නාඩි සෙට් එක

Saturday, April 12, 2014

ඔන්ලයින් අවුරුදු? ඈ???


කජු ඇට ද කොස් ඇට ද! මෙන්න online අවුරුදු! ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න full online අලුත් අවුරුදු උත්සවයක්!! පිස්සු බම්ප් වෙනවා ඈ! ඇතෙක් බරට තෑගී ලු!

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මහත් වූ ආඩම්බරයකිනි! ඔබ ලොව කොතැනක සිටියත් ,තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට අප සූදානම්!

අපේ අවුරුදු උළෙලේදි ඔබට සහභාගී විය හැකි තරඟ ඉසව් ,

1.අවුරුදු කුමරා
2. අවුරුදු කුමරිය
3. කනා මුට්ටි
4. අලියාට ඇස තැබීම
5. ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම
6. කඹ ඇදීම
7. ලිස්සන ගහ නැගීම
8. කොට්ට පොර
9. බාධක දිවීම
10. බෝනික්කාට නම දැමීම
11. සැඟවුණු භාණ්ඩය සෙවීම
12.හොඳම හිනාව
13. හොඳම ඇඬීම
14. ලොකුම බොරුව
15.සැඟවුණු අමුත්තා

ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග ලබාදීමට මව්බිම Ceylon Today සහ DIALOG ආයතන සූදානමින්.

දැන්ම ඔබෙ මිතුරන් දැනුවත් කරන්න.සියලු දෙනා සමඟින් 13 වන දින සවස 6 සිට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඔබත් එක්වන්න..

ප්‍රධාන අනුග්‍රාහක / Partnering with : මව්බිම (Mawbima) Ceylon Today

Powered by : Dialog Axiata

තාක්ෂණික අනුග්‍රාහක : Brightron Solutions



ඔය ඇති! වැඩි විස්තර ටික ඔක්කොම බුකියේ event එකේ තියනවා!! 

එහෙනම් ශ්‍රී සුභ නව වසරක් වේවා ඈ!!!!

කිරි ඉතිරේවා නව වසරේ!!!!

35 comments:

  1. අම්මට සිරි ඒක මාර අත්දැකීමක් වෙයි බන් :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා! අමුතුම අත්දැකීමක්!

      Delete
  2. නාඩියා ඔන්ලයින් කියන්නේ නිකංද ?

    ReplyDelete
  3. ගොහින් බලමු. නාඩි, 20 එනවද?

    සුබ නව වසරක් වේවා…!!

    ReplyDelete
  4. අඩේ එහෙම එකකුත් තියනව ද.. අවුරුදු කුමාරයා තරඟෙට මං එනව. @පොටෝ සාප්පුව ඕපන් කරමින් :D

    ReplyDelete
    Replies
    1. බෑ බෑ පොටෝ සාප්පු ඔට්ටු නෑ

      Delete
  5. ගිහින් බලමු...

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!!!
      ඔව් ඔව් ඇවිත් බලන්න

      Delete
  6. මට මතක් වුනේ ප්‍රේමදාස මහත්තයට තිබුනයි කියල කියන නවීන වැසිකිලිය. බටන් තුන එබුවාම ඔප්සන් වෙනස්. මතක විදියට දෙවනි බටන් එකෙන් කෙරුනෙ කෘතිම අතක් ඇවිත් පස්ස පැත්ත හෝදල දෙන එක.

    ReplyDelete
    Replies
    1. අමිල, තුන්වෙනි එක පෑඩ් එක ගලවන එකලු. ඒක ඔබල මිනිහ කුට්ටම නැතිකරගත්ත කියලයි කතාවෙ තීන්නෙ.

      කොහොම උනත් දැන් ඇත්තටම ඔය වගේ වැසිකිලි පෝච්චි තීනව. නිකන් නෙමෙයි ලන්නග එනකොට සීට් එක පහත්වෙනව, පොඩි බටයක් යටින් ඇවිත් වතුර විදල හෝදනව, හෝදන වතුරෙ උෂ්නත්වය පාලනය කරගන්නත් පුලුවන්. කොටිම්ම සමාන්‍ය මිනිහෙක්ට නොදැන පවිච්චි කරන්න බැරි තරම් කම්ප්ලිකේටඩ්!

      මෙන්න භාන්ඩෙ,
      http://www.totousa.com/Washlet/S300eS350e.aspx

      Delete
    2. අප්පේ ටොයිලට් දියුණු වෙලා තියෙන තරමක්!

      Delete
  7. මරු ඈ..... පිස්සු බම්ප් වෙන කන්සෙප්ට් එකක් නෙව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. අමුතුම කන්සෙප්ට් එකක්

      Delete
  8. නියමයිනෙ. බලමුකො.

    ReplyDelete
    Replies
    1. ඇවිත්ම බලන්න තෑග්ගක් ගන්නත් පුළුවන් වෙයි

      Delete
  9. උඹ බැලුවොත් කොහෙ හරි ඉවෙන්ට් එකකනෙ ඉන්නෙ..දැන් කැම්පස් යන්නෙ නැද්ද ?
    නාඩි පිරුනු ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පතන්නම්...සියලු සුභ පැතුමන් ඉටුවේවා !

    ReplyDelete
    Replies
    1. යනවා යනවා! අවුරුදු දවසේ කැම්පස් නෑනේ! :D මේක ඉතිං අපේම වැඩක්! ;)
      සිරා අයියටත් සිරාම අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  10. සුපිරි වැඩේ මචෝ...

    ReplyDelete
  11. එලනෙ ඔන්න අපිත් එනවා එහෙනම්

    ReplyDelete
  12. මම නම් ඔය වගේ වැඩවලට කැමති නෑ....

    ReplyDelete
  13. ඔන්ලයින් බනිස් කන්නයි ,කිරි කවන්නයි තියෙනවනම් මාත් එනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං අර මොකාද්ද "ගෙඹි" කතාවක් යන්නේ නිකම් යැ!

      Delete
  14. මරු මරු මම මේ හවසත් අවුරුදු කුමාරියන්ට ලයික් දාලා ආවේ.. ස්පෙෂලි අපේ නිනුවට එහෙම..

    ReplyDelete
  15. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  16. හිතාගන්න බැහැ ෆේස්බුකි නොමැති නිසා. මව්බිම එක්ක කරන්න යන්නේ ඉස්සර සිරසේ ලක්ෂපතිආරච්චි කරා වගේ ගොන් සීන් එකක්ද..අලුත් මාධ්‍ය චූන් එකක්ද... දන්නේ නැති නිසා අහන්නේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එහෙම එකක් නම් නෙවෙයි. interactive online වැඩක්! පොඩ්ඩක් event එක පැත්තට ඔලුව දාල බලන්නකෝ

      Delete
  17. නාඩි වැටෙන සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...