නාඩි සෙට් එක

Tuesday, July 29, 2014

බත් කමි!


අසව් අසව් අසව්!!!!
අති සාර්ථක එක්සත් ජනපද චාරිකාවකින් පසුව නාඩියා නාඩිරත්න නැවත සියරට බලා සැපත් ව ඇත! තම චාරිකාවේ විනෝදබර, හැගුම්බර, ජොලිබර, චූ බර  තොරතුරු වලින් සයිබරයේ සර්වර් රාජයාණන් පිරවීමේ එතුමාගේ ඒකායන වෑයම ඉදිරියේදී ඔබට අකමැත්තෙන් හෝ දැක ගැනීමට හැකි වනු ඇත!

ප.ලි
චොකලට් ඉල්ලීම වැනි මරණිය දණ්ඩනය ට හේතු වෙන කරුණු කාරණා වලින් බැහැරව දැහැමිව සෙමෙන් ආප්පයක් කා සැනසෙන ලෙස එතුමා හුදක්ම ඉල්ලා සිටි! (යකෝ චොකලට් ගේන්න ඌ ගියේ ස්විස්ටර්ලන්තේ යෑ බොලව්!)

හදිසියේ එක පාර ගුවන් යානා චකබ්ලාස් වීමට හේතුව මෙතුමා නොවන අතර ඉදිරි දින කිහිපයේ එක්සත් ජනපදයේ සිදුවන හදිසි ආපදා කිසිවකටඑතුමාගේ සම්බන්ධයක් නැති බවත් මෙලෙසදන්වා සිටිමි!

ඒ වගත් මෙසේම....

(යකෝ ඒ දවස් ටිකට ලංකාවේ උද්ධමනේ වැඩි වෙලා තියෙන තරමක්! උදේ ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න ගිහාම ආප්පේ ඩොලර් 2ක් කිව්වනේ යකෝ!)

55 comments:

  1. උඹත් ආපු ගමන්ම කාම සූත්තරෙන් ආප්ප කන්න ගියා නේහ්?

    ReplyDelete
  2. නාඩියාගේ නයි ඇරීම-1
    ඉතිරි කොටස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...

    ReplyDelete
  3. ඩොලර් දෙකක් වැනි සුළු මුදලට ඔබ ලංකාවෙන් ආප්ප මිලදී ගත බව ඇසීමත් පුදුමයකි නාඩි තුමනි

    ReplyDelete
  4. ඒ ආප්ප තියෙන්නේ ඕයාලාට අපිට නෙමෙයි වදේ.. අනික බිත්තර දෙකක්ම දාලා, කොළඹ හතේ.. ඒකෙත් හොඳම පොට් එකේ. ජැකලින්ගේ කඩේ. කුක් දර්ශන්. පොඩි පොරවල් නෙමෙයි. ආප්ප දෙකායි.. ප්ලේන්ටියයි කියලා. කන්නේ මොනවද කියලා නෝන්ඩි කරන්නේ නෑ හතර අතටම ඇහෙන්න කෑ ගහලා. එහෙම තැනකින් මේ ගානට කට්ට සම්බලුත් එක්ක හම්බ වෙනවා කියන්නෙත් ළොකු දෙයක්.

    ReplyDelete
  5. යකෝ ඉස්සර තමා සොකලට් ඉල්ලුවෙ... දැං උං ඉල්ලන්නෙ ජැක් අක්කිගෙ ආප්පෙ...
    පුහ්.... සොකලට් ඉල්ලන්න එපයි කියලනෙ කීවෙ...
    දී අපට ආප්ප අරං

    ReplyDelete
  6. ආවද උඹ.......
    උඹේ හෑලි ලියනව වගේම ......
    ඔය ගිය ගමන අපේ තව කොල්ලන්ට/කෙල්ලන්ට යා හැකි විදියවල්/රටවල් ගැනත් විස්තර හොයල දාපිය....
    බොලාට ලැබුන චෑන්ස් එක අනිත් එව්වන්ටත් බෙදල දීපං මචං ...... අම්මට සිලි ..... පුතෙක් වගේ එහෙකුට මචං කියවුනා........ සොලී.....

    ReplyDelete
    Replies
    1. අන්න නියම කොමෙන්ට්ස් කෙන්ජයියා

      Delete
    2. අන්න කෙන්ජි අයියා.. අනිවා මං ඒ ගැන ලියන්නම්.. අම්මට සිලි සීයා වගේ එකෙක්ට අයියා කියවුනා... සොලී! :D

      Delete
  7. තව ටික කාලෙකින් හිතෙයි අපරාදේ ආවේ කියලා බන් .................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ආයේ කොහොමත් යැවෙයි වගේ....

      Delete
  8. ආප්ප *&^^% අඩුවෙලා ඒකයි දැන් ගණන් වැඩි වෙලා තියෙන්නෙ....සමහර විට ඉස්සරහට පාප්ප තව ගනන් වැඩිවෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඉස්සරහට ඒවත් ගණන් වැඩි වෙයි තමා

      Delete
  9. ඔබාමා මොකද කිව්වෙ?

    ReplyDelete
  10. ආප්පෙ ගිය උඩ! හ්ම්ම්ම්!

    ReplyDelete
  11. චොකලට් දාමු බල්ල.ගනින් බන් ඔන්න ඔය කලු ලෙබලයක් වත් කතා ටික අහගෙන ඉන්න.

    ReplyDelete
  12. හම්මේ... වෙල්කම් හෝම් නාඩියා.... අර ඉන්ඩියන් කෙල්ලව මෙහෙ එක්කන් ආවැයි? ;)

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු... ඕවා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ඇති වෙන වැඩ! ;)

      Delete
  13. ආ........................... එහෙනම් ආයෙම පටන් ගනියි වගේ................ හැක්

    ReplyDelete
  14. ඇති යංතං ආව. මෙහෙ සමහරුංගෙ ලේ වතුර වෙලා තිබ්බ කියලයි ආරංචිය ;)

    ReplyDelete
    Replies
    1. එක්තරා කුරුළු වර්ගයක ලේ ද වතුර වෙලා තිබ්බේ?????

      Delete
    2. ඇයි යකෝ එක එකාගේ කේ වතුර වෙන්න මම ලේ බැංකුවේ ද වැඩ කරන්නේ!

      Delete
    3. සුදු මල්ලිAugust 12, 2014 at 1:58 AM

      කිවි කිරිල්ලිගේද ලේ වතුර වෙලා තිබුනේ........?

      Delete
  15. බොලා ලංකාවට ආවෙ ලාබෙට ආප්ප තියනෙ වග ආරංචි වෙලාමද?

    ReplyDelete
  16. එහෙදි ආප්ප කැවේ නැතෙයි

    ReplyDelete
  17. ඔක්කොටම කලින් අර සෙට් කර ගත්ත කෙල්ල ගැන කියපං අපිට..

    ReplyDelete
  18. ගෙනාපු බෝතල් කඞන දවසට කියපන් මාත් එනවා.

    ReplyDelete
    Replies
    1. වතුර බෝතල් නම් ඉවරයි

      Delete
    2. රතු ලේබල්, කලු ලේබල්, ඡොනි ඇවිදින්නා නැතෙයි?

      Delete
  19. ඔබාමාගේ දෝනියන්දා හමු වුනැයි ?? ඒ දැරිවි මක්කයි කිව්වේ :D

    ReplyDelete
  20. ඇමරිකාවේ නරක ගති උඹ ගෙනාවේ නෑ නේද??

    ReplyDelete
  21. යකු බත් කමි කියලා ආප්ප කෑවයි කියන්නේ...මුනා කීනවද මන්දා :D

    ReplyDelete
    Replies
    1. හැමදාම් ආප්ප කන්න බැරි නිසානේ යකෝ බත් කන්නේ

      Delete
  22. වෙල්කම් බැක්..

    ReplyDelete
  23. චොකලට් නැතුවට එහෙදි ලබාගත්ත ඒවා බෙදුවනම්...

    ReplyDelete
    Replies
    1. ඒක තමා කරන්න යන්නේ.. මෙන්න කොටාගෙන කොටාගෙන යනවා දැන්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...