නාඩි සෙට් එක

Thursday, January 10, 2013

රිසානා සහ මලාලා




රත් වෙච්ච වැලි කතර රතු වෙච්ච ලේ වලින්

තෙත් කරපු රිසානා....


ඔළු කට්ට සිදුරු කල ගිනියම් උණ්ඩයට

බිලි වෙච්ච මලාලා...


උස්සගෙන වැලපුනත්....නිහඩතා පැවතුනත්....


උන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්දැයි....


කෑ ගහන එකෙක්වත් ඇස් ඇරලා බැලුවාද???


රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක් නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක ගීතය ගයන්නාවූ  රෑ කොකිලාවියකි...

මලලා යනු වැලි කතරේ සැඟව ගිය තවත් එක් ගැහැණු දරුවෙකු නොවේ! ලෝ වාසි සියලු කාන්තාවන්ගේ සම අයිතිය උදෙසා ඔළුව පසාරු කරවා ගත් සුර දුතිකාවකි...

ඒ හෙලූ රුධිරයට කෙසේ සාධාරණය  ඉටු කරමුද?

මම වැරදිකරුවෙක් වෙමි! ඔබ??  
 

49 comments:

  1. අපි සියල්ලෝම වැරදිකරුවෝ වෙමු...!

    ReplyDelete
  2. තිත්ත උනත් ඒක තමයි ඇත්ත මචං.. මේවා ඉදිරියට වත් නොවෙන්න නම් බොහෝ දේ වෙනස් විය යුතුයි මේ රට ඇතුලෙම.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනේ අපි අසරණයි...

    ReplyDelete
  5. ඔයා හරි, අපිත් වැරදි කාරයෝ..

    ReplyDelete
  6. තව දවස් පහයි...ඊට පස්සේ ඔක්කොම ඉවරයි!!

    ReplyDelete
    Replies
    1. එහෙම නොකරන එකයි වඩා වැදගත්!

      Delete
  7. ඇත්ත මේ දේවල් අපෙ වැරදි....

    ReplyDelete
  8. හ්ම්ම්.... හිතන්නට යමක්.....

    ReplyDelete
  9. අපද වැරදි කරුවෝ වෙමු.. ඒ ගැන ලැජ්ජාවටද පත්වෙමු...

    ReplyDelete
    Replies
    1. වැරදිකරුවෙක් නම් අනිවාර්යෙන්ම ලැජ්ජා විය යුතුයි!

      Delete
  10. ඔන්න මේකයි අන්තිමේ වෙන්නේ : https://www.facebook.com/photo.php?fbid=468545719848151&set=a.423529141016476.90097.405044626198261&type=1&theater&notif_t=like

    ReplyDelete
  11. ලියන්න ගියොත් ලියන භාෂාවත් මතක නැති වෙනවා බන්. මමත් ලියන්න හිටපු එකක් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් දිගට කෙටුවේ නැත්තේ...

      Delete
  12. කෑ ගහන එකෙක්වත් .....

    ලංකාවෙ මුස්ලිමුන් කෑගසනු ඔබ දුටුවාද ඇය කෙරේ සෙනෙහසින්.... ඇය කෙරේ බෙහෙවින් ශෝක වූයේ අන්‍ය ආගමිකයන් නොවේද? දැන්වත් මුන්ගෙ දෑස් බැදි කඩතුරා ඇරේවා !

    ReplyDelete
    Replies
    1. ජාතිය මෙහි ප්‍රශ්නයක් නෙවෙයි මම දකින දිදිහට ඇත්තේ මනුෂ්‍යත්වය පිළබඳ ප්‍රශ්නයක්!

      Delete
  13. අප වැරදිකරුවෝ වෙමු.. ඒ ගැන තර්කයක් නැත

    ReplyDelete
  14. කතාව ඇත්ත අපිට ඇති කැක්කුම ඔවුන්ට නැත්තේ ඇයි?..

    ReplyDelete
  15. ඕවා ආගමේ තියෙන බලු නීතිය නිසා වෙච්ච දේවල් අයියේ......ඔය අපරාධ වලට හෙන ගහනවා.

    ReplyDelete
  16. api okkoma waradi karayo..
    Ape katawal,atha paya walata wilangu daladoo kylath hithenawa...

    ReplyDelete
  17. ඒ අයගෙ නෑදෑයොවත් කට ඇරල කියන්නෑ මේක අසාධාරණයි කියල... උන්ට ආගමේ නීති තරම් වෙන දෙයක් නෑ

    ReplyDelete
  18. ///රිසානා යනු හුදෙක් ලාංකීය ගල්ෆ් ශ්‍රමිකයෙක් නොවේ! දහස් සංඛ්‍යාත වූ වැලි කතරේ දුක් විඳින අපේ අසරණ මව්වරුන්ගේ, සහෝදරියන්ගේ ශෝක ගීතය ගයන්නාවූ රෑ කොකිලාවියකි...///

    hisa nama achara karami...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අපි ඔවුන්ට හිස නමා ආචාර කල යුතුමයි!

      Delete
  19. මේ පිටුපස තිත්ත ඇත්තක් ඇත............

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අපි එය නිරාවරණය කල යුතුයි!

      Delete
  20. පාලන තන්ත්‍රයේ ඉන්නා දේසපාලුවෝ ටික අයින් කරලා දාලා මොලේ තියෙන උන් ටිකක් රට පාලනය කරන්න දැම්මනම් හරි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  21. අපිට නිවැරදි කාරයෝ වෙන්න බැරිද ඉස්සරහට වෙන්න තියන දේවල් වලින්වත්

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි අපි හිතන්න ඕනේ දේ!

      Delete
  22. උන් අපේ ඔළු වලට දුන්නු දේ මොකද්ද බං ඇත්තටම. මටනම් ගොඩා...ක් දුක හිතුනා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. දුක විතරක් නෙවෙයි! ඒ ජිවිත දෙක අපිට පාඩම් ගොඩක් ඉගැන්නුවා!

      Delete
  23. අඩේ මේ අපේ නාඩි බවුන්සර්ද ඈ??

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...