නාඩි සෙට් එක

Sunday, December 14, 2014

වැස්ස - ආදරය හා හිඟන්නෙක්

www.washingtonpost.com
උදේ ඉඳන් බිම් කළුවර වැටෙන තුරා 
වැහි කළුවර ඉර හොරෙන්ම වසන් කළා 
හීතල හුළඟට එරෙහිව අත පය හකුළා 
බුදිය ගන්න පුළුවන් මට අලස වෙලා 

හොඳ උණුසුම් ඇඳ ඇතිරිලි - දුම් දමනා කෝපි එක්ක 
සීතල යන්නට හපන්න- කටට සැරට කට ගැස්මක් 
විදුලි කොටයි හඳ ගෙරවිලි - ගස් වල් අඹරා හමනා සුළං එක්ක 
කියවන්නට අතට ගන්න - අලුත් සුවඳ හොඳම පොතක් 

අතට අරං සෙල්ෆෝනය - අමතන්නට හිතාන උඹ 
අහන්න ආසයි කටහඬ - තොදොල් වෙන්න උඹත් එක්ක 
ජනේලයේ වීදුරුවෙන් - හූරාවැටෙනා වැහි බිඳු 
බලාන මං කවි ලිව්වා - මතක් කරන් උඹේ උණුසුම 

ගෙයි එළියේ කුණු කානුව - උතුරනවා වැහි වතුරට 
කානුව ළඟ පිළ උඩ ඌ - බුදිනයනවා හැමදාකම 
ගඳ ගහනා රැළි කඩමලු - ඔතන් ඇඟේ හැම තැනකම 
සුදූ ඌව එලෙව්වා මං - ගඳ ගහනා කැහැටු එකා!

මක්නිසාද යත්...

ඌ හිඟන්නෙක්!

11 comments:

  1. මනුස්සකම.............................. අමනුස්සකම............................

    ReplyDelete
  2. හෙට උදේම යන්න තියෙනවා සුදු අසරණ සරණ ප්‍රොජෙක්ට් එක ලෝන්ච් කරන්න ,

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා මෙතන සුදූට පණිවිඩ යවනවා...:P

      Delete
    2. ඇයි ඔයාට පණිවිඩේ ලැබුනේ නැද්ද සුදූ ... :P

      Delete
  3. හ්ම්ම්ම්.... හිඟන්නෙක් උනාට ඌත් මනුස්සයෙක්.
    හැබැයි නාඩියෝ ඔය සමහර හිඟන්නන්ට මනුස්සකම් දක්වන්න ගිහින් මමනම් මට්ටු වෙලා තියෙනවා. ඒ මිනිස්සු උපන්දා ඉඳන් අමනුස්සකම් වලටම පුරුදු වෙලා හින්දාද මන්දා. :/

    ReplyDelete
  4. නාඩි වැටෙනවද කියලා බලන්න ආවේ කාලෙකින් . අනුකම්පාව අනිවාර්යෙන්ම කාලයත් එක්ක භූමි කම්පාවක් වෙනවා . ඒ නිසා අනුකම්පාව සීමාවක් ඇතුව තියාගත්තම උන්ටත් හොඳයි අපිටත් හොඳයි .

    ReplyDelete
  5. නාඩියො මම අහලා තියෙන විදියට නිදියනවා සහ බුදියනවා කියන වචන දෙක අර්ථ දෙකකින් භාවිතා කරන්නෙ...බුදියනවා යන්නෙන් කාන්තාවක් සමග යහන් ගත වීම කියවෙනවා කියලයි කියන්නේ....දන්නෙ කෙනෙකුගෙන් අහලා බලහං....

    ReplyDelete
    Replies
    1. බුදියනවා කියන්නේ බුදි මතට (කෑම කෑවයින් පස්සේ ඇතිවන මත් ගතියට ) නිදි කිරා වැටෙන එකට නේද? කාන්තාවක් එක්ක යහන් ගත වෙනවට සාමන්‍යයෙන් කියන්නේ නිදි වදිනවා කියල.. හැක් හැක්..

      Delete
  6. හිගන්නන්ට වඩා අපි හිගන්නො නාඩියො
    ඇත්තටම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...