නාඩි සෙට් එක

Monday, June 3, 2013

අ.පො.ස. (18+)

Image Source - nation.lk
දුඹුරු පාට දුවිලි පිරිච්ච බස් එක කළු පාට ඩිසල් දුම් ගුලි පිඹලා අලුතින් කාපට් දාපු රත් වෙච්ච පාරට දැම්මා.. යාන්තම් ස්ටෑන්ඩ් එකෙන් එලියට දානකොටම බස් එකෙන් පැන ගත්තේ.. නැත්නම් ආයේ හෝල්ට් දෙක තුනක්ම පයින් බඩ ගාන්න වෙනවා මේ ඉලව් පත්තර මිටියත් උස්සන්!

අද නම් මහ චාටර් දවසක් .. උදේ කුදලාගෙන ආපු මිටියෙන් තාම බාගයක්වත් ගිහින් නෑ! මේ අව්වේ කර වෙන කරවිල්ලට අවුරුදු 3 ඉවර වෙද්දී දත් ටික විතරක් සුදුවට පෙනෙයි!

“මේ *ත්ත කරන්න බෑ බං.. බලපන් මේ ක්ලාස් යන උන් දාන කින්ඩි සිරික්කිය! උන්ගේ හිතේ අපි අත පල්ලෙන් වැටිලා කියලා වගේ බං! එක *ත්තිගේ කොල්ලෙක් බස් එකෙන් බහින්න යද්දී ආ..පත්තර මාමේ කිව්වා බං! දහයක් දීලා බත් ඔතන්නවත් පත්තරයක් ගන්න බෑ!කටනම් ගහගෙන එනවා ගමකට!මේ ටික කාණුවකට විසික් කරලා යමු බං යන්න මල ඉලව් 750!”

ටික්කා කෑ ගහනවා! ඌට මලම පැනලා!

ඇත්ත... දවසම ලෙක්චර් කට් කරගෙන රුපියල් 750කට මෙච්චර පුක ඉරා ගන්න ඕනෙද!
ඒත්.....මහපොළ 2500න් සති දෙකක් ශේප් කර ගත්තත් ඉතුරු සති දෙක හුළං බොන්නද???

නංගිට පන්ති යන්නත් සල්ලි ටිකක් යවා ගන්න තිබ්බොත් හොඳයි...අප්පච්චිත් දුවිල්ලටම ලෙඩ වෙලා දවස් ගානක් කොරියේ වැඩට ගියේ නෑලු... ඔහොම කෑ ගැහුවට ටික්කා මේක දාල යන්නේ නෑ... මොකෝ ඌ පවුලක් නඩත්තු කරන්නත් එපැයි! ;)

“මේ පොරියා... උඹේ තව කීයක් ඉතුරුද?”

බාගයක් වත් ගියේ නෑ බං... මිනිස්සුන්ට පත්තර කියවන එකත් එපා වෙලාද කොහෙද! මොනවා කියලා කියවන්නද... කියෙව්වහම ඇඟේ ලේ රත් වෙන සිද්ධි නේ වැඩියෙන්ම තියෙන්නේ...

“අනේ මන්දා බං..මටනම් තව දවස් හතර පහක් මේ සාම්බුව අදින්න වෙයි වගේ බං මේ මාසේ... අරකිගේ උපන් දිනේ මේ මාසේ.. ගිය සැරේ වගේ කිච වෙන්නත් බෑනේ බං! මොනවා හරි අරං දෙන්නත් ඕනේ! අම්මා සල්ලි දානවා කිව්වෙත් 20. ඒත් බං ඒ සොච්චම කන්නත් මදිනේ.තව කොහොම ඉල්ලන්නද.. ගෙදර ලෝන් එකට කැපිලා අම්මා අතට එන්නෙත් බිජ්ජයි නේ බං...රෙද්ද බර්සරියවත් නෑනේ! රජයේ සේවකයෝ වෙච්ච එකේ පව!”

ඊයේ බස් එකට නගිද්දී මාත් එක්ක එකට පන්තියේ හිටිය එකෙක් බස් එකේ! ඌ මොකද්ද institute එකක ඩිග්රියක් කරනවලු! ඒකා මගෙන් උඹ කැම්පස් ආවා කියලා කරන්නේ මේකද කියලා ඇහුවේ නිකම් මම හොරකමේ අවලමේ යනවා වගේ!

“අපිට තමයි බං මේ *සෝ *සාවියෝ ඔක්කොම කින්ඩිය දාන්නේ! මහ ලොකුවට රට ගිහින් ඉගෙන ගන්නවා කියලා ඉන්න හැම බයියෙක්ම සල්ලි හොයා ගන්න ඒ දීපංකර වල කරන්නේ මේ වගේ වැඩ තමයි! සමහර උන් පාරවල් හිටන් සුද්ද කරනවලු! අපි මේ සම්තින් එකක් හොයා ගන්න එලියට බහින එකේ තමයි කුල වන්සේ හොයන්නේ!”

 ගණන් ගන්න එපා බං.. මොකෝ අපි එලියට ගියාට පස්සේ මේක කරනවයැ!

“කියන්න බෑ එදාටත් මේ වගේ සාම්බු කන්න වෙයිද කියලා!”

ක්ලාස් යන පුංචි සුරංගනාවියක් වගේ ලස්සන කෙල්ලෙක් බස් ස්ටෑන්ඩ් එකේ කොනකට වෙලා ෆෝන් එක ඔබනවා(ටච් කොරනවා)... හොඳ ඇපල් කන්නේ පණුවෝ ලු නේ! කොල්ලා ආවා.. හැබැයි ඌ ගේ අතේ ටීවී එකක් වගේ ලොකු ෆෝන් එකක්!

“මේ පොරියා අහක යන කෙල්ලන්ට බැල්මට් එක දාලා පත්තර ගොඩ උඩම පත බෑවිලා ඉන්න පෝරියල් සෙට් කරගන්නේ නැතිව ඉඳපන්! කන්නේ අඩු! ඒත් ලයින් කරන්න යන්නේ පොස් කෑලි! අනේ බං.....”

ටික්කා ඒකා ගේ සුපුරුදු බණ දේසනාව පටන් අරං!

උදේ  ඉඳන් වටේ කැරකුණු හිඟන මනුස්සයාගේ අතේ තිබිච්ච ටින් එක අපේ පොකට් එකට වඩා පිරිලද මන්දා.. ඒ හැටි! හිඟනකමත් දැන් රස්සාවක්!

අපරාදේ පොත් වලට ගිය සල්ලි! (අ.පො.ස) !!!!



*අසභ්‍ය යැයි කියා ගන්නා වචන කිහිපයක් අන්තර්ගත නිසා 18+ ලේබලය දැමීමට සිදුවූ බව සලකනු යෙහෙකි.

66 comments:

  1. මගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක. කාලය වටිනා දෙයක්. ආපස්සට යන්න බෑ. මම තායිලන්තේ එකම යුනිෆෝම් එකක් ඇඳපු තරුණ/තරුණියන් කඩවල සහ පාරේ තියාගෙන බඩු විකුනනවා දැකලා දවසක් එයින් එක් කෙනෙකුගෙන් ඇහුවා "මේක කඩවල වැඩ කරන යුනිෆෝම් එකද ?" කියලා. නෑ ඒක කැම්පස් යුනිෆෝම් එක. අතන මෙතන කාලය කා දමනවාට වඩා කුමක් හෝ මුදලක් අතට එන දෙයක් කරනවා නම් වටිනවා. ලංකාවෙත් ඒ වගේ අය නැතුවම නෙවෙයි. මම අහලා තියෙනවා අවුරුද්දට ගෙදර යන්න සල්ලි ටිකක් හොයා ගන්න ලී මඩුවක වැඩ කරපු කොල්ලෙක්, කාර් වොෂ් වල වැඩ කරපු කොල්ලෙක්, මම දන්නා තව මල්ලි කෙනෙක් ප්‍රොමෝෂන් කරන තැනක වැඩ කළා. මම නම් ඒ වගේ අය දිහා බලන්නේ ගෞරවයෙන්. මම ඕ ලෙවල් කරලා ඉන්න ටිකෙත් රස්සාවක් කළා. එලේවල් අවසන් වුන දවසේ ඉඳන් ජොබ් එකක් කළා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කාලය මුදල් කරන එක තමයි වැදගත්ම දේ! නැත්නම් මොනවට හරි ඉගෙන ගන්න දේකට ආයෝජනය කරන එක!

      Delete
    2. සුදීක අයියා වගේම තමයි මාත්... ඕලෙවල් ඉවර වෙච්ච දාට පහුවදා ඉඳලම ජොබ් එකක් කළා... ඒ ලෙවල් කරන ගමනුත් කළා... සල්ලි වලටම නෙවෙයි... වැඩ ඉගෙන ගන්න... මිනිස්සු එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න.... ඒ ලෙවල් රිසල්ට්ස් ආපු ගමන් ජොබ් එකක් හම්බුනාම බය නැතුව යන්න හයිය තිබ්බා... අඩුම පඩියකට උනත් ගිහින් කට්ට කාගෙන ඉන්නත් හයිය තිබ්බා.. මාත් එක්ක ඒ කම්පැනියට ගිය උන් පස් දෙනාගෙන් ප්‍රොබේෂන් ඉවර වෙනකොට ඉතුරු උනේ මං විතරයි...

      පිටරටවල ළමයි හයි ස්කූල් ඉන්න ගමනුත් පොඩි පොඩි ජොබ් කරනවා තමන්ගේ වැඩ වලට සල්ලි හොයාගන්න.. සමහර අය පවුලේ බිස්නස් වලට හවුල් උනාමත් අම්මලා අතට කීයක් හරි දෙනවා... වැඩක් කරලා හම්බකරගන්න තමයි උගන්නන්නේ... අපි තමයි ඩිග්රියටත් අම්මලගෙන් සල්ලි ඉල්ලන්නේ...

      අපේ මෙහෙම කීයක් හරි හොයාගන්න දඟලන ළමයින්ට, තරුණයන්ට දෙන්න ඕනේ එයා කරන්නෙත් වෘත්තියක් කියන ගෞරවය දෙන්නේ නෑ... එහෙම එකෙක් දිහා බලන්නේ කුඩු කාරයෙක් දිහා බලනවා වගේ... අපේ රටවල් එක තැන පල් වෙන්නත් එක හේතුවක් තමයි ඔය හිතන විදිය...

      Delete
  2. අනේ මන්ද බං ටිකක් තේරුණා මදි වගේ.

    ReplyDelete
    Replies
    1. ආයේ පාරක් කියවලා බලපන්! උඹට ඕක තව ටික දවසකින් හොඳටම තේරෙයි! හොස්ටල් බත් බෝඩිම් බත් රහ බලන්න ඕනේ බං ඕක දැනගන්න!

      Delete
  3. එකත් එක අතකට ඇත්ත කතාවක් බන් , නෑ හැම අතටම වගේ , ආර්ථිකේ නම් හැම ගෙදරම ඔය වගේ වෙන්න ඕනේ එකත් එකටම ,
    අපේ එවුන් කොහොමත් බලන්නේ ඔය විදියට තමයි කියක් හරි හොයාගන්න ඕනේ කාලේ අපේ හිතින් දෙයක් කරනන් ගියාම ,
    මම නම් දැන් එක එකාගේ කොමෙන්ට් අහන එකත් නතර කරලා තියෙනෙන් ඔය හේතු නිසාම , පුරයිවට් කැම්පස් ගැන නම් ඕම කිව වගේ නෑ බන් , මම දන්නා බාගෙට බාගයක් ඉන්නෙත් හෙන ගේමක් දීලා කරනන් දෙයක් නැති කමට වෙන ,

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බං! මම මේ ප්‍රයිවට් කැම්පස් කතාවක් ඇදලා ගත්තේ එක චරිතයක් විදිහට! නැතිව ඔකොම එක ගොඩකට දාන්න නෙවෙයි! උන්ට සමහර විට අපේ උන්ට වඩා අමාරුකම් තියනවා!

      Delete
  4. මේ ලියන මම කවුද කියල උඹ බොක්කෙන්ම දන්නව නාඩියා.. ඒත් උඹ දැනගත්තම ඇති නිසා ඇනෝ දාන්නම්! දන්නේ නැත්නම් ගෙස් කරපං!

    කැම්පස් කාලෙ වතාවක් මම ක්ලාස් කළා කොල්ලෙකුට.. නුගේගොඩ කිට්ටුව. කොල්ල පට්ට දක්ෂයි. හැබැයි පොතක් අතින් අල්ලන්නේ නැහැ. කොටිම්ම මේ සුමානෙ ගෙදරට ගියාම ගිය සුමානෙ පොත තිබ්බ තැනින් ගත්තම වටේට හතරැස්වට දූවිලි පාර. ඌට තරම් මම බැණලා නැතිව ඇති කාටවත්ම. හැබැයි කොල්ල පාස් වෙලා මොරා ගියා කියල අහන්න ලැබුණා. ඊට පස්සේ මට හොයන්න හම්බවුණේ නැහැ; ඇත්තම කියන්න හොයන්න මට ඕනෙකමක් තිබ්බෙත් නැහැ.

    කතාව ආයෙම ඇදිලා ආවේ ඊට අවුරුදු දෙකකට පස්සේ පාටි එකකදී. මම දන්න වෙන මොරා කෙල්ලෙක් ලඟට ඇවිත් කතා කළා. එතැනදී දන්න දන්න අයගේ නම් අතර මුගේ නමත් කියවුණා. මම කිව්වා අපෝ මූ නම් මොරා ඒයි කියල මට කවදාවත් ම හිතුණෙ නැහැයි කියල. කෙල්ල මගේ දිහා අමුතු විදියට බලල නිකන් හිටිය.

    දවස් දෙකකට පස්සේ මට එනවා කෙල්ලගෙන් පිටු පහක හයක මෙසේජ් එකක්.. අර කොල්ලගේ අම්ම ඒ පවුල දාල ගිහිං තියෙන්නේ උගේ පුංචි කාලෙ. ඒ කාලේ රටේ නම ගිය වේදිකා නිළියක්. කවුරුත් නොදන්නවට ඒ කොල්ලා ඒ අම්මගෙ නිත්‍යානුකූල නොවන පුතා.. තාත්ත ජර්මානු කාර්මික විද්‍යාලේ වැඩකරලා රිටයර්ඩ්, දැන් ලෙඩින් ගෙදර. කොල්ලා කවදාවත් ගෙදර වැඩ නොකරන හේතුව තමා ඌ කුලී මුට්ට කරගහන්න යන එක. ඒ කොල්ලා ඒ වෙද්දී මොරා බැච් සෙකන්ඩ්.

    ඒ තමා මම ජීවිතේට ක්ලාස් කොල්ලෙකුට බැනපු අන්තිම වතාව.. අපි මතුපිටින් වත් අතගාන්න බැරි ජීවිත වලට අපි හරි ඉක්මනට චරිත සහතික දෙනවා. ඒ අපේ හැටි. හැබැයි මේ අධ්‍යාපනෙත් එක්ක පොර බදන ගොඩක් දෙනාගේ ජීවන සටන එළියට පේන්නෙ නැහැ. ඒවාට කතා ලියවෙන්නේ නැහැ.

    සමාවෙයන් කමෙන්ටුව අදාළ ද දන්නේ නැහැ ඒත් හිතට ආපු දේ ලිව්වා... මෙච්චර කලක් ඉතාම අඩුවෙන් දෙනෙකුට කියපු දෙයක් අද මේ කිව්වේ.. ඇනෝ දැම්මේ කාටවත් මගෙන් සිද්ධියේ විස්තර අහන්න බැරිවෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙන්න මචං කතා! කොහොමද බං අපි මතුපිටින් බලලා හිතන්නේ!! මටත් ඔහොම වැඩ අනන්තවත් වෙලා තියනවා!

      Delete
  5. ඕක මේ රටේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් බං. මාත් රට. කැම්පස් අතරේ, ලෙක්චර්ස් අතරේ පාට්-ටයිම් ජොබක් දෙකක් කිරීම හෙන සිද්දියක් නෙවෙයි. ඒ දිහා වපර ඇහින් බලන්නේ ලංකාවේ සමාජය. එහෙම හීනමානයක් ඒ රටවල නෑ. අනික, ගෙදර සේසතම නැතිබංගස්ඨාන කරන්නේ නැතුව, තමුන්ගේ වියහියදම් විතරක් නෙවෙයි, ගෙදරටත් කීයක් හරි එවන්න තරං වැඩ කරන උන් ගැන හිතේ තියෙන්න ආඩම්බරයක්, සුදීක අයියා කිව්වා වගේ. ( මාත් ඉතිං වැඩ කරන එකානේ)
    (අඩෝ btw, මං නිවාඩුවට ආව. පෙරේදා පාත් උනේ)

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං! මමත් AL ඉවර වෙලත් වැඩ කළා! ලොකු තැනක නෙවෙයි! ගාමන්ට් එකක!!! අපේ උන් කොහොමත් දෙයක් දකින්නෙම අනිත් පැත්තටනේ බං!

      Delete
  6. මේ කතාව කියවද්දි මට මතක් උනා දැනට අවුරුදු 7 විතර කලින් මන් ල0කාවේදි හැම සති අන්තයේම කැම්පස් අයියා කෙනෙක් මය්යොක්කා චිප්ස් පැකට්,රට කජු, මික්ස් කඩල විකුනන්න අපේ ගෙවල් පැත්තේ එනවා එයාගේ වියදම් හොයා ගන්නේ මේවා විකුණලාලු,අපේ තාත්තා ඒ දවස් වල මොනා හරි මන් කැමති පැකට් එකක් ගන්න කියල එ අයියට රුපියල් 500 දෙනවා. අපේ අම්මත් ඒ අයියට කෑම බිම එන වේලාවට දිලා තියෙනවා.
    මේ විදිහට දුක් විදලා ඉගෙන ගන්න ළමයිට කවදාවත් වරදින්නේ නැත, සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට ආශිර්වාදය මේ අයට ලැබෙන්නයි පතමි පැතුමක් එක සිතින්.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇත්ත.... මෙහෙම උන් තමයි අනාගතේ රට ගැනවත් ටිකක් හිතන්නේ....

      Delete
  7. මොන කට්ට කාලා හරි ඉගෙන ගනින්. කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් එකම දේ එච්චරයි..

    ReplyDelete
    Replies
    1. අනිවා!! කවදා හරි එච්චරයි ඉතුරු වෙන්නේ!

      Delete
  8. මොනවා කියන්නද මංදා. නමුත් මේ වගේ තරුණ තරුණියන් මම ඕනෑ තරම් දැකලා තියනවා. මමනම් හිතන්නේ තමාගේ පවුල වෙනුවෙන් ආර්ථික වශයෙන් යම් හෝ දායකත්වයක් දක්වන එක ගරු කල යුතු දෙයක්.

    ReplyDelete
  9. පාරේ ප්‍රමෝෂන් නොකලාට, පෙට්‍රල් ෂෙඩ් වල , හෝටල් වල වැඩ නොකරට අපේ එවුන් ගොඩක් කරන්නෙත් පාර්ට් ටයිම් වැඩ තමයි. ෆෝන් , ෆෝන් කාඩ් විකුණන ඒක, ක්ලාස් කරන එක, ප්‍රින්ට් අවුට් විකුණන එක, ඉන්ටර්නෙට් විකුනන එක හොස්ටල් වල කොච්චර වෙනවද? මේවා ඉතින් පාර්ට් ටීමේ ජොබ් තමයි, අද කාලේ (ජොලියට ආපු එවුන් නෙවෙයි) කැම්පස් එන එවුන්ට එහෙම නැතුව කෝස් එක කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත! නැත්නම් අඩුම ගානේ හවසට ප්ලේන්ටියක් වත් බොන්න හම්බ වෙන්නේ නෑ!

      Delete
  10. ගෙවල්වල දාහකුත් ප්‍රශ්න තියාගෙන කැම්පස් එන ළමයින්ට ඔහොම නොකර ගෙවල්වලට බරක් වෙන්න පුලුවංද.

    ReplyDelete
    Replies
    1. ඒකනේ! උපයන්නේ නැතිව ජිවත් වෙන්න බෑ!

      Delete
  11. කැම්පස් ‍එකෙයි අතට සල්ලි කීයක් හරි හොයාගන්නයි කැම්පස් එකේම සයිට් එකක සිමෙන්ති අනපු තරුණයෙක් මට මුණ ගැහිලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා! එහෙම අය කොහෙත් ඉන්නවා! මම දන්නා මහාචාර්ය කෙනෙක් ඉන්නවා.. ගොඩක් ප්‍රසිද්ධ.. දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි! එතුමත් මේ විදිහට කැම්පස් එකේ බිල්ඩින් එකක් හදන තැනක වැඩ කළා හොස්ටල් fees ගෙවන්න සල්ලි හොයා ගන්න.

      Delete
  12. ඉගෙන ගන්න දුක් විදින කාලේ පාට් ටයිම් කරනවා කියන්නෙ තවත් දුක තමයි.. ඒත් දුකෙන් හරි හොදට ඉගෙන ගත්තොත් ඒක ලොකු වටිනාකමක් එකතු උන උගත්කමක් කියල මට හිතෙන්නෙ..අනික කාටවට් කරදරයක් නොවී මේ වගේ තමන්ගේ උත්සාහයෙන් මොනවාහරි කරනවා කියන්නේ ඒ මිනිස්සුන්ට ජීවිතේ මොන තත්වෙදිත් නැගිටින්න පුලුවන් කම තියනවා..

    ReplyDelete
    Replies
    1. අනිවා! මොකෝ උන් ජිවත් වෙන්න විදින්න ඕනේ දුක දන්නවා! ඒ නිසා උන්ට සමාජයත් එක්ක වැඩ කරන්න ලේසියි!

      Delete
  13. ජීවත් වෙන්න ගාණක් හොයාගන්න පාරට බහින එක ලැජ්ජාවක් නෙවෙයි..එහෙම ධෛර්යයක් තියෙන එක ගැන ආඩම්බර වෙන්න ඕනේ.
    ඉගෙනගන්න පිටරට යන අය සල්ලි හොයාගන්න නොයෙකුත් රස්සාවල් කරන්නෙ ලොකු පොඩි කං බලන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔව්! කොන්ද පණ තියෙන එකෙකුට විතරයි එහෙම කරන්න පුළුවන්!

      Delete
  14. මේක ඉගෙන ගන්න එකෙක් ගැන කතාවක් නෙමේ. ඒත් කියන්න හිතුනා.

    අපේ සයිට් එකේ හිටියා ක්‍රේන් හෙල්පර් කෙනෙක්. අපිට වඩා අවුරුදු 3ක් වැඩිමල් ඇති ඕන්නං. පොර වැඩට ඇවිත් තියෙන්නේ ඌට කැමරාවක් ගන්න තාත්තා සල්ලි දෙන්නේ නැති හින්දා. සල්ලිත් තියෙන පවුලක්. ඒත් තාත්තා මූ පොටෝග්‍රැෆි කරනවට කැමති නෑලු. මූ ගෙදරින් වලි දාගෙන සයිට් එකට ඇවිත්. මූට මාර හැකියාවක් තියෙනවා. අපිට පෙන්නුවා උගෙ පොටෝ... ඇඩෙනවා බං!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බං.. ආසාව තියෙන ඒකා කොහොම හරි ඉලක්කෙට යන්න වැඩ කරනවා!

      Delete
  15. ඊයෙ රෑ දෙකට දෙකහමාරට විතර උඹේ පෝස්ට් එක කියෙව්වත් කමෙන්ට් එකක් කෙටුවෙ නැතිවම ගියා. ඕං ‘පාන්දර‘ නැගිට්ට ගමන් ආවෙ ඒ මඟ ඇරුණු වැඩේ කරල යන්න. :)

    මම හිතන්නෙ අපේ මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. ඉගෙන ගන්න ගමන් හෝ නැතුව හෝ යමෙක් කරන රැකියාවක් පහත් කොට සලකන එක වැරදියි. හොර මැරකම් නොකර මහන්සි වෙල කීයක් හරි හොයා ගන්න එක කොච්චර හොඳද? අපේ සමාජවල මිනිස්සු උසස් රැකියා කියල කලින්ම වෙන්කරපු ටිකක් තියෙනව. ඒත් සමාජයක් හැටියට අපි එකිනෙකා මත යැපෙනව. මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නෑ. මේ සමාජෙ දොස්තරල ඉන්ජිනේරුවො විතරක් ඉඳල හරියන්නෙ නෑ, පාර අයිනෙ කානු ශුද්ධකරන කම්කරුවො හිටියෙ නැත්නම් අපි කවුරුවත් පාරෙ බැහැල ගිහිල්ල ඉවරයි. පත්තර විකුණන මිනිස්සු හිටියෙ නැත්නම් ඒ දම්වැලේ අනෙක් කෙළවරේ ලොකු පුටුවල ඉන්න ආයතන හිමිකරුවොන්ගෙ ඉඳල කතුවරුන් දක්වාම අයට නිකන්ම බිමට බහින්න වෙනව. දැන් බලපං ඔය ටීවී වල පෙන්නන තරමක් ටෙලිවල ඉන්නෙ ලොකු කම්පැනිවල සැප පුටුවල ඉන්න ටයි පටි බෙල්ලෙ හිරකරන් අරහෙ මෙහෙ දුවන බරගානක ෆෝන් එකක් අතේ තියන් ලක්‍ෂගානක කාරෙකකින් යන එන කොල්ලො කෙල්ලො. එහෙම ෆැන්ටසියක ඉන්න මිනිස්සුන්ට අවුවේ දාඩිය හෙලාගෙන තමන්ගෙ පවුල ජීවත් කරවන්න, තමන්ගෙ අධ්‍යාපනේ වෙනුවෙන් තුට්ටු දෙකක් හොයන කොල්ලෙක් දැක්කම නිකන් කොයිල් වගේ. වැඩි කතා ඕන නෑ, මේක තනිකරම අංගවිකල සමාජයක් බං.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කතාව තමයි බං මට කියන්න ඕනේ උනේ!!

      Delete
  16. මාත් ඒලෙවල් කරද්දි පොත් ගත්තෙ පන්ති පීස් කට් කරලා. ඊට පස්සෙ නං මං අපේ පවුලට බරක් උනේ නෑ. බෝඩ් ඇන්දා. එම්බීබීඑස් හෙවත් මේසන් බාස්ගෙ ගෝල කම කළා, සේල්ස් රෙප්ල ගෙ පස්සෙන් ගියා. සැරයක් බම්බලපිටියෙ තැනක කොම්පියුටර් ඉන්ස්ට්‍රක්ටර් කරද්දි, කෝච්චියෙ බාප්පෙකුට අහුවෙලා, ඌ ඇහුවා පඩිය කීයද කියලා. මං දුන්න උත්තරේ ඌ පිළිගත්තෙ නෑ. ඌට තියා මගෙ යාළුවන්ටවත් විශ්වාස කරන්න බැරි තරං අඩු පඩියකට තමා මං කම්පියුටර් ඉන්ස්ට්‍රක්ටර් කළේ අවුරුදු එකහමාරක්.

    අදටත් තැන් තැන් වල පත්තර විකුණන උං දැක්කම අතීතය මතක් වෙනවා මචං. සිරා පෝස්ටුව!

    ReplyDelete
    Replies
    1. උඹට මතක ඇති ඒ කාලේ කොච්චර කට්ටක් කෑවද කියලා!හැබැයි ඒවත් රහයි නේද බං?

      Delete
  17. ලොකු රසයක් වින්දා උඹේ අද පෝස්ටුවෙන්...උපහාසය යටින් ලංකාවෙ බහුතර කොල්ලන් කෙල්ලන්ගෙ කටුක ඉරණම හොදට මතුකරලා තියෙනවා...රෑ දිවා මහන්සි වෙලා කැම්පස් ගිහිල්ලා උපාධි අරන් එළියට ආවත් රැකියාවක් හොයාගන්න විදියක් නෑ...දේශපාලකයන්ට කඩේ යන්නෙ නැතුව...පෝස්ටර් අලවන්න යන්නෙ නැතුව. අනිත් කාරණය තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන ආකල්පමය ප්‍රශ්න...රැකියාව දිහා බලලා තමයි මිනිහගෙ උස් මිටි කම් තීරණය කරන්නෙ...ලෝකෙ දියුණු යයි සම්මත රටවල් ඒ තැනට ඇවිල්ලා තියෙන්නෙ මේ කිව්ව නුගුණ අවම කරගෙන...

    සිංගප්පූරුව ගත්තොත් එහි උපාධි අරගෙන එළියට එන අයට රැකියා දෙන්න හැම ආයතනයක්ම මග බලාගෙන ඉන්නවා...ඉතිං එහෙ සිසුන් සහ අපේ සිසුන් අතර වෙනස කොච්චරක්ද...

    උඹේ අර උඩ තියෙන ෆොටෝ එකේ අනුර රත්නායක කියලා කියන්නෙ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ තමන්ගේම ව්‍යාපාරයක් කරන මගේ මිතුරෙක්...අති දක්ෂ පැරණි නළුවෙක්...

    ReplyDelete
    Replies
    1. මේ ආකල්ප අයින් කර ගත්තේ නැත්නම් හැමදාම අපි තුන් වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් තමයි!

      Delete
  18. ඔය අත්දැකීම නම් කැම්පස් ජිවිතේදි මාත් අත්දැක්ක දෙයක්..අපේ ය කියනවා "අද"පත්තරේ ගන්නවද ඇහුවම හරි මොකක්ද පත්තරේ නම අහනවලු.ඒකේ නම "අද"කියල කිව්වට අහන්නෙම නෑලු:)
    කැම්පස් යන ළමයින්ගේ නොදුටු පැත්තක් නාඩියා පෙන්වලා දීලා :)

    ReplyDelete
    Replies
    1. :D
      ඒකනේ.. මේ වගේ දේවල් ගැන කතා වෙනවා අඩුයි!

      Delete
  19. Replies
    1. හිතන්න..මනසෙන් විමසලා බලන්න...

      Delete
  20. හිනාවෙන් උන් කවදාවත් අපට අත දෙන්නේ නෑ. හොරකමක් නොකර පත්තරයක් විකුණලා හරි යා යුතු තැනට යන්න. එදාට හිනාව කින්ඩිය දාන උන් ඒවි ඔබේ පස්සෙන්. අද විඳින දුක පැහැබර හෙටක් උදාකරාවි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මරා හොරකම් කරන කෙරිල්ලට පැහැබර අනාගතයක් කෙසේ වෙතත් අපේ කොල්ලන්ට කෙල්ලන්ට ඉන්න රටක් ඉතිරි වෙයිද...උන්ගෙ වැරදි පෙන්නනවා වෙනුවට උඹලා වගේ උන් උන්ට සුදු පාවඩ එළලා ආවඩන්න යන එක තමයි අපේ කරුමෙ....නොදකින් මේ මූසල මරා පවුල...

      Delete
    2. නලින් අයියා - ඔව්... ඒ හිනාවම අපි පන්නරයක් කර ගන්න ඕනේ...
      ඇනෝ - මොකක්????

      Delete
  21. අනේ අපොයි අපිට ඕක දැන්ම තේරෙන්නේ නැහැ .. ඉවසල ඉමුකො සුදා

    ReplyDelete
  22. මට හම්බ උනොත් මමත් කරනවා.. ඇයි යකෝ ඔය පු#න් හිනා වෙන උන්ද අපිට කන්න අඳින්න දෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. එකනං ඇත්ත බං! මොකෝ උන් අපේ කවුද!

      Delete
  23. කාලෙකින් කියවපු හොඳ පෝස්ට් එකක් නාඩියා. ලංකාවේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක්ක ශිෂ්‍යභාවයේ කටුක කම ලස්සනට පෙන්වන මේක ඇත්තමයි දෙන්න ඕනේ හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම කියවන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. :)
      කොල්ලෙක්ට කෙල්ලෙක්ට විතරක් නෙවෙයි.. හැමෝම කියවනවානම් හොඳයි....

      Delete
  24. බෝඩිමට වෙලාබෝඩිම් බත් කන මාත් එකතරා විදිහකට ඔහොම එකෙක්

    ReplyDelete
  25. සිරාවටම බන්.... campus ගිය එවුන් එලියට එද්දී o/l කරලා fail උන එවුන් උන්ගේ බොස්ලා වෙලා.......

    ReplyDelete
  26. රස්සාව මොකද්ද කියල හොය හොය ඉන්නෙ නැතුව ගෙදරට බරක් නොවී කීයක් හරි හොයා ගන්න එක මොන තරම් නම්බුවක්ද?

    ReplyDelete
    Replies
    1. අපේ කට්ටිය හිතන්නේ එහෙම නෙවෙයි නේ අවාසනාවකට...

      Delete
  27. වැඩිහරියක්ම
    ඕක තමයි වෙන්නේ, රට කෙරුවට වැඩක් නෑ රටේ අනාගතේ බාරගන්න ඉන්න අයට වෙන්නෙ මොකද එයාලා කරන්නෙ මොනවද කියන එක හොයලා බලන්නෙ නෑ, රජයටවත් වෙන මොකටවත් බැනලා නම් වැඩක් නෑ, සමාජේ තමයි.. හැබැයි ඉතින් ඔය තරම් මහන්සි වෙලා ඉගෙන ගන්න මිනිස්සු තමයි කවදම හරි හොද තැන්වල ඉන්නෙත්,, පෞද්ගලික විශ්වවිද්‍යාල වල ගොඩාක අය නම් මුදල් තියනවටවත් වෙන දෙයක් නිසාවත් එන අය නෙවෙයි, කීප දෙනෙක් තමයි එහෙම, පුළුවන් අන්තිම උත්සාහයත් දරලා බැරිම වුනාම කෝම හරි නමේ අගට ඉංගිරිසි අකුරු ටික දාගන්න තියන උවමනාවට එනවා.. ඕකයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. //පෞද්ගලික විශ්වවිද්‍යාල වල ගොඩාක අය නම් මුදල් තියනවටවත් වෙන දෙයක් නිසාවත් එන අය නෙවෙයි, කීප දෙනෙක් තමයි එහෙම, පුළුවන් අන්තිම උත්සාහයත් දරලා බැරිම වුනාම කෝම හරි නමේ අගට ඉංගිරිසි අකුරු ටික දාගන්න තියන උවමනාවට එනවා.. ඕකයි ඇත්ත //
      ඔව්..හැබැයි ආවට පස්සේ ඒක අමතක වෙන ගතියක්නම් තියනවා...

      Delete
  28. මේක අපේ ආකල්ප වල තියෙන වැ‍රැද්ද නාඩියා. අපි රස්සාවල් වලට කුල දීලා තියෙන්නේ. නමුත් මේක හුඟක් රටවල් වල සාමාන්‍ය දෙයක්. නැති බැරි කම හන්දම නොවුනත් තමන්ගේ වියදම හොයාගන්න සල්ලි තියෙන දෙමාපියන්ගේ ලමයි වුනත්, paperboy, babysitter, වගේ සුලු සුලු දේවල් කලාට කවුරුවත් වපර ඇහින් බලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හුගක්ම වටින බ්ලොග් පොස්ට් එකක්. මම A/L කළාට පස්සේ ජොබ් එකක් කළා. ඒ කාලේදි මම ඉගෙනගත්ත දේ, වින්ද රසය, ගත්ත අත්ද්කීම් දිහා බෑලුවාම දෑන් industrial training වලදී ගන්නෙ මොනවද කියල හිතෙනව. අපරාදේ නායකත්ව පුහුණුව නෑතුව, පොඩි ජොබ් එකක් කරන එක campus එන්න කලින් compulsory වුන නම්, සෙහෙන ප්‍රස්න විසදෙවි :P!!!

      Delete
    2. //නායකත්ව පුහුණුව නෑතුව, පොඩි ජොබ් එකක් කරන එක campus එන්න කලින් compulsory වුන නම්, //
      ඒකනම් හැබෑට හොඳ අදහස!

      Delete
  29. සමාජයේ තවත් එක පැත්තක්. ඔය විදිහට අමාරුවෙන් ගොඩ ගිහින් අද සාමාන්‍ය ප්‍රමාණයේ ෆැක්ටරියක් කරන කෙනෙක් ගැන මාත් පුද්ගලිකව දන්නව..

    හොඳ සටහනක්...!

    ReplyDelete
    Replies
    1. එහෙම අය ගොඩක් ඉන්නවා බං... හැමතැනම...

      Delete
  30. ගොඩක් පිට රටවල ඉගෙන ගන්න ලංකාවේ අය පාර්ට් ටයිම් ජොබ් කරනවා ,ඒ විතරක් නෙවෙයි ඒ රටවල ළමයිත් එහෙම තමයි ...ඉස්කෝල වේලාවෙන් පස්සේ පුංචි කඩවල ,ෂෙඩ් වල ,හෝටල් වල වගේ තැන්වල වැඩ කරනවා .. පව්ලේ සියලු දෙනාම එකට හමුවන්නේත් රාත්‍රී කාලයේදී පමණයි .ලංකාවේ නවීන වර්ගයේ මෝටර් රථයක නැගිලා ඇවිත් ලස්සන බෝනික්කෝ බෝනික්කියෝ වගේ අපහු ගෙවල්වලට යන මානයෙන් හිස් පුරවාගත්තු සමාජයකට එවැනි දේවල් පෙන්නේ අත පල්ලෙන් වැටිලා වගේ තමයි ..ඒ මේ සමාජයේ මොළ ගෙඩි වල තියන වැරැද්ද !

    ReplyDelete
  31. ෆට්ට කතාව.සිරාවටම ලංකාවෙ සමාජ ක්‍රමේ වැරැද්ද,පාට් ටයිම් ජොබ් කරන උන් ලංකාවෙ අඩුත්ේකනෙ.අපෙ උන් අවඥාවෙන්මනෙ බලන්නෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...