නාඩි සෙට් එක

Monday, May 13, 2013

ආදර මලකෙලි

පහුගිය දොහේ අහපු දැකපු ඒවා දැකලා ඇඟේ මයිල් කෙලින් උනා ආයිබෝවන්ඩ! පිස්සු බම්ප් උනා! ලස්සනට තියෙන්න තිබිච්ච සරසවි ආදරයක් හුටස් පටස් වෙලා මෙඩිකල් ෆැකල්ටියේ හිටපු පිරිමි ළමයා එයා පණ වගේ ආදරය කරපු ගෑනු ළමයටත් වස දීලා ඒ මනුස්සයත් මැරිලා! සත් කෝරළය පැත්තේ පිරිමි ළමයා හදවත ඉල්ලන ආදරය ලැබුනේ නෑ කියලා ඒ කෙලිට පිහියකින් කොටලා මරා දාල ඒ කොල්ලත් සිය දිවි නැහැ ගන්න ගිහින්! හැබැයි කොල්ලා මැරිලා නෑ! ඒ අලකලංචිය වෙච්ච දිසාවට නාඩියාත් ගෑටුවා! මොකෝ අපේ ගම්පළාතේ සිද්ධියක්නේ! අනේ කාලේ වනේ වාසේ...

ආදරේ ආදරේ කියලා අපේ එව්වෝ කෑ කොස්සන් ගැහුවට උදේ ඉඳන් රෑ වෙනකම් ආදර ගීත..ආදර ෆිල්ම් බැලුවට අපේ අය ඒ සින්තටික් ලෝක වල හිර වෙලාමද මන්දා...

පලවෙනි සිද්ධියට සම්බන්ධ වෙන්නේ රටේ උගත් යැයි සම්මත සරසවි පෙම්වතුන් දෙන්නෙක්... දෙවැනි සිද්ධියේ ගැහැණු දරුවා උපාධිදාරිනියක්! බලාගෙන ගිහාම ආදරේ ඉස්සරහ ඔක්කොම මෝඩ වෙලා!

ආදරේ කියන උත්තරීතර සංකල්පය විස්තර කරන්න තාම භාෂාව දියුණු වෙලා මදි. එච්චර උත්තරීතර වෙච්ච දේක නාමයෙන් මෙච්චර මෝඩකම් වෙන්නේ ඇයි?

කතා කරන්න දැන් කාලේ හරි!

අපේ රටට කාලෙන් කාලෙට එක එක රැලි එනවා.අපේ අයත් හරිම සතුටින් ඒ රැලි එක්කම පාවෙලා යනවා..සමහරු ආපහු එනවා.. තවත් සමහරු එලෝ මෙලෝ හොයා ගන්න බැරිව ඒ රැලි එක්කම අතරමං වෙනවා... කාලයක් හින්දි චිත්‍රපට රැල්ලක් තිබ්බා.. ගෙවල් වැල ඉන්න අම්මලා තමන්ගේ දරුවන්ට කඩයප්පන් කවලා දවල් වරුවේ ගිය හින්දි පික්චර් බැලුවා... ඒ පික්චර් වල විදිහට මල් ගස් වටේ නට නට ආදරේ හොයන්න පටන් ගත්තා..

මෙගා රැල්ල ආවා... පවුල් කැඩෙන පවුල් හදන අලුත් රටාවක් අපේ අය ඒකෙන් හොයා ගත්තා. රෑ 8 ඉඳන් 10 වෙනකම් තමන්ගේ ගෙදර එකා උන්නද මලාද කියලා හොයලා බලන්නේ නැතිව රූප පෙට්ටිය දිහා ඔටෝගෙන බලං හිටියා!

ඒ අපේ අය! දැන් ගජරාමෙට ආදරේ කියලා ජීවිතෙත් බිල්ලට දෙනවා..

ඇත්ත..තරුණ කාලේ මේ අකුරු හතර කොලේ නැත්නම් වැඩක් නෑ.. හැබැයි ඉතිං ඒ තාවකාලික සැපයක් හොයාගෙන වෙනවනම් ඒක අන්තිම කැතයි! අනිත් එක කවුරු කොහම කිව්වත් ආදරේට සිමා මායිම් වැට කදුළු මොකවත් නෑ කියලා ඔය කවුරු කවුරුත් off road යන්න බයයි! 

හින්දි චිත්තර පට වල කොල්ලා පෝසත් කෙල්ල දුප්පත් නැත්නම් මේකේ අනිත් පැත්ත උනත් දෙන්නා කිරි පැණි කනවා.. අපෙත් කනවා.. හැබැයි ගොඩක් වෙලාවට අන්තිමේ කඳුළු බොනවා! ගඟේ මූදේ ගැඹුර හොයන්න යන්නේ ඒ වෙලාවට!

සුදට පාටට හිටියහම.. හයි ෆයි ෆෝන් වාහන පාවිච්චි කලාම.. ඔක්කොම හිතන්නේ දැන් හරි මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා කියලා..හැබැයි බැඳලා සතියෙන් දෙකෙන් මෙන්න දික්කසාදයි ලු! අදහස් ගැලපෙන්නේ නෑලු! ඇයි යකුනේ ඉතිං අර බීච් ගානෙයි ෆිල්ම් හෝල් ගානෙයි ගිහින් දවස් ගණන් මුණු මුණු ගාලවත් අදහස් මොනවාද කියලා හොයා ගන්න බැරි උනාද??

දෑවැද්දට වහල් වෙලා මාමණ්ඩිගේ බිස්නස් දිහා ඇහැ දාගෙන ආදරේ පාට හොයනවනම් ඉතිං කියන්න තියෙන්නේ ආදරේ කළු පාටයි කියලා! මොකෝ ඒකෙ මෙලෝ දෙයක් නෑනේ!

මංතුමා නම් කියන්නේ අපේ අය මේ ආදරේ කියන අලකලංචිය ගැන තීන්දු තීරණ ගද්දීවත් ටිකක් හිතලා මතලා තීරණ ගන්නවනම් ගොඩාක් ප්‍රශ්න විසඳෙයි... මොකෝ ජිවිතේට undo බට්න් එකක් නෑනේ!

60 comments:

  1. ආදරේ කොහේදෝ බාදා.. හැක් හැක්.. අන්ඩු කරන්නනං බෑ තමා.. රිඩූ නං ඕකේ...

    ReplyDelete
    Replies
    1. රිඩෝ...පිස්සු හැදෙයි රිඩෝ කලොත්!

      Delete
  2. ආලය අන්ධයි කියලා පැරැන්නො කියුවෙ කට කහනවටයැ

    ReplyDelete
    Replies
    1. ඒක තමා! කටේ මසුරන් දාන්න වටිනවා ඒ කතා වලට!

      Delete
  3. //ජීවිතේට Undo බට්න් එකක් නෑනේ...//

    නියමම කතාව තමයි බං....

    කොච්චර උගත් උනත්, කොච්චර දියුණු රටවල ‌ජීවත් උනත් ඔය වගේ පොඩි කොටසක් හැමතැනම ඉන්නවා බං.. ඒත් ඒ වගේ මෝඩයෝ ටිත දෙනෙක් හින්දා මොලේ ඇතුව වැඩ කරන අනිත් උන්ටත් වෙන්නේ මහ ලොකු පාඩු විතරයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත! උගත් මෝඩයෝන්ගේ වැරදි!

      Delete
  4. කවිද කියන්නෙ ආදරේ උත්තරීතරයි කියලා.. ආදරේ කියන්නේ මහා ආත්මාර්ථකමී හැඟීමක්. ගහක තියෙන ලස්සන මල ගහෙන් උදුරගන්නවා වගේම ජීවිතයක් උනත් උදුරා ගන්න පුළුවන්, අති දරුණු, භයානක, ආත්මාර්ථකාමි හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් පුළුවන්! ඒ කියන්නේ ආදරේ කියන්නේ ඕනේ නැති දෙයක්ද??

      Delete
  5. ඕවා ගැන කතා කරලා වැඩක් නෑ.. මං වගේ බල්ලෙකුට ලව් කරගෙන ඉදහන් බං.
    උන් අඩුගානේ නැට්ටවත් වනනවා. තනියට ලගට වෙලා ඉන්නවා. හිත රිද්දවන්නෙත් නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේකා කියන කතා! බල්ලෙකුට?? චි චී!

      Delete
  6. මේ ගොඩක් දේවල් වලට හේතුව ජීවන කුසලතා වල තියන දුර්වලතා. පාසල් කාලය සම්පුර්ණයෙන්ම පොතට සීමා වෙලා. රට තොට ගැන, සමාජය ගැන දන්නේ නෑ. පොත් ඔලුවෙන් අයින් වුන ගමන් හිතන්නේ හැගීම් තමයි ජීවිතේ කියල. මගේ මතය නම් දෙමාපියන්, සහ අධ්‍යාපන ක්‍රමය මේවාට සෘජුවම වගකියන්න ඕනා කියන එකයි.
    "දෙගුරුන් විසින් තම - දරුවන්ට දෙන නොමඳ ධන නම්..
    වියතුන් සභා මැද - ඉන්ට එදිරිව ශිල්ප දෙනු මැයි..."

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියා! ළමයින්ව තරඟයක දුවවනවා විතරයි! ඉන් එහාට ඔලුව හදන්නේ නෑ!

      Delete
  7. දුලා නම් තාම සූටි එකාය.ඒක නිසා ලව් කර නැතිය.ඒ පිලිබඳ දන්නේද නැතිය.
    තවද එකක් කියමි.ආදරය හරි ගියොත් ගොඩය.වැරදුනොත් මහා වෛරයක ඇරඹුමය.

    ඒ වගේම දකුනු ආසියානු රටවල අයට හැම මගුලටම විසඳුම සිය දිවි නසාගැනීමය.එකෙක් තමන්ගේ බ්ලොගය සිංහල බ්ලොග් කියවනයට ඇතුලු වී නැතැයි කියාද සිය දිවි හානි කරගැනීමට හදලාය.(http://dulageadawiya.blogspot.com/2013/05/last-call-of-dula.html)

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලංකාව සිය දිවි නසා ගැනීම් වලින් එක වෙලත් තියනවා කියන්නේ ලෝකෙන්ම!

      Delete
  8. නියම කතාව :)

    ReplyDelete
  9. ආදරේ අන්ධයිනේ බන් ඇස් ඇරෙන්නේ බැන්දට පස්සේ සමහරුන්ගේ,රෝමියෝ ජුලියට්,රාමා සීතා,ලයිලා මජ්නු වගේ උත්තරීත ප්‍රේම කතා තිබ්බේ ඉස්සර දැන් තියෙන්නේ හෙන මොඩර්න් ලව් එකක්!

    ReplyDelete
    Replies
    1. හික්ස්! බැන්දට පස්සේ ඇස් ඇරිලා වැඩේ මොකද්ද ඉතිං!

      Delete
  10. මසුරන් වටින කතාව...අපෙ උන්ට මේක තේරෙන්නෙ සේරම වෙලා ඉවර උනාට පස්සෙ..

    ReplyDelete
  11. ආදරය සහ කෑදරය හරියට වටහා ගන්න ඕනෙ...අද ගොඩාක් අයට ආදරයට කලින් රාගය,ද්වේෂය වගේ දේවල් ඉස්සර වෙනවා...මේ මැරිච්ච දෙන්නගෙ ජීවිත ආරක්ෂා කරගන්න තිබුනා ඒ අයගෙ වැඩිහිටියො මීට වඩා මේ ජීවිත දිහා වගකීමෙන් බැලුවා නම්...

    ReplyDelete
    Replies
    1. මෙන්න ආදරේ හරියට තේරුම් ගන්න උදවිය.......

      Delete
    2. අනිවාර්යෙන්ම!! අපරාදේ වටිනා ජිවිත ඉතිං.....

      Delete
  12. ආදරේ කරද්දී කසාද බඳිද්දී මම නම් බැලුවේ කෙල්ල මට ගැලපෙනවද කියන දේ විතරයි

    ReplyDelete
    Replies
    1. ඇයි බර??? නැත්නං කොහොමෙයි යකෝ සිරිපාදේ බස්සන්නේ වඩාගෙන.. හැක් හැක්

      Delete
    2. එතකොට එහෙනම් බර කියන එකත් බලන්න ඕනේ නේ!

      Delete
  13. සෑහෙන වටින කියන කතාවක්.. ආදරේ කියන දේ නිර්වචනය කරන්න අමාරුයි.. ඒක දැනෙන්නම ඕන..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..හැබැයි අපේ අය තේරුම් ගන්නේ වැරදි විදිහටනේ!

      Delete
  14. නිසි අධ්‍යාපන ක්‍රමයක් නැති එකේ වැරැද්ද තමයි මමනං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒකත් හේතුවක්! අනිත් එක නිසි සමාජ අවබෝධයක් නැති එක..

      Delete
  15. ඔය ආදරේ කියන එක මිනිස්සු හරියට අදුරගෙන නෑ තාම, ඒකේ අවශයතාව ලබාගැනීම විතරයි කියලයි හිතන්නෙ, දීම ගැන හිතන්නෙ එහෙමත් කෙනෙක් තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්! ගොඩක් කට්ටියට තියෙන්නේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න ආදරේ කියන දෙයින් වහගෙන කරන ලොකු කුහකකමක්!

      Delete
  16. //මෙගා රැල්ල ආවා... පවුල් කැඩෙන පවුල් හදන අලුත් රටාවක් අපේ අය ඒකෙන් හොයා ගත්තා. රෑ 8 ඉඳන් 10 වෙනකම් තමන්ගේ ගෙදර එකා උන්නද මලාද කියලා හොයලා බලන්නේ නැතිව රූප පෙට්ටිය දිහා ඔටෝගෙන බලං හිටියා!//

    මේක සම්පුර්ණ ඇත්ත.

    ReplyDelete
  17. ඇත්තටම ආදරේ කියල එකක් තියනවද නාඩියෝ

    ReplyDelete
  18. ආදරේ ආත්මාර්ථකාමී........... ඒකයි මේ හැම දේකටම මුල ආදරේ අභිබවා හැගීම් එළියට එනවා වර්තමානයේනම් මේක තමයි තියන හොදම ප්‍රශ්නය......

    ජීවිතේ ආදරේ තේරුම් ගැනීම තමයි ඉතින් කාට කවුරු කොහොම කිව්වත් මටත් විටෙක වැරදුණා නාඩි අයියේ.............

    හිත් රිදුමක් වේදනාවක් කලකිරීමක් මේ හැමදේම පිස්සුවක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... පිස්සුවක්! ඇත්තටම!

      Delete
  19. හැබැයි සිද්ධි දෙකේදිම කොල්ලෝ නේද ඉස්සරවෙලා තියෙන්නේ?
    ජීවිතේ rewind කරන්ටත් බෑනේ.:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හැබැයි ඒ අයට විතරක් වරද පටවන්නම බෑ.....

      Delete
  20. අනේ මන් දන්නෑ අය්යේ,, වෙන වෙලාවක ක්මෙන්ට් එකක් දාන්න එන්නම්.. :(

    ReplyDelete
  21. ආදරයට හරිම නිර්වචනය දෙන්න නම් මං දන්නේ නෑ..... ආදරය කියන දේ හදවතටම දැනෙන්න ඕනි. හදවතින්ම අනිත් කෙනාට දෙන්න ඕනි... අවංක ආදරයක් හොයා ගන්න එකනේ අමාරු වැඩේ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... හරිම අමාරුයි! ඒකනේ අපි තාම ඔය අමාරු කේස් කරන්න යන්නේ නැත්තේ!

      Delete
  22. සිරාවටම ආදරේ අන්ධයි කියනවනෙ මචෝ.. ඒත් අද කාලෙ කොල්ලො කෙල්ලො ගොඩාක් උන් ආදරේ කියන දෙයයි ලිංගිකත්වයයි දෙක පටලගෙන ඉන්නෙ බං.. සිරා ලව් එකක් කියන්නෙ තමන්ගේ කරගැනීමක් නෙමෙයි කැපකිරීමක් බං.. ඒ දේ හැම කෙනෙක්ටම කරන්න බෑ.. අද කාලෙ ආදරෙත් අර අනිත්වා වගේම රැල්ලට ගහගෙන යනවා මචෝ..

    අදමයි මේ පැත්තෙ ආවෙ.. මේ පෝස්ටුවෙත් ගත ‍යුතු ලොකු හරයක් තියනවා.. මෙවැනි වැදගත් දේ දිගටම ලියහන් ඈ.. සුභ පතනවා!!!!!

    වෙලා ඇති විටක මතක මාවතේ ඇවිදලා යන්නත් පොඩ්ඩක් වරෙන්..
    http://mathakamawatha.blogspot.com/?m=1#

    ReplyDelete
    Replies
    1. ඒකනේ! ලිංගිකත්වය මේකට පටල ගත්තහම තමයි ඔක්කොම අබ්ලික් යන්නේ!

      Delete
  23. ආදරේ කරන්න ඕනි හදවතින් නෙමෙයි මොලෙන් මචං..හැඟීම් වලට වහල් වෙලා තීරණ අරං ජීවිතවලින් පලිගන්න සිස්ටම් එක දරුණු වෙන්න ඇත්තේ ඔය නියන මෙගා පෙළහරයි, චිත්‍රපටි රැල්ලයි හින්දා වෙන්න ඕනි

    ReplyDelete
    Replies
    1. ඒකත් හේතුවක් වෙන්න ඇති! සමාජය ගැන අත්දැකීම් නැති එක තමයි ලොකුම හේතුව!

      Delete
  24. පට්ටයි ඈ.සිරාම කථාවක්.අද කාලෙ පත්තරයක් බැලුවොත් ආදරේ නාමෙන් වෙච්ච මරු සීන් වගේම අප්සට් සීන් ගොඩක් බලන්න පුළුවන්.....ඒ කොහොම උනත් හැම දෙයක්ම මුදලට තීරණය කරණ,සිහින ලෝක වල හිරකරපු තාරුණ්‍යක් තියෙන සමාජයක ආදරේටත් ඒ දේම වෙලා ඉවරයි!

    ReplyDelete
  25. මහා ගෝත හැගීමක් බන් ඕක නම් සිරාවටම :/

    ReplyDelete
  26. "//ඇයි යකුනේ ඉතිං අර බීච් ගානෙයි ෆිල්ම් හෝල් ගානෙයි ගිහින් දවස් ගණන් මුණු මුණු ගාලවත් අදහස් මොනවාද කියලා හොයා ගන්න බැරි උනාද??//"
    තොට පිස්සුද නාඩියෝ, කාටද ඕවා අස්සට ගියාම අදහස් ගලපන්න වෙලාවක් තියෙන්නේ,

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා.... කොහෙන්ද ඒවාට වෙලාවක්....

      Delete
  27. කෑදර ආදරේ නම් හරියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං කොහොමත් හරි යන්නේ නෑ...

      Delete
  28. ඇත්තටම ආදරය නිර්වචනය කරන්න අමාරුයි. නමුත් ඒක නම් ඔය t.v. වල පෙන්නන ලව් කතා නම් නෙමේ. මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ, හැම ප්‍රස්නයක්ම මුලින් බාදක ආවත් පස්සෙ විස‍ඳෙයි කියල හිතන්න. මෙගා නාට්ය ‍රැල්ල බොහෝ දුරට ඒකට හේතුවක්. ආදරය හා ආසාව අතර වෙනස නොදත් කම තව හේතුවක්. ලබාගැනීමේ පරමාර්තයෙන්ම සිටීම තවත් හේතුවක්. මට නැත්නම් කාටවත් ලැබෙන්න දෙන්නෙ නැ කිය හිතීම.නියම ආදරයක් තිබුන නම් තමන් ආදරය කල කෙනාව මරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ප්‍රශ්නයක්! හැබැයි බලන්න ඕනේ ඊය ජිවිතේ නැති කර ගන්නේ ඇත්තටම ආදරේ නාමයෙන්ද නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසාද කියලා!

      Delete
  29. එක අතකට බටහිර සංස්කෘතිය හොඳයි කියල හිතෙනව බං... උන් ජීවත් වෙන්නෙ "මේ මොහොත" කියන එකේ විතරනෙ.. බැඳීම් වැඩි හරියක්ම ශාරීරික විතරයි.. නැති උනා කියල මානසික දුකක් නෑ..
    එතකොට ජීවිතේ හෙන සරලයි

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි! ඒත් බං බැඳීම් කියන ජාතිය නැතිවත් බෑනේ!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...