නාඩි සෙට් එක

Friday, May 15, 2015

වියපත් වෙසඟන



 රෑ තවම තරුණයි සල්ලාල දෙනෙතට
නුරා ගිනි නැවිලේද සුරා සොඬ ඇසකට
තරබාරු මුදලාලි සයිමන් නැතත් අද පැයකට
නාට්ටාමි පිටකින් ගත්තු පන්සීය වටී මට ගමකට

පාට වැඩි කියුටෙක්ස් රැළි ඇඟිලි කැත වහන්ට
වයසට සැලෙන තොල් ලිප්ස්ටික් ලා මකා ගන්ට  
එල්ලෙන පයෝදර ඉහළට කර එල්ලගන්ට  
පේමන්ට් බලාගෙන අඩන තන පුඩුව පේන්නට  

කඩල ගොට්ටක් අරගෙන යන්නත් හිතයි දෝණිට
අහුඋනොත් ඒකත් ගනියි මහ එකා බයිටට
සන්තෝසම් මුදල් දෙන ලියන මහතැන් ආවට
දුන්නෙත් නෑ කාසි උන්ගෙත් පර්ස් බර නෑ ඕසෙට

දිගු දෑස් කෝල බැල්මන් නැතත් කම් නෑ මෙතැනට
ඕනෑ ගුලක් විතරයි අසංවර ලිඟුවට
ආටා එකත් කදිමයි ලිහිල් සළු ගලවන්ට
සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට  


ප්‍රස්තුතය - ආමර් විදියේ සුරා සැලක් අසළ රැයෙහි සරනා ගණිකාවක්

53 comments:

  1. මිනිස් ජීවිත වල හැටි... සංවේදී.....

    ReplyDelete
    Replies
    1. ජිවිතේ කවියක් වගේ කියනවනේ

      Delete
  2. //සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට//
    මුලු කවියේම ප්‍රභලම තැන! පිහිපාරක් වගේ එතැන.

    නියමයි නාඩියෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා! එක පාරට හිතට ආපු අදහසක්

      Delete
  3. "ඕනෑ ගුලක් විතරයි අසංවර ලිඟුවට... "
    පොඩි මීගුලක් තිබ්බා කාමරේ මුල්ලෙ. බලන්ටෝන ට්‍රයි කරලා. හෙහ් හෙහ්. පට්ට පටපට

    ReplyDelete
    Replies
    1. ඕවා ට්‍රයි කරන්න යන්න එපා කරදර වෙන්න පුළුවන්

      Delete
  4. //සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට // මෙතනදී අපේ පපුව හිරවෙන හැඟීමක් දැනෙනවා...සංවේ්දීයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. වෙන කවදා ඕවා ලැබෙන්නද..

      Delete
  5. නියමයි නාඩියෝ.ඔය අයට පිහිටවෙන්නෙ කට තමයි පුතෝ.

    ReplyDelete
  6. නොදකින පැත්තක් දකින කවියක්. අගෙයි.

    ReplyDelete
  7. වේසි, බඩුව, ගොනා...........................තූ නොදකින්, මුන් තමයි පිරිමින්ව නරක් කරන්නේ.

    අම්මේ..... අම්මේ, කොහෙද ඔයා ගියේ? අපි මෙච්චරෙලා බලාගෙන හිටියා. කන්ඩ මොනවහරි ගෙනාවද අම්මේ?

    ReplyDelete
    Replies
    1. තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා කතාවක් තියනවනේ විචාරකතුමෝ...

      Delete
    2. විචාරක තුමා...ඉස්සර නිවාඩු එන අපේ ආමි කොල්ලන්ව සුද්ද කරන්න අනුරාධපුරයෙ සංවිධානය වෙලා හිටියා නේද මේ නැන්දලා..සමහරුන්ට මත්වෙන පාන ‍එහෙම දීලා මාස ගානක පඩියටත් කෙලියා නේද...

      Delete
  8. අද වන විට ගණිකා වෘත්තියේ යෙදෙන වයස 65 - 75 කාන්තාවන් ප්‍රමාණය ඉහල ගිහින්. එයාලගේ ලගට යන්නේ වයස 18-25 තරුණයින්.. සමාජය ගොඩක් නරක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔව්.. දෙපැත්තෙන් හැමපැත්තෙන් නරක වෙලා. ගණිකාවෝ වැඩි වෙලානම් බලන්න ඕනේ ඇයි එහෙම වැඩි වෙලා තියෙන්නේ කියල

      Delete
  9. මොනවා කරන්නද බං, ජීවිත වල හැටි තමයි..

    // තාම තරුණයි රාත්‍රිය මණරම්
    ලගා වනු බැහැ සරාසද සමගින්..//

    ReplyDelete
  10. http://nelumyaya.com/?p=2442
    හොඳ නිර්මාණයක්

    ReplyDelete
  11. ඉතා ප්‍රබල කවියක් +++

    ReplyDelete
  12. ඒ වුනාට මෙයාලත් බොහෝවිට පිටකොටුවෙදි නම් තමුන්ව මිලදී ගන්න මනුස්සයාගේ පොකට් එකටයි තියෙන තුට්ටු දෙකටයි විදලා මාරුවෙන අවස්ථාවන් බොහොමයි..අර අසරණ මනුස්සයා කොහේ හෝ සිට තවත් කොහේ හෝ යනගමන් පිටකොටුව ට ඇවිත් යන්තම් විනෝදයක් ගන්න කියලා ඔය ගුලකට රිංගන්න හැදුවාම මෙයාල කරන්න අමු කැත වැඩක්...
    ඒ මනුස්සයට පොලිසියට ගිිහන් පැමිණිලිකරන්නත් නෑ..

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත. අද වැඩි දෙනෙක් ඉන්නෙ අන් අය දෙස සානුකම්පිතව බලන්න නොවේ.තැනක් ඉඩක් ආපු ගමන් ආයමත් ගොඩ එන්න බැරි විධියටම අනෙකාට කෙලිනවා.
      සමරසේකර

      Delete
    2. හැමතැනම මෙහෙමයි. කාන්තාවෝ විතරක් නෙවෙයි. ඒ වටේ තව පිරිසක් හැදිලා ඉන්නවා එන යන අයගෙන් කඩා වඩාගන්න බලාගෙන ඉන්න

      Delete
  13. අඩේ මේක මං කොයිබ හරි කියෙව්වා නේ ඊයේ... හරි හරි.. මේකෙම තමා.. හැක්

    ReplyDelete
    Replies
    1. මේකේ තමයි ඉතිං මේ වගේ එව්වා

      Delete
  14. අඩෝ මේකට 18+ දාපන් වැරදිලා මමත් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. කුක්කු බෝතලේ දෙන්න අපේ මැලේ පැට්ටාට කූක්කු පැය ඉවර වෙන්න කලින්

      Delete
    2. අනේ ඔව්... ඉක්මනට දෙන්න. බලන්න මේ ටිකට නැපියත් තෙත් කරගෙන

      Delete
  15. මචෝ ඇක්සොලන්ට් හෙවත් වල්ලා පට්ට කියලා තමයි කියන්න තියෙන්නේ.. අර සිලික් රෙදි කතාව ඉස්තරන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන් තුමෝ

      Delete
  16. එල ද බ්‍රා
    පොඩි නිමිත්තකින් කරපු කෙලියක්

    ReplyDelete
    Replies
    1. පොඩි නිමිත්තක් උනත් වචන ටිකකට ලොකු එළියක්

      Delete
  17. කවි පන්තිය හරි අපුරුයි නාඩි...

    ටොපික් එක දැකපු ගමන් මම හිතුවේ ගොඩ කාලෙකින් ලංකාවට ගොඩ බැහැපු කලින් හිටපු එකීගේ පලු අරිනවාවත්ද කියලා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. නෑ දැන් ඒ දැරිවි කුකරි වීඩියෝ කරගෙන ඉන්නවා කියන්නේ

      Delete
  18. //සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට //

    හිතට තදින් වැදුනා...

    ReplyDelete
  19. මුළු කවියේම ප්‍රබලම තැනයි දුබලම තැනයි දෙකම තියෙන්නේ අන්තිම කවියට...
    //ඕනෑ ගුලක් විතරයි අසංවර ලිඟුවට// මෙතන මෙයිට වඩා බොහෝම සංවරව ව්‍යංගයෙන් ඔයිට වැඩිය ලොකු කුණුහරුපයක් උනත් කියන්න තිබ්බා..
    ඒත්..
    //සිලික් ඇතිරිලි සුදු රෙදි ලැබෙයි මළගම දාට//
    හැමෝම කියල තියෙනවා වගේ.. සුපිරිම අවසානයක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. +++++
      දිගු දෑස් කෝල බැල්මන් නැතත් කම් නෑ මෙතැනට
      රොන් සිඳී ගිය මල ද යහනක් තනයි මත් වූ බමර තුඩගට

      නාඩි, නිකං හිතට ආපු පදයක් ලියලම යන්ඩ හිතුනා කල්‍යාණ ගෙ කොමෙන්ට් එක දැකල. ඒ කොහොම වුනත්, කවිය බොහොම අගෙයි.

      Delete
    2. රොන් සිඳී ගිය මල ද යහනක් තනයි මත් වූ බමර තුඩගට ++++++++++++++

      "වියළි ගිය මලෙවි කරලිය සුව කුමට ගෝන අඟකට"

      ඔන්න තවත් ලං කරා..

      Delete
    3. අන්න වදන්! මේ තියෙන්නේ හොඳ කවි පද දෙකක්ම!

      Delete
  20. පව් නාට්ටාමියාගෙ පවුල....රුපියල් 500 ක් ගණිකාවකට දීල උගෙ පවුලට දෙන්නෙ කීයද

    ReplyDelete
    Replies
    1. නාට්ටාමි කෙනෙක් ගේ දවසේ ආදායම එනම් මනං එහෙම මම වැඩිය දන්නේ නෑ. හැබැයි වෙන්නේ මේක තමා

      Delete
  21. කමිගේ කමෙන්ට් එකට මමත් එකඟ වෙනවා. එකම
    stanza එකේ තමයි හොඳම සහ දුර්වලම තැන් දෙකම තියෙන්නේ. දුර්වල කියන්නේ ඒ පදය මේ කවියට සීමා පනවනවා උදාහරණයක් හැටියට සති අන්ත පුවත්පතක පළකිරීම වගේ තැනකදී...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. වෙනස් කළානම් හොඳයි කියලා මටත් දැන් තේරෙනවා

      Delete
  22. සේවයෙන් විශ්‍රාම ගිය වයසක ගණිකාවො ආර්ථික ගැටලු නිසා නැවතත් පාරට බැහැලා ඉන්න බවත්...ඒ අයගෙ සේවය ලබාගන්නෙ වයස 15 16 වල පොඩි උන් බවත් මම ප්‍රවෘත්තියක දැක්කා...ඒ පුවතම දැකලද මන්දා බොලාත් මේ කයිය ගැට ගැහුවො...මට නම් රහයි නාඩියො...

    ReplyDelete
    Replies
    1. උඔවත් ඇහැව්වා ඒ අක්කා කෙනෙක්

      Delete
    2. මේක ගැට ගැහුවේ නම් ඒක දැකලා නෙවෙයි. ගිය සතියේ දවසක ආමර් විදියේ ඉද්දි වෙච්චි සිද්ධියක් දැකලා

      Delete
    3. ‍බොලා මොකද ඒ පැත්ත‍ෙ ගියේ....ඔය අවේලාවෙ යනවා නම් මෙන්ඩයියා වගේ වැඩිහිටියෙක් එක්ක පලයං...

      Delete
    4. හික්ස්! හොඳට තියෙයි!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...