නාඩි සෙට් එක

Saturday, June 14, 2014

ඔත්තු දෙකක්!

ඔත්තු දෙකක් කණේ තියන්න කියලයි ඔන්න නාඩියා හදන්නේ!

පලවෙනි ඔත්තුව නම් කස්ටිය දන්නවත් ඇති...
අපි හැමෝම සයිබරේට එකතු පහදු වෙච්චි උදවිය වෙච්චි සමාජ ජාල එක්ක ඉතිං හැමදාමත් සහ සම්බන්ධයිනේ.. කවුරු මොනවා කිව්වත් ඒක අපේ ජිවිතේ කොටසක් වෙලා ඉවරයි. හැබැයි කොරන්න ඕනේ දේ තමයි ඒ දේ හරියට පාවිච්චි කරන එක. දැලි පිහියෙන් උනත් කිරි කෑවොත් කිරි රහයි. 

ඔන්න එහෙනම් Social Media Day එකක් ගැන මේ කියන්න යන්න. ලංකාවේ තෙවැනි වරට පවත්වන්න යෙදෙන Mashable Social Media Day ( #SMDayCMB )එක ඔන්න මේ මාසේ ඒ කියන්නේ ජුනි මාසේ 29 වෙනිදා පවත්වන්න කටයුතු ලක ලැස්ති වේගන යනවා. 

සමාජ ජාලකරණය කොහොමද අපේ සමාජයට බලපාල තියෙන්නේ.. මොන වගේ දේවල් ද වෙනස් වෙන්න ඕනේ වගේ කරුණු කාරනා වගේම හැබෑවටම දැක්ක නැති හැබැයි සයිබරේ නිතර අහන දකින මූණු ගොඩක් බලා හදාගන්නත් එදාට එකතු උනොත් පුළුවන් වේවි...

උඩ තිබිච්ච ලින්ක් එකෙන් ගිහිං එහෙනම් විස්තර සබ්බ සකලමනාවම බලාගන්නකෝ...

ඒත් එක්ක ඔන්න ජන්දේ දාන්නත් පුළුවන්...


ඔන්න මෝස්ට් පොපියුලර් බ්ලොගර් එහෙමත් තෝරනවා කියන්නේ.... ;)

ජුනි 29 තමයි දවස...

කොහොමෙන් කොහොම හරි එදාට නාඩියාට නම් එන්න වෙන්නේ නෑ! (සාදු කියපල්ලා ඉතිං)

ගොඩ ගැහිච්චි වැඩ කඳු අස්සේ නාඩියා ජුනි 20 රට අත ඇරලා යන්නයි සුජානම.. පාටි නෑ බොලව්! සති පහ හයකින් ආයේ එනවා!!

 ඇමරිකානු රජයෙන් ලැබිච්චි ශිෂ්‍යත්වෙකට නාඩියා මේ විසි වෙනිදා ඔබාමා මාමාගේ රටට ගච්ච්නවා...... සියැටෙල් නුවර වොෂින්ටන් සරසවියේ “New Media & Journalism” ඒ කියන්නේ ඔය සමාජ ජාල භාවිතය ගැන එහෙම ඉගෙන ගෙන එන්නයි නාඩියාගේ කල්පනාව. 

එහෙනම් මාස එක හමාරකට දෙකකට විතර බොලාගේ බ්ලොගී වල කොමෙන්ට් එහෙම නැති උනොත් දුම්මල වරම අතට අරං බනින්න එනවා එහෙම නෙවෙයි!

ඉස්පාසුවක් ලැබුන ගමන් එහෙ විස්තර ටිකකුත් කොටන්නම්කො එහෙනං....

ඔය පැත්තේ ඉන්න එකෙක් එහෙම ඉන්නවනම් නොම්බරේ එවපන්.. ඇවිත් පෝන් කෝල් එකක්වත් දෙන්නම්කො.... දෙවැනි ඔත්තුවත් ඔන්න දුන්නා!

එහෙනං....   

එදා රෑ..... ගුවන් තොටුපොලේදී මා........


41 comments:

  1. එහෙනන් ප්‍රවේසමට ගිහින් වරෙන් කොල්ලෝ!
    මෙහෙන් අරන් යන ඔක්කොම පුලුවන් තරන් පරිස්සන් කරගෙන අරන් වරෙන්. නැත්තන් ඉතින් අපිටනෙ වදේ! ;)

    ReplyDelete
    Replies
    1. වැඩියෙනුත් එක්ක අරං එන්න කියලයි කල්පනාව.. ;)

      Delete
  2. ඔත්තුවට පිං............ ඒ වගේ ම ගමනටත් අපේ සුභ පැතුම්... පරිස්සමෙන් ගිහිං වරෙං හොදේ.........

    ReplyDelete
  3. එල...එල.... සුභ ගමන් මල්ලිය...... අපේ උදිය ඉන්නෙ NJ හෝ NY වෙන්න ඇති.....
    හැබැයි ලොකු අක්කගෙ දෝණි උඹ යන හරියේද කොහෙද......
    උදේට එයාට IN BOX msg එකක් දාල බලන්නං .....
    එහෙනං.... මතක ඇතිව..... තඹ කාසියක් සාක්කුවෙ දාගෙන පලයං ..... :)

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම නංගි කෙනෙක් ඉන්නවනම් කියපන්කො අයියේ...
      හාකෝ හාකෝ.. දාගෙන යන්නම්කො උඹ කියනවනම්...

      Delete
  4. සුබ පැතුඅම් නාඩියාට. ඔය පැත්තේ ආවොත් බලන්ට එන්නම්කෝ...:D

    ReplyDelete
  5. ඔත්තු ෙදකටම ස්තුතියි නාඩියා. සුබ ගමන්. ඔෙබ් ගමන සර්වප්‍රකාරෙයන්ම සාර්ථක ෙව්වා.

    ReplyDelete
  6. සුබම සුබ ගමන් බොල. පරිස්සමට ගිහින් වර.

    ReplyDelete
  7. ජය වේවා....! සුබපැතුම්.

    ReplyDelete
  8. කරගන්න යන වැඩේ පට්ට සාර්ථක වෙන්න කියල මාත් කිව්ව ඔන්න...
    ඔත්තුවට තැන්කුයි

    ReplyDelete
  9. සුභ පැතුම් නාඩියා .. එහෙනම් පරිස්සමින් ගිහින් වර . උඹව ඇමරිකන් සුද්දියෝ එවන්නේ නැතුව තියගනීද දන්නේ නෑ... අනේ ෂෝයි පොමනේරියන් පැටියා කියලා :D

    ජයෙන් ජය...යන වැඩෙත් සාර්ථක වේවා ,ඔත්තුවටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. තියාගත්තොත් ඉන්නවා.. ඇයි අවුල්ද?

      Delete
  10. වන්ගෙඩියකුයි මෝල්ගහකුයි ඇන්න පල.... ආයෙ ඔය රට රාජ්ජවල මිරිස් තුන පහෙ හෙම කොටා ගන්න විදි තියේයැ?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මම උයන්න යනවා කියලා හිතුවද?

      Delete
    2. වන්ගෙඩි මෝල්ගස් වලින් උයන්න බැහැ බොල..... උයන්න ඔනේ නම් ගෑස් ලිපක් ඇන්න පල!

      Delete
    3. යකෝ මම එහෙ පවුල් කන්න නෙවෙයි යන්නේ!

      Delete
  11. නාවත් අවුලක් නෑ. ඇවිල්ලා දුක් පස්සෙ කාළෙක පසුතැවෙනවට වඩා...

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++
      පුලුවන්නම්.... එල චෑන්ස් .......

      Delete
    2. පස්සේ බලමු... මේ සැරේ ආයේ එන්න ඕනේ

      Delete
  12. පුලුවන්නම් මැලේසියන් ප්ලයිට් එකකම පලයන් මගේ අම්මා............

    ReplyDelete
    Replies
    1. අම්මා මුත්තා කිව්වත් යන්නේ නෑ!

      Delete
  13. එන්ඩ එපා බං , ඔහොම්ම ඉන්ඩ පුලුවන්ද බලහං , මේ කාලකණ්නි රටට මොකට එනවද

    ReplyDelete
    Replies
    1. මේ සැරේ එනවා.. පස්සේ යන්න බැරියැ

      Delete
  14. සුබ ගමන් නාඩියා. ඔබේ දියුණුවට ඉතසිතින් සුබ පැතුම් මගෙන්.

    ReplyDelete
  15. අනෙ අප්පෙ අපේ නාඩි කොල්ල වෙන රටකට යනව කියන්නෙ,, කොහේ ගියත් කමක් නෑ ඕං යන තැනක දග කොරන්නෙ නැතුව ඉන්ට ඕනේ,, ඔය එනකොට අලුත් ජාතියෙ කොස්සක් එහෙම තිබ්බොත් අරන් එන්ට කොල්ලො,එහෙනම් සියලු දෙවියන්ගෙ පිහිටයි ආරක්ශාවයි......

    ReplyDelete
  16. අනෙ අප්පෙ අපේ නාඩි කොල්ල වෙන රටකට යනව කියන්නෙ,, කොහේ ගියත් කමක් නෑ ඕං යන තැනක දග කොරන්නෙ නැතුව ඉන්ට ඕනේ,, ඔය එනකොට අලුත් ජාතියෙ කොස්සක් එහෙම තිබ්බොත් අරන් එන්ට කොල්ලො,එහෙනම් සියලු දෙවියන්ගෙ පිහිටයි ආරක්ශාවයි......

    ReplyDelete
    Replies
    1. අරං එන්නම්කෝ එහෙනම් කොස්සක්!

      Delete
  17. සුබ ගමන් නාඩියෝ!!!

    ReplyDelete
  18. සුභපැතුම් නාඩි මල්ලි! ඔයා ඉතින් සංචාරෙටම උපන් එක්කෙනා නෙ. සන්තෝසයි ඈ.....!!

    ReplyDelete
  19. පරිස්සමෙං ගොහිල්ලා වරෙං ජයවේවා

    ReplyDelete
  20. ජය වේවා නාඩියො...ත්‍රෝ බෝල් නංගිලා ටික මෙහෙට ආවෙයි ?

    ReplyDelete
    Replies
    1. 25 ද කොහෙද එන්නේ... උඹට සෙට් කොරන්නම්කො ;)

      Delete
  21. Happy journey! Wish you all success.

    ReplyDelete
  22. සුබ ගමන් නාඩියෝ ආපහු යන්න පුළුවන් වෙන්න වැඩ ටික ලෑස්ති කොරන් වරෙන්. ජය වේවා.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මං මේක කොටන වෙලාව වෙනකොට නාඩියා එහෙනම් සියැටල් වල වෙන්නෝනි. ඇත්තටම මට ගොඩක්ම සතුටුයි ඔබට ලැබුනු ශිෂ්‍යත්වය ගැනනම්. පිළිගන්න මගේ උණුසුම් සුබපැතුම්!!

    ReplyDelete
  25. සුභ ගමන් නාඩියෝ!!! හරිම සතුටුයි.....

    එංගලන්තේ එනවා නම් කියපන්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...