කෝල සිනහව හිතේ රැඳුනා
උර තලේ බර සුසුම් දැනුනා
සුමුදු අතැඟිලි පහස දැනුනා
කැරලි කෙහෙරැලි අතර වෙලුනා
සිසි කැලුම් පරදන සිනා ඇත්තී
හී සරය පරදන බැලුම් ඇත්තී
වෙඬරු මෙන් මුදු හදක් ඇත්තී
කතරේ කෙම් බිම ඔබ මුවැත්තී
සවන් සනහන කතාකාරිය
නුවන් පිනවන ලතා නාරිය
දැහැන් බින්දන දේහ දාරිය
මගේ හිතගත් කැරළිකාරිය
Wow, wow, wow!!!
ReplyDeleteස්තූති වේවා!!
Deleteමරුනේ
ReplyDeleteඑහෙමද... :)
Deleteහිටියනං අමරදේව මාස්ටර් ලවා කියවන්න තිබුණා. දැනුත් මේක ගීතයක් කරන්න කිසිම අවුලක් නෑ.
ReplyDeleteගීතයක් කරන්න තියෙනවනං මරු කියලා කියලා මටත් හිතුනා නිකමට...
Deleteමම පොඩි තනුවකට (Am , D , G ) මේක ගායනා කරලා දිල්රුක් ගේ ෆේස්බුක් මෙසේන්ජර් එකට දැම්ම
Delete