ආදරණිය යම රජතුමාණන් වෙත
ලියමි,
හුඟ දවසක ඉඳන් ලියුම්
කරදහියක් ලියන්නට හිටියත් මලදාන,හත් දවස දාන, සත්‍යග්‍රහ අනම් මනම් ඒවා මේවා
හින්දා ඉස්පාසුවක් තිබ්බේම නැත. තරහ අවසර (නො) යම ද කින් තුමෝ මම මේ ලිපිය ලියන්නේ
ඔබතුමාගේ කුඩා මොළේට නූලෙන් ඩිස් මිස් විය හැකි ඉම්පෝටන්ට් ටොපික්ස් ටිකක් මතක්
කොරන්නටය!
මේ දොහේ අපේ ලන්තේ ජනතා
මතයට දෙකට තුනට නැමී හිස නමන චන්ද කාලේය! යම ලෝකේ පව් ලියන උන්නැහේලා අපේ පලා
බබාලා කියන බොරු ඔක්කොම ලියන්න ගියොත් තුන් ලෝකෙම මහා කොළ හිඟයක් ඇති වෙනවා නියතය.
ඒ හින්දා ඒ මෝඩ වැඩේ නොකර සිටීම ඇඟට ගුණය. මොකෝ ඒ බොරු කියන්නේ ළඟ එන හිංගල අලුත්
අවුරුදු උත්සවේ හොඳම බොරුව තරඟෙට ඉන්න මිසක්කා වෙන අටමන්ගල්ලෙකට නෙවෙයි ය.
සුරාමේරය නම් කැඩෙන්නේ
නැතිම තරමය. බොරුවට ඔය පැත්තේ ලෝදිය හැලි පිටින් රත් කොරන්නට ඕනේ නැත. අපේ අති
සුපින්වත් අම්බුළුවා උත්තමයා වැරදි කරන උන්ට පොවන්නටම නරකාදී පවුඩර් කන්ටේනර්
පිටින්ම ගෙන්වන්නේය.
ඊයේ පෙරේදා යම ලෝකේ
යමරෙට පාටි එහෙම තිබිච්ච බව අපිට ආරංචිය. මොකෝ අපේ ලන්තෙන් පරාණ තුන හතරක් සාරි,
කඹ, සල්වාරි පිහිටෙන් ඔය පැත්තේ ගැච්චු නිසාය.
ඉතිං යම කින් තුමනි,
කොහොමෙයි ආපු නඟාලගේ මලයලගේ වගතුග එහෙම? මතක් කරලා ඒ අසරණ සැට් එකට පැය 24ම බුකි යාමට පහසුකම් සලසා දෙනවානම් හොඳය. මොකෝ ඒ
උදවිය මෙහෙන් චුත වූයේත් බුකි කේස් නිසාය! අනිත් එක ඔය පත්තරකාරයෝ කියන එක එක ඒවා
අහලා ඒ අසරණ දරිවියොන්ට මහා දඬුවම් එහෙම දෙන්න එපාය. මොකෝ ඒ සම හරක් අය මෙහෙන් චුත
උනේ පිවිතුරු ප්‍රේමය නිසාය. මොනා උනත් නව තාක්සනේ එක්ක ආපු උන්නේ! වාසනාවන්!
තව ඩිංගිරිත්තෙන්
අහන්නත් අතමක වෙනවා මේ ටිකේ ලන්තේ මහා ඔටුනු සැණකෙළිය පැත්තේ එහෙම ගැච්චුවේ නැද්ද
අයිබෝවන්ඩ? මොකෝ හතර වටෙන්ම බස් දාලත් අද්දපු එකේ යම ලෝකෙට බස් එකක් දාන්න අපේ
ආඩම්බරකාර තාත්තට අතමක වෙන්න බැරිය.
අනිත් සැරේ ලන්තේ පැත්තේ
එනවනම් හොඳවයින් යම පල්ලියෝ දෙතුන් දෙනෙක් ඇන්න ආවනම් මෙහෙන් ගෞරව නාම
තානාන්තරයකුත් අරං යන්නට පුළුවන්ය. ඇන්න එන උන්ට රෙදි පෙරෙදි හොරකම් කරලා එහෙම
පළපුරුද්දක් තියනවානම් පංකාදු පහය!
සීවරන් දෙයියන්ගේම
පිහිටයි! ආරක්ෂාවයි !!!
මීට,
බ්ලොගී ජන ප්‍රසාදනී, බෘන්ග කලා ලෝකේෂ්වර, බුකි කීර්ති, තාක්ෂණ හිතවාදී, සමාජ ජාල සුබ සාධන, දිරිය වීර්ය පුත්‍ර නාඩියා
නාඩිරත්න මැතිතුමා
මහා ඔටුනු සැනකෙලියද 'ජාතියටම තොප්පිය' සැනකෙලියද
ReplyDeleteදැයට තොප්පි තමා
Deleteඇයි ලංකාව ඇතුලේම නේද ඔය අපාය තියෙන්නේ. ඉතිං ටීවී නිව්ස් හේම අපායට පේනවා ඇතිනේ?
ReplyDeleteලංකාවේ?? මේ එහෙ නෙවෙයි. මේ ලන්තේ!
Deleteබ්ලොගී ජන ප්‍රසාදනී, හඃ හඃ හඃ හඃ පෙන විදියට උඹ නිළියකගේ සහතිකයක් උස්සලා වගේ,
ReplyDeleteයකෝ ඒ අයට හොඳා නම් අපිට නරකා ද?
Deleteඇඩ්‍රස් එකෙ අන්තිම වචනෙ පන්සල් ගහ ද
ReplyDeleteයම කින්, ලන්තෙ පැත්තෙ නිතර එන්නෙ නැද්ද. මං හිතුවෙ නෑයින් බලන්න, උපදෙස් ගන්න හෙම එනව ඇති කියල..
ReplyDeleteමෙහෙ අය එහෙ ගිහිං එනවා කියන්නේ නිතර නිතර
Deleteඅඩේ මම මෙච්චර දවස් හිතන් හිටියෙ අපාය තියෙන්නෙ ලන්තෙ ඇතුලෙමයි කියලනෙ නාඩියො. ;)
ReplyDeleteඅපායෙ රජා = යමකින්
Deleteඅපේ රජා = නොදකින්
:D
ඔන්න සුදු වෑන් එකක් ගේට්ටුව ළඟ!
Deleteපිස්සුද යකෝ මෙච්චර අයිස්චර්යක් තියෙන රටේ! :D
Deleteබය නැතිව හිටහන් දැන් එවන්නේ රතු වෑන්
ඒ රතු වෑන් කියන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ එව්වා නේද
Deleteඒ වගේ එව්වා තමයි! වනාතේ ට එවලා තිබ්බේ
Delete"බ්ලොගී ජන ප්‍රසාදනී, බෘන්ග කලා ලෝකේෂ්වර, බුකි කීර්ති, තාක්ෂණ හිතවාදී, සමාජ ජාල සුබ සාධන, දිරිය වීර්ය පුත්‍ර නාඩියා නාඩිරත්න මැතිතුමා"
ReplyDeleteඇයි බන් මේ ටික දැක්කම හිතෙන්නේ මෙයාටත් චන්ද ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේ කියලා..... චන්ද පොස්ටරේකටම ගැලපෙන නම්බු නාම ටික .... ඒ මදිවට අන්තිමට මැතිතුමා කියලත් දාගෙන
ඇයි අවුල්ද? ඔය හැම එකාටම තියෙන්නේ. ;)
Deleteඅයියයියෝ යම කින්! මේවා දැකල පණ පලයං කිවුවලු. සුපිරියි ඈ....
ReplyDeleteපණ නම් යවා ගන්න එපා! යමයා අරං යයි
Deleteයම කින් පිළිතුරු එවුවොත් එකත් දාපන් හොදේ.. සුපිරි මචන්..
ReplyDeleteබලමුකෝ එවයිද කියලා
Deleteයම රජ්ජුරුවන්ගේ කොහොම රිප්ලයි එකක් එයිද දන්නේ නෑ... අදහස නම් නියමයි ..
ReplyDeleteතාම ආවේ නෑ. මේ එනකම් බලාගෙන ඉන්නවා
Deleteයම ලෝකෙට මරු වචන සෙට් එකක්. හුහ් බොල කොහෙන්ද මේව හොරකං කොරේ
ReplyDeleteහොරකං කරන්න දෙයක් නෑ බොලව් කටවහර තමා
Deleteහිටපිය තොට සුදු වෑන් එකක් එවන්න යකෝ මගේ මාමට අපහස කරලා මේ ගං කබරයා. කොබො නයාම කාපිය උඹව :P
ReplyDeleteබයෙත් බෑ මේකා කියන කතා වලට
Deleteමේ ලියුම යවන්න කීයෙ මුද්දරයක්ද ගැහුවෙ.
ReplyDeleteරා.සේ.පි කියලා යැව්වේ. මුද්දර ඕනේ නෑ කියන්නේ ;)
Deleteපංලිං - යම රජතුමෝ විදුලි චෙයාර් ට්‍රිප් එකට යන්න ඔබතුමාත් එනවනම් යමීටයි යම පැටවුන්ටයි එක්ක ටිකැට් අපේ මහ බාන්ඩාගාරෙ ගානෙ ඉල්ල දෙන්නං
ReplyDelete++++++
Deleteඅනේ බං උඹ ඉන්න ලංතේ තියෙන එක ගැන අපිව දැනුවත් කොරන්නෙ මක්කෙයි...
ReplyDeleteඅර මැරිච්ච් හරකියන්ට දෙන්න කියල උඹ දන්න තැනකින් ලැප් 3 ක් ඩොනෙට් කොරෝපන් මහා රජාට...
දැන ගන්න එපැයි ඉතිං උඹලත් අයියේ... :)
Deleteඒක තමා මමත් බැලුවේ එහෙම පිනක් වත් කරන්න කියලා
යම කින්ට මේ දවස් වල ලංකාවේ වෙන දේවල් පෙන්නේ න වගේ..
ReplyDeleteඒ පැත්තට වෙන කෙනෙක් දාල ඉන්නේ කියන්නේ
Delete////බ්ලොගී ජන ප්‍රසාදනී, බෘන්ග කලා ලෝකේෂ්වර, බුකි කීර්ති, තාක්ෂණ හිතවාදී, සමාජ ජාල සුබ සාධන, දිරිය වීර්ය පුත්‍ර නාඩියා නාඩිරත්න මැතිතුමා/////////
ReplyDeleteපිස්සු බාබත් වුනා බන් උඹේ මේ පෝස්ට් එක කියවලා. නියමයි නාඩි නියමයි.
හරිම සන්තෝසයි බාබත් වෙලා නැවතුන එකට
Deleteයකෝ මුට තියන පට්ටම් ගොඩ :P
ReplyDeleteඋඹටත් ඕනෙනම් ඉතිං දාගනින්. ;)
Delete//
ReplyDeleteඅනිත් සැරේ ලන්තේ පැත්තේ එනවනම් හොඳවයින් යම පල්ලියෝ දෙතුන් දෙනෙක් ඇන්න ආවනම් මෙහෙන් ගෞරව නාම තානාන්තරයකුත් අරං යන්නට පුළුවන්ය//
ඕනෙනං ඊළඟ චන්දෙට නොමිනේසන් දෙනව කියල පොඩි පබ්ලිසිටියකුත් අරන් දෙන්නට පුලුවන.
දෙයි දෙයි. මේ යන විදිහට සක්‍රයා ටත් නොමිනේෂන් දෙයි
Deleteඕයි මුළු ලියුමම කියෙව්වා තාම උඹේ නම කියවා ගන්න බැරිවුනා බොල...පට්ට එකේ හොඳ එක
ReplyDeleteඉවාන් පවුලූශාත් රික්වෙස්ට් කරල බලන්න ගෞරව නාමයක් ශුවර්..
Deleteඅමාරු නෑ අමාරු නෑ. ඔය දැන් ජනප්‍රිය හැම එකාටම තියෙන්නේ
Delete"මහා ඔටුනු සැනකෙලිය 'ජාතියටම තොප්පිය' සැනකෙලිය එහෙමත් නැත්නම් ණයට කිරුල "කතා කරල වැඩක් නෑ.අපි ගියාගේ ඕකෙ වැඩට..
ReplyDeleteමේ සැරේ නම් යාන්තම් බේරුනා. පහුගිය සර දෙක තුනක් ම කට්ට කෑවා හොඳට
Deleteඒ මේ නාඩි මලේ ගෞරව නාම ඕනේ නෑ....කියක් හරි යහමින් අත මිටි මොලවලා. ගෞරව නාමයක් හම්බුන බව ලෝක ප්‍රකාස කොරන්න, බුකියේ දාන්න සැටිපිකට් එකක් හදා ගන්න බැලිද?. හිකිස් මල් 7 ඈ
ReplyDeleteඅන්න ඒකනම් සලකලා බලන්න වටින කාරණාවක්
Deleteතානාන්තර ගන්න එන යම පල්ලියෝ එසේ මෙසේ තැනකින් රෙදි හොරකම් කරලා බෑ...ඉහලම තැනක් වෙන්ඩත් ඕනේ..
ReplyDeleteඔව් ඔව්.. ඉහලම තැනක් තෝරාගන්න වෙනවා
Delete// අනිත් සැරේ ලන්තේ පැත්තේ එනවනම් හොඳවයින් යම පල්ලියෝ දෙතුන් දෙනෙක් ඇන්න ආවනම් මෙහෙන් ගෞරව නාම තානාන්තරයකුත් අරං යන්නට පුළුවන්ය. ඇන්න එන උන්ට රෙදි පෙරෙදි හොරකම් කරලා එහෙම පළපුරුද්දක් තියනවානම් පංකාදු පහය!
ReplyDeleteසීවරන් දෙයියන්ගේම පිහිටයි! ආරක්ෂාවයි !!!
මීට,
බ්ලොගී ජන ප්‍රසාදනී, බෘන්ග කලා ලෝකේෂ්වර, බුකි කීර්ති, තාක්ෂණ හිතවාදී, සමාජ ජාල සුබ සාධන, දිරිය වීර්ය පුත්‍ර නාඩියා නාඩිරත්න මැතිතුමා//
මේක නම් පස්ට ය.. :D
ඒකනේ ර=ඒකනේ.. සුභ පතපල්ලා ඉතිං
Deleteහෙහ් උඹත් එහෙනම් ගෞරව නාමේ ඉස්සුවා නේ ශේප් එකේ..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්
Deleteඋඹටත් පස්ට පට්ටම් ගොඩක් නේ තියෙන්නෙ ,,රජානේ දුන්නෙ ...
ReplyDeleteරජා රටටම තොප්පි දානවා ..ඊලඟ එක අගනුවර තියෙනවාලූ නේ ...අනේ සල්ලි
අපිත් ඉතිං තොප්පි දාගෙන බකං නිලාගෙන ඉන්නවා
Deleteසැණකෙළිය බොලාට ලඟයි නේද මලේ,ගිහිං බලල තොප්පියත් දාගෙනම ලියපං බං.
ReplyDeleteකොහේ යන්නද! විභාග අස්සේ හිර වෙලා
Deleteයමයටත් ඔන්න ඔය මගුල අත ඇරලා මෙන්න මෙහෙට ඇවිත් චන්දෙ ඉල්ලන්න කියන්න. යමක් කමක් කරගෙන පස්සේ බැරියැ ජිවිතේ සැදෑ සමය අපායේ ගෙවල දාන්න
ReplyDeleteඔව් ඔව්.. හොඳට හොයා ගන්න පුළුවන් නේ ඉන්න ටික කාලේදී හරි
Deleteමං උන්නේ යමලන්තේ තියෙන්නේ අපේ සිරිලකේ කියල නෙව... ;) බයිද වේ, ඔයාත් ඔඩෙල් එකෙන් මොනවහරි ඉස්සුවාද?
ReplyDeleteතාම නෑ. නම අරගෙනම උස්සනවා කියලා හිටියේ
Deleteඇත්තමයි යමයා මේක දැක්කොත් උඹව දරු කමට හදා ගන්නවා ෂුවර් එකට.
ReplyDeleteයකඩෝ බලාපල්ලකෝ කියපු කතාව!
Deleteඅර උඩින්ම වල් කම් කියල බෝර්ඩ් එකක් දාල තියෙන්නේ යම රජාව ලන්තෙට පිලි ගන්නද?
ReplyDeleteනැත්නම් නැත්නම්.. සාදරයෙන් පිළිගන්න!
Deleteපංකාදු පහයි කොලුවො....සතියකට පස්සෙ තමයි ඔන්න මේක කියවන්න ඉස්පාසුවක් ලැබුනෙ. බොට ලැබිලා තියෙන ගෞරව නාම ටික නොවැ ඉස්තරම්.
ReplyDeleteආසයි නේ....
Deleteඅපිටත් අවසරයි නාඩි. ජය වේවා.
ReplyDelete