සුලෝචනා කම්බි දැල අතරින්
බලාගෙන හිටියා. කොච්චර වෙලාවක් එකම විදිහට එහෙම බලාගෙන හිටියද කියන්නේ සුලෝචනා
දැනගෙන හිටියෙත් නෑ. ලස්සනට මැද්දෙන් බෙදපු බෙල්ල ගාවට දික් වෙච්චි කොන්ඩේ උලුවස්සෙන්
ඈතට පේන්නේ නැතිව යනකං බලාගෙන හිටියා.
“එයාගේ නම නිසල්”
ගිය සතියේ දවසක පන්ති
ඔක්කොම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවේ වෙලාවේ හරිම අමාරුවෙන් නම හොයා ගත්තේ. අනිත්
ළමයි ඔක්කොම සෙල්ලම් කරත් නිසල් සෙල්ලම් කළේ නෑ. හිනා වේවි පැත්තකට වෙලා බලාගෙන
හිටියා විතරයි. හැබැයි ඇස් වලින් හිනා වෙන ඒ අපූරු මූණ දිහා බලන්නේ නැතිව ඉන්න
සුලෝචනාට බැරි උනා. හැංගිච්චි අහිංසකකමක් ඒ ඇස් වල තිබ්බා.
එදා සුලෝචනා නිසල් දිහා
බලලා හිනා උනා. හැබැයි නිසල් දැක්කේ නෑ වගේ අහක බලාගෙන හිටියේ. “අපෝ ඒ කොල්ලගේ
ගණන්!” උඩු හිත එහෙම කිව්වට යටි හිත හැම වෙලේම ඒ ඇස් මතක් කළා.
හැම අවුරුද්දේම ඉස්කෝලේ
විවිධ ප්‍රසංගය දවස කියන්නේ සුලෝචනා ආසම දවසක්. “ඔයා හරි ලස්සනට නටනවා. බලාගෙන
ඉන්න ආසයි.” ඉස්කෝලේ ළමයි විතරක් නෙවෙයි. ටිචර්ලත් සුලෝචනා ලඟට ඇවිත් කියනවා අහන්න
ඈ ආස උනා. උඩරට නැට්ටුකාරියක් විදිහට දිලිහෙන ඇඳුම් ඇඳලා ඉණ ලඟට වැටෙන බර කොන්ඩේ
ඉහළට කරලා ගැට ගහගෙන පාහින්පතෙන් වහගෙන ස්ටේජ් එක උඩට යන්න සුලෝචනා හැම වෙලේම ආස
උනා.
“නටද්දී ඉස්සරහ විතරක්
බලලා මදි!!!” නැටුම් ටීචර් රිහසල් කරද්දී කෑ ගහද්දි සුලොචනාට ලජ්ජා හිතුනා.
හොරෙන්ම කම්බි දැලට එහා පැත්තේ නිසල්ලෑ පන්තිය දිහා බලනවා ටීචර් දැකලාවත්ද...
ඉන්ටවල් එකේ අත හෝදන්න ටැප්
එක ලඟට ගියත් සුලෝචනා බැලුවේ නිසල් ඉන්නවද කියලා. ඒ වෙද්දීත් එයා අත හෝදගෙන යන්න
ගිහිං. තව යාලුවෙක්ගෙ කරට අත දාගෙන කැරළි ගැහිච්චි ඒ කොන්ඩේ ආපහු පන්තිය ඇතුළට යනවා
සුලෝචනා දැක්කා.
ගඟ ඉහත්තාවට වැස්ස දවසට
වෙලේ කඩාඩුව කඩාගෙන මහා හයිකාරයෙක් වගේ පහළ ඇළ වෙල ඇතුලට කඩා වදින්නා වගේ සුලොචනාගේ
හිතට කිදා බැහැපු ඒ අපූරු හැඟීම තවත් හංගගෙන තියාගන්න ඒ අහිංසක හිතට ඕනේ උනේ නෑ.
පහුවදාම සුලෝචනා ලස්සන රවුම්
අකුරෙන් සුවඳ කොළේක එයා ලෝකේ දැනගෙන හිටපු ලස්සනම වචන තුන ඇන්දා...
“මං ඔයාට ආදරෙයි”
ඉන්ටවල් එක ඉවර වෙන්න
බෙල් එක වදින්න ඔන්න මෙන්න තියලා සුලෝචනා ඒ අපූරු සුවඳ කොළේ නිසල් අතට ගුලි කළා.
“මොකද්ද මේ...?”
නිසල් කොළේ දිහාවත්
සුලොචනාගේ මූන දිහාවත් බලන්නේ නැතිව ඈත බලාගෙන ඇහුවා.
සුලෝචනා දන්න විදිහට අත්
පය කරකවා කරකවා කොළේ තියෙන දේ එයාට පුළුවන් භාෂාවෙන් කියන්න බැලුවා.
“මට කියවන්න ඇස් පේන්නේ
නෑනේ. ඔයාට මේක මට කියවන්න පුලුවන්ද..” නිසල් හරි අහිංසක විදිහට ඇහුවා.
“උපතින්ම ගොළු වෙච්චි සුලෝචනාගේ
මුවින් හීනි ඉකිබිඳුමක් හුළඟට එකතු උනා.
පින්තූරය - shayari-ki-diary.blogspot.com
හිතේ තියෙන දේ කියන්න වචන නෑ වගේ දැනෙනවා. මාත් ගොළු උනාද මන්දා.....
ReplyDeleteආදරය කියන වචනේදී අපි ගොඩක් උන් ගොළු වෙනවා
Deleteමේවට දාන්න කමෙන්ට් නැහැ බං... ;(
ReplyDeleteහ්ම්ම්
Deleteනෑ. අඳ-ගොළු-බිහිරි අයට වුණත් භාෂාවක් තියෙනවා. ඒත් තමන්ට නොතේරෙන භාෂා, ‘භාෂාවක්‘ නොවෙයි කියල සාමාන්‍ය අයට හිතෙන එකෙයි අවුල ! සංවේදී plot එකක් පාව්ච්චි කරල කරපු ලස්සන නිර්මානයක්
ReplyDeletehttp://syberheartblog.blogspot.com/
ඔව්... භාෂාව කියන්නේ හැඟීම් එළියට දාන එක විදිහක් විතරයි. අනිත් ඒවා හරිම වෙනස්...
Deleteහරිම ලස්සනයි.
ReplyDelete:)
Deleteඔය කනට ඇහෙන සද්දෙට වඩා හිතට හැගීම් දැනෙනව නම්....
ReplyDeleteහිතට හිතක් කතා කරන්න ඇති
Deleteඔය කනට ඇහෙන සද්දෙට වඩා හිතට හැගීම් දැනෙනව නම්....
ReplyDeleteකතාව ලස්සනයි.. අවසානය ඊටත් එහා.. ජය
ReplyDeleteදුක්බර අවසානයක්
Deleteමට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්නද?
ReplyDeleteඅහන්න අයියේ.. පුළුවන් උත්තරයක් දෙන්නම්....
Deleteගොළු බිහිරි ළමයින් හා අන්ධ ළමයින් එකම ඉස්කෝලෙට යනවාද?
Deleteටීචර් කෑ ගහන එක සුලෝචනාට ඇහුනෙ කොහොමද?
මුලිකවම මේ ප්‍රශ්න දෙක.
රත්මලාන ගොළු මඩමේ ඔය තුන් වර්ගයේම (අඳ ,ගොළු , බිහිරි )ළමයි ඉගෙන ගන්නවා මම දන්නා තරමින්. ගොළු අයට කන් ඇහෙනවා අඩුයි,නමුත් බිහිරිම නැහැ. හයියෙන් කිව්වම ඇහෙනවා.
Deleteරත්මලාන ගොළු මඩමේ වගේම මහවැව සෝලියස් මෙන්ඩිස් පාසල වගේ ගොඩක් තැන් වල අඳ ගොළු බිහිරි තුන්ගොල්ලොම ඉන්නවා.
Deleteඇත්තටම සංවේදී කතාවක්.
ReplyDeletehttp://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17440-2015-06-22-22-05-51
බොහොම ස්තුතියි
Deleteහරි අපූරු කතාවක් ඇත්තටම අන්තිමට පොඩි අස්පට් එකක් දැනුන...
ReplyDeleteපහුගිය දවස් වල යූ ටියිබු එකේ තිබ්බ වීඩියෝවක් ෂෝට් ෆිල්ම් එකක් කියන්න බැරි වුණත් කාලයෙන් කෙටි ෆිල්ම් එකක්
ඒකෙ ලිංකුව හොයාගන්න නං අමාරුයි ඉන්දියන් එකක් බෙංගාලි එකක් මට මතක විදියට
කෙල්ල ටීචකෙනෙක් ගොළුයි ඔන්න ඒහොම ෂීන් එකක් මට ඒක ලාවට වගේ මතක ුවනා
බලමු හොයලා බලලා.. මේකටත් ෂෝට් ෆිල්ම් එකක් ගහන්න හිතෙනවා
Deleteසුපිරි. තව මේ ඔස්සේ හිතන්න දේ තියෙනවා
ReplyDeleteහ්ම්ම්....
Deleteමට මතක් වුණා..
ReplyDeleteඑයා නැටුම් පන්තියේ නටද්දි, ලගම ඉන්න යාලුවටවත් නොකියා එයාට ආදරේ කරපු මම,
නැටුම් පන්තිය ලඟ කැරකෙනවා කොල්ලො එක්ක.
උන් දන්නෑ මොකටද කියල, පිට්ටනිය එතැනම නිසා අපි එතැන තමා වල බහින්නෙ.
හිතින් විතරක් ලව් කරපු. එයා, මම දැන්න් හිටපු.
එයා බබා පාට් පෙන්නපු, අපි...
නොදැනම බැඳලා තියෙන්නෙ එකම දවසක..
උබ ලබ්බක් කරනව නේ. කතාවක් ලියලා, මගෙ කතාවෙ කොටහක් එලියට ඇද්දා..
ඉතිං කොටහක් එළියට ඇද්ද එකේ ඉතුරු ටිකත් ලියලා දාපන් අයියේ
Deleteමොන අඩුපාඩුවක් තිබ්බත් ආදරය ඒ හැම බාධකයක්ම පරයා ගමන් කරනවා...හරිම පුදුම මනෝභාවයක් නේද මලයා..ලෝකයේ පැවැත්ම තියෙන්නෙ ආදරය කියන වචනය උඩ.
ReplyDeleteඅනිවාර්යෙන්ම.....
Deleteසුපිරියි , වෙන කියන්න දෙයක් නෑ
ReplyDelete:)
Deleteහදවත නැවතුනා වගේ දැනුණා අවසාන පේලිය කියවද්දී. හ්ම්ම්ම්
ReplyDeleteආදරේ මල් පූදින්න
ReplyDeleteජිවිතේ කතන්දර කියන්න
හඬක්වත් කනක් වත්
අවැසි නෑ හැම විටම
හිත් දෙකක් තිබ්බාම
හොඳටෝම ඇති