නාඩි සෙට් එක

Tuesday, June 12, 2012

මම ඔයාට ආදරෙයි!

අද නම් මම කොටන්න හිතුවේ ලෝක ප්‍රචලිත මාතෘකාවක් ගැන!FM චැනල් එකක් ඇහුවොත් වැඩියෙන්ම සින්දු යන්නේ මේක ගැන.මේක තමයි ලෝකේ තියෙන වටිනාම අකුරු හතර.. “ආදරය”...

අපි මේ ලෝකෙට එන්න කලින් ඉදන් අපේ අම්මයි අප්පච්ච්යි අපිට දුන්න ආදරේ තමයි ලෝකේ තියෙන පුජනියම ආදරේ..ඒ ආදරේට සම කරන්න..ඒ ආදරේට වටිනාකමක් දෙන්න... අපිට කවදාවත්ම බෑ!ඒක ඒ තරම්ම පුජනියයි..

මමනම් අද කොටන්න හිතුවේ ඒ ආදරය ගැන නෙවෙයි...අර තරුණ ගැටව් ගැටිස්සියෝ කාලේදී ඔළුවට එන ආදරේ ගැන!හැබැයි ඉතින් නාඩියාට නම් ඒ ගැන වැඩිය experience නෑ!මොකෝ නාඩියා තනිකඩ බුවානේ!

දොස්තර මහත්තුරු නම් කියන්නේ විරුද්ධ ලිංගිකයන් ගැන අපිට හිතක් පහළ වෙන්නේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වෙන කාලේදිලු..ඒ කියන්නේ වයස අවුරුදු 16 යි.. මාසෙදි විතර..අනේ මන්දා..හැබැයි ඊට කලිනුත්..ඒ කියන්නේ තුනේ හතරේ පන්ති වලදීත් ඒ වගේ හැගීම් ඇති වෙනවා කියල නාඩියා හොයා ගෙන තියනවා!හොයා ගත්තේ කොහොමද කියල නම් අහන්න එපා!

ඉස්කෝලේ කාලේ ඒ කියන්නනේ O/L කරන  කාලේදී එහෙම ලව් කොරනවා කියන්නේ සුපිරිම ගේමක්!ටීචර්ලා විතරක් නෙවෙයි!පන්තියේ වෙනම ඔත්තුකාරයෝ සෙට් එකකුත් ඉන්නවා ඔය ලව් කේස් ගැන නිව්ස් ටික ඉහළට දැනුම දෙන්න!class අබිලින්ස්!නැත්නම් ජාතික ගොටු හමුදාව!ආසාවට කන්න හරි චොකලට් එකක් ගෙනාවොත් ඉවරයි!ලෝක වෙළද මධ්‍යස්තානෙට තියන්න ක්ලේමෝ බෝම්බයක් ගෙනාවා වගේ ප්‍රශ්න කරන්නේ!

හැබැයි ඉතින් ඒක එච්චර තේරුමක් ඇතිව කරන දේකුත් නෙවෙයි..නාඩියා හිතන විදිහට එතැනදී වෙන්නේ  නම් බොහෝ විට අනුකරණය!අයියල අක්කලා බස් වල පාරේ ජෝඩු දාගෙන යන හැටි දැක්කම අපිත් කරන්න ඕනේ කියල හිතෙන එකත සාධාරනයිනේ!අනිත් එක තමන්ට අම්මගේ තාත්තගේ ආදරය අඩුයි කියල හිතාගෙන තවත් කෙනෙක්ගේ ආදරයක් හොයාගෙන යනවා!පච පෙට්ටිය ඔන් කරපු ගමන්ම පෙන්නන්නෙත් සින්තටික් ලව් ස්ටෝරිනේ!

A/L කරන්න ආපුවහම සමහර කොල්ලෝ කෙල්ලන්ට ගෙදරින් පොඩ්ඩක් නිදහස හම්බවෙනවා! අතට ෆෝන් එකක් හම්බ වෙනවා..පොකට් මනි ටිකක් ලැබෙනවා...බස් එකේ එහෙ මෙහෙ රවුම් ගහන්න චාන්ස් ඒක හම්බ වෙනවා!කල්ල මරේ!ක්ලාස් යන එක පැත්තක තියල ආදර සුව විදින්න යන්න පටන් ගන්නවා!දැනුමක් තේරුමක් ඇතිව කරනවානම් හොදයි..ඒත් ගොඩක් ආදර කතා ඉවර වෙන්නේ ශෝඛාන්ත වලින්..බොහෝ විට පෙම්වතිය තමන්ගේ ජිවිතේ වටිනාකම සදහටම නැති කරගෙන පති වත අහිමි කර ගන්නේ ඇද රෙදිත් නැතිව!අන්තිමේ අසරණ අම්මලා තාත්තල දුක් කදුළු බොද්දි අසරණ වෙච්ච මල් කැකුළු අකාලයේ පර වෙලා යනවා..

හැබැයි ඉතින් ඔය කාලෙදිත් යම්කිසි දැනුමක් ඇතිව හදපු කුරුළු කුඩු අදටත් යහතින් තියනවා නාඩියා දැකල තියනවා..

සරසවිය කියන්නේ ආදරයේ මුදුන් මල්කඩ වගේ තැනක්...අපේ කස්ටිය ගොඩක් ජිවන සහකාරයා හරි සහකාරිය හොයා ගන්නෙත් එතැනින්ම තමයි!ඒ කාලේ නම් හරිම සුන්දරයි!(හැබැයි ඉතින් මටනම් උත්තම පුර්ෂ අද්දැකීම් නම් නෑ ඔය subject එක ගැන) හැබැයි නාඩියා දැක්ක දෙයක් තමයි එතනට ඇවිදිනුත් අපේ කස්ටිය ආදරේ ඉස්සරහ මෝඩ වෙනවා.

සමහරක් භාහිර පෙනුමට රැවටෙනවා..නැත්නම් සල්ලි බාගෙට රැවටෙනවා..තවත් අය තව එක එක දේවල් වලට රැවටෙනවා!රැවටිලා අන්තිමට වෙන්නේ තමන් එච්චර කාලයක් හදාගෙන ආපු හොද නම නිකම්ම නැති වෙලා යන එක.

නාඩියානම් හිතන විදිහට ඇත්ත ආදරේට සිමා මායිම් නෑ...ජාති බේද...ආගම් බේද..කුල බේද..මේ දේවල් ආදරේට බලපානවද කියලා නාඩියා තවම හොයනවා.

අනිත් එක වයස් බාධක...ඇත්තටම මම නම් හිතන්නේ නෑ වයස කියන එක ආදරයට බාධාවක් කියල...නාඩියානම් හිතන විදිහට මෙතන වෙලා තියෙන්නේ සමාජය ඕනේ දෙයක් දිහා වපර ඇහින් බලන එක. 

අනේ..මන්දා..බලන් ගියාම කට්ටියගෙම පිස්සු බම්ප් වෙලාද මන්දා!

14 comments:

  1. ආදරය සුන්දර වරදකී...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි..කවුරුත් සමාව දෙන්නේ නෑ වගේ...

      Delete
  2. ලෝකේ පවතින්නයි නැතිවෙන්නයි දෙකටම මුල ආදරේ තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව්!මෙහෙම් ගිහින් ලෝකේ නැතිම වෙයිද?

      Delete
  3. ආදරේ.............................................................. මට එපෝ..............................................

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ආදරේ නම් නොකරන තරමටයි හොද..ඒක මගේ අදහස! හරිද නාඩි අයියේ.. ඒක නෙවෙයි මම අහන්නම හිටියේ ඔයාගේ කාඩ් එක නාඩියද? :) කොහොම උනත් කමක් නැහැ. කැම්පස් ආවත් වෙලාවකට හරි ආදරයක් තේරුම් ගන්න බැරි මිනිස්සුන්ව හරියට අඳුරගන්න අමාරු නිසා..සමහරවිට කල්යයි අඳුරගද්දී..මොකක් උනත් ආදරේ නම් එපාම එපා !!!!!!!! :)

    ReplyDelete
    Replies
    1. හප්පා!කස්ටියටම ආදරේ ඇලජික් වගේ!අනේ මන්දා!මේක හරිම අමාරු පුරස්නයක් වගේ තමයි පෙන්නේ..කාඩ් එකනම් නාඩියා නෙවෙයි! :) ඊට වඩා සෝක් එකක් තියනවා! හි හි... :)

      Delete
  5. හනේ හනේ නාඩියෝ.... නාඩිය ආදරෙ ගැනත් පුන්චි නාඩියක් දානවනෙ නෙහ්හ්..;) මහසෝනටත් ඉතින් ඔය මාතෘකාව ගෙන වැඩි අත්දැකීමක් නැ... ඒත් දෙයක් කියන්න ඕන... " ආදරේට වයස ප්‍රශ්නයක් කර ගන්න එකනම් මහ මෝඩ වැඩක්..." ;) :)

    ReplyDelete
  6. අනේ මහසොනෝ..උඹේ මෝහිනී එක්ක තියෙන අද්දැකීම් වෙන කිසිම යකෙක්ට නෑ මම හිතන්නේ!අදත්...."වයස" මෝඩ වැඩක්ම නෙවෙයි වගේ... :පි

    ReplyDelete
    Replies
    1. ප්‍රසිධියේ එකිනෙකාගේ රෙදි ගලවා ගනීමෙන් වැලකෙනුවස්,,, මහසොනා මීට වඩා කොමෙන්ටු නදමමි..... "වයස ප්‍රශ්නයක් කරගත් නාඩියෝ".... ;)

      Delete
  7. අයියෝ ඔය 16 කතාව නම් බොරුම තමා..දැන් මොන්තිසෝරි ලමයින්ටත් ඉන්නවා ලවර්ස්ලා..

    ඔය ඉස්කොලේ කාලේ ලව් වලට උදව් දෙන එකනම් මරු..නිකම් හම්බෙන චොක්ල කන්න ලැබෙන එක ...විරහ උනාම කදුලු පිහින එක ..

    ආදරේට වැඩක් නැනේ ඔය ජාති..කුල ..බේද ...ආදරය අන්ධයි....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ චොකලට් කාපු කටවල්! කදුළු මකපු හිතවල්!මල් හතයි ඈ....
      සිරාවට මටත් පේන විදිහට ආදරේ අන්ධයි!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...