නාඩි සෙට් එක

Tuesday, October 28, 2014

නිත්‍යරංජනා


පින්තූරය - colombogazette.com
ඩුකු ඩුකුස් ඩුකු ඩුකුස්...

යාල්දේවි නාගොල්ලාගම පහු කරගෙන යනවා. ඉඳගන්න තියා හිටගෙන ඉන්නවත් ඉඩක් නෑ. රාම්රාජ් හරිම අමාරුවෙන් දොර ගාව එලා ගත්තු පත්තර කොළේ උඩ හරි බරි ගැහුනා. රාම්රාජ් විතරක් නෙවෙයි භානු, රාම්රාජ් ට එහා පැත්තෙන් වාඩි වෙලා හරිම ආසාවෙන් එළිය බලාගෙන හිටිය රාම් ගේ ආදරණිය අඹු සිඟිත්තත් කෝච්චියක මුලින්ම යන්නේ අද!

වයස යාන්තම් 27ක් වෙච්චි මේ රාම්රාජ්ලා ට තේරෙන වයස වෙද්දී යාපනේ කෝච්චි ඉස්ටේෂමට කෝච්චි ආවේ නෑ. කොහොමෙන් කොහොම හරි එදා ඉදන් වැල්ලවත්තේ මාමණ්ඩි බලන්න රාම්රාජ් ආව ගියේ බස් එකේ. යුද්දේ කාලේ තිබිච්ච මාමි ගේ මලගෙට ඕමන්තේ පහු කරගෙන හරිම අමාරුවෙන් ආපු හැටි මතක් වෙද්දී රාම්රාජ්ට අද දාහෙන් සම්පතයි කියලා හිතුනා. 

මාස ගානකට කලින් යාපනේට යනකම් කෝච්චි පාර දික් කරනවා කියලා හා හෝව කනින් කොනින් ගිහිල්ලා ගරා වැටිලා තිබිච්චි යාපනේ ස්ටේෂම හැදිලා කෙරිලා ටෙස්ට් රන් කියලා කෝච්චි ආපුවාම භානු විතරක් නෙවෙයි රාමුත් පුංචි උන් වගේ ගිහිං යකඩ අස්පයා අත ගෑවා හරිම ආසාවෙන්.

උත්සවේ තිබ්බා. මල් මාලා දාගෙන යාල් දේවි ආවා. හැමදාම ටීවී එකේ දැකලා පුරුදු රතු පාට සාටකේ දාපු පෙරිය දොරේ ඇවිත් අත වනලා යනවා සෙනඟ අස්සෙන් රාම් දැක්කා. 

සති දෙකකට පස්සේ ආපහු වැල්ලවත්තේ කෝච්චියෙම ගිහිං එන්න ඕනේ කියලා හිතිලා කොට්ට කිලංගු ටිකක් හොයා කරාගෙන කොළඹ පොඩි නංගි සෙලවී හැමදාම එනකොට අහන නෙල්ලි කෝඩියල් බෝතල් දෙකකුත් අරගෙන රාම්රාජ් භානුත් එක්ක කොළඹ ආවා.

කලින් සැරේ ආවාට වඩා පාරවල් එහෙම හොඳටෝම වෙනස් වෙලා. කොටුවෙන් බැහැලා පුරුද්දෙන් බස් එක හොයා ගත්තට බහින තැන ටක්කෙටම හොයා ගන්න හරිම අමාරු උනා රාම් ට. 

වෙනස නරකක් නෑ හොඳයි...

කලින් වතාවක් කිව්වා වගේම ජනවාර්ගික ප්‍රශ්නේ අර ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ හැම එකටම විසඳුම් තියෙන්නේ යටිතල පහසුකම් දියුණු කරන එකේවත් කෝච්චියක් යාපනේ ට ලොකු මිඩියා ෂෝ එකක් දාගෙන යවන එකේවත් නෙවෙයි.

වෙනස් වෙන්න ඕනේ මිනිස්සු.

බණ්ඩාරනායක මහත්තයා රාජ්‍ය භාෂා පනත ගෙනාව දවසේ ඉදන්, සමහර වෙලාවට ඊට කලින් ඉදන්ම ලංකාවේ දේසපාලුවෝ කළේ තමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න අසරණ මිනිස්සු ටික කඩේ යවපු එක. රතු කොළ නිල් හැම පැත්තක්ම කළේ ඒක. ඉතිං යාල් දේවි නෙවෙයි එදා බෝම්බ තියපු කෝච්චිය හදපු කැනේඩියන් කාරයා ලංකාවට ගෙනල්ලා පටෝලා යාපනේ යැව්වත් මේක ඔය ප්‍රශ්න වලට එක පැලැස්තරයක් විතරයි. හැබැයි අගය කරන්න ඕනේ දීර්ඝ කාලීනව හොඳ ප්‍රතිපල දෙන පැලැස්තරයක්.

යාල්දේවිගේ යාල්පානම් ගමන අස්සේ තවත් අමුතු නිව්ස් එකක් මං ඇහුවා. උතුරුකරේ සංචාරයේ යෙදෙන හැම විදේශ සංචාරකයෙක්ම අනිවාර්යෙන් ලියාපදිංචි වීමක් වෙන්න ඕනෙලු. මොකද්ද එතකොට ඒ හරුපේ? කෝච්චි නෙවෙයි ප්ලේන් දාල හරි බලාපොරොත්තු වෙන්නේ සංචාරක කර්මාන්තේ දියුණුවක් නම් මේ වගේ එක පළාතකට විතරක් සීමා වෙච්චි නීති රීති වලින් වෙන්නේ තවත් ඒ කරුමාන්ත වල පල්ලට යන එක නෙවෙයිද? හරියට නිකම් වෙනම රටකට යනවා වගේ.

සාමන්‍යයෙන් යාපනය පැත්තේ ජිවත් වෙන අපේ දමිළ බොහෝ පිරිසක් ඉංජිනේරු ක්ෂේත්‍රයේ බොහෝ විස්කම් දස්කම් දක්වපු අය. ඇමරිකාව වගේ විදෙස් රටවල් වලත් software engineers ලා විදිහට වගේ බොහෝ පරිගණක ආශ්‍රිත වෘත්තීන් වල ඒ අය නිරත වෙලා ඉන්නවා. ඔන්න දැන් දැන් යාපනේ අලුතින් IT පුනුරුදයක් ඇති කරන්න ඒ knowledge pool එක ලෑස්තියි. ආරංචි විදිහට දැන් දැන් ගොඩක් වැඩසටහන් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී ඒ ගැන තොරතුරු ටිකක් කියන්නම්කො. අපි හොයලා බලන්න ඕනේ ඒ දැනුම කොහොමද ජාතික සංවර්ධනයට එකතු කරගන්නේ කියලා. 

බලන්න ඕනේ 13, 14, 15 අනම් මනම් සංශෝදන වලට කලින් මිනිස්සුන්ගේ මොළේ සංශෝධනේ කරන්න පුළුවන් කොහොමද කියලා. 

හැමදාම සිංහල එකා අපිට ගැහුවා ඒකා නරක එකා! මරක්කලයා මෙහෙ එකා නෙවෙයි! උන් ඔක්කොම අතු ගාල දාන්න ඕනේ... දෙමළ උන් තමයි මේ වින්නැහිය කළේ කියලා හිත හිතා හිටියොත් කාට කාටත් හැදි ගෑවිලා ම යන්න වෙයි.

එතකොට ඉතිං රආම්රාජ් භානු එක්ක යාල්දෙවියෙන් කොළඹ ඇවිත් හයිවේ එකේ මාතර ගිහිං සුපර් ඉන්ටසිටියක හම්බන්තොට වරාය බලාගෙන කතරගම ගිහිං පඬුරු පාක්කුඩම් පුජා කළා කියලා සතේක වැඩක් වෙන්නේ නෑ!


යාල්දේවි ගෑවිච්චි අනිත් නාඩි  -

යාල් දේවි කිලිනොච්චි ගියා.. දැන් ඔක්කොම හරිද??

හිත ගිය තැන මාළිගාව



32 comments:

  1. මිනිස්සුන්ගෙ සිතිවිලි නිවැරදි කරොත්, සාමයෙන් සතුටින් ඉන්න සිංහල දෙමළ විතරක් නෙමයි හැම දෙනාටම පුළුවන්

    ReplyDelete
    Replies
    1. සිතුවිලි නිවැරදි කරන්න තමයි අමාරු

      Delete
  2. සාමාන්‍ය මිනිස්සුන් ව භේද කරන්නෙ බලලෝභී දේශපාලුවො. ඕක සමාජයේ ඕනම ස්ථරයකට පොදුයි. නාඩි කිව්වා වගෙ මොළේ තමයි සංශෝධනය වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දේශපලුවොන්ට අනාගතයක් නෑනේ මිනිස්සු හරියට හිටියොත්

      Delete
  3. ළෝකය පවතින තුරා තිබෙන සදාකාලික වෛරයක්..

    ReplyDelete
  4. මිනිස්සු වෙනස් වෙන්න ඕන නං උංනෙ සිතිවිලි වෙනස් වෙන්න ඒන...
    නරක මිනිස්සු නෙවී සිතිවිලි

    ReplyDelete
  5. අපි විවිධත්වය පිළිගන්න ඕනේ. ඒකට ගරු කරන්න පුරුදු වෙන්න ඕන... අනෙකා ගැන තේරුම් නොගන්නතාක් කල් මේ ගැටුම ඉවර වෙන්නෑ.....................

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හිතන්නේ විවිධත්වය කියන්නේ නරක දෙයක් කියලනේ

      Delete
  6. කතා කල යුතුම මාතෘකාවක් නාඩි මල්ලි! භෞතික දියුණුව නරක නෑ. ඒත් ඊට සමගාමීව ආකල්පමය දියුණුව සීග්‍රයෙන් රිවර්ස් ගියර් එකේ යනවා පේනකොට දුකයි.

    ReplyDelete
    Replies
    1. රිවස් කියන්නේ ෆෝවර්ඩ් නෑම වගේ

      Delete
  7. ඔව් නාඩියෝ මිනිස්සුන්ගේ සිතුවිලි රටාව වෙනස් කරන්න ඕනි ඒත් ඒක ලේසි නෑ හැබැයි මේකට ආගමික නායකයන්ගේ මැදිහත් වීමත් වටිනා දෙයක් ඒ විතරක් නෙමේ කොහොම හරි තව පරම්පරාවක් පහුවෙනකොට යුද්ධය පිලිබඳ අත්දැකීම් ඇති පිරිසක් නෙමේ ඉන්නේ ඒ වෙනකොට මේ සංහිදියාව මීට වඩා ඇති වේවි !!!

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ බං. උන්ට යුද්ධේ තියෙන භයානකකම තේරෙයිද දන්නෙත් නෑනේ

      Delete
  8. මිනිස්සු කවදා හරි අපි ඔක්කොම මිනිස්සු කියල හිතනකන් තත්වේ ඔහොම තමා, හැබැයි මිනිස්සුන්ට එහෙම හිතන්නේ ඉඩ දෙන්නේ නෑ මේ දේශපාලුවෝ . හැමදේටම තියෙන එකම විසඳුම නිසි අධ්‍යාපනය සහ නීතිය සමානව ක්‍රියාත්මක වීම , එහෙම නැතුව යාල්දේවි පනහක් ගියත් ,උතුරු මිතුරු කියකියා පාටි දැම්මට වැඩක් වෙනෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. //එකම විසඳුම නිසි අධ්‍යාපනය සහ නීතිය සමානව ක්‍රියාත්මක වීම//
      මේකනම් තිරසාර විසඳුමක් වේවි

      Delete
  9. මනුස්සකම නාදුනන මිනිස්සු මැද්දෙ සාමය, සහජීවනය කියන්නෙ ලස්සන වචන විතරයි බන්.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට එහෙම වචන ඇහෙන්නෙවත් නැති වෙයි

      Delete
  10. නාඩියා, ප්‍රධාන තේමාව ග්‍රහනය කරගත්තා. නමුත් මට මේක අහන්න හිතුනා. කොට්ට කිලංගු. මේකද හරි වචනේ? මම මේක මුද්‍රණය වෙලා තියෙනවා දැක්කමයි මේ. මම හිතාගෙන හිටියේ ඕක කොට්ට කෙලෙංගු කියලා. මේ ලඟ ඉන්න තව කෙනෙක් ඕවට කියන්නේ කොට්ට කැලුං කියලා.

    අර කෝච්චිය හදපු කැන්ඩියන් කාරයා නම් නාඩි පුතේ කැනේඩියන් කාරයෙක් කරහං. ඌ පව්නේ. :D

    ReplyDelete
    Replies
    1. මම අහලා තියෙන්නේ කොට්ට කිලංගු කියලා. හරිද දන්නේ නෑ හරියටම.. කෝ බලමු නලින් අයියා එහෙම මොකද කියන්නේ කියලා...
      හරි හරි කැන්ඩියන් කාරයා කැනේඩියන් කළා :D

      Delete
  11. ////////බලන්න ඕනේ 13, 14, 15 අනම් මනම් සංශෝදන වලට කලින් මිනිස්සුන්ගේ මොළේ සංශෝධනේ කරන්න පුළුවන් කොහොමද කියලා. ///////////////

    මෙන්න මේ වැඩේ නොකර මොනවා කෙරුවත් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. හැබැයි අපේ උන් හිතන්නේ එහෙම නෙවෙයි නේ

      Delete
  12. හැමදාම සිංහල එකා අපිට ගැහුවා ඒකා නරක එකා! මරක්කලයා මෙහෙ එකා නෙවෙයි! උන් ඔක්කොම අතු ගාල දාන්න ඕනේ... දෙමළ උන් තමයි මේ වින්නැහිය කළේ කියලා හිත හිතා හිටියොත් කාට කාටත් හැදි ගෑවිලා ම යන්න වෙයි.

    මේක තමයි ඇත්තම ඇත්ත කතාව.

    ලියමන නම් බොහොම අගෙයි..

    ReplyDelete
    Replies
    1. හැබැයි අපේ ජාති මාමක උත්තමයෝ මොනවා කියිදා දන්නේ නෑ

      Delete
  13. දෙමළ ජනතාවට අද අත් වෙලා තියෙන තත්වෙට බලලෝභී දෙමළ දේශපාලකයොත් යම් දුරකට වග කියන්න ඕනේ. ඒ අතින් මුස්ලිම් දේශපාලකයෝ හොඳයි.

    ReplyDelete
  14. උඹ මොකද හිතන්නෙ නාඩියො....මේ කථාවට අදාල නැතත් මීරියකන්ද නාය යාම නිසා මිනිස්සු 300 කට ආසන්නව පස් යට සැගවුනා...දැන් රජයේ විවිධ ආයතන මේ ගනන අඩු කරනවා වරින් වර....මේ මිනිස්සු ලංකාවෙ නෙමෙයිද...තේ දල්ල කඩලා ලංකාවෙ ආර්ථිකය ශක්තිමත් කරන්න නෙමෙයිද දායක උනේ...වෙන රටක නම් ශෝක දිනයක් හෝ දෙකක් ප්‍රකාශයට පත් වෙනවා මෙහෙම ඛේදවාචකයක් උනාම....පේනවනෙ අපේ පාලකයො බොරු බණ දෙසුවට තවමත් දෙමළ ජනතාව ගැන හිතන විදිය. මියගියේ දෙමළ ජනතාව නිසයි රජයට කැක්කුමක් නැත්තෙ. නමුත් ඒ අපේ පුරවැසියො.

    ReplyDelete
  15. අනේ ඔය දෙමළ අය ගැන අපේ සිංහල උන්දලා හිතන පතන විදිය,ඒ අයට සලකන විදිය ගැන පුද්ගලික අත්දැකීමක් හොදටම තියෙනවා.ඒවා කියන්න බෑ මෙතන .ඕවට කතා කරන්න ගිහින් ඉල්ලන් කාපු එකෙක් මන් .දැන් කට,පුක වහගෙන ඉන්නවා,මොකද ඉල්ලන් කන වෙලාවට "උබත් එක්ක අපි ඉන්නවා ඕන දේකට" කියපු එකෙක්වත් බෙදාගෙනවත් කන්න වත් නෑ.

    ධාවනය වන හැම කිලෝමිටරයකටම රුපියල්ද,ශතද මන්දා 57 ක් ද කොහේදෝ පාඩු ලබන සේවයක් දුම්රිය සේවය.උඩින් ඔපේ යටින් හපේ තමයි හැම දේකම වගේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...