නාඩි සෙට් එක

Monday, May 14, 2012

පේරා ද මෝරා ද රාජා ද සබරේ ද.......???



2011 A/L මහා විබහගේ කොරපු අපේ නංගිලා මල්ලිලා මේ ටිකේ සරසවි ගච්චන්ට සුදානම් වෙනවලු! ඊට කලින් SB මාම නායකත්ව පුහුණුව කියලා එකක් දෙනවා කියලත් කියන්නේ???

කොහොම කොහොම හරි මේ සැරේ අපිත් එක්ක set වෙන්න එන දයාබර නංගිලා මල්ලිලා රොත්තක් නාඩියාට meets උනා! නාඩියා ඉතින් සත්ගුණවත් කැම්පස් කොල්ලනේ!මේ පොඩි උන් ඉතින් එක එක ප්‍රශ්න අහන්න පටන් ගත්තා!

“අයියේ ලංකාවේ හොදම කැම්පස් එක මොකද්ද??”

“අයියේ physical කරලා වැඩක් නැද්ද??”

“මචෝ අර කොලොම්පුරේට ගොඩාක් දුරින් තියන ***** කැම්පස් එක හද්ද චාටර් නේද??”

“ඇයි අයියේ ඔයා අර කැම්පස් එකට නොගියේ??”

ප්‍රශ්න පත්තරයක්!සමහර ප්‍රශ්න පුද්ගලික ප්‍රශ්න හින්දා මෙතන කෙටුවේ නෑ! :p

ඉතින් නාඩියාත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ අයිතිකාරයා වගේ පට්ට talks ටිකක් දුන්න!

“ලංකාවේ අපිට තියන ලොකුම සම්පත තායි නිදහස් අධ්‍යාපනය.එකෙන් ලබන්න තියන උසස්ම ජයග්‍රහණය තමයි කැම්පස් එකේ තමන් කැමති විෂය සංකලනයකින් උපාධියක්‌ ලබන්න තියන අවස්ථාව..(ලගදීම මේකටත් කෙලවයිද දන්නේ නෑ!) මේකට ඉතින් අපි  AL වලදී ගත්ත Z Score එකත් බලපානවා..(මේ සැරේ Z Score එක හදලා තියෙන්නේ ජ්‍යාමිතික සුත්තරෙකින් හින්දා කොහොම කැම්පස් වලට  ගන්නවද කියලා දන්නේ සක්කරයාගේ පුතා වයිමා තමයි!)

තමන්ගේ Z එකට හරියන තමන් කැමති course එකක් තෝරාගන්න එක තමයි අපි මෙතැනදී කරන්න ඕනේ...Z එක හරි ගියා කියලා අපි ජීවිතේටවත් කොරන්න කැමති නැති අරහං subject තියන එකක් තොරගන්නවට වඩා ගෙදරට වෙලා වෙලක් කොටා ගෙන ඉන්න එක සැපයි!

අනිත් එක තමයි job market එක! මේක ගැන හිතුවේ නැත්නම් වෙන්නේ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු වගේ post එකකට යන්න තමයි...නාඩියා දැක්ක විදිහට මේ සැරෙත් අලුත් course දෙක තුනක්ම පවන් ගන්න යනවා..ඔය හරිත තාක්ෂනය කියලා එහෙම...සාම්ප්‍රදායික විදිහට හිතන්නේ නැතිව පොඩ්ඩක් දන්නා කියන කට්ටියගෙන් අහලා ඉස්සරහට market එකක් තියන field එකක් තොර ගන්න එක තමයි හොදම වැඩේ..

ඊලග කේස් එක තමයි යන්න ඕනේ කැම්පස් එක තෝරාගන්න එක..සමහර course නම් තියෙන්නේ කැම්පස් එක දෙකක විතරයි..හැබැයි physical, bio science, arts, management වගේ ඒවා ගොඩක තියනවා.හැබැයි හොදට හොයලා බැලුවොත් ඒ ඒ කැම්පස් වල තියෙන්නේ වෙනස් subject combination..සමහර තැන වල අපි computer science කරන්න කැමති උනාට හැමෝටම ඒක කරන්න දෙන්නේ නෑ!වෙනම test එකක් තියල ගන්නේ... 

සීතලයි කියලා...රස්නෙයි කියලා කැම්පස් තොර ගන්න එකනම් මෝඩ වැඩක්!අනිත් ඒක අනාගත සහකාරිය සහකරුවා දැනටම හොයාගෙන ඉන්න අය එක කැම්පස් එකට යන එකත් මෝඩ වැඩක්!!(විශේෂයෙන් එහෙම නංගිලා නාඩියා ඉන්න එකට ගන්නේ නෑලු!!!)

Course එකක් තොර ගද්දි ඉස්සරහට මම මොන වගේ job එකකටද යන්න හිතාන ඉන්නේ කියන එකත් පොඩ්ඩක් හිතන්න වෙනවා..නැත්නම් ඇතුලේ ඉන්න අවුරුදු 4 පහ අපරාදේ...

කැම්පස් life එක තමයි ජීවිතේ හොදම කාලේ!!ඒ හින්දා ඒක මුල ඉදලා හොදට organize කරගත්තොත් වැඩේ ගොඩ!!”

අහගෙන හිටිය කොල්ලෝ කෙල්ලෝ සෙට් එක පසග පිහිටුවලා නාඩියාට වැන්දා!!!



17 comments:

  1. Kathaawa aththa,,, naadi ayiye..

    ReplyDelete
    Replies
    1. නාඩියා කවදත් බොරු කියන්නේ නෑ!!!

      Delete
  2. Elazzzzz NaDiYoOOoo..........

    ReplyDelete
  3. මේ කතාව නම් ෆට්ට ම ෆට්ට ඇත්ත කතාවක්...!

    ReplyDelete
    Replies
    1. ෆට්ට ඇත්ත හින්දා තමයි ලිව්වේ මදූ......මේවා කවුරු කවුරුත් දැනගන්න ඕනෙනේ...තැන්කු වේවා!!!

      Delete
  4. ඇත්ත..
    මටත් ඔව්වට උත්තර දීලම ඇති වෙලා...
    අපිටත් ඉතින් මේ පැත්තේ එන්න කලින් ඔව්ව ගැන දාහක් ප්‍රශ්න තිබුනනේ අයියල අක්කලගෙන් අහන්න...
    පොඩි උන් හිතන් ඉන්න තරම් සුරංගනා ලෝකයක් මේකේ ඇතුලේ නෑ කියන එකත් ඇත්ත කතාවක්...
    එහෙම නේද ???

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මධූ....අවුරුදු 13 ක් අපිත් පෙරුම් පිරුවේ ලස්සන සිහිනයක් දකින්න....ඇතුලට අවට පස්සෙයි තේරුණේ ඒ හීනේ ඒ තරම් ලස්සන නෑ කියලා....ලබන සැරේ එන උන්ටවත් පාට පාට ලස්සන හීනයක් අපිට පෙන්නන පුලුවන්නම්.....

      Delete
  5. හ්ම්ම්..කැම්පස් එන්න කලින් නම් කැම්පස් ගැන හිතුවේ මහා ඉහලින්.. කැම්පස් ලිව්ම ආව දවසේ කොච්චර සතුටෙන්ද හිටියේ .. ඒත් කැම්පස් එක ඇතුලට ගියාම ............................................................................................................................................................මොනවා කරන්නද.. ලෝකේ අපි හිතන ඕනෑම දෙයක් ඒ හිතන තරමටම සුන්දර නැහැනේ..හ්ම්ම්..පේරාවත්, මෝරාවත්, රාජාවත් , සබරේ වත් නෙවෙයි අපිනම් ඔන්......:)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කින්නරියේ....කොළොම්පුරේ සරසවියත් මෙහෙමම තමයි මම නම් හිතන්නේ..මේක ලංකාවේ ඔක්කොම සරසවි වලට මහා පොදු සාධකයක්! :)

      Delete
    2. කොහොම උනත් ITMGT තියෙන්නේ රජා වලයි ජපුරෙයි පමණි :)
      මං නම් තම කොමන් ප්‍රෝග්‍රෑම් එකේනේ

      Delete
    3. ඈ....ඇත්තද...හ්ම්ම් හ්ම්ම්..... :)

      Delete
  6. මෝරායි රාජයි කියල වෙනසක් නම් දැනෙන්නේ නෑ නාඩි... මගෙත් එක්ක ඉස්කෝලේ එක පේලියේ හිටපු යාළුවා රාජා සිලෙක්ට්..මම මෝරා සිලෙක්ට්, ඇහිදගත්ත මාතෘකාවක් ගැන අරහෙන් මෙහෙන් කතාකරලා බැලුවම දෙන්නම කියන්නේ එකම දේ තමා... හේ හේ ...

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ගොඩක් කට්ටිය තේරුම් ගන්නේ නැති එකයි වැරැද්ද! :)

      Delete
  7. මෝරු ගැන search කරන්න ගිහින් මේ පැත්තට ආවේ.. මොනව වුනත් නියම ටෝක් එක ... එල !!!

    ReplyDelete
    Replies
    1. අඩේ! මෝරු ගැන හොයපුවහම මේකද එන්නේ? එල එල!තැන්කු ඈ!

      Delete
  8. කාලීන නාඩියක්.. සිරාවටම ලියලා! (Y)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...