නාඩි සෙට් එක

Saturday, May 26, 2012

අම්මියෝ මට බැරියෝ!!!!

අද උදේ මම ශරීර කර්තව්‍යන් එහෙම ඉෂ්ට සිද්ද කොරලා ඊයේ ඇදපු shirt එකටම සෙන්ට් ජුන්ඩියක්  හලාගෙන පාරට බැහැලා ඇතුගල්පුර සුන්දර වීදි දිගේ පිය මනින්නට පටන් ගත්තා...අතිඅලන්කෘත විදිහට ජාතික සුනඛ ප්‍රජාව සලකුණු කරපු පාර දිගේ යනකොට දුක හිතෙන සිද්දියක් සෙන්ටිමෙන්ටල් උනානේ...

තොල් රතු කොරපු කොන්ඩේ කොටට කපලා...තෙල් ගාලද කොහෙද ඇද ගත්ත ඩෙනිමකට අඩියක් විතර උස ටොක ටොක සපත්තු 2 ක් දා ගත්ත අම්මා කෙනක්?(හරියට දන්නේ නෑ..මම ළමයාගේ උප්පැන්න සහතිකෙයි..නෝනගේ කසාද සහතිකෙයි බැලුවේ නෑ!හික්ස්...) ළමයෙක්වත් ඇදගෙන ටියුෂන් කඩයක් පැත්තට දුවනවා!!පොඩි එකාගේ ඇස් වල කඳුළු...ඌ පන්ති යන්න බැරියෝ කියලා අඩනවා..නාඩියට පවු කියලා හිතුනා..

පොඩ්ඩක් වට පිට බලපුවහම ඒ මොඩල් එකේ items 20 ක් 30 ක් ළමයි ඇදගෙන යනවා!!පිස්සු බම්ප් වෙනවා!අඩේ...මොකද්ද යකෝ මේ අද්‍යාපන ක්‍රමේ??

ළමයෙක් ඉපදුන ගමන්ම ඒකට හොද බුද්ධිමය තත්ත්වයක් ලබා දෙන්න කියලා අම්මල පොඩි එකාට කියාකාරකම් කරෝනවා!ඒකනම් අවුලක් නෑ කියමුකෝ...පොඩි එකාට අම්මා තාත්තා කියලා යන්තම් කියා ගන්න පුළුවන් උන ගමන් එලකියුෂන් කියලා ටියුසන් කඩ හොයා හොයා යවනවා..පොඩි එකා අඩුම ගානේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියනවද කියලා දන්නෙත් නෑ!ඌට ඉන්ගිරිසි අකුරු 26 පාඩම් කොරවනවා!

යන්තම් අවුරුදු 3 ක් උන ගමන් මොන්ටිසෝරි!ගමේ එකට බැරි නම් “ඉන්ටනැෂනල්” එකක් හොයලා යවනවා!උදේ පාන්දර 6 ට විතර නැගිටලා..ටයි බයි තද කොරගෙන පුංචි උන් යන හැටි දැක්කම දුකේ බැරුවා!

මොන්ටිසෝරි විතරක්නම් මදැයි!ඒකටත් ටියුෂන්!රවුම් අදින්න බෝල පාට කරන්න මොන ටියුෂන්ද බොලවූ!

ඊට පස්සේ කොහොම හරි try එක දෙන්නේ ගෙදර ඉදන් පැය දෙක තුනක දුරින් තියා ලොකුයි කියන ඉස්කෝලෙකට පොඩි එකාව තල්ලු කර ගන්න.එකට ඉතින් විවිධ වූ ක්‍රම සහ විධි අනුගමනය කරන්න වෙනවා!අත යටින් ගනුදෙනු බැරිනම් වෙන වෙන ඒවා හරි ප්‍රින්සිපල්ට දීල වැඩේ ගොඩ දා ගන්න තමයි හැමෝම බලන්නේ...

හෝඩියේ පන්තියේ ඉදන් ශිෂ්‍යත්ව පන්ති!ලකුණු 200න් 300 ක් ගන්න විතර පන්ති තොගයකට පොඩි උන් ටික තල්ලු කරනවා!අම්මලා ටිකටත් වෙන වැඩක් නෑ..class එක ඉවර වෙනකම් අනිත් බවලත් ජනතාවත් එක්ක එකතු වෙලා කොන්ඩේ අයන් කොරන හැටි!බිත්තර නැතිව වටලප්පන් හදන හැටි!එහා ගෙදර සිල්වා ඇන්ටිගේ බාල දුව ජම්ප් ඇන්ඩ් ගොයින් කොරපු හැටි....සිද්ධි ගොඩයි!

සිස්සත්වේ හදලා තියෙන්නේ අඩු අදායම් ලබන පවුල් වල ඉන්න දුප්පත් දක්ෂ දරුවන්ට ඉගෙන ගන්න උදව්වක් කරන්නයි...නේවාසික පහසුකම් තියන පාසලකට යන්නයි කියන එක තේරෙන්නේ නෑනේ මේ අම්මලා වහන්සේලාට!

නාඩියත් සිස්සත්තේ ලිව්වා!හැබැයි හොද වෙලාවට අපේ අම්මටයි අප්පච්චිටයි  එච්චර කැසිල්ලක් තිබ්බේ නෑ මාව ඒකට මරවන්න..යන්තම් කොල්ලා පාස් උනා!ලකුණු 150 යි!132 න් පාස් කොලේ!ඇතිනේ..හැබැයි ඉතින් ඔය හොදයි කියා ගන්න ඉස්කෝල වලට කොල්ලව ගන්න බෑ කිව්වා!යාලුවෝ ටික ඔක්කොම් ඒ ඒ ඉස්කෝල වලට ගියා!
 “හොද වැඩේ!දැන් ඉතින් ඔයාගේ පුතාට ඉන්න වෙන්නේ ගමේ මෝඩ ළමයි ටිකක් එක්ක තමයි!” 
අපේ අම්මට කවුදෝ කෙනෙක් කියලා තිබ්බා!කොහොම කොහොම හරි O/L වලදී නාඩියා “A” ම 10 ක් ගත්තා! එක සැරෙන්ම කැම්පස් එකටත් ගියා..තනිවම නෙවෙයි!අර මෝඩයි කියලා ගමේ ඉස්කෝලෙම හිටිය කොල්ලෝ කෙල්ලෝ 13 ක් එක්ක!හැබැයි දුක තමයි අර 5 න් ටවුමේ ඉස්කෝලෙට ගිය යාලුවෝ කවුරුත් අපිත් එක්ක කැම්පස් යන්න ඇවිත් හිටියේ නෑ!

සිස්සත්වේ ඉවර වෙලත් නවත්තන්නේ නෑ!එක විෂයට පන්ති 3 කාටවත් අඩුම ගානේ යවන්න ඕනේ!නැත්තං තත්ත්වෙට හරි නෑ..බුද්ධාගමටත් ටියුෂන්!නයි කයිද බුල්ටොත් එක්ක පාන් කියපි!!

නාඩියට මීටර් වෙච්ච අලුත්ම ජල්තරේ තමයි දැන් ළමයින්ට sports එහෙම කොරවන්නෙත් status තියා ගන්නලු!
 “අපේ පුතා chess කරනවනේ..මේ ටිකේ එයාට leather  practice වැටීලත් තියනවා මෙයා..ඒ නිසා swimming වලට යන්නත් බැරි උනා!!” 
දවසක් මම ඉස්කෝලයක් ලගට වෙලා බුල්ටෝ එකක් හප හපා ඉද්දි මීටර් උන ටෝක්ස් එකක් ඔය..(බාලිකා පාසලක් නොවේ!නැත්නම් උඹලා මං ගැන වැරදියට හිතන්න පුළුවන්!) පවු ඉතින් පොඩි එකා!අඩුම ගානේ ඌට දවල් එළියේ ගෙදර මිදුල දකින්නවත් වෙලාවක් නැතිව ඇති!  

හැබැයි ඉතින් O/L විතර වෙද්දී අම්මලාගේ විභාග ගුරුවරුන්ගේ විභාග වලට හැරෙනවා!ගුරුවරු තමයි ළමයින්ටත් වඩා මහන්සි වෙන්නේ...

5 වසරේදී පොඩි එකා කොහොම හරි දොස්තර කෙනෙක් කොරනවා කියපු අම්මලා සමහරක් A/L කරද්දී තමන්ගේ එකා කොන්දොස්තර කෙනෙක් වෙයිද කියලවත් හොයලා බලනවා හරිම අඩුයි!(අනේ හැබැයි බහුතරය එහෙම නෙවෙයි!!!)

A/L කාලේ class යන හැටි ඉතින් වෙනම subject එකක්! ඒ ගැන පස්සේ කොටන්නම්.....අද ගොඩක් කොටන්න අමාරුයි..දවස් දෙකක්ම software exhibition කියලා එකක් කොලානේ...මහන්සියි...එකේ විස්තර ටිකත් ලගදීම කොටන්නම්කෝ..


ප.ලි.
අර උදේ ගිය ඇන්ටිගේ නොම්බරේ තියනවනම්…..මොනවා උනත් සීදේවී ඇන්ටි පොඩ්ඩ! Hikzzz

28 comments:

  1. සහතික ඇත්ත කතාව. අපි එක්ක ඔය නාඩියගෙ ඉස්කෝලෙ ඉදලා සිස්සත්තෙ පාස්වෙලා ගියපු එකෙක්වත් මේ මමත් දැක්කෙ නෑ පස්සෙ කාලෙදි. රාජකීය විද්‍යාලෙ ඇර වෙන ඕනැම ලොකුයි කියන ඉස්කෝලෙකට යන්න පුළුවන්කම තියෙද්දි මට බල නොකරපු අම්මට තාත්තට පින් දෙන්න ඕන. ඇයි අර යසා මිස්ට. දැන් තියෙන්නෙ තරගයක්නේ. ඒකෙ ප්‍රතිඵල දකින්න තව අවුරුදු කීපයක් යන්න ඕන.. අනේ මන්දා...
    රට යනවා පර දේසෙට...
    අපි යනවා පර ලෝකෙට...
    අන්තිමේදි බලපුවාම...
    අන්දරේලා අපි සේරම...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ....මිනිස්සු හිතන්නේ ඒක මහා ලොකු දෙයක් කියලා..අන්තිමේදී වෙලා තියෙන්නේ ලෝකේ හිනස්සපු එක!

      Delete
  2. සිරාම කතාවක් සහෝ.. මේකතමා සමාජ යථාර්ථය... අද ළමයි අම්මල ඔක්කොම එකම රේස් එකකක දුවන අශ්වයෝ වෙලා...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මිනිස්සු මේ රේස් අස්සයොන්ටත් ඔට්ටු දානවනේ...!
      "හ්ම්ම්..ඔයාලගේ පුතාට වඩා අපේ නංගිගේ පුතාගේ results හොදයි මෙයා....**** මිස් ගාවටනේ ඇරියේ..ඒකයි...ගානනම් සැරයි!ඔයාලට බැරි උනානේ නේද??"

      ඔන්න වැඩේ!

      Delete
  3. මේක තමා යතාර්ථය.. ඔකෙන් ගැලවෙන්න මීගොඩයටත් බැරි උනා....

    ReplyDelete
    Replies
    1. කොහේ ගැලවෙන්නද?මුළු සමාජයම super glue දාල මේකට අලෝලා වගේ ඉන්නේ!ගැලවිලා යන්න හැදුවත් අයෙ කකුලෙන් ඇදලා අලෝ ගන්නවා!මේ ලංකාවනේ!!

      Delete
  4. මම පියෙක් විදියට මීට වඩා ටිකක අමුතු විදියට වැඩ කරන්නේ. මගේ පොඩි එකී හවසට කරන්නේ ටී.වී. බලන එකී, ඉන්ටර්නෙට් එකේ ගේම්ස් ගහන එකයි. දැන් ටිකක වැඩ වලට උනන්දු නැති නිසා පන්තියකට යවන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. සුදීක ඔයාවගේ මමත් අපේ එක්කෙනාට නිදහසේ හැදෙන්න දෙනවා , බාහිරින් එන බලපැම් නං එමටයි , නාඩි මලේ මේක එළ ලිපියක්

      Delete
    2. ළමයි හදන එකත් කලාවක් කියලා කියනවනේ සු දී ක අයියේ.... ප්‍රශ්නේ තියෙන්නේ මේ අර පන්ති මේ පන්ති කියලා ළමයින්ගේ ළමා කාලය නැති කරන එක...

      බාහිරින් බලපෑම් ගැන නම් කියලා වැඩක් නෑ අටම් අයියේ..දැක්කනේ අර අපේ අම්මාට තව කෙනෙක් කියලා තිබිච්ච එක..

      Delete
  5. උනන්දූවක් තියෙනවනම් ඉතින් ඇදන් යන්න ඕනෙ නැහැ නොවැ..
    උනන්දූවක් නැති නම් උනන්දුව ඇති කරන්න ඕනේ, "කෙවිටෙන් ගහලා නෙවේ.. ඉස්සරහින් තණ කොළ බැඳලා..."
    ශිෂ්‍යත්වෙට මහන්සි වෙලා වැඩ කළොත් ලැබෙන දැනුම ‍අනාගතේට ආයෝජනයක්!

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බලහං මලේ ඔය බලෙන් පාඩම්කරලා විභාග පාස් කරවපු උන්ගේ මනුස්ස කමක් ගෑවිලාවත් තියනවද කියලා

      Delete
    2. අදීප මල්ලි, ශිෂ්‍යත්වේදී ගන්න දැනුම කොතැනදී ප්‍රයෝජනයට ගන්න වෙයිද කියලා තමයි දන්නේ නැත්තේ...

      ඒකනම් ඇත්ත අටම් අයියේ..කෝ උන්ගේ මනුස්සකම?

      Delete
  6. දැන් ඔය ටික නෝමල් වෙලානෙ තියෙන්නෙ. කවුරුහරි නොකරනවනම් ඒක වැරැද්දක් අඩුපාඩුවක් වගේ අනිත් අයට පේන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...කොහොමත් අපේ කට්ටිය අනිත් අයගේ ඇහේ තියෙන පොල් කෙන්ද දකින්න හරි දක්ෂයි නේ!

      Delete
  7. ඇත්තටම අද දෙමාපියන්ට ඕනේ කරලා තියෙන්නේ තමන්ගේ ලමයව "ලොකු මිනිහෙක්" කරන්න මිසක් "හොඳ මිනිහෙක්" කරන්න නෙවේ.

    මමත් සුදික සහ අටමා වගේම මගේ පොඩි එකා ටියුෂන් යවන්නේ නැහැ. ඌ බොහොම සතුටින් උගේ ජීවිතය වින්දනය කරනවා, විඳවන්නේ නැතිව. ඌ කරන්නේ චිත්‍ර ඇඳීම, ෆොටෝ ඇල්ලීම, පොත් කියවීම සහ සෙල්ලම. එයාගේ දස්කම් මගේ ෆොටෝග්‍රපි ගැන ලියපු පොස්ට් වලින් සහ කලා පොළ ගැන ලියපු පොස්ට් වලින් දකින්න ඇතිනේ.

    ඕකට ටියුෂන් යන්න බල කරානම් නිකම්ම් නිකම් නිකමෙක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා අයිලාස් අයියගේ පොඩි එකාගේ වැඩ! පංකාදු පහයි!

      Delete
  8. පට්ට ලිවිල්ල කොලුවෝ. උඹලා වගේ බුලට් බඩු තමා ඕනේ. නැත්නම් සිංහල බ්ලොග් කලාවා, ගල් යුගේ හාල්පාරුවෝ ඇවිත් කාලා දානවා.. ලියපන් පුතේ මේ වගේ ඒවා තව ලියපන් අපි දෙන්නම් සප් එක.. මේක මම සින්ඩියේ දානවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! බ්ලොග් ලියවිල්ල කලාවක් කරන එකයි අපි කරන්න ඕනේ....

      Delete
  9. //උදේ පාන්දර 6 ට විතර නැගිටලා..// නෑ මචං පාන්දර පහට බස් එකේ යන පොඩි උන් මං දැකල තියනවා. උන් නැගිටිනවා ඇත්තේ කීයට ද..? ඕවයින් වෙන්නේ උන්ගේ තියන හැකියාවනුත් මොට වෙලා හිතන්න තියන හැකියාවත් නැති වෙලා යන එක.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත! මොට්ට පැටව් ටිකක් හදන එක තමා වෙන්නේ!

      Delete
  10. Replies
    1. මේක මධ්‍යම පන්තියේ යතාර්ථයක්... රජ පවුල් වල නෙවෙයි!

      Delete
  11. අද තත්වෙ නියමෙට ලියලා තියෙනවා..අපේ කාලෙ 84 ශිෂ්‍යත්වෙ මොකද්ද කියලවත් නොදැන විභාගෙකට ගිහින් ලිව්වා.. ෆේල්..එකපාරින්ම කැම්පස් ගිහින්ම තමා අධ්‍යාපනයට බායි කිව්වෙ නම්..අපිට ළමා කාලයක් තිබ්බා..ඕලෙවල් වල්ට ටියුෂන් නෑ. ඒ ලෙවල් වලට අන්තිමා මාස හය එකවුන්ට්ස් වලට විතරක් ගියා.එච්චරයි..අනිත් කාලෙ ගමේ ගොඩේ නට නටා හිටියා..

    ReplyDelete
    Replies
    1. ගමේ ගොඩේ ඇවිදලා අපි කොච්චර දැනුමක් ගත්තද නේද?

      Delete
  12. දැන් කාලේ අම්මලගේ ඔලුවෙ තියෙන්නෙ ලමයට උගන්නවට වඩා ඉගෙන ගන්නවා කියල අනිත් අයට පෙන්නන්න තියන උවමනාව. ක්ලාස් ගොඩකට යැව්වත් ලමය මොනව කරනවද කියල දන්නෙ නැති අම්මල තමයි අද කාලේ වැඩි..

    ReplyDelete
    Replies
    1. ටියුෂන් ප්‍රදර්ශන! අනේ අනිච්චං!

      Delete
  13. එල ලිපිය මචෝ.. අපේ දෙමව්පියන්ටත් එච්චර කැසිල්ලක් තිබ්බේ නැහැ උබ කියනවා වගේ.. යන්තම් සිස්සත්වේ කට් ඔෆ් මාර්ක් එක 137 ක් වෙලා 138ක් අරගෙන පාස් උනා .. හොඳ ඉස්කෝලයකට ගිය නිසා අවුලක් උනෙත් නැහැ.. එකට හරියන දැන් කාලේ එවුන්.. හෙට අනිද්දට ඔකුන්ගේ ඔලුගෙඩි වලට පෙන් ඩ්‍රයිව් ගහන්ට වෙනව ෂුවර් ෂොට් තමා ..බලහල්ලකෝ නැද්ද කියල ...

    ReplyDelete
    Replies
    1. පෙන් ඩ්‍රයිව් ගහලා ඇති වෙයිද කියලා තමයි බං සැක!!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...