නාඩි සෙට් එක

Tuesday, December 8, 2020

කැරළිකාරිය

කෝල සිනහව හිතේ රැඳුනා

උර තලේ බර සුසුම් දැනුනා

සුමුදු අතැඟිලි පහස දැනුනා

කැරලි කෙහෙරැලි අතර වෙලුනා


සිසි කැලුම් පරදන සිනා ඇත්තී

හී සරය පරදන බැලුම් ඇත්තී

වෙඬරු මෙන් මුදු හදක් ඇත්තී

කතරේ කෙම් බිම ඔබ මුවැත්තී


සවන් සනහන කතාකාරිය

නුවන් පිනවන ලතා නාරිය

දැහැන් බින්දන දේහ දාරිය

මගේ හිතගත් කැරළිකාරිය

7 comments:

  1. හිටියනං අමරදේව මාස්ටර් ලවා කියවන්න තිබුණා. දැනුත් මේක ගීතයක් කරන්න කිසිම අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගීතයක් කරන්න තියෙනවනං මරු කියලා කියලා මටත් හිතුනා නිකමට...

      Delete
    2. මම පොඩි තනුවකට (Am , D , G ) මේක ගායනා කරලා දිල්රුක් ගේ ෆේස්බුක් මෙසේන්ජර් එකට දැම්ම

      Delete

Related Posts Plugin for WordPress, Blogger...