නාඩි සෙට් එක

Tuesday, October 16, 2012

ලව් පලහිලව්


කාලෙකට පස්සේ නාඩියා ඔන්න නාඩියක් කොටනවා!මේ ටිකේ එක එක වැඩ සෙන්ටිමෙන්ටල් වෙලා තිබ්බනේ!NeedyReaders කස්ටිය අහනවා කස්ටියගේ මඩ ෆයිල් ටික එලියට දාන්නේ නැද්ද කියල..ඉන්න සුදෝ ටිකක් ඉවසලා...ලඟදීම දානවා..
ඔන්න අද නාඩියා පඩි ටෝක් එකක් දෙන්නයි ලෑස්තිය ඈ!  “මම ඔයාට ආදරෙයි” කියලා අත්දැකීම් අඩුම සයිඩ් එකක් ගැන කෙටුවනේ..අද නාඩියත් ඒකට ටිකක් සම්බන්ධයි ඈ...
මේ නාඩි සෙට් එකේ නාඩි වැටෙන කස්ටිය ඔන්න ඔය කියන සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ගත්ත experience ටිකක්! (මේක ලියන්නේ දෙතුන් දෙනෙක්ගේ ඉල්ලීමක් උඩ ලු හරිය...)
සාමාන්‍යයෙන් තරුණ ගැටව් ගැටිස්සියෝ කියන්නේ ආදරේ කරන්න ඕනේ වයසේ ඉන්න ආදරේ ලබන්න ඕනේ වයසේ ඉන්න කස්ටියනේ...ඒ අපි ඈ! Love කරන එක වැරැද්දක් නෙවෙයි...ඒක මානුෂිය අයිතියක්ලු ඈ!හැබැයි කේස් එක කියන ලව් ඉලව් වෙන එකනේ! 
ඔන්න එක ඩයල් එකක් නාඩියාගේ හෝඩි පොතේ “සාමා එන්න මල් කඩන්න” කාලේ යාලුවෙක්!මහා විභාගේ කොරද්දීත් එකම පන්තියේ හිටියේ...මේ ඩයල් එක 8 වසරේ ඉදන් වගේ පොඩි මෙව්වා එකක් තිබ්බා..ගෑනු දැරිවිත් හිටියේ මේ පන්තියෙමයි... හැබැයි අවාසනාවට ඇත්ත කතාවක් කියන්නේ ඒ ළමයා අර අසරණ පිරිමි දරුවට කැමති නෑලු! L ඌ ඉතිං මොනවා උනත් කෙල්ලට බොක්කෙන්ම ලව්! අපිත් ඉතිං ඒ කාලේ කරන්නේ මූව පොඩ්ඩක් අවුස්සලා මුගේ ලව් ස්ටෝරිය අහගන්න එක! J හරිම අලංක්රුතයි!
ගෑනු ළමයව මතක් වෙන්න කියල මේ ඩයල් එක මරු බඩු සෙට් එකක් තාම පරිස්සම් කරගෙන ඉන්නවා!
  • අර ඔටෝ බුක් කියන එකක පොඩි යතුරක්(කෙල්ලගේ එකේ යතුරලු!)
  • ලේන්සුවක්(දීපු එකක් නෙවෙයි!වැටිලා තිබිලා අහුලා ගත්ත එකක්!)
  • උප්පැන්න සහතිකේ කොපියක්!(කොහොම ගත්තද කියල කියන්නෙත් නෑ!)
ඒක නම් ඉතිං සුන්දර අහිංසක ආදර කතාවක් ඈ!
ඊලග සිද්ධිය උනේ නාඩි සෙට් එකේ තවත් එක බොක්කියක්ට!(බොක්කි = බොක්ක හෙවත් බුදු ෆිට් එකේ ගෑනු සතා) මේ දැරිවිත් ලස්සන ආදර කතාවක් හෙමෙන් හෙමෙන් ලියාගෙන යද්දී කොහොම හරි ලව් එක ඉලව් උනා! පවු ඉතිං අර අසරණ කෙල්ල බොක්කෙන්මලු ලව් කලේ! (බොක්කෙන් ලව් කරන්නේ කෙසේද යන්න තාම නාඩි විද්‍යාගාරයේ පරීක්සන මට්ටමේ පවතින මෙව්වා එකකි!) දැන් ඉතිං මේ කෙල්ල හොඳටම මෙන්ටලි වැටිලාලු!(ඕවා දන්නේ ඉතිං ප්‍රදීප් අයියා තමයි!) කොලු නර පණුවා අතමක කරන්නම බැලූ! දුක නැති කර ගන්න කියල ගෙදර තිබිච්ච ගල් බාගයක් සැන්ටින් වත නොකර හොරෙන්ම ගහලා!!
අප්පේ විහිළුවටවත් මෙහෙම දේවල් නම් කරන්න එපා ඈ! ජිවිතේ හැමදාම අපේ ලගින් ඉන්න අම්මයි අප්පච්චි ගැනයි හිතන්න..ඒ දෙන්නට කවදාවත් දුකක් දෙන්න එපා.
ඊළඟ සිද්ධියට සම්බන්ධ ජෝඩුවම නාඩියාගේ ගජයෝ! නාඩියා සියවසේ හොඳම ලව් කපල් එක විදිහට මේ දෙන්නා නොමිනේට් කරලා එහෙම තිබ්බේ! හත් ඉලව්වට ගහපු කලාබරේ කියන්නේ බලපුවහම මුන් දෙන්නගේ හඳහන් ගැලපෙන්නේ නෑලු! හොඳටම අපලයිලු! දෙන්නා වෙන් උනා...හැබැයි තාමත් ඒ දෙන්න ඒ දෙන්නටත් හොරෙන් අනිත් එකා ගැන හොයා බලනවා...(මේ ළමයා කිව්ව විදිහට ඒ ආදර කතාව ලියන්න ගියොත් ඒක නවකතාවක් වෙනවා!)
බලහන්කො ග්‍රහයෝ ටිකක් කරපු වැඩක්!
තව මේ වගේම සිද්ධිමන්ට් එකක් උනා නාඩියාගේ අතීසාර මිත්තරයෙකුටත්! ඒ යකාට කවුද හිත දියුණු කරලා කියන මනුස්සයෙක් කියල දැනට සම්බන්ධෙ පවත්වන එක්කෙනාගෙන් අපලයි කියල! දැන් ඒ ඩබලත් වෙන් වෙලා! පවු ඈ!
සමහරු කියන්නේනම් “අපි පුවක් ගහකට නැග්ගත් ඒකෙත් දෙබලක්!” කියල....බලං ගිහාම දෙන්නට දෙන්නා හරියට තේරුම් අරගෙන ලස්සනට ස්ටෝරිය අරං යන්නේ කීයෙන් කී දෙනාද නේද?
නාඩියා ට නම් ඔය ලව් පලහිලව් තිබිලා නෑ...සත්‍ය කතාව කියනවනම් ඔය ක්‍රෂ් කියන එව්වා නම් දෙක තුනක් තිබිලා තියනවා...
කොහොම කොහොම හරි බලං ගිහාම මේකත් මහා අමුතු ලෝකයක් නේද බොලවූ...



ලයික් එකක් දාලම යමු ඈ...

54 comments:

  1. එක එකා අපලයි කිව්වට දෙන්නට දෙන්නා බොක්ක පාත් වෙන්න ලව් නම්, තමන්ට අනිත් කෙනා ගැලපෙනවා නම් ආයෙ ඉතින් හිත හිතා ඉන්න දෙයක් නෑ... ඔය වගේ බොරු බයිලා කියලා ඒවා අහන්නෙ නැතුව බැන්ද මගෙ යාලුවො කී දෙනෙක් නම් සතුටින් පවුල් කනවද .. ඔය හැමදේම තියෙන්නෙ හිතේ නාඩියා... හිත ලෙඩ උනොත් තමා අවුල...

    හිදීවි කොතැනක හෝ... හිමිකාරයා උපන් ඔබේ නමින්..
    වඩීවි කෙදිනක හෝ... ඒ එනතුරා හිත හදාගෙන ඉදින් කියලා තමා ඔන්න මට කියන්න තියෙන්නෙ...

    ඔබට ලව් එක පිරිලා පිටාර යන සුභ අනාගතයක්ම වේවා... පඩිපෙල වගේ ළමයි ලැබේවා....

    ReplyDelete
    Replies
    1. පඩිපෙල වගේ ලමයි ලැබුනම කන්න දෙන්නෙ උඹද? :P

      Delete
    2. මම දෙන්නෙ මක්කටද... ඒකටනෙ අසරණ නාඩියා ඉන්නෙ.... හික් හික්..

      Delete
    3. උඩින් ලියල තියෙන කතාව නම් ඇත්ත සිරා...
      බිම්සර- අප්පේ ඔව්!
      සිරා -ඔව් ඔව්..මට පුළුවන්! මොකෝ අපේ තාත්තා සුල්තාන් නේ! :)

      Delete
  2. උඹේ පොස්ටුවක් කියවන්නත් ආසයි බං. දැන් දුර්ලභ වෙලානේ. :)
    නාඩි ලව් ස්ටෝරියකුත් ලියන්න ලැබේවා!!
    උඩින් සිරා කියපු ටිකත් එහෙම්මම වේවා!!!!

    ReplyDelete
    Replies
    1. එක එක වැඩ සෙන්ටිමෙන්ටල් වෙලා බං..ඒකයි බං සීන් එක....
      එසේම වේවා! :)

      Delete
  3. මටනම් ඔහොම එව්වා ඇත්තෙම නෑ ඈ ;) අර උප්පැන්න සහතිකේ තියාගෙන ඉන්න එකානම් සිරාවටම පවු! :D

    ReplyDelete
    Replies
    1. හැබෑටම ඒ කොල්ලා නම් සෑහෙන්න පවු....

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්...ඇත්ත බං....

      Delete
  4. නාඩියාට නාඩියාගේම ලව් නාඩියක් කොටන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. හිහි.. කතා ටික ඔක්කෝම ලව් කිව්වට ඉලව් ස්ටෝරි ටිකක් නේ.. කමක් නැ ඔහේ..ඕනේ එකක්..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලව් ඉලව් කිව්වේ.....
      ලව් නාඩි....ඊයා..ලැජ්ජාවේ බෑ! :පි

      Delete
  5. මාත් ඉතින් නාඬියාගේ බෝට්ටුවෙමලු. අපේ සෙට් එකේත් කීප දෙනෙක්ම ලව් ඉලව් කරගෙන හඬා වැටෙද්දී..මම ඉතින් උන්ගෙ දුග්ගන්නාරාල වෙලා දුක නිව්වලු...අනේ මන්දා අර කියන්නත් වගේ මේක අමුතු ලෝකයක් තමා...

    ReplyDelete
    Replies
    1. අප්පේ...මමත් දැන් කරන්නේ දුක් ගන්නා රාළ ජොබ් එක තමා!

      Delete
  6. අනේ නාඩියෝ කොහොම හරි අර දෙවෙනියට කියපු නව කතාව ලියහන්කෝ...................

    ReplyDelete
  7. නියම කතා ටික නාඩියා...

    ReplyDelete
  8. man kiyanne love karala marry karanava nam aniva kendara nobala inna one
    Hithvala athi vena hagim ekapaara makala daanna baa me koleka thiyena sadaka galapune na kiyala
    Anith eka naadiyata ikmanatama ekak set vela hoda aadara kathaavak liyanna labeva :)

    ReplyDelete
    Replies
    1. අනේ මටනම් ඔය සිංගල් ලයිෆ් එක හොඳයි!

      Delete
  9. "එක එකා අපලයි කිව්වට දෙන්නට දෙන්නා බොක්ක පාත් වෙන්න ලව් නම්, තමන්ට අනිත් කෙනා ගැලපෙනවා නම් ආයෙ ඉතින් හිත හිතා ඉන්න දෙයක් නෑ... ඔය වගේ බොරු බයිලා කියලා ඒවා අහන්නෙ නැතුව බැන්ද මගෙ යාලුවො කී දෙනෙක් නම් සතුටින් පවුල් කනවද .. ඔය හැමදේම තියෙන්නෙ හිතේ නාඩියා... හිත ලෙඩ උනොත් තමා අවුල... "

    මම නෙවෙයි මේ කියන්නේ .. උඩින්ම තිබුන comment 1ක් :) පුලුවන්නම් අර නවකතාව ලියන්න..;)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්..ලියමු එහෙනම් නේ.....

      Delete
  10. ඇයි යකඩො .... මේ ඔක්කොම අනිත් උන්ට වෙච්චනේ. උඹ බබා.

    ඒ මදිවට තන වගකීමෙන් ගැලවෙන්න නාඩි වාක්‍යයකුත් දාලා. :)

    ReplyDelete
    Replies
    1. හෆොයි ! ‘තන‘ ‘තව‘ වියයුතු බව කරුණාවෙන් සලකන්න. :)

      Delete
  11. //සාමාන්‍යයෙන් තරුණ ගැටව් ගැටිස්සියෝ කියන්නේ ආදරේ කරන්න ඕනේ වයසේ ඉන්න ආදරේ ලබන්න ඕනේ වයසේ ඉන්න කස්ටියනේ...ඒ අපි ඈ! Love කරන එක වැරැද්දක් නෙවෙයි...ඒක මානුෂිය අයිතියක්ලු ඈ!හැබැයි කේස් එක කියන ලව් ඉලව් වෙන එකනේ!//


    හෑ..කැම්පස් වහපු ටිකට මුගෙ දියුණුව....දෙන ටොක්ස් ලොවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. දැක්කනේ...කොල්ලා දියුණු වෙලා!!!

      Delete
  12. ග්‍රහයන්ට නම් හෙණම ගහන්න ඕනේ මේවගේ වැඩ කරනවට..... එකෙක් මල් හීසර විදිනවලු... උගේ වැඩේ ඉවර උනාම අනිත් එවුන් වටකරගෙන බාල්දි දානවලු.... උන්ට ඕනේ මඟුලක් කර ගන්න කියලා හිත ගියතැන මාලිගාව කියලා හිතාගෙන ඉදිරියට ගියානම් ඉවරයි.....

    ඔය ප්‍රශ්න ඇති වෙන්න කලින්ම අපි කලේ මොකද දන්නවද..... ගෙවල් දෙකටම නීති දැම්මා හඳහන් නම් බලන්න එපා කියලා.... අපේ මාමණ්ඩිට ඔය වැඩේ ටිකක් පුළුවන්.. මගේ වෙලාව දුන්නම එයාට ඕක හිතාගන්න පුළුවන් වෙන නිසා එයාට වෙනම නිතියක් දැම්මා දැනගත්ත දේවල් ගැන කෙල බිඳක් හලන්න තහනම් කියලා.... හි හි....

    ReplyDelete
    Replies
    1. අන්න එල කිරි වැඩේ!!! ඔන්න එහෙනම් කස්ටිය මේ සිද්ධිමන්ට් එක අනුගමනය කරලා බලන්න ඈ!

      Delete
  13. ලව් නං මල ඉලව්.. කිසිවක් නොකියමි..!

    ReplyDelete
  14. ෆට්ට කතා ටිකක් තමා නාඩියෝ.... ඒත් ඉතින් අන්තිම හරියෙ උබ කිව්ව එක නම් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනි, උබේ ක්‍රශ් ගැන නම් අපි හොදට දන්නවා...ක්‍රශ් වලට ලව් නොකර ලව් කල හැටිත් දන්නවා....:P

    ReplyDelete
    Replies
    1. අනේ...ඔයා ගැනත් කියලා වැඩක් නෑනේ..... ;)

      Delete
  15. නාඩියටත් සැට් උනේ නැතෙයි නාඩිච්චියෙක්?. (නාඩියාගේ ගැහැණු සතා නාඩිච්චි නම් වෙයි).

    ReplyDelete
  16. කෙල්ලෝ ඔහොමමයි :D

    ReplyDelete
  17. නාඩි බබා, කතාව මරු!! ලව් ඉලව් තමා හෆ්ෆා...

    ReplyDelete
  18. මූට වෙච්ච එව්වද කොහෙද :)

    හූඌඌඌඌ

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. හ්ම්ම්..

    ReplyDelete
  20. මන් නම් තාම තනි රෝදේ.
    පස්සේ කාලෙකදි පුළුවන් වුනොත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ!අපි අත්දැකීම් ගන්න තව ටික කාලයක් ඉමු ඈ!!

      Delete
  21. ග්‍රහයන්ට පුළුවන්ද ජීවිත කථාව තීරණය කරන්න.පින පව ඇරෙන්න ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නෑ.
    සිත්තමීත් ඔය ග්‍රහයින් එක්ක විරුද්ධ කෙනෙක් ග්‍රහයන්ට ඕන විදියට තීරණ ගත්තොත් ජීවිත අවුල්.වැදගත්දේ දෙදෙනෙක් අතර ජීවිත ගලපා ගැනීමයි.විශ්වාසයයි. ඒ දෙක දෙදෙනා අතර සාර්ථකයිනම් ග්‍රහයින්ට කරන්න පුළුවන් දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. මමත් නම් හිතන්නේ මේ විදිහට තමයි.....

      Delete
  22. ආදරයයි කඳුලයි අතරේ අමුතු පෙමක් ඇත මගේ මිතුරේ
    ඈ ගැලපුනාද මන්දා :)

    ReplyDelete
  23. අපේ ලොකු අක්කිගේ ලව් එක හබක් වෙන්න ගියෙත් ඔහොම සිද්දියකින්..හඳහන් බැලුවම කියල දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනවා කියල බැන්දොත්.. ! ඒ උනාට උන් දෙන්න බැන්ද..!!!!

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...