නාඩි සෙට් එක

Friday, March 22, 2013

මලේ පිපුණු මලක්...




Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන් අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!

2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පාසල් වලට...

පොත් 10,000 ක් අරගෙන ඉස්කෝල 12ක නංගිලා මල්ලිලා බලන්න යන මේ ගමනේදී අපිට යෝධ හයියක් උනේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 4 වෙනි සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ මේජර් මැක්සිවෙල් මහත්තයා ඇතුළු අපේ යුධ හමුදා සහෝදර පිරිස..

“නලීන් අයියේ....”
“ඔව්...කතා කරනවා....”
“අයියේ..මම නාඩියා...මට පොඩි උදව්වක් ඕනේ...”

ඒ විදිහට පුංචි දුරකථන ඇමතුමකින් සමකය වටේ නලීන් අයියා අපිට ලොකු උදව්වක් දුන්නා.. දිනය මාර්තු මාසේ 15 වෙනිදා.... මෙන්න දිනමිණ පත්තරේ විස්තරේ...



13 රෑ පොත් ඔක්කොම ලොරියක පටවාගෙන මරදානේ ඉස්ටේසමට ආපු වෙලාවේ ඉඳන් අපේ කට්ටිය නොසෑහෙන්න මහන්සි උනා. කිලෝ අටසිය ගානක් අපි දහ පහළොස් දෙනෙක් අතින් එහා මෙහා අදිද්දී වැටුණු දහදිය බින්දු පැණි රස උනේ ඒ පොත් අතට ගත්ත අහිංසක නංගිලා මල්ලිලාගේ සතුටු සිනා නිසා...


මොරවැව දකුණ සිංහල විද්‍යාලය, මහදිවුල්වැව විද්‍යාලය, ත්‍රිකුණාමලය කාන්තා විද්‍යාලය, ශ්‍රී සිධාර්ථ විද්‍යාලය, රොටවැව මුස්ලිම් විද්‍යාලය, ශ්‍රී මිහිදුපුර විද්‍යාලය, කිවුල්කඩ මහා විද්‍යාලය, අවිනගර් දෙමළ විද්‍යාලය, ගෝමරන්කඩවල මහා විද්‍යාලය ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් වලට අපි මේ පොත් 10,000 බෙදා දුන්නා .


ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජෙනරාල් T.T.R ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි’මලේ චීන වරාය නාලන්දා විද්‍යාලේ තිබිච්ච උත්සවේ සාර්ථක කරගන්න අපිට ගොඩක් කට්ටිය උදව් කළා..ලංකාවේ විතරක් නෙවෙයි..මහ සයුරින් එහා ඉන්න තෙත් හදවත් තියෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු උනා. ඒ හැමෝටම බොහොම ස්තුතියි!


කියවලා ඉවර වෙලා පොත් රාක්කේ කොනක තියෙන පොතක් හරි...අලුත්ම පොතක් හරි අපේම සහෝදරයෙක්ට පරිත්‍යාග කරමු...

තවත් විස්තර ඕනෙනම් 071-6663282 න් උපුල් හරි 071-6312367 නාඩියාට හරි කතා කරන්නකෝ....

මේ අහිංසක මල් කැකුළු හිනා වෙන්නේ ඔයාලා දීපු පොත් නිසා.... එන්න අපි එකතු වෙමු.... මල් කැකුලකට පාට දෙමු...... 

43 comments:

  1. විශිෂ්ටයි නාඩි!! එනවා කියල නෑවිත් පොල්ල තිබ්බට දාස් වාරයක් සමාවෙන්න ඕනේ.. හදිසි වැඩක් නිසයි එහෙම වුණේ!

    ReplyDelete
    Replies
    1. ලබන පාර අනිවාර්යෙන්ම වරෙන්!

      Delete
  2. මමත් දෙන්නම් පොත්. මීළඟ වතාවට.

    ReplyDelete
  3. අනිවාර්යයෙන් යන්න කිට්ටු කරලා කියපන්. මම නම් කිසිම පොතක් තියා ගන්නෙ නෑ. කියවලා දීලා දානවා. ඒත් කඩෙන් හරි අරගෙන දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියේ..උඹ කතා කරපු එක ලොකු හයියක්! අපි එකතු වෙමු!

      Delete
  4. බොහොම හොඳයි, ඊළඟ සැරේ බලමු.

    ReplyDelete
  5. ගිය පාර නම් පොත් දුන්නා.මේ පාර දෙන්න බැරි වුනා.ඊළඟ පාරවත් volunteer කෙනෙක් වෙන්න ඕනි මේකේ. :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා! අනිවා volunteer කෙනෙක් විදිහට සෙට් වෙන්න ඈ!

      Delete
  6. මම ගිය මාසෙ ගත්ත පොත් හතරක්. ඒකෙන් දෙකක් කියවල ඉවරයි. අනික තව ගෙදරත් පොත් කීපයක් ඇති. බුකියෙ සෙට් වෙමු. සප් එකක් දෙමි.

    පලි- මචං අර උමා කෙල්ලත් මේකට සැට් වුනා නේද ?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව..මමත් ගියා..ෂහ්..කියල වැඩක් නෑ සෑම්..වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක්...

      Delete
    2. අනිවා සෙට් වෙමු සැමෝ! මේ මෙතන සින්දු කියන්න උම්මා දෙන්න බෑ හරිය! ;)
      උමා අක්කා - කොහොම අතමක කරන්නද නේද ඈ!!!!

      Delete
  7. නාඩි අයියේ ඔන්න ඔය පාර අපි දිගටම support එක දෙනවා හොඳේ... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..බොහොම ස්තුතියි මේ සැරේ කරපු උදව් වලට...දිගටම අපි එකතු වෙලා වැඩ කරමු...

      Delete
  8. The best experience I had in life is joining Needy Readers. Trinco event was highly successful and it was amazing to see how hyped were the children to when they saw us. There own ayyala and akkala trying their best to give some thing back to the society.

    ReplyDelete
  9. The best experience I had in life is joining Needy Readers. Trinco event was highly successful and it was amazing to see how hyped were the children to when they saw us. There own ayyala and akkala trying their best to give some thing back to the society.

    ReplyDelete
  10. විය යුතු දේවල්. නියමයි (Y)

    ReplyDelete
  11. මේ වැඩේනම් ලොවෙත් පට්ටයි..
    උදව්වක් ඕනි නම් බුකියෙන් හරි කියපන්...

    ReplyDelete
    Replies
    1. එලස්! Needy Readers page එක පොඩ්ඩක් බලපන්... :)

      Delete
  12. මල්ලි මම හිතන්නෙ ඔයාලම වෙන්න ඇති අර පොත් ප්‍රදර්ශනයේ දිත් පොත් එකතු කලේ? මම ඒ වෙලාවෙනම් පොත් 2ක් අරන් දුන්නා.. ලංකාවෙනම් පොත් තියනවා බලමු ලබාදෙන්න විදිහක් තිබේනම් මම අනිවාර්යෙන් දැනුම් දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ අපි තමා! :) බොහොම ස්තුතියි අක්කේ... :)

      Delete
  13. වටිනා වැඩක්. ජය වේවා...! අපිත් පුළුවන් විදියට උදවු කරන්නම්.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කිව්වත් නොකිව්වත් ඔබතුමාගෙන් නම් උදව් ගන්නවා! :D

      Delete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. අනේ බං බොලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.

    ReplyDelete
  16. දැනගෙන හිටියේ නැනේ මේක ගැන මල්ලි ආයෙම පාරක් කරන කොට මටත් කලා කරන්න කොහෙ හිටියත් උදව් කරනවා :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කතා කරන්නම්... :)

      Delete
  17. ඇත්තමයි ලංකාවෙ උන්නනම් මොනාම හරි කරනවා ..දැනට වැඩේ අගේ කරනවා ඇර වෙන කරන්න දේකුත් නෑ....
    කොහොම උනත් ලොකු පිනක් කරගෙන තියෙන්නෙ ..

    අදමයි ආවෙ නාඩියගෙ නාඩි බලන්න..

    ReplyDelete
  18. සිංදුවක් මතක් වුනා.. අර කියන්නේ//ඔබ කරනා සේවය අපි කවුරුත් අගයන්නේ..//
    ජය!!

    ReplyDelete
  19. සමාජය වෙනුවෙන්, උදව්වක් ලැබෙන්න ඕන කෙනෙක් වෙනුවෙන් යමක් කරන එක උතුම් වැඩක්..

    ReplyDelete
  20. වැඩේ ගැන මං දැන ගෙන හිටියේ නෑ.ඊලග පාර දන්වන්න.අනිවාරේයෙන්ම සපෝර්ට් එක දෙන්න ඕන හොද වැඩක්

    ReplyDelete
  21. බොහොම අගය කරන වැඩක් නාඩියෝ.. මගේ පොත් ටිකත් පොත් රාක්කේ දූවිලි වදිනවා ඇති.. ලංකාවට ආවම මෙහෙම දේකට වත් ඒ ඔක්කොම දෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හරිම හොඳයි! ලංකාවට ආපු වෙලාවක අපි කතා කරමු! :)

      Delete
  22. එදා ලබපු චිත්තප්‍රීතිය නං උපරිමයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...