නාඩි සෙට් එක

Tuesday, September 18, 2012

බුකියේ සංගමේ...




උදේ හවස chat කරන්න...HI කියන්න...
රටේ තොටේ ඕප දූප ඔක්කොම දැන ගන්න..

ඔය poke කරන...massage කරන
Set එක සැමදෙන රැස් වන
බුකියේ සංගමේ මුල් තැන...///

කැම්පස් ගිය angel ගේ යාලුවා princess…
නයිස් pose ෆොටෝ එකක් upload කරලා...
ඒක දැකලා කොල්ලෝ ගොඩක් request එවලා...
Sweet හනි මේක දැකලා බුකියේ කියලා!!

උදේ හවස chat කරන්න...HI කියන්න...

Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...
කාටත් නොකියා ඌ in a relationship වෙලා...
කවුද එකෙක් මූගේ account එක hack කරලා...
මනමාලිගේ ෆොටෝ අරං publish කරලා...!!

උදේ හවස chat කරන්න...HI කියන්න...


මේ ටිකේ වැඩ කටයුතු වලට බස් එකේ එල්ලිලා චපාන් එකේ ගමන් බිමන් යද්දී සුනිල් පෙරේරා මහත්තයා ප්‍රමුඛ ජිප්සීස් සෙට් එක කියන මල් හතයි ගස් දෙකයි සින්දුවක් නාඩියාගේ කණට වැටුනා...

තියෙන අලුගුත්තේරුකමට එකේ ලස්සනට තිබිච්ච පද වචන ටික මාරු කරලා අලුත්ම පද රචනයක් කළා...නාඩියා හෙනම පද රචකයා ඈ!!! ;)

ඔය සින්දු කියන්න කැමති කස්ටිය..අර ලිරික්කන් ද මොනාද හදන කස්ටිය ඕන උදව්වක් ඉල්ලන ඈ! :D
අවවාදයයි - bathroom වල මෙය ගායනා කිරීමෙන් වලකින්න!!!(ඉතා අනතුරුදායකයි!!අත්හදා බලා ඇත!)

මෙන්න ඔරිම ජිනල් එක ඈ!!


අනිත් සීන් කෝන් එක....අපේ Needy Readers සමාජ සත්කාරේ.....අපි මේ ටිකේ BMICH එකේ පොත් ප්‍රදර්ශනෙත්ඉන්නවා ඈ....ඔන්න ඒ පැත්තේ ආවොත් නාඩියා එහෙම meet වෙලා යන්න පුළුවන් ඈ! J




ලයික් එකක් දාලම යමු ඈ...  

50 comments:

  1. අදමයි ආවේ මේ පැත්තට...සින්දුව නම් ෂෝයි..ට්‍රිප් එකක් යද්දි කියන්න මතක තියාගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. එල එල//දිගටම එන්න ඈ!ට්‍රිප් යද්දීනම් කමක් නෑ..ඒත් කම්පනාවෙන් ඈ! ;)

      Delete
  2. ඔන්න ඔහේ තව එකක් දෙකක් ලියනවකෝ බලන්න මැක්සා ෆන් සින්දුව.

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා කෝරලේ මහත්තයෝ...කොටන්න බලන්නම්කෝ...... :)

      Delete
  3. මරු සින්දුව.. නාඩියටත් ස්ටෝල් එකක් තියෙනවද???

    ReplyDelete
    Replies
    1. හික්ස්..පොත් විකුණන්නේ නම් නෑ...පොත් එකතු කරනවා... ;)
      Needy Readers කස්ටිය හම්බුනොත් බලන්නකෝ පොඩ්ඩක්..ඒ පැත්තේ ඇති... ;)

      Delete
  4. මරුවට ලියලනෙ...

    Group එකේ admin මේ ටිකේ චැට් කරන්නේ නෑ...
    කාටත් නොකියා ඌ in a relationship වෙලා...
    කවුද එකෙක් මූගේ account එක hack කරලා...
    මනමාලිගේ ෆොටෝ අරං publish කරලා...!!

    hhhhh hhhhhh hhh....

    ReplyDelete
  5. ඇඩෙනවා ඕයි!!!!!

    ඔර්ජිනල් එක නං මම ආසම සින්දුවක් ඈ... අද බස් රේඩියෝවෙන් ඉල්ලන්න ඕනේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. ආඩවනේ..:ඩී :ඩී
    අපිත් එනවා needy readers ලට පොත් දෙන්න 24 වෙනිදා. :))

    ReplyDelete
    Replies
    1. ඈ..24!!නාඩියා කියල ඩයල් එකකුත් ඉන්නවද කියල පොඩ්ඩක් විපරම් කරලා බලන්නකෝ...;)

      Delete
  7. අධි යතාර්ථවාදී සින්දුවක් ලෙස වර්ගීකරණය කරමි!

    ReplyDelete
    Replies
    1. හප්පා!මේක එහෙම භයානක එකක්ද!!!!!!!

      Delete
  8. දවස පුරා පච හලන්න
    පාලු නැතුව මල් කඩන්න
    නෙට් එකෙ මරු තැනක් තියෙනවා ඕ.....යි

    ReplyDelete
    Replies
    1. ඒ තැනේ මිනිස්සු..තනිකර කෙලින්නේ පිස්සු......//

      Delete
  9. රීමේක් කරලා ගත්තොත් නරකද ඈ.....!

    ReplyDelete
  10. යන්නම වෙනවා පොත් ප්‍රදර්ශනේට දැන් නම්... චණ්ඩියො ටික ඔක්කොම ඒකෙනේ...

    මරු වදන් පෙල.. හි හි...

    ලිරික්කන් හරි බිබික්කන් හරි දාලා රේඩියෝ එකකට දුන්නනම් නරකද.. හි හි...

    ReplyDelete
    Replies
    1. චන්ඩියෝ කිව්වේ මේ අපිද... ;)
      එල එල..එනකොට කන්න මොනවා හරි ගෙන්න ඈ..
      රේඩියෝ නේ...පවුනේ අර අහිංසක පද රචකයෝ..ඒ අහිංසකයෝ බඩ කපාගෙන මැරෙයි! :පි

      Delete
  11. හි හී..පිස්සා..:) :) අනිවාරෙන් පොත් වැඩේට නම් උදව් කරනවා.තව දවස් තියන නිසා මොකුත් කිව්වේ නැත්තේ.
    ජය!

    ReplyDelete
    Replies
    1. පිස්සා මූ..පිස්සා මූ.... :) :)
      එල එල!සපෝට් එකක් ඕනේ ඈ! :)

      Delete
  12. මමත් මුල් ටික දැක්කම මතක් උනේ.. මේ අර ලිඳ ළඟ සංගමේ මුල් තැන සින්දුවේ කොපියක් නේ..
    එල එල.. හැබැයි නඩු වැටෙයිද දන්නේ නෑ. එහෙම උනොත් අපිටත් සාක්කි දෙන්න වේවි නේ..
    අම්මෝ එසේ නම් වෙන්ට එපාය

    ReplyDelete
    Replies
    1. හයෝයෝ!!!!!!නඩු නම් එපෝ!මේ තියෙන ටික ඇතියෝ!!!!!!!!!!!!

      Delete
  13. හා හා... පුද්ගලික අත්දැකීමක්ද දන්නේනෑ.... මොනවා උනත් මරු !!!

    ReplyDelete
    Replies
    1. නෑනේ නේද...මොකෝ publish උනා කියල ආරංචියක් තාම ආවේ නෑනේ... ;)

      Delete
  14. සම හරක්ට ඉතිං බුකිය නැත්නම් හපපු බත් කට ගිලෙන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. ඒක මචං බත් කන හරක් ගේ ප්‍රශ්නයක්!

      Delete
  15. ඔක්කොම ඔප දුප එක වහලක් යටින් ;)
    පට්ට සින්දුව.ප්‍රවීණ ගීත රචක නාඩියා නාඩිරත්න විසින් රචිත ගීතයකි

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි..සන්තෝසයි..ලෝකයා මගේ අගේ වටහා ගෙන ඈ! :)

      Delete
  16. hikizzzzzzzzzzz niyama pada rachanaya

    ReplyDelete
    Replies
    1. හොක්ස්‌..හොක්ස්‌..තැන්කු ඈ! :)

      Delete
  17. උඹ පික්සු පීකුදු පොරක්නේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. නෑ මචං පිස්සු බම්ප් වෙච්ච ඩයල් එකක්! :)

      Delete
  18. හලේ.................මේ නාඩිටත් එන අයිඩියල්.... :)

    ReplyDelete
  19. කව්ද බං මල්ලියේ අර කක්කා කරන්ඩවත් වේළාවක් නැති අක්කා

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්නේ නෑ අයියේ..දන්න කියන කෙනෙක් නම් නෙවෙයි!

      Delete
    2. මචෝ දියුණුවේ ලක්ෂණ ඒ..විශ්වයම ටොයිලට් එකේ.:)

      Delete
  20. ඔය තියන්නේ කෑව යැ!! දෙන්නකෝ තව ටිකක් ඔය වගේ.. එල එල!!

    ReplyDelete
  21. නාඩියාගේ වැඩ නම් ගින්දරය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...