නාඩි සෙට් එක

Wednesday, April 23, 2014

සයිබරේ 20




මුලින් හිතාගෙන හිටියේ 20 ගැන කොටන්නේ නම් නැතිය කියාය. හැබැයි කොහේදෝ කැසිල්ලකට 20 ගැන ලියන්නට හිතුනේය.

වෙනදා වගේම ඉතිං සයිබරේ මඟුලක් කියපු සැනින් මං තුමා ගොයින් දැම්මේය. තනියම ඇවිත් ඩබල් යනවා කියා ටෝක්ස් දුන්නේය! ඒවා නම් හරි ගියේ නැත. කොහොමෙන් කොහොම හරි මරු පහේ දවසක් උනේය.

කලින් දවසේ නිකමට වගේ ළඟ පාත ඉන්න රන් ගොජා ට චැට් පාරක් දැම්මෙමි.

“මේ උඹ හෙට යනවා නේද? කොහොමද කීයටද යන්නේ?”

“බයික් එකේ යන්න ඉන්නේ බං. එක්කෙනෙක් එනවා කිව්වා ඉතිං ඩබල් දාල යන්නයි කල්පනාව”

“හාකෝ එහෙනම්”

ඒකත් ජය සිරි මංගලම් කිව්වට ආරංචි විදිහට රන් ගොජාට ඒ පාර්සවේ පොල්ලක් තියලා කියලයි ආරංචිය. නංගි පිටේ තනියම ආවයි කියන්නේ! ඒ කොල්ලෙක් කියන්නේ! ඒ කියන්නේ රජා ??????

අප්පේ පිට්ටනිය ඇතුලට එද්දී හෝ ගෑවිල්ලේ සෙනගය. ආපු ගමන් 200ක දත ගලවා ලක්ෂිතයා අතට දුන්නේය! අපිනං ඉතිං බැස්සේ ෆුල් සිරි ලන්කන් ඉස්ටයිල් එකටය. මෙන්න බොලේ බලද්දී සරම් සැට් එකක්ම ඉන්නවය. එක එකා සරම් කඩන්නට ට්‍රයි කොලත් අපේ උන් ඉතා සුක්ෂම පරිදි පටි භාවිතා කරමින් සරම් ආරක්සා කොර ගත්තෝය.

මතක හැටියට මුලින් ජාතික ගිය එහෙම ගයා දිවිල්ල තිබ්බේය! ෆුල් සිරි ලන්කන්ය! රජා, තරියා පුබුදුවා මංතුමා ඇතුළු අපේ සරම් බලකාය කණ්ඩායම් හැඟීම ප්‍රදර්ශනය කරමින් දුවන ලද්දේය!
සරම් බලකාය

බනිස් කෑම නම් හෙනම අසාධාරණය! යකෝ ඉතියෝපියාවෙන් ආව උන් කියලා හිතලාද කොහෙද කාන්තා පාර්සවෙට වෙනම බනිස් සමඟ අඩි හැට හැත්තෑවක ඉලිපුමක්ද ලබා දී තිබුණි රනා අයියේ වැරදියි ඕන් ඈ!!!
සයිලට් බස්සා සමගින් බස්සි අක්කා ඇවිත් හිටියේය! උඹලට කියන්න බොලව් ඒ අක්කා කෙල්ල දැක්කේ අවුරුදු 13 පස්සේ කියපන්කො!!! 

සත්සරයා කවුදෝ මන්දා කෙල්ලෙක් අමාරුවේ දමා තිබ්බේය! පව් අහිංසක කෙලි පොඩිත්ති! මොනා උනත් සත්සරයා හොඳ එකා! කවුරුත් ඌ ට මොතුත් කියන්නේ නෑ හරිද ඩො! (නැද්ද මල්ලි ;) )

නිමේසයා (පොඩි ඔටුවා) මං තරම් හයේ හතරේ ඩයල් එකක්ය! කාටද සන්තෝස ඈ!!

අර අඟහරුවාට කවුරු කවුරුත් සල්ලි සම්මාදම් කර කෝච්චියක් අරං දෙනවානම් මමත් හිඟා කාල හරි සම්මාදම් වෙනවාය! අන්වාර්යේන්ම ඕකා කසාද බදින්නේ කෝච්චි ඩයිවර් කෙනෙක්ගේ දුවක්ය! ඊට පස්සේ කෝච්චි පෙට්ටියක ගෙදරක් හදාගෙනඅර කොහේ හරි එන්ජින් කරකොන ටේබල් එකකට වී ඉන්නවාට කිසිඳු සැකයක් නැත!

රතට රතේ ඇඳගෙන දේවා කොල්ලා කාන්තා පාරසවේ සමඟ ඇවිත් තිබ්බේය! ඒකත් ජය සිරි මංගලම් කියන්නේ!

කුරුටු ගෑ පොතේ දිලිනි අක්කා නම් හරිම හොඳ පාටය! හිනා කටයි මල් අහුරයි ඈ!

ඉවාන් ගොයියා ඉතිං අපේ හිත හොඳ බුලට් එකය! මොක මොකා හෙම්බා කිව්වත් ජෙන්ට්ලිමන් මෑන්ස් ය! ගාලු කොල්ලා ඌ එක්ක වතුර පුරෝලා දිනපු එකේ කතෘ බාගය තාම ගෙව්වේ නැත! ඊළඟ සයිබරේ දිවත් ගෙවන්නට වෙනවාය. යකෝ නාඩියාගේ “පුනිල ක්‍රමය” සෙල්ලං තියරියක්ද යකෝ

අයිසා හෙවැහැ ටකරමි පැමිණි වහාම බුද්දදාස ක්‍රීඩාංගනය වට සිටි සියලු කපුටෝ පලා ගියහ. බල්ලෝ බලල්ල්ලු හිස ලූ ලූ අත දිව ගියෝය! ජේඩ් කොල්ලා විලි ලජ්ජාවෙන් සරමෙන් මුණ වසා ගත්තේය!

කකා මහත්තයා මටත් පොතක් දුන්නේය! “සිව් වසරක් මරදානේ” එකය! මේ ටිකේ පොත ටික ටික කියවනවාය! කොහොම හරි අදනම් කියවලා ඉවර කරනවාය! කාඩ් එකක් දුන්නු වෙලේ මං හිතුවේ ඩයලොග් කාඩ් එකක්වත් කියලාය! එහෙම එකක් උනානං හුරලා පෝන් එකටවත් දා ගන්නවාය!

 සෑම් ගොයියා තනියම සැපත් වී නිකම් තනිකඩ ගොයියා වගේ ඉන්ට ට්‍රයි කොලත් දුක් සීන් එක කියන්නේ කවුරුත් කෙල්ලෝ ඊට රැවටුනේ නැතිය. මොකෝ අර වෙඩින් වීඩියෝ එකේ මූ රඟ පෑ හැටි දැකලා අජුවටය!

සන්තෝසේ ට කාරණාව නලින් අයියාගේ තට්ටේ වැහෙන්න කොන්ඩේ ඇවිත් තිබීම උනේය! ආරංචි විදිහට යුරියා කිලෝ බර ගානක් ඊට වියදම් වෙලා තියනවාය.

ස්කුබියා මැරුණු බව ආරංචිය. කොට්ටා පොර ගහලා ඌ වැටුණු හැටියට මටනම් හිතුනේ හත් දවසක් සුවර් කියලාය!

පැට්ටා අයියාව වහාම එෆ් බී ඇයි එකට යැවිය යුතුය! මොකෝ එකා රෑ කොටු පැනීමේ ආනුභාවයෙන් ඇස් බැන්දත් අලියට ඇහැ තියනවාය. මුට්ටියට ගහනවාය. හැබැයි අර රෑට හීනෙන් රනිල් මහත්තයා පෙනිලා ඇහැ තියන්න කියපු එක ගැනනම් ටිකක් හොයලා බලන්න වටිනවාය.

සමියා දැන් බහින්නේ නිකම් නළුවා වගෙය! එදත් සුකිරි බටිල්ලන් කාන්තා පාර්සව දෙකක් තුනක් මන්දෝ කරගෙන ගොඩ බැහැලා තිබ්බේය! ඔහොම යන් පුතේ ඔහොම යන්.

සූදු මහත්තයා පව් ය. කවුරුන් හෝ උගේ අහවල් එක මෙව්වා කර ඇත! සුවනා අඩමින් “මම මොසිලා යනවා බං “ කියමින් චුත උනේය.

ප්‍රදීප් දොස්තර තැනගේ දැන් බඩ එහෙම දාලා ය. සෙල්ලං ද යකෝ සභාපති ගොයියා කියපුවහම! අපි නම් දෙයි අස් වෙන්න තොට!

මොනා උනත් එකම වගේ අනිත් එකා කෝරළේ ගොයියා පළමු වතාවට සෙට් විය. මඩ ගහන්න කියා හොම්බ දිග කැමරාවක් ගෙනාවාට බාගයක් සිරිසගබෝ නිසා පබ්ලිෂ් කොරන්ට දෙයක් නැතිව අඩමින් සිටින බව ආරංචිය. 

ඌ ත් එක්ක ආපහු යන ගමන්... 

“මේ උඹට ලයිසන් තියනවද?”

“තියනවා කියපන්..”
“ආ.. හෙනම් අවුලක් නෑ. මම මේ රේඩියෝ ලයිසන් එකෙන් වාහනේ එළවන්නේ”

ටිකකින්...

“උඹට ඉන්සුවරන්ස් එකක් තියනවද බං”
“තිබ්බා. කියපන්කො....”

“ආ ... එහෙනං කමක් නෑ මේකේ බ්‍රේක් නෑ බං”

අනේ බනියෝ පරිස්සමෙන් පලයන් මේකා එක්ක. දැන්වීමයි - දන්න කියන කිසිම එකෙක් කෝරළේ ගොයියා එක්ක වාහනේ නොයන්න.

දන්න කියන උන් ගොඩක් මීටර් උනි! නොදන්නා උන්ද මීටර් උනි! ඒ සයිබරේ හැටිය! මොනා උනත් සර්ට් එක එහෙම පංකාදු පහය! ඔර්ගනයිසර් ලා එලම කිරිය.

චන්දන අයියගේ වීඩියෝ එක මල් හතයි ගස් දෙකය!!!!! සුප්පාය.

හොඳ හොඳ සෙල්ලම් බලන්න හවස ඉන්ඩ උනේ නැති එකට දුකය. කරන්ට දෙයක් තිබ්බේ නැත. මහරගම බෝයිස් හෝම් එකේ IMCD Amuzed අවුරුදු උත්සවේට යන්න තිබ්බේය. පුළුවන් නම් සයිබරේ  අපිත් එහෙම දෙයක් කරමුකෝ ඈ! මේ ඒකෙ ඇල්බම් එකය.

පොටෝ දැම්මේ නැත. බුකියේ යමරෙට ඕනෑ තරම් ඇතිය!

එහෙමනම් ජය ඈ!!!!


58 comments:

  1. මා එනවිටම නාඩියා

    නිකන් මොඩ් ගොයියා වගේ ඇවරිය දාගෙන සිටියෝය.. මාත් නිකා හිටියේ නැත...
    ගාර් ෆිල්ම් එකේ .. කොල්ලා කෙල්ලව දැක්කම දුවගෙන එනවා සේ ඇවිත් සිප වැලඳ ගත්තෝය...

    සරමනං පට්ටය .කඩන්න තිබ්බානන් ඊටත් පට්ටයි... සරම කැඩූ විට යට ෂෝට එක නං අන්පට්ට ය...

    මොන උනත් පට්ට දවසක්ය ...

    (කවුරුන් හෝ උගේ අහවල් එක මෙව්වා කර ඇත!
    සුවනා අඩමින් “මම මොසිලා යනවා බං “ කියමින් චුත උනේය. )

    මේ දෙක අතර ඇති සම්බන්දතාවය පැහැදිලි කරනු මැනවි... :3

    මා සිටියේ පවනියා සමගය... :/ දුටුවෝ සාක්කි :3

    ReplyDelete
    Replies
    1. ඒ... උඹ මොකද බං කොල්ලො එක්කම ඉන්නෙ. එතකොට ලෝකයා කියන කතා ඇත්තද? :D

      Delete
    2. ඒවා පච .. යාලු ෆිට් එකට ඉන්නේ :/

      Delete
    3. ප්‍රසන්න අයියා - එහෙම ඉන්නේ මුගේ ඇඟේ කෙල්ලෙකුට අතට පයට අහුවෙන්න් මස් කලඳක් නැති නිසාය

      Delete
    4. //කවුරුන් හෝ උගේ අහවල් එක මෙව්වා කර ඇත!
      සුවනා අඩමින් “මම මොසිලා යනවා බං “ කියමින් චුත උනේය.// චුට්ටක් හරි අඩු උනාම සුවනාට දුක ඇති

      Delete
  2. හැමදාමත් එන නුඹේ මෙදා පැමිණිම අපට ලොකු සතුටකි..

    ReplyDelete
    Replies
    1. අපි ආයේ නෑවිත් ඉන්නේ නෑනේ

      Delete
  3. හොඳය, හොඳය. නාඩියාද ෆුල් ෆන් එකක් ගත් ලෙසක් පෙනේ.
    ලබන අවුරුද්දෙවත් හම්බවෙමු.

    ReplyDelete
    Replies
    1. අපි ෆන් මිස් කරන්නේ නැත. ලබන අවුරුද්දේ අනිවා වර

      Delete
  4. අපිත් ආවා බොල ගර්ර්ර් >:O

    ReplyDelete
    Replies
    1. තෝ හවස නේ ඇවිත් තියෙන්නේ :/

      Delete
  5. මේ වගේ උන් එන බව දැන මා නොආමි...

    ReplyDelete
    Replies
    1. උඹ එයිම කියලා හිතුනා. ලබන පාර වර

      Delete
    2. @දේශක : ආ ඇත්තද! ඒක තමා තෝ නොඑන නිසා තමයි මං ආවේ

      Delete
  6. සෑමාට අනුව නාඩියා එදින දෙමළ සන්ධානය නියෝජනේ කර ඇත...
    ජනවාර්ගික අර්බුදේ විසදන්න මේ ආකාරයෙං කැපවීම අපි තරයේ පැසසිය යුතුය!!!!

    ReplyDelete
    Replies
    1. නැත්තන්. අපි නැත්තං කවුරු ඒ කැපවීම් කරන්නද!

      Delete
  7. මම නම් ආවේ නැහැ.බොලා හැමතනාම මේක අපිටම උජෝ කරනවා

    ReplyDelete
  8. කෝරළයගෙ ලයිසන් කෙසේ වෙතත් අපිට ගොඩගමදි හම්බුන විදියට බනියට මඟදිම බබා හම්බුනාද කියන එක නං ෂුවර් නැත... හි හි

    ReplyDelete
    Replies
    1. ඒක තමා! හිරු අක්කත් එක්ක කතා කරන්න හම්බුනේ නෑනේ! ශික්

      Delete
  9. මා එනවිට තරග බොහොමයක් නිමා වී තිබුනි. ග්‍රවුන්ඩ් එක පිරෙන්න කස්ටිය මදි වුනත් කස්ටිය ගොඩක් ඇවිත් තිබුන බව මා කොහේ හෝ සටහනකින් දිටිමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වැඩිම සහභාගිත්වය කියන්නේ

      Delete
  10. අයියෝ සූටි නාඩි පැටියෝ ,කතෘ භාගය හැටියට උම්මා එකක් දෙන්න උඹව හොයද්දී උඹ නොකියම මාරු වෙලාය , හැබැයි ගිය එක හොඳය, නැත්තම් අපිට උඹට උම්මා දෙන්න වෙන්නේ නැතිය ,උඹව දැක්ක ගමන් ගයේෂා අක්කා උඹට උම්මා වරුසාවක්ම දෙනවය . උඹේ පුනීල උපදෙසේට පින්සිදු වන්නට අපි දිනුම්ය

    ReplyDelete
    Replies
    1. ඒක තමා! එද්දී උම්මා එකක් දෙන්නට උඹව හොයා ගන්නට බැරි උනේය . අපි ඔය ගයේසා ලා එක්ක නැතිය

      Delete
  11. එහෙනම් උඹ නිසයි අච්චර අමාරුවෙන් බෝතලේට වතුර පුරවලත් අපි පැරදුනේ. හැක්… විරෝධය පළ කර කමෙන්ට් නොකරම යමි. :p

    (දුක නැත්ද බොල.… වතුර පුරවලා මම නෑවත් එක්ක.) ;)

    ReplyDelete
    Replies
    1. මේ අර පොඩි එකා වගේ ඉන්න අඩි අටේ අයියනේ! හික්ස්

      Delete
  12. අයියෝ නාඩියෝ එක විනාඩි පහක් කතාකරන්න ලැබුනේ නැහැනේ. කොහොම හරි ආයෙත් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. ඒකනේ! මමත් විචාරක තුමා හොය හොයා හිටියේ

      Delete
  13. යකෝ IMCD එකට එක්ක යන්න එපැය මාවත්

    ReplyDelete
  14. නාඬියා නැති අවුරුදු උත්සවයක් කොහෙන්ද ඉතින්..

    ReplyDelete
  15. නාඩියා ආ බව දැන ගත්තේ ෆොටෝ වලිනි. එනපාර හමු වෙමු.

    ReplyDelete
    Replies
    1. සුදීකට එච්චරම වැඩි වෙලාද හිටියෙ. :D

      Delete
  16. ඉස්සර පර සිද්ධියේ කළ ඒවා දැන් රහසේය.

    වැඩක් නැති වූයේ යැයි කියනවා නම් රහසින් විමසන්න. :p

    ReplyDelete
  17. පොඩ්ඩක් හිටහංකො නාඩියො....ආයෙම දවසක සංවිධායක වැඩකට උර දෙන්න හැකි වෙච්ච වෙලාවක නව අදහස් තියෙනවා මේ රටවලින් දුටු....ඒ දවස එන තුරු බලා හිදින්නේ තොපි සමග බෙදා හදාගන්නයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ! ගම්5 ගෙට් එක කළා වගේ අලුත් වැඩක් කරමු

      Delete
  18. අපිත් ආවා බොල

    ReplyDelete
    Replies
    1. ආවේ අර චීනෙක් වගේ කොන්ඩේ බැඳගෙන

      Delete
  19. හි හි... නාඬි මලයව දැක්කෙත් එදා!!!

    ReplyDelete
  20. නාඩියා ගත්ත ෆන් අපිත් දැක්ක.. උබ හෙන ජොලියෙ හිටිය, පට්ට ගති. අනික උබට මම මූණු පොතේ විශේෂ ස්තූතියක් කරල පොස්ට් එකක් දාල ඇති, උබේ පුනීල තියරියට කොරල අපි ගොඩ ගිය එකට...

    උබට උම්ම දෙන්න විදියක් තිබුනෙම නෑ බොල , මොකද උබෙ ගෑනි සහ මගේ ගෑනි හිටපු නිසා බන්ස්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ!
      කවුද යකෝ මමත් නොදන්නා මගේ ගෑනි????

      Delete
    2. ගම්පහ ආව චූටි නංගිද ?

      Delete
    3. @සිරා අයියා : ඈ??? කවුරු කිව්වා? ;)

      Delete
  21. ඔපීසියේ වැඩ නිසා පැමිණීමට නොහැකි විය, පන් ගංගාවක් මා විසින් මිස් කර ඇත....!
    දුක් වෙමි....!

    ReplyDelete
    Replies
    1. කවුද බං ඉරිදා ඔෆිස් යන්නේ!!!!

      Delete
  22. මම උඹව හෙව්වා හෙව්වා බන් නාඩි පොඩ්ඩක් බලෝගන්න. කොහෙද හම්බවුනේ නැහැනේ.

    ReplyDelete
  23. හැම තැනම උඹව හෙව්ව මං ...යකූ.....

    ReplyDelete
  24. හම්මේ හතර වසරෙදි දොඩන් ගෙඩි 2ක් තරන් උස නාඩියව දැක්කට පස්සෙ ආයෙ දැක්කෙ එදා නෙව. මෙයා අපේ පුනීල ගුරා නෙ.

    ReplyDelete
  25. නාඩියා දැක ගත්තා.නැවත හමු වෙමු!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...