නාඩි සෙට් එක

Wednesday, September 24, 2014

අබ්බගාත



කඳුළු ලුණු රහ බව මම දැන සිටියෙමි
නමුත් එය කට කාරවන අමි රහ බව නොදැන සිටියෙමි

සුසුම් බර වැඩි  බව මම දැන සිටියෙමි
නමුත් එය බරින් බිම හෙලන බව නොදැන සිටියෙමි

විරහව දුකක් බව මම දැන සිටියෙමි
නමුත් එය මරණිය බව නොදැන සිටියෙමි 

ආදරය අන්ධ බව දැන සිටියෙමි
නමුත් එය අඳ ගොළු බිහිරි බව???

41 comments:

  1. හිතක් ඇති බව දැන සිටියෙමි.
    එහෙත් මේ සිත මෝඩ බව දැන නොසිටියෙමි..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ සින් එක...
      මබ්බෝධකමත් ඕකට එකතු වෙලා තියෙන්නේ

      Delete
  2. මාන්දමික යැයි දැන සිටියෙමි...
    මෙතරම් මඤ්ඤං යැයි දැන නොසිටියෙමි.

    ReplyDelete
    Replies
    1. දැන් වත් දැනගත්තනම් හොඳයි :D

      Delete
  3. කෙල්ලන් චපල වන බව දැන සිටියෙමි . නමුත් අපටත් කෙළවෙන බව දැන නොසිටියෙමි :( :( :(

    ReplyDelete
    Replies
    1. \\කෙල්ලන් චපල වන බව දැන සිටියෙමි . නමුත් අපටත් කෙළවෙන බව දැන නොසිටියෙමි//

      +++++++++

      Delete
  4. අන්ඩ නම් වුනත් කමක් නෑ, ගොළු බිහිරි වුනාම නම් හෙනම අවුල්...!

    ReplyDelete
  5. විරහව දුකක් බව ඇත්තය...අත්දැකීම් ඇතුව හෝ නැතුව විලාප තියනා ගායක කොවුලන්ට එය ධන නිධානයක් බව මෑතක දැනගතිමි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම! මොකෝ දුක හොඳට මාකට් කරන්න පුළුවන් නේ

      Delete
  6. ආදරය කියා දෙයක් නොමැති බව දැන සිටියෙමි
    ඒ නිසා අවුලක් නැතිව ජීවත් වෙමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම දෙයක් ඇත්තෙම නැද්ද?

      Delete
  7. ආදරය මායාවක් බව දැන සිටියෙමි
    ඒ නිසා සතුටින් ජීවත් වෙමි.

    ReplyDelete
    Replies
    1. සතුට එතකොට තියෙන්නේ එතනයි!

      Delete
  8. ආදරය යනු ගැජට් එකකි
    එහි ගැජ මැටික් ගොඩකි
    හැගුමන් බෝනස් වන එකකි
    නොදන්නාට වර්චස් පිඩකි

    ReplyDelete
    Replies
    1. ඔය ගැජමැටික් එකට යුසර් මැනුවල් එකක් එහෙම නැද්ද එතකොට?

      Delete
  9. ආප්පය තාච්චියේ බව දැන සිටියෙම්
    ආප්පෙට තාච්චියේ හිටි කාලය
    අමතකවන බව නොදැන සිටියෙමි

    ReplyDelete
  10. නාඩිට පිස්සු යැයි දැන සිටියෙමි
    ඒත් මේ තරම් පිස්සු බව දැන නොසිටියෙමි

    ඒ උනාට කවිය නම් ලස්සනයි හොඳේ.....

    ReplyDelete
    Replies
    1. මෙච්චර කියනවනම් ප්‍රදීප් අයියා හම්බෙන්න යන්න වෙනවා

      Delete
  11. ඇමරිකාවේදී කවුරුහරි සපත්තුවක් දුන්නද?

    ReplyDelete
  12. අප ඉපදෙන්නේ, ජීවත් වන්නේද, එමතු නොව මිය යන්නේද තනිවම වුවත්,
    ආදරය යන සුන්දර මායාව අපව වර්තමානය නම් මණ්ඩපය මත දී අප සිටින්නේ තනිවම නොවන බව ඒත්තු ගන්වන්නට තරම් බලවත්ය...
    -Orson Welles-

    ReplyDelete
  13. කෝ යකෝ මගේ කමෙන්ට් එක, ඒක තෝ චිකාගෝ යැව්වද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ සුන්දර අයියේ.. මා එසේ නොකරන බව නුඹ නොදන්නාහි ද?

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. දැන නොසිටියෙමි
    පාරන තුරු හද
    මා මෙතරම් බොළද බවද
    අන්ධ බවද.

    හාදු දෙනතුරු
    නොදැන සිටියෙමි
    හාදු මෙතරම්
    රසවත් බව

    හිරු යනෙන තුරු
    නොදැන සිටියෙමි
    මිරුගුවක මා
    අතරමන් වග

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය මිරිඟුව තමයි ගොඩක් භයානක

      Delete
  16. ආදරය අන්ධයි. ගෝ‍ළුයි. බිහිරියි. ඒත් හැමවෙලාවෙම එහෙම වෙන්නෙ එක්කෙනෙකුට විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔව්... සමහර වෙලාවට.. හැබැයි සමහර වෙලාවට දෙපැත්තටම එකයි

      Delete
  17. පද වැලේ අපූරුව දැක ගතිමි..
    කෙමෙන්‍ටුවක් දමන්නට නොදනිමි...

    හි..හි... පද පේලි ටික නියමයි ඈ...

    ReplyDelete
  18. මොකක්ද බන් මේ කියන්නේ . . බඩුවක් බුට් තිබ්බම එකේ දුක කියල තව එකක් සැට් කර ගන්න ලයින් එකක් ගැන හිතපන් , උබල පොඩි කොල්ලෝ නේද ?

    ReplyDelete
    Replies
    1. යකෝ බූට් කතාවක් මේකේ ගෑවිලාවත් නෑ!

      Delete
  19. අන්තිමේදී හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. හොඳ ශෝක් සපත්තුවක් හම්බ වෙලා වගේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...