නාඩි සෙට් එක

Wednesday, February 13, 2013

හෙට 14 ලු



 ආදරේ නාමයෙන් සීනිබෝල සුකුරුත්තම් විකුණන තොරොම්බල්කාරයන් පාරේ කොහෙවත් නෑ....

ආදර කෝච්චි....ආදර ඩිස්කවුන්ට් කොහෙවත් හොයන්ඩ නෑ....

පීසා එකක් එක්ක ආදර ටෙඩියෙක් ගන්න කොහේවත් තැනක් නෑ....

ආදරේ උණුසුමට box එකක් ඇතුලේ කවුරුවත් ඉන්නේ නෑ....

ඉන්ටසිටියක කොනේ මුල්ලේ තුරුළු උන ජෝඩුවක් බේතකට ගන්න නෑ....

කොල්ලගේ පර්ස් එක හිදෙනකම් රවුම් යන ගැහැනියන් මෙහේ නෑ.....

ආදරේ ලාබෙට උණු උණුවේ විකිනෙණා පෙට්ටි කඩයක් වත් නෑ....

ආදරේ නාමයෙන් ජපන් කොඩි ඉල්ලනා නරුමයන් මේ ලෝකේ කිසි තැනක නෑ...


- Meanwhile in a Parallel Universe (සමහර විට සමාන්තර විශ්වයක....)
 

83 comments:

  1. එහෙව් සමාන්තර ලෝකයක අපේ සමහර වුන් කියාවි..

    එහෙනම් අපි ඒ ලෝකෙ ජීවත්වෙන්නෙත් නෑ.. කියලා..

    අදහස, අරුත, සිතිවිල්ල..
    අගෙයි...!

    ReplyDelete
  2. හැක හැක...අම්මපා දැන් උණුහුම විදින්න බොක්සුත් නෑ.....මේ තරන් ජයට වැලන්ටයින් සමරන තැනක් ලොවෙත් නෑ... :)

    ReplyDelete
  3. යකෝ ඕකෙ මොනාද එහෙනම් තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මම දන්නේ නෑ! මොකෝ සමාන්තර විශ්වෙකනේ! වෙනස් ඇති ටිකක්!

      Delete
  4. උබ යනවා නම් ඒ ලෝකෙට පල , මට නම් කතා........ කරන්න එන්න එපා යමන් නොහික්මුනේ අර පැත්තේ කියල ,

    ReplyDelete
    Replies
    1. හික්ස්!!!!යමන්කෝ බං ඒ පැත්තේ....

      Delete
  5. අම්මපා මේක මට තේරුණේම නෑ

    ReplyDelete
  6. හරි හරි... මේ පැත්තේ නෙමේ! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තත් නෙවෙයිද කොහෙද....

      Delete
  7. වැල ඉන් ටයින් සුන්දරද මෙතරම් :පී

    ReplyDelete
    Replies
    1. හරිම සුන්දරයි...හරිම සුන්දරයි.....

      Delete
  8. ආදරයට මොකටද බොලව් දවසක් දා
    නෑතිද තොපිට වෙන වෑඩක් දා
    එලිසමය නෑතුව දා
    හෑමදා ලව් කරපල්ලා......

    නාඩියො කව් බෑ යන්තම් ගෑලපුවා උබ වෙනුවෙන්.......

    ReplyDelete
    Replies
    1. හා හා..එහෙනම් හැමදා ලව් කරන්නම්කො....

      Delete
  9. නාඩියටත් එන්නේ පට්ට සිතිවිලිනේ බොලව්

    ReplyDelete
  10. ඔය කියන ලෝකෙ නැද්ද බන් හිල වඩයක්වත් බඩගින්නට කන්න...

    ReplyDelete
    Replies
    1. සමාන්තර විශ්වයනේ..කොහොමද දන්නේ නෑ!

      Delete
  11. හොඳ වෙලාවට වෙන ලෝකෙක. මම බය උනා...

    ReplyDelete
    Replies
    1. මෙහෙම ගියොත් අපිටත් බය වෙන්න වෙයි වගේ තමා!

      Delete
  12. අඩේ.... මෙහෙම ලෝක තියෙයිද ඈ........

    ReplyDelete
  13. ෂික් .. වැඩකට නැති ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් බැලුවේ! කිසිම වැඩක් නෑනේ!

      Delete
  14. ඒතකොට.... ආදරේ තියෙනවද බං..!

    ReplyDelete
    Replies
    1. සමාන්තර ලෝකයක් නේ බං..ආදරයට වෙන නමක් කියනවා ඇති!

      Delete
  15. සුන්දරයි නාඩියෝ... අදාළ පුද්ගලයන්ගේ ඔලුව අත ගා කණ පලා ඇත..

    ReplyDelete
  16. අනේ වාසනාවන්.... අනුරාජපුරේ පැත්තේ වෙන්ටැ ඔය සමාන්තර විශ්වය තියෙන්නේ. එන්න ඕන මමත් ඕක සමරන දවසක ඇවිත් යන්න... ජය...!

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙත් තියනවද දන්නේ නෑ! අනේ මන්දා...හොයලා බලමු!

      Delete
  17. පිටසක්වල ගැන හරියට කතා වෙනවා !@

    ReplyDelete
    Replies
    1. මේ ටිකෙත් ඔය එහෙන් ගල් කෑලි වැටෙනවා කියන්නේ නේද?

      Delete
  18. මගෙ අම්මෝ! මේකෙ ඉන්න කෙල්ලෙ එක පාරට ඇස් බෝල කැරකැව්වෝ! මම බය උන මගේ දිහා බැලූ පාරට!

    ReplyDelete
  19. වැලන්ටයින්, හී සැබෑ අවශ්‍යතාවය ඇත්තේ පෙම්වතුන්ට-පෙම්වතියන්ට වඩා ව්‍යාපාරිකයන්ටයි. 90 දශකයේදී ශ්‍රී ලංකාවේ එය සමාජගත කරනුයේ ද එවැනිම අවශ්‍යතාවයක් මතය.

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාරිකයන් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්නයි කැමැත්ත...ඒත් මොකෝ මිනිස්සු ඒකට අහු වෙන්නේ...?

      Delete
  20. මේ වෙනස් සිතිවිල්ල/නිර්මාණය මරු බං.

    ReplyDelete
  21. ඔය ඔක්කොම නැතුව ගියාට කමක් නෑ අඩුම තරමින් ඒ ලෝකේ ආදරයවත් තියෙනවද ? නැත්තම් එහෙව් ලෝකයක් එපා කියලා ආදරවන්තයෝ වෙන ලෝකයකට පැනලා ගිහින්ද ?

    ReplyDelete
    Replies
    1. ආදරයත් සාපේක්ෂයි මේ ලෝකේ.

      Delete
    2. ආදරවන්තයෝ.....එහෙම ය ඒ ලෝකේ ඉන්නවද කියලා තාම හොයා ගෙන නෑ!

      Delete
  22. මෙහෙම ඒවා ඉතිරු වෙලා තියනව කියන එක අහන්නත් සන්තෝසයිනෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉතුරු වෙලා තියනවද කියන එකයි ප්‍රශ්නේ!

      Delete
  23. මලයෝ හරිම හරවත්..... ඒත් අපි කාගේත් නාඩි වැටෙන තාක් ආදරය කියන ගනුදෙනුව අපි කරගන යනවා. එය මුලින්ම අම්මා එක්ක අවසන බිරිය එක්ක. ඒත් හිතට එකඟව අනිත් ටිකත් කියන්න හැකිද.

    ReplyDelete
    Replies
    1. ආදර ගනුදෙනුව පිවිතුරුව කරන එකයි වැදගත්....

      Delete
  24. ඒ විශ්වයට අයිති මම මොකෝ මේ විශ්වයේ ???? කම්පනා උනු එකම දේ මේක....ආතල් තනිකම ඔය කචල් වැලන්ටයින් ස්මරන ඇත්තන්ගෙ භූමිකා වලට වඩා

    ReplyDelete
  25. වැලන්ටයින් දවසට කෙල්ලගෙන් ඔක්ක්මත් ඕන...අන්තිමට වෙන කෙල්ලෙක් කසාද බැඳල ජපන් කොඩියත් ඉල්ලනව.....එක්කො කැඳ එක්කො රැවුල......
    මොනව වුණත් අපිට නැති වැලන්ටයි භංග වේවා.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කුහකකම කියන්නේ! කොහොමත් වාණිජ වැලන්ටයින් නම් නැති තරමට හොඳයි!

      Delete
  26. මොනා උනත් කිවුව කතාවන සිරා නාඩියෝ..

    ReplyDelete
  27. බැරිද අපිටත් ඔය තැනට පාර කියන්න

    ReplyDelete
  28. පට්ටයි නාඩියෝ....

    ReplyDelete
  29. ලොවෙත් නෑ. සමාන්තර එකක මිසක්.

    ReplyDelete
  30. හරකුන්ගේ කන් ලස්සනට අත ගා ඇත..

    උපරිමයි.. තරුණයා...

    ReplyDelete
  31. සිතුවිලි වදින්න දීලා තියෙනවා.

    දැන් ටික ටික වැලන්ටයින් එකට එරෙහිව බලවේගයක් අවිත්තියෙනවා. එක අතකින් හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ දෙයක්! හැබැයි නැති කරන්න ඕනේ වාණිජ්‍යකරණය වෙච්ච වැලන්ටයින්.

      Delete
  32. සමහර විට සමාන්තර විශ්වයක...ඒත් විශ්වාස කරන්ට බෑ නාඩියා...

    ReplyDelete
    Replies
    1. මටත් විශ්වාස කරන්න බැරි ඒක තමා බං !

      Delete
  33. මේක අපි දාන්නේ විද්‍යා ප්‍රභන්ධ ගණයටද සුරංගනා කත ගනයටද??????

    ReplyDelete
  34. එතකොට ඔය කියන මෙව්වා එකේ අපි වගේ එවුන් එකෙක් වත් නැතුව ඇති නේ?? (නාඩියා වගේ එවුං එහෙම......)

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ උන් නම් නැතිව ඇති! අපි වගේ උන් නම් ටිකක් ඉඳියි!

      Delete
  35. අම්මපා, අපි දැක්කෙත් නෑ අපි දන්නෙත් නෑ !

    ReplyDelete
    Replies
    1. අපි දන්නෙත් නෑ..දැක්කෙත් නෑ...

      Delete
  36. ඇස් පිහිදාලත් බැලුව මඟ හරියෙදි මම ඉන්නෙ මේ ලෝකෙද කියල.... අවසානෙන් තමයි තේරුනේ තාම මේලෝකෙම තමයි කියල......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මේ ලෝකේ කවදා වෙනස් වේවිද....?

      Delete
  37. මේ වැලන්ටයින් සමරන එක කවුරුත් සිහිකල්පනාවෙන් කළොත් හොඳයි. මොකද එදාට කෙල්ලො අනාත කරල පස්ස ඩොරෙන් පනින එවුන්ගේ මේ කෙරුවාව අල්ලගන මුලු පිරිමි ජනසමාජයටම වයිරකරන්න කාන්තාවන් පොළඹවන කාන්තාවිමුක්තිවාදීන් මාර්තු 8 වනදාට උන්ගේ විකුර්ති අදහස් රටේ බෙදන්නේ අර වගේ සමාජ දුර්වලතාවයන්ගෙන් ප්‍රයෝජන ගනිමිනුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.....8 වෙනිදා ට විතරක් නෙවෙයි..හැමදාමත් එහෙමයි....

      Delete
  38. එහෙම ලෝකෙක අපේ අය නම් ඉන්න කැමතිවෙන එකක් නැහැ මල්ලි ,, වෙනස් අදහසක්

    ReplyDelete
    Replies
    1. ඔව්.. ගිහිං දැම්මත් ආපහු එයි වගේ!

      Delete
  39. සුපිරියි. මගෙ බ්ලොග් රෝලෙ මේක අප්ඩේට් උනේ නෑ නෙව නාඩියෝ....

    ReplyDelete
    Replies
    1. මේක ගිය අවුරුද්දේ වැලන්ටයින් ලියවිල්ල.. ඒකයි....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...