නාඩි සෙට් එක

Sunday, April 5, 2015

කියුබිකල් ආදරය

කුකුළටත් කලින් ඇහැරිලා
තුනට හතරට නැමිලා
බස් එකේ තෙරපිච්ච මට
කුකුල් කරමල් පාට, ලයිනින් තොල් මැදින්
ටීෂා...
“ගුඩ් මෝනින්”

කියුබිකල් එක මැදින්
තිබ්බේ නැත්නම් වීදුරුව
දෙනවා මං කිස් එකක්
රෝස් පවුඩර් උලපු, සුදුම සුදු මුණටම
ටීෂා..
එවනවා මං ෆ්ලයින් කිස් එකක්

දැන් පැලෙයි දෝ මන්දා...
කර කැපුණු හැඩ හැට්ටේ
වටොර හිර කළ ඩෙනිම
අතේ අයිෆෝනය, කරේ ඇට මාලය
ටීෂා...
හරි හැඩයි දැක්කහම

ඉංගිරිසි වක්කරන්
ලොක්කෝ ටික වටකරන්
හයි ෆයි කාර් වල හවසට ගමන් යන
ටීෂා..
“ සී යූ ටුමාරෝ”


පින්තූරය - www.dailymail.co.uk

34 comments:

  1. සිකේ මොනා කොරන්නද , හැමදාම සී යූ ටුමොරෝ , හැබැයි ඔන්ලි සීන් , වට් ටු ඩු නාඩි .

    ReplyDelete
    Replies
    1. දුරින් ඉඳ ඔබ දෙස බලන්නම් ;)

      Delete
  2. උඹ මේ පට්ට බිසී කියකිය කරන එකම වැඩේ ටීෂාට මනෝමය කිස් දෙන එක විතරයිද ඈ?

    ReplyDelete
    Replies
    1. කොච්චර බිසී උනත් අච්චර කිස් එකක් නොදී කොහොමෙයි ;)

      Delete
  3. සී යූ ටුමාරෝ කිව්වට හෙටත් ඉතින් ඔච්චරම තමයි නේද? :

    කවිය නියමයි!

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා... හැමදාම ඔහොමයි

      Delete
  4. "සිහින සමනළියන්ට වඩා, යථාර්ථය හමුවේ දෙපයින් සිටගත් වීදි ගණිකාව උතුම් ය" කියලා හිත හදාගනිනං නාඩි...

    ReplyDelete
    Replies
    1. සිහින සමනලියන් කරන්නේ අප සිහින අතරේ අතරමං කිරීම පමණයි

      Delete
  5. කවුද බං මේ ටීෂා?

    ReplyDelete
  6. පහුගිය මාස කීපෙටම මසෙකට වතාවයි නාඩි වැටුනේ. හැක්. මේ අප්‍රෙල් නාඩියද? බස් එකෙ තුන් කුදු ගැහීගෙන වැඩට එන අපි වගේ උන් දිහා ටීශල බලන එකම උනත් ඇති ඉතින්.. කූඹි ඇදෙන්නේ පැණි මුල් වලටමනේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.... අනේ නෑ.. වැඩ වැඩි නිසා මොකුත් කොටාගන්න බැරි උනා... බලමු ඉස්සරහට කොටන්න බලමු

      Delete
  7. ටීෂා.. නැති වුනාම ඔෆිස් එකම පාලු ඇති නේද හි..හි...

    ReplyDelete
  8. මොනා උනත් හැමදාම වැඩට යනවා ඇති නොවරදවාම.......

    ReplyDelete
  9. හි හි හි තීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ ශා i loveeeeee youuuuuuuuu හිටං....

    ඔය වගේ අය බොහොමයක් ඔෆිස් වල ඉන්නවා නේද,, ලස්සනයි කවිය

    ReplyDelete
  10. අපි වගේ එවුන්ට ඉතින් හැමදාම කියන්න වෙන්නෙ සී යූ ටීශා තමයි බං..

    ReplyDelete
  11. hikzzz.........kalekin awe me patte....kawiyanam supiri....

    mama siththami

    ReplyDelete
    Replies
    1. අම්මේ... සිත්තමි.. වෙල්කම් බැක් ඈ!

      Delete
  12. ඔහේ ටීෂා මෙහෙ පාශා ........

    ReplyDelete
  13. ටීෂා... ඇස් , කන්, නාස් කඩාගෙන යන නම...

    ReplyDelete
  14. //කුකුල් කරමල් පාට, ලයිනින් තොල් මැදින්//

    ලස්සන තොල් දෙකක් මැවිලා පේනවනේ... :D

    ReplyDelete
  15. මේක මරු නාඩියො. ටීෂාගෙ ජාතකේ අඩු නැතුව වටහාගන්න පුලුවන් අපිට. උඹ තවම පොඩි එකා..මේ නැට්ටිච්චියො දිහා බලන්නෙ නැතුව වැඩක් කොරහං..නාඩි වේගය වැඩි කොරගන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. මං ඔය ඕවා දිහා වැඩිය බලන්න යන්නේ නෑ අයියේ...

      Delete
  16. මෙව්වා කියවද්දී රස්සාව පරස්තාව ජීවිතේ යන මේ හැමදේම එකම ස්ක්‍රීන් එකේ වෙන වෙනම කොටුවල පොඩියට මැවිලා පේනකොට කොහොම ආතල්ද...
    මම මම ගැන සතුටුද...? දන්නේ නැහැ...
    මම මම ගැන දුකද...? ඒ දන්නෙත් නැහැ...
    හැබැයි ඔය ස්ක්‍රීන් එකේ මම දකින දේ ඇත්ත කියල මම දන්නවා...

    ReplyDelete
  17. මේ වගේ ඒවාට අපේ කලින් හිටපු ඔෆිස් එකේ එකවුන්ටන් කියන්නේ "ඉන්සෙන්ටිව් එක" කියලා. මේ වගේ ඒවා නැත්නම් කොහොමද මේ ජීවිතේ ඇදගෙන යන්නේ?

    ReplyDelete
  18. මේ පැත්තටත් ඇවිත් යන්න එන්න
    sudupoosa91.blogspot.com

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...