නාඩි සෙට් එක

Monday, October 14, 2013

චේ නම් චේ අපේ චේ....



ගහගනින් බං චේ shirt එකක්!
පුළුවන් නම් හොයා ගනින් බොබාගේ මාලයක්!
ඇයි බං රස්තා පාට hand band! අන්න odel එකේ තිබ්බා පට්ට බ්‍රෑන්ඩ් එකක් ඇවිත්.
දා ගනින් කළු බෙරස් එකක්. ගහගනින් තරුවක්! විප්ලවේට ඕවා ඕනේ බං!
සුරුට්ටු නම් හොයන්න නෑ බං.
John player එකක් නරකමත් නෑ!
ධනවාදී ආර්ථිකේට පොඩි ගානක් නේ යන්නේ. ;)
අපිට කොහෙන්ද Norton බයික් රට වටේ යන්න.
ඇයි බං තියෙන්නේ අල්ලපු රටේ පල්සර්
නරකමත් නෑ උන් අපිට අත පය දැම්මට
Tattoo එකක් ගහමු චේ ගේ මූන අතේ. පට්ට රැඩිකල් බං
ගනින් බලන්න ෆොටෝ එකක් උඹේ apple එකෙන්..
කරපංකෝ බං Instagram නැත්නම් කරපන් share facebook එකේ.
යකෝ මේ ධනවාදී පංතිය මේවා දැනගන්න ඕනේ බං!
බය කරන්න ඕනේ මුන්ව!
 

41 comments:

  1. පට්ටයි මචං.කට්ටියගෙ ඔළු ශේප් එකේ අතගාලා :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අත ගෑවා! නැත්නම් හරි නෑනේ!

      Delete
  2. මෑත කාලයේදී ඔබ විසින් කරන ලද සාර්ථක දේශපාලනමය සහ සමාජමය යථාර්ථ නිරූපණයක් ලෙස මේ නිර්මාණය අගය කරනවා.

    ReplyDelete
  3. මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ ....!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! ඒක තමා වෙලා තියෙන්නේ!

      Delete
  4. සැලුන් එකක ගහල තිබ්බ ලු චේ ගෙ පින්තූරයක්. ඉතින් කොණ්ඩෙ කපන්න ආපු කෙනෙක් බාබර් ගෙ දර්ශනය ගැන බොහොම පැහැදීමට පත් වෙලා ඒ ගැන ඇහුව ලු. බාබර් කිව්ව ලු මෙහෙම.

    "මාර කට් එක සර්"

    ReplyDelete
    Replies
    1. ඒකනේ! එක එක කට්ටිය ඒ දේ ගන්නේ වෙනස් විදිහට. වැරැද්දක් නෑ! හැබැයි ටිකක් හරි තමන් follow කාරන්න යන දේ ගැන දැනගෙන ඉන්න ඕනේ!

      Delete
  5. ටොකු ඇනලා නාඩියා ගොඩක් අයට

    ReplyDelete
  6. සුපිරියි බං,ධනපති පංතිය බයකරන්නම ඕනෑ නේන්නං

    ReplyDelete
  7. ධනවාදී එවුන් බය වෙයිද බං ?

    ReplyDelete
    Replies
    1. බය කරන මිනිස්සුන්ගෙන් මයි ඉතිං අහන්න වෙන්නේ!

      Delete
  8. ............ පෙරලන්න යන ගොඩක් අයගේ සැබෑ තත්වය මෙන්න මේක තමයි

    ReplyDelete
  9. කාලෙකින් මේ පළාතේ පැමිණියෙමි.
    නමුත්, නාඩි ඔබ දරන මතය මා දරනුයේ නැත. ජවිපේ හෝ වෙනත් සමාජවාදී හෝ පක්ෂයක් ප්‍රමාදවී හෝ මෙවන් දෙයක් කිරීම කාලෝචිතයි කියා මට සිතේ. නමුත්, එය ඔබට පෙනෙන ආකාරය වෙනස් විය හැකිය. එය දැක්මේ ස්වභාවයයි.

    පෝය දිනට සුදු ඇදගෙන වඩා හික්මුණ පරිදි පංසල් යෑමට අපගේ රටේ බැතිමතුන් පුරුදු වී සිටී. ඔවුන් යම් තරමින් හෝ ආගමානුකූල වීමට යම් උත්සාහයක් ගනී. (ආගමේ සත්‍ය අසත්‍යතාවය මෙතන්ට ආදාළ නොවේ).
    ජාතික දිනය දා, එය වඩා උත්කර්ශවත්ව සහ ජාතිකාලය දැනෙන පරිදි සිදුකිරීමට පාලකයන් සහ යම් යම් සංවිධාන උත්සුක වේ. ඉන් බොහෝ පිරිස්වලට තම ජාතිය පිළීබඳව අභිමානයක් හෝ වියකීයන ජාතිකාබීමාණය ඔපවත් කර ගැනීමට හැකියාවක් ලැබේ.
    මැයි දිනය බොහෝ පක්ෂ විසින් ඉහළින් සමරනු ලැබේ. ඒ මඟින් කම්කරුවා සැබෑ ලෙස සැමරීමටත්, කම්කරු අයිතින් දිනා ගැනීමට කම්කරුවන් පෙළ ගැස්වීමට අදිටන් වූවත් එය බොහෝ පක්ෂතුළින් සිදු නොවුණත්, එකී අරමුණු සහගතය.
    හමුදා බට පිරිස් අතරද විවිධ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනාත්මකව සිදු කරනු ලැබේ. එමඟින් ඔවුන් තුළ ඇතිකරන මොරාල් ලක්ෂණයත, බාහිරට දෙන පණිවිඩයත් ප්‍රබලය.
    --------
    සෑම දේශපාලන පක්ෂයකටම ඔහුන්ට ආවේණික ලක්ෂණ ඇත. එය මා දැක ඇත. ඔවුන් ක්‍රියාකරනුයේ ඒ පරිදිය. නමුත්, වෙනත් දේශපාලනික කෝණයකින් බලන අයෙකුට තවත් පක්ෂ ක්‍රියාකාරකමක් හාස්‍ය උපදවන්නක් විය හැකිය. එය නුරුස්සනා ස්වරූපයක් ගත හැකිය.
    මුස්ලිම් ජාතීන් රැවුල ඉතා දිගට වැවීම සහ ඔවුන්ගේ සමහර සංකෘතික අංග, සිංහල බෞධයින්ට කිසියම් නුරුස්සනා ගතියක් ඇතිවීම සමාන්‍ය දෙයකි. ඒ තම සංස්කෘතික කෝණයේ ඇලී ගැලී සියල්ල ඒ පරිදි බැලීමට උත්සාහ කිරීමයි.

    ඉතා විශිෂ්ටව මැයි දිනය සමරන රටක් ලෙස ක්‍යුබාව පෙන්වා දිය හැකි අතර, එරටේ හමුදා ආචාර පෙළපාලිය සමහර ප්‍රබල රටවලට අභියෝගාත්මක පණිවිඩයක් ගෙන යෑමට සමත්ය.

    (මා දේශපාලනික කෝනයකට ඇඳ දමන්නෙ නැතිව සිතන්න. නැවත ප්‍රතිචාර දැක්වීමට පැමිණීමට අවස්ථාවක් නැතිවිය හැකිය.)

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට බොහොම ස්තුතියි.
      මෙහිදී මම ඉදිරිපත් කිරීමට උත්සාහ කලේ මේ ප්‍රදර්ශනවාදී දේශපාලන න්‍යාය පත්‍රයන් හා ඒ අයගේ සැබෑ ප්‍රතිරූපය විනා එක් පක්ෂයක හෝ කණ්ඩායමක මතය හාස්‍යයට ලක් කිරීම නොවේ.

      Delete
  10. රිදෙන්න ඕන තැනට රිදෙන්නම දීලා තියෙනවා. චේ දැන් ෆැශන් එකක් විතරයි.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. හැබැයි නියම විදිහට ඒ දර්ශනය අනුගමනය කරන අය නැතිවමත් නෙවෙයි.

      Delete
  11. යකෝ නාදියා රැඩිකල් වෙන්න දඟලන තාලේ...............

    ReplyDelete
  12. බුකියේ ෆේක් එකවුන්ට් මගින් ඕනෑම ධනවාදී පොරකට සමාජවාදියකු හෝ සමාජවාදියකුට ධනවාදියකුද විය හැක. :3

    ReplyDelete
    Replies
    1. අප්පා! එතකොට real account වලින් බැයිද?

      Delete
  13. ලොව පුරා මිලියන ගනනක් වන ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් මුදල් සෙවීමේ ක්‍රමය දැන් ඔබටත් දන්න සින්හලෙන් .මුල සිට ඉතා සරලවම ඉගෙනීමට ඔබටත් අවස්තාවක්.මුල සිට ලිපියෙන් ලිපිය කියවා දැනුම ලබා ගන්න.මුදල් උපයන්න.ජීවිතය ජය ගන්න.

    http://forexbatta.blogspot.com/

    ReplyDelete
  14. මල් හතයි කොල පහයි නාඩියෝ.... පට්ට පට පට!!

    ReplyDelete
  15. දැන් ඔය පන්තිය අම්බානකට බයවෙල නේද

    ඉඩක් ඇතිවෙලාවක මෙ පැත්තට එන්න
    http://damgune.blogspot.com/

    ReplyDelete
  16. නියමායි....................
    මල් හතයි කොල පහයි නාඩියෝ.... පට්ට පට පට!!.....................
    නාඩියා තමයි චේ ව නියමෙට ස+මරන්නේ........................ නියමායි!
    අනේ බං නාඩියෝ උබලට මෙහෙමවත් චේව මතක් උන එක ලොකු දෙයක්. නැත්නම් කොහොමත් මතක් වෙන්නේ නෑනේ. මහත්මා ගාන්ධි එහෙම මතක් වෙන්නේ නැද්ද?
    අම්මාවරුන්ගේ දිනය ගූගල් සර්ච් කරන්නේ නැතිව එක පාරටම කියහං පුළුවන්නං.
    අනේ බං උඹත් අර දේශකයා වාගේ එදා දවසට මොකක්හරි කියලා බොග රෝල් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. මතක් වෙනවා මතක් වෙනවා! කොහොම අමතක කරන්නද!
      ඒ මොකෝ බං හදිස්සියේ එක එක දින මෙතන කොටන්නේ? ලක්ෂපති තරගේ ද? ;)
      ඔව් ඉතිං මේක රෝල් කරගෙන යන්නත් එපැයි නේද?

      Delete
  17. තව චුට්ටක් විතර අදහස් ලිව්ව නම් එල.
    මේකත් නරකම නැහැ,එල එකට පෙර සුපිරි..

    ReplyDelete
    Replies
    1. වැඩිය ලිව්වේ නෑ රහ මදි වෙයි කියලා!

      Delete
  18. එළකිරි නාඩියා...කෙලින්ම නොකියා වක්‍රව කියා ඇති ආකාරය අපූරුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! වහලා ගහනකොටලු නේ රසය තියෙන්නේ

      Delete
  19. කට්ටියක් ජාතික කොඩි විකුණනවා, කට්ටියක් බෞද්ධ කොඩි විකුණනවා, අනිත් අය චේ කොඩි විකුණනවා. අපිට ඉතින් සුදු කොඩි තමයි.....

    ReplyDelete
  20. චේ කියන්නේ ලිවින් ස්ටයල් එකක් බං දැං.. ඒක කඩන්න කාලයක් යාවි

    ReplyDelete
  21. ලෝකයේ මිනිසුන් චේ දකින විධි බොහොමයක් තියෙනවා. හරියට අර අන්ධයෝ සෙට් එක අලියා දැක්කා වගේ. සමහරුන්ට ඔහුගේ භාහිර පෙනුම, සමහරුන්ට ඔහුගේ විප්ලවවාදී බව, සමහරු රැල්ලට, තවත් කෙනෙක් තව විදියකට. චේ කියන්නේ විවිධ කෝණ වලින් ලෝක වාසි ජනතාව ආකර්ෂණය කරපු Icon එකක්. හැබැයි ඔය කවුරුවත් ඔහු හඳුනා ගත්තද කියන එක සැකයි. මේ පින්තූරය නියමට ඒක විස්තර කරලා තියෙනවා. ධනවාදී රටක වන ඇමරිකාව සතු බ්‍රෑන්ඩ් වලින් චේව නිර්මාණය කරලා. උඹගේ අදහස් ටිකත් මරු.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...