්

    ReplyDelete
    Replies
    1. IT මැජික් වෙලා තියෙන්නේ ලංකාවේ අපි IT කියලා හිතාගෙන ඉන්න දේ මැජික් එකක් හින්දා!නැත්නම් ඒක මැජික් නෙවෙයි!

      Delete
  2. තොරතුරු තාක්ෂණය ගැන අපේ රටේ තවමත් තියෙන්නේ බොහොම පටු ආකල්පයක්. සමහර අප්‍රිකානු රටවල් අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. හැබැයි යම් දියුණුවක් තියෙනවා. ඒක මදි. 1995 වින්ඩෝස් 95 එලිදක්වද්දි ලංකාදීප පත්තරේ කිව්වෙ “ඇමරිකාවේ ක්ෂුද්‍ර මෘදු නම් සමාගමක් විසින් කවුළු 95 නමින් මෘදුකාංගයක් එළිදක්වා ඇත“ කියලා. නමුත් අද කවුරුවත් එහෙම කරන්නෙ නෑ. මහාචාර්ය වී කේ සමරනායක වගේ විද්වතුන් කරපු සේවය නිසයි එහෙම වුනේ. තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කරන්න ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ම ඉන්න ඕන. ඒ අතින් ඔයාලා කරන සේවය විශිෂ්ඨයි මල්ලි...

    ReplyDelete
    Replies
    1. 1995 වගේ නොදැම්මට අද නම් ජනමාධ්‍ය කරන්නේ තොරතුරු තාක්ෂණය විකුණගෙන කන එක!බොහොම ස්තුත්යි අයියා අපිව දිරි ගැන්නුවට!

      Delete
  3. ඇත්ත කතාව අපේ හුගක් ගම්වල විතරක් නෙමේ නගරබදවත් ඔය ප්‍රස්නේ තියෙනවා හුගක් උන් හිතන් ඉන්නේ IT කියන්නේ FACE BOOK යන එක කියලා

    ReplyDelete
    Replies
    1. සිරා කතාව!ගොඩක් උන් බුකියට ඇබ්බැහි වෙලා හින්දා තමයි අනිත් ඒවා ගැන නිකම්වත් අන්තර්ජන්ජාලයේ හොයන්නේ නැත්තේ...

      Delete
  4. හැබැයි නාඩියෝ, අයි ටී කියන්නේ ජාවා ත් නෙවෙයි හොදේ..
    එහෙම වුනොත් ඉතින් public static void main කියන්නේ කොම්පීටර් වෙයි!!
    කටට 32 GB Pen එකක් දාන්න වටින කතාව බොල! එල ඈ!!

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා!ජාවා විතරක් අයි ටී උනොත් පිස්සු බම්ප් වෙයි! තැන්කු ඈ!!!

      Delete
  5. ඇත්තටම නාඩියෝ වැඩේ කියන්නෙ සමහර ඉස්කෝල වල තියෙන ඔය අයි.ටී. කාමර වල ඉන්නෙ ගුරුවරු විතර යි. පංති වල ලමයි ඩෙස් වලට ගගහ නටනව... ඉතින් කොහෙද අනේ මුන් ඕව දන්නෙ...අනික ඉන්න ගුරුතුමාට කොම්පීතරේ ස්ටක් උනාම හදාගන්න බැරි කොට අපේ උන්ට මොන අයි.ටී. ද ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...