නාඩි සෙට් එක

Friday, June 29, 2012

Museum De Naadiya - නාඩියාගේ කටු ගේ!


නාඩියා සුට්ටම් බට්ටිච්චා කාලේ ඉඳන්ම ඔය පරණ අයිටම් වලට හරි ආසයි!අමුතු අමුතු අයිටම් කෑලි  එකතු කරලා නිකම් අර ඩිස්කවරි චැනල් එකේ වගේ ඒවා තියාගෙන පොඩි පොඩි experiment කොරන එක තමයි ලොකුම වැඩේ!

ඉස්කෝලේ යද්දිත් මේ අයිටම් එකක් දෙකක් සාක්කුවේ දගෙන  ගිහිං යාළුවොන්ට ඒ අටමංගල්ල ගැන බහුසෘත talks දෙන්නත් නාඩියා අමතා කලේ නෑ!

හැබැයි ඉතිං කොහේ හරි තියෙන දූවිලි පිරිච්ච ලට්ට ලොට්ට ගේ අස්සට ගේනවා කියලා ඉහල මන්ත්‍රී මණ්ඩලෙන් නම් හැමදාම කචල් දානවා..

ඔන්න ඉතින් මම හිතුවා නාඩියාගේ ඒ මහානර්ඝ කටුගෙයි ඇති දුර්ලභ වටිනා පින්තූර කෑලි ටිකක් බ්ලොගේ දාන්න!මේවා ඉතිං තාමත් නාඩියා ගාව ඉතා සුරක්ෂිත විදිහට තියනවා..මොකෝ ඉතිං ලොකු උන දවසකට සුට්ටම් කාලේ කරපු ආතල් වැඩ මතක  තියෙන්නත් ඕනෙනේ!


මේක ආරංචි විදිහටනම් නාඩියාගේ සියාගේත් තාත්තගේ!ඒ කයන්නේ මුත්තාගේ!මහගෙදර ගච්චපු වෙලේ සීයට පොඩි නාඩියක් දාල තමයි ඉස්සුවේ.මේකේ යට Barratts – Northampton කියලත් ඔන්න ගහලා තියනවා..ඉස්සරහ මොනර පිහාට්ටකුත් ගහල තියනවා!මල් හතයි නේ!මේක දාගෙන මුත්තා කොල්ලා වගේ ඉන්න ඇතිනේ!ආච්ච්චිලා බලන්න ඇති හැරී හැරී!!හැටි කරදරේ තියෙන්නේ ඇති නාඩියාට වගේම...





මේ අයිටම් ඒක ඉතා වටිනා භාණ්ඩයක්!පරණ බිස්කට් ටින් එකක් පුරෝලා සත 5 හේ 10 යේ ඒවා!එලිසබත් ආච්චිට ඉස්සරලා රජා වෙච්ච ජෝර්ජ් කාරයාගේ මුණ කොටපු කාසිත් තියනවා මේකේ!සෙල්ලම් බරක් නෙවෙයි කිලෝ 5.2 ක්!තඹ නම් කොච්චරක්ද?හැබැයි ඉතිං නාඩියා මේවා උණු කොරන්න නම් ගියේ නෑ!දවසක රුපියල පාවලා පාවෙලා ගිහිං සත පහට දහයටත් තැනක් එන දවසක් එයිනේ!එදාට නාඩියා ලොකු සල්ලිකාරයෙක් ඔන්!



 
 


මේ පින්තුරේ තියන එකනම් හොදට දැකලා විදලා තියෙන එකක්!බැටන් පොල්ලකුයි බින්තැන්නෙන් ගෙනාපු ඊ තල කෑල්ලක්!බැටන් පොල්ලනම් කොහෙන් හම්බුනාද කියලා මතක නෑ!(නාඩියා නම් පොලිසිය පැත්තේ ගියේ නෑ ලගකදී!)











කටු ගෙයි තියෙන “Made in China” බඩුවක්!පරණ මදුරු කොයිල් පැකට් එකක්..DDT දාලලු හදල තියෙන්නේ...මම දන්න විදිහට DDT දාල කොයිල් හදන ඒක නවත්තල හුඟක් කල් දැන්!කොහොමද ඉස්සරහ  ඉන්න චිනෝ තුන් දෙනාගේ අපූරුව !








  මේ තියෙන්නේ කටු ගෙයි ටිකක් බර සාර අයිටම් තුනක්!


01.මේක නාඩියාගේ ඉතා පැරණි අන්වීක්ෂයක් කියන එකක්ලු!හැබැයි ඔකේ උඩින බලපුවහම මෙලෝ දෙයක් පෙන්නේ නම් නෑ!හැබැයි ඉතිං ලස්සන අයිටම් එකක්!ඒ නිසා නාඩියා කටු ගෙයි තියාගෙන ඉන්නවා!
02.ඊළඟ පත අයිටම් ඒක තමයි වයින් කරන ඔරලෝසුව..ඕකේ ඉලක්කං ටික රෑටත් පේනවා!රේඩියම් කියල එකක් දාලලු හදල තියෙන්නේ..West Germany කියල යටින් කොටලා තියනවා..ඒ කියන්නේ මේ අයිටම් එක බර්ලින් තාප්පේ කඩන්න ඉස්සරලා හදපු එකක්!
03.මේ අයිටම් එකනම් මොකද්ද කියලා නාඩියා  දන්නේ නෑ!පිස්ටන් එකක් වගේ කෑල්ලක් තියනවා..මොකද්දෝ මන්දා..ඒ උනත් අමුතු ගැජමැටික් එකක් වගේ!කවුරු හරි මේ මොකද්ද කියල දන්නවනම් කියන්ඩෝ...!!

චාල්ස් ඩාවින්ට පස්සේ ලෝකේ පහළ වෙච්ච ඇති ශ්‍රේෂ්ට නාඩියා කියන පරික්ෂකයාගේ ජීව විද්‍යාත්මක නිදර්ශක!පුග්!

  1. නාඩියාගේ ගෙදර හදලා තියෙන  වැහිලිහිණි කුඩුවෙන් වැටිච්ච පස් වගයක්!මේවා හරි ගණන්ලු!කඩලා විකුනනවලු!මේවගෙන් Bird nest soup කියල එකක් හදනවලු!හැබැයි අපේ ගෙදර එකනම් තවම තියනවා!
  2. ඊළඟ අයිටම් එක වේලිච්ච බත් කුරෙක්!බිම වැටිලා තියෙද්දී හොයා ගත්තේ!(ඇත්තට දැන්නම් මුන් හරි අඩුයි!ඇයි  ඉතින් මුළු ලෝකෙම වස ගොඩක් නේ!
  3. ඉත්තෑ කූරක්!ඇනුනොත්  නම් සොරි.කොම් තමයි!
  4. මේ තියෙන්නේ නාඩියාගේ කෞතුක වස්තු එකතුවේ තියෙනේ වටිනාම පොසිලය!මම හත වසරේදී..2002 දී තමයි හොයා ගත්තේ..ඒ කාලේ මගේ බුදු පිට් එකක් හිටියා පන්තියේ මක්කයා කියල..ඒ යකා එක දවසක් මට ඇවිත් කියනවා.. 
“අඩේ බං ඊයේ අපේ ගෙදර මයිනෙක් මැරිලා ඉඳල වල දැම්මනේ බං!”
නාඩියාට ඉතින් ෆුල් ඉන්ටරස්ටින්!

“මට දියන්කෝ ඒ මයිනගේ ඇට සැකිල්ල බං...”
“පිස්සුද ඒක එහෙම දෙන්නේ නෑ!”

“අනේ බං...”
උඹ මට මොනවාද දෙන්නේ කියපන්කො..”

“හ්ම්ම්..මම උඹට මවුස් බෝලයක් දෙන්නම්....!”
(මවුස් බෝලේ කිව්වේ අර ඉස්සර මවුස් වල යට තිබ්බ බෝලෙට බං!ඒවා ඒ කාලේ හෙන වටින බඩු!)

ඔන්න ඔහොමයි ඒ වටිනා කියන මයින ඇට සැකිල්ල මගේ අතට ආවේ!ඒ කාලේ ඉතින් ඕක හෙනම අයිටම් එක!ඇයි කාටවත් එහෙම එකක් නෑනේ!

(අවුරුදු 10 ක් විතර මේවා තියල තිබ්බේ මේ විදිහට සුප් කට පෙට්ටි වල දාල..තව ජම්බෝ පිනට් පැකට් ඇතුලේ අර “DO NOT EAT” කියල ගහල තියෙන එකකුත් උඩින් දාලයි තිබ්බේ!කොහොමද ටිකිරි මොලේ!)


  1.  05.ඊට පස්සේ තියෙන ඔය නැට්ටක් වගේ අයිටම් එකනම් මොකද්ද කියල මම දන්නේ නෑ!දන්නා එකෙක් කියමු බලන්න...(ඕකත් අර වගේ බිස්නස් එකකින් හොයා ගත්ත එකක්!)

 



මේක බරසාර UNIC වෑර්ලස් එකක්!FM නම් නෑ!හැබැයි  ලගක් වෙනකම් හොදට වැඩ කළා...








ඔන්න ඉතින් නාඩියාගේ subject එකට අදාළ antic බඩුවක්! IBM Personal System/2 – Model P70-386!පිස්සු බම්ප් වෙනවා නේ!මුලින්ම ආපු ලැප්ටොප් එකක්ලු!මේක ලැප් එකේ තියා ගත්තොත් නම් සදා සොත්ති තමයි!කිලෝ 8.5!


මේක නාඩියට හම්බුනේ නාඩියාගේ පරණ fit එකකගේ(ගැහැණු)ගෙදර පිටිපස්සේ වත්තේ තිබිලා!උස්සන් ආවේ කොහොමද කියල නම් අහන්න එපා!

ඔන්න ඔහොම තමයි නාඩියා පොඩි කාලේ එක එක අයිටම් එකතු කලේ..ඒ කාලෙනම් හරිම ජොලි!හැබැයි  ඉතින් දැන් කාලේ පොඩි එවුන්ට එහෙම කාලයක් තියනවද කියල තමයි සැක!

ලයික්  එකක් එහෙම දාල යමු!හරි නෑනේ නේද? :)

50 comments:

  1. ambo mewwa thiyagannawata gedala minissunta kiyak hari denna one lole lol

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද?මේවා වටින කියන බඩු! :පි

      Delete
  2. අඩෝ උඹ කොළඹ මියුසියම් එකෙන් ඉස්සුව කඩු කිනිසි සෙට් එක නැ නෙ.....

    තෝ එදා ****** දවසෙ ****** එකෙන් ඉස්සුව සීනි තේකොල ටිකත් මේකේ නැනෙ... ආහ් ඒ ටිකනම් කවුතුක ඹ්හන්ඩ වෙන්නෙ තෝ ඒව 1st time ඉස්සුවනම්නෙ නෙහ්... :P

    ReplyDelete
    Replies
    1. කඩු කිනිසි සිද්ධියට මගේ සම්බන්ධයක් නෑ!මොකෝ මං බිඩි බොන්නේ නෑනේ!
      සීනි ටිකක් විතරයි එදා "ඉල්ලගෙන" ආවේ..ඒ ටිකත් තෝ ඇඹලයා නේද කෑවේ???

      Delete
  3. ෂිහ් ලගපාත ඉදල මමවත් දන්නෙ නෑනෙ මෙච්චර දේවල් තිබුන කියලා. දන්නවනම් දෙක තුනකට වැඩක් දෙන්න තිබුනා.

    ReplyDelete
  4. හඃ!හීනෙන් තමයි!මේවට සෙකුරිටි මෙව්වා එකක් දාල තියෙන්නේ....ඇත වත් තියන්න බෑ මම නැතිව!

    ReplyDelete
  5. නාඩියා අදමයි මේ පැත්තෙ ආවෙ...

    ඔයාත් මාර වැඩ තමයි කරන්නේ..ඇත්තටම පුදුම විනෝදාංශයක්..නමුත් හරි ලස්සනට තියාගෙන ඉන්නවා.මයිනගෙ ඇටකටු යාළුවගෙන් ඉල්ල ගත්තු විදියනම් මරු.ඊටත් වැඩිය ඒක පරිස්සම් කර ගත්තු විදිය..හි හි හී...

    කොහොම නමුත් ලස්සන වටින විනෝදාංශයක් තාමත් ඔය වගේ එකතු කරනවද?

    ආයෙමත් එන්නම්කෝ මේ පැත්තේ...Follow පාරකුත් දාගෙනම යන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. හී හී..තව ඇට කටු එහෙම තිබ්බොත් කියන්නේ හොදේ....
      තාමත් මේ අයිටම් එකතු කරනවා....
      තැන්කු ඈ follow කොරාට..ඇවිත් යන්න එන්නකෝ.... :)

      Delete
  6. කෞතුකාගාරෙට වැඩේ දීපු සෙට් එක ගෙවල් පැත්තේ එයිද දන්නේ නැහැ පරිස්සමෙන් :D

    ReplyDelete
    Replies
    1. පිස්සු බම්ප් වෙයි ආවොත්!

      Delete
    2. මම මේ නිකමට වගේ අහන්නේ නාඩ්ස්.
      ඔයාට කඩු ගැන එහෙම ඉන්ටෙරෙස්ට් එකක් තියෙයිද මෙයා? ;)

      Delete
    3. අනේ නෑ මෙයා..එහෙම ඉන්ටරස්ටින් එකක් නම් නෑ! ;)

      Delete
  7. මචං නාඩියෝ අපේ තාත්තා ගෙන් මම ඇහුවා උඹේ ඔය West Germany ඔරලෝසුව ගාව තියන අයිටම් එක ගැන. එයා කිව්වා ඕක Burner එකක් ලු, ලාම්පු තෙල් වාශ්පෙන් ලු වැඩ කරන්නේ. ඔකේ ඔය යට තියන ටැංකියට ලාම්පු තෙල් දාල, පොම්පෙන් දහ පහළොස් ගමනක් ගහල, ඕක පත්තු කරගන්න පුළුවන් ලු. පස්සේ, කොහේදෝ අපේ ගෙදරත් ඕකක් තිබිල මට ගෙනත් පෙන්නුවා. මරු අයිටම් එක බං.............

    ReplyDelete
    Replies
    1. පිස්සු බම්ප් වෙයි ඈ!තැන්ක්ස් වේවා පුවෝ!පට්ට technology එකක් නේ...

      Delete
    2. කියල වැඩක් නෑ. ගේමක් දෙන්න එහෙම මරු. පිච්චිලාම යනවා :ඩී

      Delete
    3. අන්න සබන්!දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා!ගේමක් දෙමුද?

      Delete
    4. !! බ්ලෝ ලෑම්ප් !! ඔය අයිටම් එකට කියන්නේ.
      මා ගාව දැනටත් පාවිච්චි කරන එකක් තියනවා ,
      නියමෙට වැඩ කරනවා,
      ඉස්සර ද්‍රව පැරපීන් වලිනුත් පත්තූ කලාලු
      දැනටත් මීළදි ගන්න තියනවා ඒ සි පෝල් කම්පණි එකේ
      ඔයාට හෙට උනත් ඕක පත්තූකරලා බලන්න පුළුවන්
      ලා නිල් පාට ලොකූ දැල්ලක් එනවා.
      දැනට අපි ඔක්සීජන්, ඇසිටීලින්. කලවම් කරලා කරන වැඩ ඔක්කොටම ඉස්සර පාවිච්චි කලේ ඔය ඔය අයිටම් එක.
      ඔයාගේ ලාම්පුවේ නිපල් කවර් එක නැතිවෙලා

      Delete
    5. අප්පා ඔය තියෙන්නේ අයිටම් එකේ මැනුවල් එක!තැන්කු වේවා!!!මොකද්ද නැති වෙලා කිව්වේ..???හික්ස්... :පි

      Delete
    6. ඔය වගේ එකක් අපේ ගෙදරත් තිබුන බන්.. දැන් නම් නෑ. ලාම්පුවක් තමයි. ගෙවල් වලට ඇලුමිනියම් බඩු රෙපෙයාර් කරන්න එන අයත් ඔන්න ඔහොම එකක් අරන් එනවා. ඔය තියරියම තමා මන් හිතන්නේ පැට්‍රොමැක්ස් ලාම්පුවෙත් තියන්නේ..

      Delete
    7. ඔය ලාම්පු ඉස්සෙල්ල පයිප්ප වැඩ කරන අය ගාව තිබුණ. ඕක බටේට අල්ලල බටේ උණුකරල ඕන හැටියකට නවාගන්න වගේම ෂොකට් ගහන්නෙ නැතුව බට දෙකක් එකට මූට්ටු කරන්න වගේ වැඩ වලට ඕක ගන්නව. ඒ කාලෙ තිබ්බ වතුර බට ඝනකම නිසා ඒ දේවල් කරන්න පුලුවං. දැං තියෙන බටේකට ඕක ඇල්‍ලුවොත් සොරි තමයි.

      Delete
    8. ඔව්ලු!! මරු බඩුවක් තමා මේක!!

      Delete
  8. මොනා වුනත් සිරා බඩු ටික බං.මේවා සමහරවිට බර ගානක් වටිනවත් ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්!මහා භාණ්ඩාගාරෙටත් වඩා වටිනවා කියල තමයි කබ්රාල් මහත්තයා කිව්වේ! :)

      Delete
  9. hi hi naadi iye oyath shooi wada ane karanne..moona dakkama aka penawane :D hikz....shooi hmm..:)

    ReplyDelete
    Replies
    1. හොක්ස්‌ හොක්ස්‌!කොහොමද මගේ මුණ බලලා එහෙම කියන්නේ???මගේ මුණේ පෙරහරක් වත් යනවද? :p

      Delete
  10. ඇවිදින කෞතුකාගාරයක්නේ බොලේ මූ....
    අපේ ගෙදෙට්ටත් ඔය මොනවාහරි එකක් දාගෙන යමන් යන ගමන් :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. මරු අයිටම් ටික.. :)

    ReplyDelete
  12. නාඩි මලේ හොරු පනියිද මන්දා ඒ තරම් වටිනා කියන දේවල්..අර මයින් ඇටසැකිල්ල ගත්ත හැටි නම් මරු.......
    අමුතු ගැජමැටික් එක ලාම්පුවක් වගේ මට නම් පේන්නේ....

    ReplyDelete
    Replies
    1. බයෙත් බෑ!හොරු අයියලා එයිද දන්නේ නෑනේ...එක ලාම්පුවක් නෙවෙය්ලු අක්කේ...ඒක burner එකක් කියල එකක්ලු..ඔය උඩින් තේජානයා කියලා තියෙන්නේ...

      Delete
  13. ෂා මරු ... අදමයි නාඩියා බලන්න ඉස්සෙල්ලාම ආවේ... සත 10 කාසි ටින් එක මතක වෙනකොට නම්... ම්ම් ම්ම් ..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....කාසි ටින් එක අදම බැංකුවේ උගස්‌ කරන්න වෙයි වගේ! ;)

      Delete
  14. යකෝ නියම කලෙක්ෂන් එකක්නේ. කෝ බලමු මේ පෝස්ට් එක කටුගෙයි කඩන්න කලින් දාපු බවට සාක්ෂි තියේද කියලා

    ReplyDelete
    Replies
    1. කටු ගෙයින් උස්සපු ටික බං තාම මහජන ප්‍රදර්ශනයට දැම්මේ නෑ...

      Delete
  15. ඔන්න මමත් ආවා.
    ඇත්තටම ගෙදර මනුස්සයන්ට ඉන්න ඉඩකඩ තියේද නාඩ්ස්? :ඩී

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බර බරේ දානවා!එහෙම කියලා මං වගේ උත්තම පුරුසයෙක්ව එළියට දාන්නැයි!
      එහෙනං දිගටම නාඩි බලන්න එන්නකෝ... :)

      Delete
  16. පිස්සු කොරනේ.... ඊලඟ බැච් ට්‍රිප් එක නාඩිරත්නගේ ගෙදර!!
    සිරා මචං!

    ReplyDelete
    Replies
    1. ආ..වරෙන් වරෙන්!!!දෙන්නම් ජම්බු!!!! ;)

      Delete
  17. http://www.google.lk/search?q=blou+lampe&hl=en&prmd=imvns&source=lnms&tbm=isch&sa=X&ei=DgX7T_iyE8Gg-wb7g4D5Bg&ved=0CEUQ_AUoAQ&biw=800&bih=509#q=blow+lamp&hl=en&tbm=isch&sei=wwX7T5vEGcj1-gb90vX_Bg&bav=on.2,or.r_gc.r_pw.r_cp.r_qf.,cf.o

    මල්ලි මෙන්න මේකට ගිහිල්ලා බලන්න බ්ලෝ ලෑම්ප් ගැන ඔක්කොම ඔයාට හොයා ගන්න පුළුවන්

    බැටන් පොල්ල ගැනත් හෝඩුවාවක් දෙන්න පුළුවන්

    ඔය බැටන් එක කළුවර ලීයෙන් හදපු 45cm දිග එකක් නං අනිවා
    1960 දශකයේ අගභාගයේ බන්ධනාගාර දෙපාර්ථමේන්තූවේ නිළධාරියෙකූට නිකූත් කරපු එකක්

    ReplyDelete
    Replies
    1. හරියටම හරි!45 ක් තියනවා!එහෙනම් මේක මහා උළු ගෙදරින් පන්නපු එකක්!පිස්සු බම්ප් වෙනවා ඈ!!!

      Delete
    2. ඔය උඩ තියන ටික ගූගල් වල ගහලා බලන්න

      එහෙම එකක් නැ කියලා කියලා ටික වේලාවකින් සබ්බපැටිකිරියම දෙනවා බ්ලෝ ලෑම්ප් ගැන

      Delete
    3. ඔව් ඔව්!!බැලුවා!එල ඈ!!!

      Delete
  18. නාඩි කොල්ලෝ උබ මාර එකෙක් බන්. උබ නොකරාපු වැඩක් කියහන්කෝ බන්. අර burner එකද මොකක්දෝ ඒක රෙන්ට් එකට දෙන්න බැරිද බන්.

    ReplyDelete
    Replies
    1. නොකරපු දේවල් ටික ඇවිත් කියන්නම්කො ඈ... ;)
      එල එල! 1000 ක් අරං වරෙන්!

      Delete
  19. නාඩි කෞතුකාගාරය..:)
    ඇත්තටම වටිනා එකතුවක් මචං..

    ReplyDelete
  20. ෂෙහ් ... මම දැනගෙන හිටියෙ නෑනේ උඹටත් ඇන්ටික් පිස්සුවක් තියෙනව කියල.

    අර මදුරු කොයිල් සහ DDT එකට දාපු එකට නම් මාගේ බලවත් මෙව්ව එක. ඇයි වදේ එකෙක් අරහෙ රොටි පුච්චනව DDT දාලා, මූ මෙහේ කොයිල් පත්තු කරනව.

    ReplyDelete
    Replies
    1. ආයේ පිස්සු වැඩි වෙලා තියෙන්නේ ඇන්ටික් වලින්ම තමා!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...