නාඩි සෙට් එක

Monday, May 12, 2014

නාඩියා @ WCY2014


ඔන්න ආයෙත් දෙබරේකට ගලක් ගහන්න කියලා යන්නේ CHOGM  ගිය නාඩියා ගැන ලිව්වට පස්සේ මේ ලියන්න ලක ලැස්ති වෙන්නේ මේ ටිකේ කතා බහ වෙන තවත් හොට් ටොපික් එකක් ගැන. ඒ ලෝක තරුණ සමුළුව ( World Youth Conference WCY2014 ).

සුපුරුදු පරිදි (ඔව් තොපි කියන හැටියට මම ඇමති පුතෙක් නේ! :D ) නාඩියා මේ සමුළුවට ගැච්චුවා. සහභාගී උනේ ස්වෙච්චා සේවකයෙක් නැත්නම් Volunteer කෙනෙක් විදිහට. මට භාර උණු අංශය තමයි Delegate Assistance. ඒ කියන්නේ සමුළුව සඳහා සහභාගී වෙන දෙස් විදෙස් නියෝජිතයන්ට assist කිරීම.

නාඩිය කොටන්න කලින් කියන්න ඕනේ ගිය වතාවේ CHOGM ගැන ලිව්වා වගේ සමුළුවේ කතා උනේ මොනවාද? Outcome එක මොකද්ද වගේ දේවල් ගොඩක් ගැන හරියටම අවබෝධයක් මට නෑ. මොකෝ මම මේ සැරේ කොට ඇද්ද අලියෙක් නිසා (ගිය සැරේ පෙරහැරේ ගිය අලි)

හැබැයි මේ සමුළුවේ ප්‍රධාන අරමුණ උනේ මොකද්ද ඒ වගේම මේකේ outcome document එක වෙච්චි Colombo Declaration එක එහෙම මෙන්න මේ ලින්ක් එකට ගිහිං බලා කියා ගන්න පුළුවන් ඕනි නම්.

මම කියන්නම් මම දැක්ක විදිහට සමුළුවේ තිබිච්ච පෙර සූදානම, සංවිධාන කටයුතු එහෙම මම දැක්ක විදිහට.
ඇත්තම කිව්වොත් රටවල් 165 කට අධික ප්‍රමාණයක් සහභාගී වෙන දෙස් විදෙස් නියෝජිතයන් 1500 (නමුත් එතරම් විදේශ නියෝජිත පිරිසක් සහභාගී වී තිබුනේ නම් නැත) සහභාගී වෙන ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කිරීම අභියෝගයක්.

ලංකාව ඒ අභියෝගය භාර ගත්තාට ඒ වගකීම ඉටු කිරීමේදී අඩු පාඩු සිදු උනේ නැත්තේම නෑ.

කවුරු මොනවා කිව්වත් කිසිම තැනක සූදු හුණු ගාන්න යන එක වැරදියි. දැක්ක වැරදි කතා බහ කරලා හදා ගත්තොත් විතරයි ඉදිරියේදී හැදෙන්න පුළුවන්.

මුලින්ම අපි සහභාගී උනේ SLIDA ආයතනයේ පැවැත්වුණු Volunteer training වලට. ප්‍රශ්නේ තිබ්බේ ඒ කිසිම පුහුනුවිමක කාල කළමනාකරණයක් තිබ්බේ නෑ. දහයට එන්න කිව්වොත් පටන් ගනිද්දී 11 වත් උනා. ඒක වෙලාවට ආපු සෙනගට අසාධාරණයක්. ඊළඟට බොහෝ වෙලාවට උනේ හරි training schedule එකක් ඒ වෙනකොටත් හදා ගෙන නොතිබීම. ඒ නිසා බොහෝ වෙලාවට තමන්ගේ රැකියා වලින් එහෙම නිවාඩු අරගෙන ආපු අය අන්තිමේ බැන බැන තමයි ගියේ.

Conference එකේ සම්පුර්ණ volunteer crew එක 500ක් විතර ගන්න plan කරලා තිබ්බේ. VIP assistant, Delegate assistant, transport, food, volunteer den, crowd control. Conference support, opening and closing ceremony වගේ sub committees’ වලට ඒ අයව බෙදලා තිබ්බා. ඒ ඒ group එකට team leaders ලා දාල තිබ්බා. බොහෝ වෙලාවට team leaders ලා උනේ UN volunteers ලා.
 
අපිට duty එකට එන්න කියලා තිබ්බේ තුන් වෙනිදා.. හැබැයි එදා උදේම කට්ටිය ආවත් හරියට volunteers ලාට ඉන්න තැනක් වත් arrange කරගන්න organizers ලාට බැරි වෙලා තිබ්බා. ඉතිං කට්ටිය Youth corps එකට වෙලා රෑ වෙනකම් කාලේ මරපු එක තමයි කලේ.

ඉරිදා ඉදන් duty පටන් ගත්තා. මේකෙදි මම දැකපු අඩු පාඩු තමයි,

Logistics සඳහා (Delegate transport සඳහා භාවිතා කරපු බස් රථ හැර ඉතිරි කටයුතු) ප්‍රමාණවත් පරිදි වාහන නොතිබීම. මේ නිසා බොහෝ වෙලාවට Volunteers Duty සඳහා වාර්තා කිරීමට එහෙම ප්‍රමාද උනා.

නිසි අණ නිසි වෙලාවේදී නොලැබීම. මේ වගේ විශාල Event එකක් කරද්දී communication කියන දේ ගොඩක් වැදගත්. හැබැයි මම දැක්ක විදිහට තිබ්බේ නැත්තේම මේ දේ තමයි. ඉහලින් ගන්න තීරණයක් Volunteer crew එක වෙත එන්න ගොඩක් පරක්කු වෙනවා. හැමෝ අතටම ෆෝන් සිම් එකක් දීලා තිබ්බා කියලා මේ chain එක හරියට වෙන්නේ නෑනේ. 

නිසි තැනට නිසි පුත්ගලයන් නොයෙදීම!
මේක තමයි තිබ්බ ලොකුම ප්‍රශ්නේ. Conference එක ඇතුලේ main admin body එක හැටියට වැඩ කලේ secretariat එක. එන විදේශ නියෝජිතයන්ගේ අවසර පත්‍ර, වීසා ඇතුළු සෑම දෙයක් ගැනම සොයා බලන්න වෙලා තිබ්බේ ඒ අයට. සාමාන්‍යයෙන් ඒ අය සම්පුර්ණ පැය 24 පුරාම alert ඉන්න ඕනේ. හැබැයි සමහර වෙලාවල්වලදී අපි ප්‍රශ්නයක් අරගෙන එතනට ගිහාම ඒ අංශය භාර එක්කෙනා එතනට ඇවිදින් නෑ. නැත්නම් Duty desk එකේ නෑ. ඉන්න කෙනා වැඩේ කරගන්න දන්නේ නෑ! බොහෝ විදේශ නියෝජිතයන් secretariat එකෙන් ගියේ බැන බැන . මොකෝ සමහර අයගේ අවසර පත්‍ර conference එකේ අන්තිම දවස වෙනකම් වත් හැදිලා තිබ්බේ නෑ.

Event එකේ තිබ්බේ හරිම tight schedule එකක්. කෑම කන්න විශේෂ වෙලාවක් කියලා වෙන් කරලා තිබ්බේ නෑ. කෑම වෙලාව අතරතුරත් side events ලැස්ති කරලා තිබ්බ. හැබැයි එතැනදී delegates ලා ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. සමහර vegetarian අයට කෑම තිබ්බේ නෑ! ඉතිං බනින්නේ නැතිව අත අරියිද! නැත්නම් කෑම ගන්න ලොකු තද බදේකට මුහුණ දෙන්න ඕනේ. නැත්නම් හැමදාම කන කෑම ඒ අයට එපා වෙලා.

Side event BMICH එක පුරාම විසිරිලා තිබ්බා. ලංකාවේ අපිට මේක හුරුපුරුදු තැනක් උනාට විදේශ නියෝජිතයන්ට මේක එහෙම තැනක් නෙවෙයි. හැබැයි බේතකට වගේ මුළු area එකේම තිබ්බේ එක map ඒකයි ගහලා. එක එක committee rooms වලට යන directions ගහලා තිබ්බානම් ගොඩක් ලේසි වෙන්න තිබ්බා.

අනිත් එක මෙලෝ වැඩකට නැති බොරු ගොන්පාට් ගොඩක් ඇතුලට දාගෙන තිබ්බා. මේක conference එකක් මිසක් සැණකෙළියක් නෙවෙයිනේ. හැබැයි බයික් සංදර්ශන, මියුසිකල් ෂෝ හැම එකක්ම වැදගත් සාකච්චා යන අතරෙත් මහා සද්දෙට පැවැත්වුනා. සමහර committee rooms වල volunteers ලාට උනා ඒ තැන් වලට ගිහිං මේ සද්ද පොඩ්ඩක් නතර කරන්න කියලා කියන්නත්.

මේකට සහභාගී වෙච්චි ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස ගැන ගොඩක් ප්‍රශ්න අහලා තියනවා මම දැක්කා. 170ක් විතර පිරිසක් ඒ සඳහා සහභාගී උනා. තේරීම් කටයුතු සිදු උනේ NSBM ආයතනය මගින්. ඒ වගේම යොවුන් පාර්ලිමේන්තුව මඟින් නියෝජිතයන් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව. 

මෙහෙමයි සමස්තයක් වශයෙන් ගත්තහම ඒ අය සතුවේ විශේෂ හැකියා දක්ෂතා ආදිය තිබ්බා. හැබැයි සමහර අයනම් මොකද්ද මේ conference එකෙන් වෙන්නේ. මොකද්ද මේකේ වැදගත්කම කියලවත් හරියට දැනෙගන හිටියේ නෑ. ඒ අයට මේක තවත් eating meeting එකක් විතරයි.
 
කියන්නත් ලැජ්ජයි සමහර නියෝජිතයන් ගේ ප්‍රධාන කාර්යය වෙලා තිබ්බේ conference එක වෙලාවෙදිත් මොකෙක් හරි එකෙක් අල්ලාගෙන ෆොටෝ එකක් ගහන එක තමයි! ගිය සැරේ commonwealth youth forum එකේ තිබිච්ච ආදිවාසි නියෝජනය එහෙමත් මේ සැරේ තිබ්බේ නෑ! මොකෝ දන්නේ නෑ???

මගේ අදහස නම් ලාංකීය තරුණයෝ කිව්වහම හැම අංශයක් ම නියෝජනය වෙන පිරිසක් තෝරා ගන්න ඕනේ

අනික අපි delegate handling වලදී මුහුණ දුන්නු එක ගැටලුවක් තමයි අපේ නියෝජිතයන් “සමහරක්” නිසි වෙලාවට වැඩ නොකිරීම. ඒ අයව බස් වලට එහෙම හරි වෙලාවට පටෝ ගන්න පුදුම කට්ටක් කන්න උනේ!
Volunteers’ ලාට සමහර දවස් වල ලැබුණු කෑම බිම ගැනනම් කියලා වැඩක් නෑ! බොහෝ වේලාවට ඒ කෑම ටික ගන්නත් දහසක්  කේස්. හරියට ඉන්න තැනක් නෑ. ඉන්න දීපු සමහර තැන් වල අවම පහසුකම් ටිකවත් නෑ. ඔන්න ඔහොමයි වැඩේ ගියේ. ඒ නිසා දවස් දෙක තුනක් යද්දී සමහර volunteers ලා ආපහු ගියා! එතකොට ඉතුරු වෙලා හිටිය අපේ duty scope එක වැඩි වෙන එක ගැන අහන්න දෙයක් නෑනේ!

අනිත් එක සමහර” team leaders ලා! හරියට හිනා වෙන්න දන්නේ නෑ. පිරිසක් පාලනය කරගන්න තේරෙන්නේ නෑ. Down to earth නෑ. මොනවා කරන්නද! බැදගත්තු බෙරේ ගහන්න වෙනවනේ කියලා හිත හදාගෙන හිටියා.

විදේශ නියෝජිතයෝ බොහොම අගය කරපු දෙයක් තමයි අපේ ශ්‍රී ලාංකිකයන් ගේ තියෙන සුහදතාවය සහ සිනහව. කොහොමත් අපේ අය හරිම සුහදශීලි ජාතියක්නේ.
අපේ කණ්ඩායම

ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ...

තව තව කතා ඉස්සරහා එකතු කරන්නම්.
මොනවා උනත් නාඩියා කවදාවත් නොලබපු අත්දැකීම් ගොඩක් ලබා ගත්තා..
හැබැයි රටක් හැටියට අපි මේ සඳහා වියදම් කරපූ මුදලින් නිසි ප්‍රයෝජනයක් ලැබුනද කියන එකනම් සැක සහිතයි.
    
ප.ලි : මෙහිදී මම ටීම් ලිඩර්ස් ලා කියා අදහස් කල අය ඔක්කොම UN Volunteers ලා නොවන වග අවධාරණය කල යුතුය. සමස්තයක් වශයෙන් ගත කල ඔවුන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන ලදී . 

මේ ගැන ප්‍රමුදි ළමයා ලියපු ලියවිල්ල ඔන්න තියනවා...

තැන තැන අපේ හම අරින අයට : හොඳ දෙයට හොඳයි කීමත් වැරැද්ද දුටු තැන උස් පහත් භේද නොසලකා පෙන්වා දීමත් නාඩියාගේ සිරිත බව කරුණාවෙන් සලකන්න. 

Yes we are behind computer screens and writing blogs to about the bitch happened just as a social responsibility to reveal what exactly happened! I don't wanna to be another ITN!!

43 comments:

  1. සැහෙන්න දිගට සවිස්තරාත්මක කියවන්න පුළුවන් දෙයක් :D

    ReplyDelete
  2. කෝ ඔයා ෆොටෝ එකේ,? ටීම් වර්ක් වලදී එපා වෙන වැඩක් තමයි කම්මැලියෝ එක්ක වැඩ කරන එක

    ReplyDelete
    Replies
    1. ඉන්නවා ඉන්නවා පිටිපස්සට වෙන්න. ඒකනම් ඇත්ත!

      Delete
  3. ජාත්‍යන්තර තරුණ සමුළුවට ඇවිත් හිටපු වැඩි දෙනෙක් වැඩිහිටියෝ කියලා වාර්තාවක දැක්කා. අපේ බොහෝ දේවල් වල කාලය ගැන සහ කෑම ගැන සැලකිලිමත් වෙනවා අඩුයි. මෙවැනි ජාත්‍යන්තර වැඩසටහනකදි වුනත් එහෙමයි. මොනවා වුනත් ලබපු අත්දැකීම් ජීවිතයට වැදගත්නේ. ජය...!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඒ වාර්තාවේ නම් එච්චර ඇත්තක් නෑ වගේ!
      අත්දැකීම් නම් මදි නොකියන්න ගත්තා

      Delete
  4. කතා ටික නම් ඈත්ත...
    හෑබෑයි කොල්ලෝ ඉන්ගිරිසි කෑලි වෑඩී වගේ..... ;)

    ReplyDelete
    Replies
    1. සික්! හරියන සිංහල වචන ටික හොයා ගන්න අමාරු උනා බං

      Delete
  5. උඹලගෙන් සුදු කෙල්ලන්ට බොහෝම කරදර උනාය කියලා ගොසිප් සයිට් එකක තිබුනා..

    ReplyDelete
    Replies
    1. මම ඒ නිව්ස් එක කියෙව්වා! ඒකනම් බොරුවක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. මොකද එකේ කියපු විදිහට හම්බන්තොට ඩි තමයි කරදර වෙලා තියනවා කියන්නේ. අපි opening ceremony එකට විතරයි හම්බන්තොට ගියේ. පැය 5ක් විතර තමයි එහෙ හිටියේ. මහා දවල්! එහෙම දෙයක් වෙන්න කිසිම අවස්තාවක් නෑ! අනික ලංකාවේ මිනිස්සු එච්චර අසහනකාරයෝ නෙවෙයි

      Delete
  6. මේ ලියුම ඩලස් බාප්පට හරි නාමල් මල්ලිට හරි යවපන් , නයි.ටී.එන්. එකේනම් කිව්වාවේ ඇති සාර්ථක ලෙස අවසන් වුනු තරුණ සමුළුව කියලා , මේසා විශාල කර්තව්‍යයක් කිසිදු සුළු හෝ අඩුපාඩුවක් නැතිව සංවිධානය කිරීම ගැන ඩලස් තරුණයාට සුභ පතනවා කියලත් කිව්වේ .

    ReplyDelete
    Replies
    1. මය කියන්න තියෙන්නෙත් එච්චරයි. ලොකුඅට සද්දේ අන්තිමට ගඳ

      Delete
    2. ගඳ ටිකක් වැඩියි වගේ

      Delete
  7. අර වෙනි කියන නාකි අංකල් හමු උනේ නැද්ද ස්ලිඩා එක පැත්තෙදි

    ReplyDelete
  8. //රටක් හැටියට අපි මේ සඳහා වියදම් කරපූ මුදලින් නිසි ප්‍රයෝජනයක් ලැබුනද කියන එකනම් සැක සහිතයි.// ඕකනෙ බං කරුමෙ. *ක උඩ දාගෙන වියදම් කරනවා ඒත් අන්තිමේ ගහපු ඇති බේරේකුත් බෙරේ පළුවකුත් නෑ.

    ඔය නිසි වෙලාවට වැඩ නොකිරීම කියන එකනම් අපි පරම්පරාවෙනෙ පරම්පරාවට ගෙනියන උරුමයක්නෙ බං ඕවා බිඳින්න හොද නෑ. වස් වදිනවා.

    ReplyDelete
    Replies
    1. වස් කෙසේවෙතත් කෙලවෙලා යනකම් අපිට තේරෙන්නේ නැති වෙයි

      Delete
  9. ප්‍රියා අයියගේ කතාවත් එක්ක සපුරා එකඟ වෙමි, දැන් ඉතින් අර ඈස් චාර්යයට කොළඹ ප්‍රකාශයත් එකතු කර ගන්න පුළුවන්නේ, බලමුකෝ කොළඹ ප්‍රකාෂේන් තරුණයන්ට කොරයිද කියලා, මෙතුවකුත් ඔය කොරේ, තාම අපි ඉල්ලන 6% දුන් නැතිව මෙවුන් තව තරුණ සමුළු තියනවා, ඕකට කියන්නේ අර බඩේ බත් නැතිව අරින පඩේ හරි සද්දයිලු, හැබැයි ඉතින් මුකුත් නෑ ගඳ විතරයි, යල් පැනපු මත විශ්ව විද්යාල වල උගන්නනේ, අලුත් තාක්ෂණයත් එක්ක එවන් එලියට එන එවුන් එහෙන් පිටින්ම අනාතයි, සිලබස් අලුත් කරනවා කියලා කරන්නේ එහෙන් පිටින්ම කප්පාදුවක් තිඑන එකත්, අන්තිමේදී කෝස් වල වැලිඩ් එකක් නෑ ලෝකෙත් එක්ක බලද්දී, පඳුරක් පඳුරක් ගානේ දැන් උපාදි කඩ, දුප්පත් අයට බා ඕවගෙන් උපාධි ගන්න, අධ්‍යපනය ආයිත් මේ රටේ එක පලන්තියකට පමණක් හිමි වෙමින් යන වගක් තමා මට නං පෙන්නේ, මොකද එකලාට ඕන උගත් බලකායක් නොව කඹුරන බලකායක් මත්තල මොනරු එළවන්නයි , හම්බන්තොට කාර් හොදන්නයි, අනේ මෙහෙමත් සමුළු,

    ඔබ තුමාත් එක්ක උරණව මේ අදහස් නොලියූ බව කරුණාවෙන් සලකන්න, ඔබ තුමාල නම් මෙයි පලක් ලබාගෙන ඇති බව පෙනේ, බලන්නේ බඩේ බත් නැතුව අරින පඩේ වත් මෙවුන්ට හරියට අර ගන්න බැරි උණ හැටි ඔබතුමා ඔය අපුරුවට ලියලා තියෙන්නේ :D. ඔබට ජය.

    ReplyDelete
  10. උඹට වෙනී කියන බුරුසු ‍රැවුලව හෙම හම්බ වුනේ නැද්ද ඔය ගිය තැනකදි?

    ReplyDelete
  11. අඩුපාඩුනම් තිබුණත් වැඩේ හොඳට කෙරුනා. මේකට රටවල් 167ක නියෝජිතයෝ ආව කියලා ආරංචියි.

    ReplyDelete
    Replies
    1. හොඳට කෙසේවෙතත් වැඩේ උනා!!!

      Delete
  12. මේ ලිපිය මේ විදියටම අර ඩලස් කියන තරුණයට යවපන්.කිසිම අඩුපාඩුවක් නැතුව වැඩේ සංවිධානය කළා කියල පම්පෝරි ගහල තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. මාත් කම්පනා කරන්නෙ ඔය ඩලස් කියන හාද‍යට වයස කීයක් ඇත්ද?

      Delete
    2. යවලා බලන්න ඕනේ තමයි!

      Delete
  13. ඔන්න මාත් ලිව්වා.බලන් යනකොට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ අඩු පාඩු විතරමද මන්දා :O

    ReplyDelete
  14. හොද අද්දැකීම් සමුදායක්ම ලබලා වගේ මේ පාරත්..

    ReplyDelete
  15. මොනව උනත් ගත්තු අත්දැකීම් වටිනවනෙ නාඩියෝ. සාර්ථකව අවසන් වූ තරුණ සමුලුවේ සැබෑ තතු අපිත් එක්ක බෙදා ගත්තාට තුති. ;)

    ReplyDelete
  16. බලාගෙන යද්දී සාර්ථකව නිමා කලා කියලා තියෙන්නේ බොරුනේ බං සෑහෙන්න..

    ReplyDelete
  17. This is Sri Lanka machan....

    ReplyDelete
  18. මෙව්වා ජාතිවාදී කුමන්ත්‍රණ කියල ශේප් උනා නම් හරිනේ :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් බෑනේ බං ඔය එක එකා කලාට!

      Delete
  19. ඇත්තටම මලේ ඔයාගේ ලිපිය හොඳයි. දැක්ක අඩුපාඩු කියන එක අඩු ගානේ ඔය වගේ දේවල් සංවිධානය කරන අයට වැදගත් වෙනවා. කට්ටිය අතරේ Communication තියා ගන්න හොඳම ක්‍රමේ තමයි Walkie-Talkie. ඒවා ගැන පෙර පුහුණුවකුත් තිබුණා නම් තමයි හොඳ. මේ වගේ තැන් වලදී රට-රටවල අයත් එක්ක ඇති කරගන්න අන්තර් පුද්ගල සම්බදතා තමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ආයේ වැඩක් කරද්දී වත් හරියට කරන්න try එකක් දෙයිනේ!

      Delete
  20. නාඩියා....මම 2012 පැරා ඔලිම්පික්ස් බලන්න ගියා. එතනදි ඒ වොලන්ටියර්ස්ලා දෙතුන් දෙනෙක් එක්ක කතාකරන්න ලැබුනා. ඒ අය 2012 ඔලිම්පික්ස්වලට කරපු දායකත්වය මුළු ලෝකේම ප්‍රශංසාවට ලක්කලා. ඔය ගැන කොහේ හරි ලියවිලා ඇති. පුළුවන් නම් හොයාගෙන කියවන්න. ඔබට වැදගත් වෙයි ඉදිරි වැඩවලදි.

    ReplyDelete
  21. අර සමුළු මේ සමුළු තියලා අන්තිමට සල්ලි ගැහිල්ලයි වෙන්නෙ...චෝගම් වලදි රුපියල් ලක්ෂයක කෑම වේලක් මාධ්‍යවේදීන්ට දුන්න රටක්නෙ මේක....

    ReplyDelete
  22. කියනවා නම් කෝටියක් කතා තියනවා බන් ඔය අට මගල ගැනයි, ඊට කලින් පස්සේ උන විකාර ගැනයි......
    කිව්වා කියලා සෙතක් වෙන 1ක් යැ,...........
    මගේ යොවුන් පාර්ලිමේන්තු වරප්‍රසාද ටිකට කෙලවෙලා, තියන කැපිල්ල වැඩි වෙන 1ක මිසක්..........
    අපිට නම් ඕවා හොදට පුරුදුයි, දැන් කෑගහලම එපා වෙලා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...