නාඩි සෙට් එක

Tuesday, December 27, 2016

අශෝකමාලා


වනේ වන කුසුම් පරයන පැහැ වත කමලේ
බාලේ ඉඳන් රැහැ බබලපු නෙත් සඟලේ
කොමළ සිනා කැන් වගුරපු දසන් පෙලේ
මිහිර කෙලෙස මකවන්න ද පපු මඩලේ

උක්දඬු බටනලා සර රස හිඟ උනාදෝ
මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ
තුන් ගල් ලිපේ ඉදෙනා බත් රස නොවුනාදෝ
පුලා යදින්නට හිත දිරි මදි උනාදෝ

ඇත් අස් සෙනග පිරිවර නැත රැකවල් යන්න
රන්වන් දුහුල් සළු නැත සතපන්න
තන්තිරි මාල නැත ගෙල පටලා රදවන්න
ආල පිරුණු හිත ඇත මදි නොකියන්න

රන්මසු උයන් කෙළි කැප නැත රොඩි දනන් හට  
අඩ මස්සටත් වේ මහජන වැද යදින්නට
සාලිය නාමේ ළඟකින් බෑ තබන්නට
ඒත් හිතේ ආලේ බෑ වහන්නට  

රජ කුමරෙකු රවටපු මායම්කාරි
චණ්ඩාලියකැ වාසල අවමන්දාරි
රන්මසු උයනේ මල් නෙලනා කටකාරි
ඔබමයි තවත් මගේ හිත දිනු හැඩකාරි   



සාලිය අශෝකමාලා පවත ලක් ඉතිහාසයේ පරසිඳු පෙම්  වෘතාන්තයකි. සාලිය කුලගොත් නොසලකා රාජ සම්පත් අතහැර අශෝකමාලා සරණ කොටගත් බව සැබෑව...

නමුදු....

අශෝකමාලාවන්ට පෙම් බැඳී රැහේ එකෙක්ගේ සරය මෙසේ විය නොහැකිද...?


18 comments:

  1. අපූරු මානයකින් බලලා ලියපු කවි ටිකක්.

    ReplyDelete
  2. උඹට ඒ වගේ ප්‍රශ්නයක් නෑනෙ?

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්න වෙන්න ඉතිං අශෝකමාලා කෙනෙක් ඉන්න එපැයි!

      Delete
  3. අපූරුයි අශෝකමාලා වෙනස් විදියට දැකලා.එක තැනක් මට පැහැදිලි නෑ තේරුම අඩ මස්ස කියන්නේ මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. අඩ මස්ස කියන්නේ ඉස්සර පාවිච්චි කරපු මුදල් ඒකකයක්.. හරියට සත බාගේ වගේ...

      Delete
    2. මස්ස බාගයක් අඩ මස්සයි කියලා කොහේ හරි දැක්කා.

      Delete
  4. කොහොම ලස්සනක් තියෙන්න ඇතිද අශෝකමාලාගේ.

    ReplyDelete
  5. නියමයි.

    මොර පලු කෝන් දිව තෙත් නොකලාදෝ

    ReplyDelete
  6. මේ වගේ සීන් ඕනෑතරම් දකින තියෙනවා සමාජේ. නියමයි නාඩියා.

    ReplyDelete
  7. අපූරු විධිහට ලියල තියෙන්නේ. වෙන පැත්තක් අරගෙන.

    ReplyDelete
  8. හරිම අගෙයි නාඩි. හරිම රහයි.
    නාඩි , උඹ මගේ රතු පාට බයිසිකලේ කතාවට දමපු කොමෙන්ට්ටුව අත් වැරදීමකින් ඩිලීට් වුණා. එයට කමත්වා! ජය!!

    ReplyDelete
  9. අපූරුයි. ජය !!!

    ReplyDelete
  10. මේක යශෝදරා වතේ කවි කියන විරිතට කියන්න පුළුවන් ඉතාම ලස්සා කවි පෙළක් ඔබගේ හැකියාවට ජය පතමි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...