නාඩි සෙට් එක

Monday, May 21, 2012

මම....


අම්මා කියන්නේ...
අවුරුදු තුනකින් හොද රස්සාවක් එක්ක ගෙදර එන ලොකු මහත්තයෙක්..

තාත්තා කියන්නේ..
මගේ දාඩියෙන් කාල ඇදලා ඉන්න ලොකු උගතෙක්..

පන්සලේ ලොකු හාමුදුරුවෝ හිතන්නේ..
ගමටම ආදර්ශයක් වෙච්ච ධෛර්යවන්ත තරුණයෙක්!

යාළුවෝ හිතන්නේ...
ආතල් life එකක් ගත කරන කොල්ලෙක්! 

ගමේ අය කියන්නේ..
ආ....රතු පක්ෂේ එකෙක්!!

රටේ මිනිස්සු හිතන්නේ..
පොඩි දේටත් උත්ගෝෂණ පිකටින් කරන උගත් මෝඩයෝ රැලක්!

පොලිසිය හිතන්නේ..
බැටන් පොල්ලේ හයියයි..කඳුළු ගෑස් සැරයි test කරන්න ඉන්න ඩමියක්!

දියවන්නාවේ ඇත්තෝ හිතන්නේ..
නිදහස් අධ්‍යාපනයේ වැරදි අතුරුපලයක්!

ලෝක බැංකුව හිතන්නේ..
සංවර්ධනයට තියන ලොකු බාධාවක්!
ඒත්....
මම නම් හිතන්නේ....
මම....
කකුල් අත පය බැදලා දාපු...
කටට ප්ලාස්ටර් අලවපු
ආඩම්බරකාර තාත්තගේ අවජාතක පුතෙක්!!

27 comments:

  1. ඔය විදියට හිතන එකත් වැරදිම නෑ මල්ලි... දිගටම ලියපං...

    ReplyDelete
    Replies
    1. හැබැයි සුදු වෑන් එකක් එයිද???

      Delete
    2. ඇටිකිච්ච වගේ ඉන්න උඹව අරන් යන්න වෑන් එකක් ඕනිවෙන එකක් නෑ මල්ලි.මෝටර් සයිකලයක් ආවනම් ඇති වෙයි.

      Delete
    3. හා හා...පිස්සු හැදෙයි අපිව මෝටර් සයිකල් වල දාගෙන ගියොත්!!!

      Delete
  2. හ්ම්ම්ම්ම්....වෙනස් දෙයක්...!
    අදහස හොදයි..!
    දිගටම ලියන්න...!

    ReplyDelete
  3. අඩේ ඇත්තටම ආඩම්බර කාර තාත්තට ... අවජාතක පුත්තු ඉන්නවද,,,
    කියපන් විස්තරේ .. ඊලඟ චන්දෙදී ඔය ඩීටේල් අනිත් උන්ට විකුණන්න පුලුවන්

    අදයි මේ පැත්තට ගොඩ උනේ... ෆලෝ පාරක් දාගෙනම යන්නම්

    ReplyDelete
    Replies
    1. හෙන සෙට් එකක් ඉන්නවා කියලා තමයි ආරංචිය!බලමු ඊළඟ චන්දෙදි market කරන්න..තැන්කු වේවා පස්සෙන් ආවට... :)

      Delete
  4. අඩේ මරැනේ බං

    ReplyDelete
  5. අපේ ජීවිත වල තිත්ත ඇත්ත තමයි ඕක.

    ReplyDelete
  6. ගෑල්ළමයි හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං ඒ ළමයින්ගෙන් තමයි අහන්න වෙන්නේ...

      Delete
    2. ගෑණු ලමයි හිතන්නේ...... ම්ම්ම් "ඔය ලොකු පාට් දාගෙන හිටියට බැන්දයි පස්සෙ හදාගන්න පුලුවන් අසරණ කොල්ලෙක්"... හික්ස්...

      Delete
    3. මාර කතානේ මෙයාලත් කියන්නේ..බලමු බලමු...ඒ බැන්දාට පස්සෙනේ..... ;)

      Delete
    4. නදිනි අක්කා ++++ ^_^

      Delete
  7. හහහා.... පට්ට ටෝක්ස් ටික :)

    උඹලට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අලුත් ගුවන්තොටුපලකුත් හදපු එකේ බැරිද ආඩම්බරකාර තාත්තගෙන් ප්ලේන් එකක් වත් ඉල්ලගන්න. තව දින 10යි

    ReplyDelete
    Replies
    1. ප්ලේන් එකක් නෙවෙයි! මේ අහස අපේ නේ!!!!

      Delete
  9. හ්ම්ම්ම්ම් .....................

    ReplyDelete
  10. //කකුල් අත පය බැදලා දාපු...
    කටට ප්ලාස්ටර් අලවපු
    ආඩම්බරකාර තාත්තගේ අවජාතක පුතෙක්!!//
    මම නම් කියන්නේ රටට හොද නාඩියක් වේ යැයි කියා....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...