නාඩි සෙට් එක

Tuesday, August 22, 2017

ප්‍රථම හාදුව

මේ ඒ හාදුව නෙවෙයි...

දස මාසයක් කුසයේ වද දිදී ඉඳලා නෙක් වේදනා දීලා මේ ලෝකේ එළිය දැක්ක මොහොතේ, ඒ වේදනා ඔක්කොම අමතක කරලා තෙත් වෙච්චි කම්මුලට සදාදරණිය අම්මා දුන්නු උණුහුම් හාදුව නෙවෙයි..

වෙන එකක්...

වැලි කෙළි... කෝම්පිට්ටු බත්... කොස්කොළ ඔටුනු කාලේ පහු කරන් සෙනෙහෙ කොළ.. චොකලට් යුගයට පය තිබ්බ කාලේ....හිත් ඇතුලේ හොල්මන් කරපු හාදුව..

ආදරේටම ලියාපදිංචි වෙච්චි... ආදරේම අයිතිවාසිකමක් වෙච්චි අපූරු මානවීය සන්නිවේදනයක්...

ටෙලි චිත්‍රපට වල බොඳ කරලා පෙන්නුවට, දෙන්න ලබාගන්න තිබිව්ච්චි අහිංසක හීනේ කවදාවත් බොඳ නොවිච්චි හාදුව

සරාගික සංඛේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගික නොවිච්චි ලෝකෙක නුරා හැඟුම් පුබුදවපු හාදුව  

ඒ ඔක්කොම අතරේ අති විශේෂ උත්කර්ෂය....

"ප්‍රථම හාදුව"

අමතක කරන්න කොහෙත්ම බැරි, මතක් කරගන්න උවමනා නැති, ඇඟ කිලිපොලා යන මතක ගොන්නක්.

අඩ අඳුරු සිනමා හලක, සරසවියේ බංකුවක, බස් එකක මුල්ලක, සමහර විට මහ පාරේම... ඔව්... සෙනඟ සිය ගානක් එහා මෙහා යන මහ පාරේම... පවුරු වළලු සීමා බිඳ දමාගෙන දොරේ ගලපු හැඟීම් ගොන්න...

එහෙමත් නැත්නම්...

ලක්ෂ ගානක් වියදම් කරපු හරිම ලස්සන විවාහෝත්සවයක් අවසන... සීතල කරපු කාමරේක.. රතු මල් පෙති විසිරුණු සයනයක... විල්ලුද ඇතිරිල්ලක... ලැජ්ජාවෙන් මිරිකිච්චි හැඟීම් ගොන්න...

කවුරු කොහොම කෙසේ කිව්වත්...



ඒ හාදුවට අපි හැමදාම ආදරෙයි..

33 comments:

  1. ප්‍රථම හාදුත් කීපයක් දීල තියෙනව

    ReplyDelete
  2. උඹ කතා කරන්නේ මොන ප්‍රථම හාදුව ගැනද බං

    ReplyDelete
  3. ප්‍රථම හාදුව ඉතා භයන්කරයි !!!

    ReplyDelete
  4. මාතර කොලඹ බස් එකේදී හොරෙන් දීපු ප්‍රථම හාදුත් තියෙනවලු හිටං.. :))

    ReplyDelete
    Replies
    1. බස් වල සැමට හොරෙන් මුවා වෙලා.. ඒක තමයි හොදම එක :D

      Delete
  5. පිස්සුනම් දොඩවන්න එපා බං.. 😂 .. ආයෙ දුවල බණ්ඩාරවෙල ස්ප්‍රින් වැලි යන්න හිතෙනව.. 😪

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරවෙල නෙවෙයි අඩෝ බදුල්ලේ ස්ප්‍රින්ග්වැලි.. අපේ ගම.. බෝ කොහෙද එහෙ ගියේ ගෑනු කිස් කරන්න. බ්ලැක් පූල් එකේ නෑවද?

      Delete
    2. ප්‍රථම හාදුව ඉතා සුන්දරයි
      විචාරක දියණිය

      Delete
    3. කලණ තුමෝ. සමාවෙන්න සහ ස්තුතියි නිවැරදි කිරීමට. මගේ පලවෙනි ප්‍රේම වෘත්තාන්තය සෙට් උනේ බදුල්ලෙ ස්ප්‍රින් වැලි වල හිටිය ලස්සන නංගි කෙනෙක් එක්ක. එයත් ටෙලිකොමියුනිකේෂන් සම්බන්දව වැඩ කලේ. ඉස්සර මම එයාව බලන්න ගුණසිංහපුරෙන් සිකුරාදා රෑ 9ට සිල්ව ලයින් (හරිද මන්ද නම) ඉන්ටසිටියෙන් නැගල බදුල්ලේ උදේ 5.40ට බහිනව. කෙල්ලත් එක්ක රවුම් ගහල අර මහා පන්සලටත් (නම මතක නැත) ගිහිං ඉරිද දවල්ට ආයෙ කොලබ එනව. හිතාගනින්කෝ ආදරේ තරම 😍

      මේ බං ඒක නෙමෙයි? එතකොට උබ මොනවයි ගාල්ලෙ කරන්නෙ ඈ ? යකෝ සුළුපටු දුරක්ද ? උබ බැඳල ඉන්නෙ ගාල්ලෙන් ද?

      👊🏽

      Delete
    4. ඒකනෙ! ස්‍රප්‍රිංවැලි තියෙන්නෙ බදුල්ලෙනෙ

      Delete
    5. පන්සල මුතියංගනේ වෙන්න ඇති.

      Delete
    6. ඔයවගෙ යාලුවෙක් ඉන්නව ලංකාදීප පත්තරේ. සිකුරාද රෑ කෝච්චියෙ බණ්ඩාරවෙල යනව.

      Delete
    7. අන්න හරි උඩුව. මුතියන්ගනේ පන්සල තමයි. තව හොඳ ලොකේෂන් දෙක තුනකුත් තිබ්බ. අම්මප ජීවත් වෙන්න කියාපු තැන. දේශගුණය පරිසරය වගේම මිනිස්සුත් අවුලක් නැහැ. 👊🏽

      Delete
    8. මං බදුල්ලේ නම් හාදු දීලා නෑ.. හැබැයි බණ්ඩාරවෙල නම් දෙන්න ට්‍රයි එකක් දීලා තියනවා :D

      Delete
    9. බස් එක සුපර් ලයින්, පංසල මුතියංගනේ තමයි .. මගේ ගම බදුල්ලේ, ස්ප්‍රිංවැලි පාරෙම තමයි .. ගෙදර උන්දා ගාල්ලේ.. ඒක නිසා දැං පදිංචිය ගාල්ලේ.. උඹට කියන්න.. මම ඉස්සර නිවාඩු ඉවර වෙලා යන්න කලින් දවසෙ බදුල්ලෙන් උදේම නගිනව මාතර බස් එහෙක.. දහය දහයාමාර වෙනකොට මාතර.. අපේ උන්දා ඒ වෙලාව අල්ලලා ගාල්ලේ ඉඳං මාතරට එනව.. හවස හතර පහ වෙනකං මාතර බීච් එකෙයි, පරෙයි දූපතෙයි බෝධිය ලඟයි ලවු කරලා දෙන්නත් එක්කම නගිනව කොලඹ බස් එහෙක.. උන්දා බූස්සෙන් බස්සලා මං දිගටම කොලඹ යනව.. ඔන්න ඔය වගේ දවසක තමයි බූස්සෙන් බහින්න ඔන්න මෙන්න කියල ප්‍රථම හාදුවත් දීලා බැස්සේ.. මං ඉතිං එහෙමම ෆිහිං මූණවත් නොහෝදා රංගල නේවි කෑම්ප් එකේ බුදියගෙන ඉඳල පහුවෙනිදා කොන්වෝයි එකේ ට්‍රින්කෝ හරි ප්ලයිට් එකේ ජැෆ්නා හරි යනවා..

      Delete
  6. ප්‍රථම හාදුව හම්බුනේ ඒසී බස් එකක පිටිපස්සෙ සීට් එකේදී. හාදුවක් කිව්වට ඒක හාදුවක්ම නෙමේ, හාදු වැළක් ! දහනම වෙනි උපන්දිනේට හම්බුන උපන්දින තෑග්ග තමා ඒ.

    මැරෙන තුරාවට අමතක නොවන තෑග්ගක් :)

    ReplyDelete
    Replies
    1. අවුරුදු දහ නවයේදී එහෙම වාසනාවක් අපිට තිබුනේ නෑ ඉතිං...

      Delete
  7. "සරාගික සංඛේතයක් විදිහට හංවඩු ගැහෙද්දි විරාගික නොවිච්චි ලෝකෙක නුරා හැඟුම් පුබුදවපු හාදුව " ගොඩක් ලස්සනයි මේ වචන ටික. ප්‍රථම හාදුව නිකන් පුදුමයක් වගේ <3

    ReplyDelete
  8. ම්ම්ම්ම්ම්... මිහිරි මතක හද රැදේ

    ReplyDelete
  9. ප්‍රථම හාදුව ඉතා සනීපදායක සුන්දර අත්දැකීමකි :-) . හම්මේ දැනෙන සනීපේ ...!

    ReplyDelete
  10. පස්සෙ දෙන ඒව තරම් කොහෙද

    ReplyDelete
  11. හාදුවේ වෙනස එය ලබාදෙන්නාගේ හා එය ලබාගන්නා අතර තිබෙන සම්බන්ධයයි
    විචාරක දියණිය

    ReplyDelete
  12. ප්‍රථම හාදු වැලක්.. හෙහ් හෙහ්..

    ReplyDelete
  13. ප්‍රථම හාදුව.��

    ReplyDelete
  14. බයෙන් බයෙන් හිටියෙ.. හරියටම O/L ලියලා ඉවර උනාට පස්සෙ.. මං බයෙන් බයෙන් හිටියා.. ඉතින් බය පැත්තකින් තියලා , ලඟට ඇදලා අරන් දුන්නා "ප්‍රථම හාදුව".. ඉතින් දැන් ඒකට ඇබ්බැහි වෙලා.. උඩ කිව්වා වගේම තැනක් නොතැනක් අදාලම උනේ නෑ ඒ හාදුව දෙන්න.. ඉතින් දැන් අවුරුදු 4ක් තිස්සෙ ඒ හාදුවේ පහස විඳිනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...