නාඩි සෙට් එක

Friday, September 27, 2013

යාල් දේවි කිලිනොච්චි ගියා.. දැන් ඔක්කොම හරිද??

පහුගිය දොහක යාල්දේවි මුලින්ම Made in China කෝච්චියක කිලිනොච්චි ගියාය. ලබන සිංහල අවුරුද්දට ආස්මි කොන්ඩ කැවුම් අතිරස හදාගෙන යාල්පානම් ඇවිත් කොට්ට කිලංගු අරං යන්න එනවයි කියා කීවාය.
 
පලවෙනි සැරේ චීනෙක් එක්ක ගියාට දැන් යාල්දේවි සුරුට්ටු බොන ඉන්දියන් කෝච්චියේ හැමදාම කිලිනොච්චි යයි! එතකොට දැන් ඒ තිබිච්ච කේස් බේස් ඔක්කොම ඉවරද??

මොකද්ද බං තිබිච්ච ප්‍රශ්නේ??

උදේට කාපු බීපු දේ මතක නැති අපේ උන්ට මිට අවුරුදු ගානකට කරපු කියපු දේවල් අතමක වීම අස්පට් නැත! හැබැයි ඉතිං දියවන්නාවේ ඇත්තෝ ඒ සන්තැසි උදේ හවස මාකට් කරන විදිහට තනි මිනිහෙක් කරපු ඒ වික්කරමේ කොහොම අතමක කරනනද ආයුබොවන්! (සැරද මහරජ... ඔව් සැරයි තමයි යකෝ!)

ඒ තිස් වසරක ශාපලත් යුද්ධයක්ද මොකද්ද එකක් තිබ්බ කාලේය! දැන් ඒ අයිටම් නැත. මල්ටි බැරල් ගැරේජ් ඇතුලේය. කෆීර් කුරුල්ලෝ Hangers ඇතුලේය. T56 නම් ඉඳහිට සාමකාමී ලෙස පිස්සු කෙලින මහජනයා විසිරවීමට යොදා ගනී.

චන්දෙත් තිබ්බේය. ප්‍රතිපල ටිකත් ආවේය. එක පැත්තක හිටපු අලියෙක් බලේ අල්ලද්දී අනිත් පැත්තෙන් පුත්‍ර දාරක ප්‍රේමය ඉස්මතු කරමින් අම්බුළුවාවේ චූටි පුතා බලේට ආවේය. 

උතුරේ කේස් එක පොඩ්ඩක් වෙනස් උනේය. “උතුරට වසන්තය” දුන්න හැටියට ත්‍යාගරාජලා සෙල්ලම්මලා විට කොලේට කතිරේ ගහලා මදිදෝ මන්දා කියා සිතෙන්නේය. සමහර වෙලේට කම්පියුටර් ජිල්මාට් එකක් වෙන්නටද බැරි නැත. ;)

ඇයි බං එහෙම උනේ???

නාඩියා ගේ ටිකිරි මොලේට තේරෙන කෙරෙන හැටියට නම් මේක මෙහෙමය. කලින් තිබ්බා යැයි දූසමාන ආරංචි පැතිර යන යුද්ධේ කියන එක මේ එක පාරට පටන් ගත්තා වෙන්න බැරිය! ඔය ජනවාර්ගික අර්බුදේ කියන එක මේ ගහෙන් ගෙඩි එනවා වගේ ඉබේ පටන් ගන්න මෙව්වා එකක් වෙන්නටද බැරිය. අපෙනුත් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇතිය. උන්ගෙනුත් මොකක් හරි වැරැද්දක් වෙන්න ඇතිය! 

අරන්තලාවේ හාමුදුරුවරු ඝාතනය වගේම කලු ජූලියද අපිට අතමක වෙන්න බැරිය. 

ලංකාව බහුවාර්ගික බහුආගමික රටක් කියා බෙර ගගහා හිටියාට වැඩක් නැත. උඩරට බෙරේ බෙර පදේට භරත නැටුම් නැටුවාට ප්‍රශ්නේ විසදෙන්නේ නැත.

දේශපාලන විසදුම් ව්‍යවස්ථා සංසෝධන අරවා මේවා කෝවා කරත් මුලින්ම කරන්න ඕනේ දේ අපිට මග හැරිලාය.

මොන මාධ්‍ය සංදර්ශන තිබ්බත් අපි උන් එක්ක වැඩි බජනෙට යන්න අකමැතිය. සිංහල කොල්ලෙක් දෙමල කෙල්ලෙක් එක්ක යාලු මිත්තරකමක් පටන් ගත්තොත් වසලා හමාරය! මුස්ලිම් උනොත් වැඩේ තවත් දරුණුය! බාග වෙලාවට මොකක් හරි බලයකින් ඇවිත් සාන්ත මහා නිවන් මහ පාරේදීම පසක් කරවන්නටද පුළුවන.

අපේ මොහොමඩ් ලාත් එහෙමය! ගෑනිට තියා තමන්ගේ නංගිටවත් පිරිමි පුළුටක් ඇහැ ගැටෙන්න දෙන්නේ නැත. අව් කාස්ටකේ කලු ගෝනි පොරවන් බක්කෝ නටන්න එක්ක යන්න හරිම ආසය! ඇයි බං ගෑනු කියන්නේ මනුස්සයෝ නෙවෙයිද?

තිරසාර විසඳුම් කියන්නේ ජන්ද, කෝච්චි පාරවල්, කාපට් වගේ පැලැස්තර වෙන්න බැරිය. මහ එකාගේ ඉඳන් පොඩි එකාට වෙනකම් ඔලු හේදිය යුතුය. කඩේ යන එක නවත්තනකම් ඒ වැඩේ කරන එකනම් බොරුය. 

තව වැඩි කාලයක් යන්නේ නැත. ආයෙත් මල්ටි බැරල් එලියට ගන්න වෙන්න පුළුවන. සමහර විට ඊටත් වඩා දරුණු අමුතු කේස් පටන් ගන්නත් පුළුවන.

ඉතිං බං අපි තවත් සිංහල දෙමළ මුස්ලිම් කියාගෙන ලේබල් අලවාගෙන පිස්සු නටමුද? නැත්නම් බැරි උන්ට මක බෑවියන් කියලා එකතු වෙමුද?

27 වෙනිදා උදේ සෙනඟ නැති යාල්දේවියේ ඉඳන්....

62 comments:

  1. YAAL DEVIYE WEDIYA SENAGA NEDDA MALLIYE

    ReplyDelete
    Replies
    1. නෑනේ... හරිම අඩුයි උදේ 8.25 ට අනුරාධපුරේට එන එකේ.

      Delete
  2. මිනිස්සු දූපත් මානසිකත්වයෙන් මිදිලා නැත. ජාතියක් ජම්මයක් නැතත් ජාතිය මහා ලොකුය. මිනිස්සුන්ගේ ඔලුව හදන්න ආණ්ඩුවට ඕනානැත. මොකද එහෙම හැදුනොත් පාඩුව උනටමය

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. එතකොට පාලනේ ගෙනියන්න අමාරුයි නේ.

      Delete
  3. උතුරින් එන දුම්රියේ - කවුළුව ලගට වෙලා
    නොරවන් මට දේවී නැත මා
    කිසි වරදක් කරලා...

    මහින්ද චන්ද්‍රසේකර දිවුල්ගනේ ආණ්ඩුකාර තුමාට ලිව්ව පරණ සින්දුවක් මතක් වුනා චූන් එක වැඩි කමට...මේක කියවලා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ හදිසියේ යාල් දේවි ගැන කියද්දී මේ සින්දුවම මතක් උනේ?

      Delete
    2. දන්නවද එ සින්දුව ලියවෙල තියෙන්නෙ කොහොමද කියල.මෙ සිදුවිමට මුන දුන්නු කෙනා රේල් පාරක් අයිනෙ ඉන්නකොට සිග්නල් නැතුව කොච්චියක් එතන නවත්තල.මෙයා කෙලින්ම පේන ජනෙලෙ ලග ඉදල තියෙන්නෙ දෙමල ලස්සන කේල්ලෙක්.මෙයා හිනාවෙල.කෙල්ල රවල අහක බලාගෙන. එ වෙලාවෙ මෙයාට හිතිල තියෙන්නෙ මෙ ජාතින් අතර ප්‍රශ්නෙ නිස තමයි එහෙමෙ උනෙ කියල.එ සිතුවිල්ල තමයි එ සින්දුවෙ තියෙන්නෙ.

      Delete
    3. ඒකනේ..ඔන්න තියෙන ප්‍රශ්නේ...

      Delete
  4. ඒ එකතුවීම වර්ථමානේ නම් සිඳුවන එකක් නෑ.. එහෙම මානසිකත්වයක් ජාතින් දෙක අතරේ ඇත්තෙත් නෑ මචෝ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එතකොට මේ වැඩේ කරන්න බැරිම වෙයිද?

      Delete
  5. ඉස්සර චන්දෙන් දිනපු දෙමල දේශපාලුවො යාපනයෙන් කොළඹ අයි පස්සෙ යාපනේ ජනතාව දිහා බැලුවෙ ආයේ චන්දෙකදී.
    මෙවර උගත් අය ටිකක් ඉන්න නිසා තත්වය ගොඩක් දුරට වෙනස් වෙයි කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බලමු අපි වෙනස් වෙයිද කියලා.. ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නෑ...

      Delete
  6. ඔව්ව කියල වැඩක් නෑ බං,ජාති දෙක තුන සුපිරියටම භේද බින්න කරල ඉවරයි.හරිහාමන් ජනතාවක් පත්කරගන්නකල් මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත හැලපේ...

      Delete
    2. ජනතාවක් පත් කර ගන්නවා කිව්වේ?

      Delete
  7. එහෙම එකතුවීමක් වලක්වන්න අදාල පුද්ගලයින් හැකි හැම දෙයක්ම කරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මේ ගජරාමෙට කරගෙන යන්නේ!

      Delete
  8. කෝච්චිය යාපනේටම දාපුවාම යන්ඩ කියලා ඒ දවස්වල රු 1000 කටද කොහෙද ටිකට් එකක් වික්කා නේද? මම හිතන්නේ එකට තවත් සොච්චමක් ගෙවන්ඩ කියයි කවදාහරි යාපනේ යන දවසට.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම! :D ජිවන වියදම ඉහල යාම!

      Delete
  9. හ්ම්ම් ඇත්ත තමයි.
    //අපේ මොහොමඩ් ලාත් එහෙමය! ගෑනිට තියා තමන්ගේ නංගිටවත් පිරිමි පුළුටක් ඇහැ ගැටෙන්න දෙන්නේ නැත. අව් කාස්ටකේ කලු ගෝනි පොරවන් බක්කෝ නටන්න එක්ක යන්න හරිම ආසය! ඇයි බං ගෑනු කියන්නේ මනුස්සයෝ නෙවෙයිද?//

    ReplyDelete
    Replies
    1. හැමෝම හිතන්නේ හරිම පටු විදිහට!

      Delete
  10. ඔක්කොම හදන්නේ තමන්ගේ මඩිය තරකරගන්න. තව ටික කාලෙකින් ඉපදෙන ලමයින්ගේත් ගහල ඒවි බං Made In China කියලා

    ReplyDelete
    Replies
    1. හප්පේ ඔව්!! දැන් දැනුත් ඔය පාරවල් හදන පැති වල එහෙම ඒවා වෙන්නේ නැත්තෙමත් නෑලු!

      Delete
  11. බෙදා පාලනය කිරීම ලංකාවටම ආවේනික දෙයක් නොවුනත් අනාදිමත් කාලයක ඉඳලා එහෙම වෙලා තිබිලා රජවරු කීදෙනෙක් රට එක් සේසත් කරා කියලා ඉතිහාස පොතේ තියනවාද? එහෙම එක් සේසත් කළත් ආයෙමත් බෙදෙනෙවනවා..ආයෙමත් එක්කහු කරනවා... දැනුත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. එතකොට පාලනය ගෙනියන්න ලේසියි නේ! ඒකයි!

      Delete
  12. //සිංහල කොල්ලෙක් දෙමල කෙල්ලෙක් එක්ක යාලු මිත්තරකමක් පටන් ගත්තොත් වසලා හමාරය! මුස්ලිම් උනොත් වැඩේ තවත් දරුණුය! බාග වෙලාවට මොකක් හරි බලයකින් ඇවිත් සාන්ත මහා නිවන් මහ පාරේදීම පසක් කරවන්නටද පුළුවන.// සහතික ඇත්ත. අපි මේ දේවල් ගැන තව හොඳින් හිතන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හිතලා විතරක් ඇතිද කියන එකයි!

      Delete
  13. සිරා කතාව නාඩි මලේ. ආමි කොල්ලො දහතුනක් එල්.ටී.ටී.ඊ එකෙන් මරාපු පළිය අපේ උන් ගත්තෙ අහිංසක දෙමළ පවුල් කාර් ඇතුලෙ දාලා පෙට්‍රල් වත් කරලා ගිනි තියලයි. අවුරුදු තිහක් තිස්සෙ දෙමල මිනිහා කොළඹදි නොසෑහෙන මදිපුංචිකම් වින්දා. අපි ඒ කාලෙ ඕනැම නොදන්න දෙමලෙක් දිහා බස් වලදි කෝච්චි වලදි බැලුවෙ සැකේ ඉහ මුදුනෙ තියාගෙන.

    මහරජානොයි, උන්නාන්සෙගෙ සහෝදරතුමයි එකතු වෙලා තනියෙන් කොටි සනුහරේම නොකවුට් කොරපු එක සුලුපටු වික්කරමයක් නෙමෙයි, ඒක හැබෑව. ඒත් අර හිත් ඇතුලෙ අවුරුදු තිහක් පුරා කාවැදිච්ච කහට පැල්ලම් උන්නාන්සෙලාගෙ කෝච්චි වලින්, පාරවල් වලින් තියා උතුරු වසන්තෙන්වත් අපුල්ලන්න පුලුවන් කමක් නෑ කියන එක ඕනෙ බත් කන හරකෙකුට තේරෙනව.

    මම දැකපු අනිත් දේ තමයි අපේ උනුත් හරි ආසයි මොකෙක් එක්ක හරි කොක්කක් පටල ගෙන ගහමරාගන්න. ඉස්සර දෙමෙල්ලු, දැන් මුස්ලිමානුවො. ඔය බල සේනා තමතමන්ගෙ බලේ පෙන්න පෙන්න හොයන නිවන බොහෝම දුරයි. හරක් මරන එකට විරුද්ධ එවුන් තමන්ගෙ විරෝධය පෙන්නන්න හදන්නෙ මුසල්මානුවන්ගෙ ලේ හොල්ලලා. බලසේනාව ප්‍රාණඝාත අකුසලය කොහොම අර්ථ දක්වනවද කියන එක මටනම් මහ ගැටලුවක්.

    මල්ලි හොයන ඔය විසඳුම තව පරම්පරාවල් පහක් ඇතුලත වත් සාක්ෂාත් කරගන්න පුලුවන් වෙයි කියලා මමනම් හිතන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //බලසේනාව ප්‍රාණඝාත අකුසලය කොහොම අර්ථ දක්වනවද කියන එක මටනම් මහ ගැටලුවක්.//
      එතැන තියෙන්නේ ජාතිකානුරාගී හැඟීමක්... සිංහලයින්ට තියෙන එකම රට ත් නැති වෙයිදෝ කියන බයක් ... ඇත්තෙන්ම එකේ වැරද්දක් නැහැ,,,

      නමුත් ස්වාමින්වහන්සේලාට කොයිතරම් දුරට ගැලපෙනවද කියල නොහිතන එක බෞද්ධ දර්ශනයට කැළලක් :/

      Delete
    2. ප්‍රශ්නේ තියෙන්නේ මට පේන විදිහට කට්ටිය දෙශානුරාගෙයි ආගමයි පටලවාගෙන.

      Delete
  14. ඇත්ත නාඩියො. අපේ පාලකයො හැමදාම කලෙ ජාතික ගැටළුවට පැලස්තර ඇලවීම පමණයි.

    ReplyDelete
    Replies
    1. අලෝපු එකක්වත් හරියටම හරි ගිහිං නෑ.

      Delete
  15. // මහ එකාගේ ඉඳන් පොඩි එකාට වෙනකම් ඔලු හේදිය යුතුය//මෙව්වා කොහොම කරන්නද කියලා හිතාගන්නවත් බෑ...ඔලු හෝදවන්නේ කොහොමද, කවුද?

    ජනවාර්ගික අර්බුද නම් නැති වෙයි කියා හිතන්න බෑ නාඩියෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හැබැයි දිගටම තිබුනොත් දියුණුවක් නම් නෑ.

      Delete
  16. //තව වැඩි කාලයක් යන්නේ නැත. ආයෙත් මල්ටි බැරල් එලියට ගන්න වෙන්න පුළුවන. සමහර විට ඊටත් වඩා දරුණු අමුතු කේස් පටන් ගන්නත් පුළුවන//

    හ්ම්ම් මේ යන විදියට ගියෝත්නම් ආයේ උදා වෙනවා..

    නමුත් එදාට අපිට සටන් කරන්න වෙන්නේ ලොව ප්‍රබල ජාතින් දෙගොල්ලක් එක්ක...
    එදාට සිංහල අපිට දුවන්නයි වෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. "අපි" කියල කියන්න සිංහලයට පුළුවන් වෙයිද ?

      Delete
    2. අන්න ඒකයි ප්‍රශ්නේ.. පිල් බෙදිලා හැම තැනම

      Delete
  17. අර අන්තිමට තියෙන පින්තූරෙද බුකිය හරහා බෙදා හැරියෙ ??

    ReplyDelete
  18. හරි හමන් විසඳුමක් තාම නෑ. පැත්තට අදින එක තමයි මහ වුන් කරන්නේ තාමත්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා තමන් රැකෙන්න තමයි ඔක්කොම.

      Delete
  19. හිතුවොත් කරන්නත් බැරි නැහැ.ඒත් අවංක වුවමනාවක් තියෙන උනුත් නැහැ

    ReplyDelete
    Replies
    1. අන්න හරි! මොකෝ කවුරුත් හිතන්නේ නෑ ආයේ ප්‍රශ්නයක් පටන් ගනියි කියලා.

      Delete
  20. උතුරේ චන්ද ප්‍රතිපල දකිනකොට මලින්ද මාමට හිතෙනවා ඇති අයියෝ එහෙට වියදම් කරපු සල්ලි කියලා.

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. රටේ සoවර්ධනයට ගමනා ගමන කටයුතු වල පහසුකම් තියෙන්න ඕනි... හොඳ පාරවල් දුම්රිය පහසුකම් ඔය ඔක්කොම. ඒත් ඔය මොනා කලත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොකර..... රටක් විදිහට ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන්ම මිනිස්සුන්ගෙ ආකල්ප වල පැහැදිලි වෙනස් කමක් වෙන්නම ඕනි ඉඳගෙන අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
  23. යාල් දේවි කිලිනොච්චි නෙමේ නාඩියෝ රට වටේ ගියත් වැඩක් නැහැ...අහිංසක දෙමළ මිනිහාගේ නාඩි ගැහෙන රටාව දන්නේ නැති පාලකයො ඉන්න රටේ. හරියටම නාඩි ඇල්ලුවා කේපීලාගේ නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. අල්ලලා තියෙන්නේ එදා අපේ පියාණෝ ගිහිං හම්බවෙලත් ආවා කියන්නේ නේද?

      Delete
  24. සහතික ඇත්ත. යුද්ධය වවාගෙන කාපු පාලකයින්ට යුද්දෙ නැතිව පාළුයි. එයාලා ජනතාවට ජාතිවාදය පොවලා ආයෙත් මිනිස්සු භේද භින්න කරලා තියෙන්නේ. මිනිස්සු භේද වුනාම පාලනය ගෙනියන්න ලේසියි. අනිත් එක කවුරු කොහොම කිව්වත් දෙමළ සිංහල අර්බුදය පටන්ගන්නේ 1956 සිංහල රාජ්‍ය භාෂාව කරපු දවසේ ඉදලා. මං විශ්වාස කරන විදියට ඒක තමයි අපි කරපු ලොකුම වැරැද්ද. මාධ්‍ය සන්දර්ශන වලින් විතරක් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්න බෑ කියලා තේරුම් ගන්න අපිට බැරි එක ගැනයි දුක.
    ශ්‍යාම් සෙල්වදොරෙයි ගේ Funny Boy (සිංහල පරිවර්තනය - සුගතපාල ද සිල්වා - අමුතු ඉලන්දාරියා) කියවලා බලන්න. දමිල ජනතාවට යුද්ධය දැනුනේ කොහොමද කියල ඒකෙ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කියෙව්වා මම ඒ පොත. :) ඇත්ත ප්‍රශ්නේ ලස්සනට විස්තර කරලා තියනවා! :)

      Delete
  25. අමතක වුනු දේවල් මතක් කරලා සැබෑ ප්‍රශ්නෙ මතක් කරපු එක නම් නියම වැඩක්.. තව දෙයක් අර අන්තිම ෆොටෝ එක ගත්තේ මමද කොහෙද???

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.... ඔව් ඔව්..... ;) වෙන කවුද ඉතිං... ;)

      Delete
  26. යාල් දේවි යාපනේට නෙමෙයි කන්කසන්තුරේටම යවන එක හොඳයි. හැබැයි ජනවාර්ගික අර්බුදේ කියල කියපු එකට ඔය කෝච්චියත් හේතුවක් වුනා. යාපනෙන් නැගපු මිනිස්සු කෝච්චියෙ නිදාගෙන ආපුවහම අනුරාධපුරෙන් නගින මිනිස්සුන්ට ඉඳගන්න ඉඩ නෑ. මේක අර්ථකථනය වුනේ දෙමළ මිනිස්සු ආධිපත්‍ය පතුරවන ක්‍රමයක් හැටියටයි. ඒත් ඇත්ත කතාව නම්, නින්ද ගියාට පස්සෙ දෙමළා නෙමෙයි මොකා වුනත් නැගිට්ටවන්න ටිකක් අමාරු වෙන එක ස්වභාවික දෙයක් වීමයි. මාතර ඉඳන් එන කෝච්චියකට ගාල්ලෙදි නැග්ගත් ඒ සෙතේම තමයි. වෙනසකට තියෙන්නෙ යාපනේ ඉඳල අනුරාධපුරේට එන්න ලොකු කාලයක් ගතවීමයි. ඒ කාලය තුළ යාපනෙන් නැග්ග මිනිහ තද නින්දකට වැටෙනවා. අර උඩ කමෙන්ට් එකක තියන සින්දු කෑල්ල....උතුරින් එන දුම්රියේ - කවුළුව ලගට වෙලා
    නොරවන් මට දේවී නැත මා - කිසි වරදක් කරලා...
    මෙතනදි කෙල්ල අහක බලා ගන්නෙ දෙමළ නිසා නෙවෙයි, ඒ කෙල්ලන්ගෙ හැටි. කොල්ලෙක් හිනා වෙනකොට අහක බලනවා (පස්සෙ හොරෙන් බලනව තමයි) ඒත් කොල්ල වටහගන්නෙ වැරදියට. කෝච්චියෙ කේස් එකත් එහෙම එකක්.
    යටි හිත් වල පැලපදියම් වෙලා තියන ජාති භේදය, කුල භේදය මේ හැම එකක්ම නැති වෙන්න ඕනැ. නැති කරන්න අමාරු වෙලා තියෙන්නෙ ආයෙ ආයෙත් ඇති කරන නිසා. නැත්නම් ලෝකය දියුණු වෙද්දි ඔය පටු ආකල්ප නැති වෙලා යනව ඉබේම.

    ReplyDelete
    Replies
    1. //ලෝකය දියුණු වෙද්දි ඔය පටු ආකල්ප නැති වෙලා යනව ඉබේම// ඒක තමයි විය යුත්තේ. හැබැයි පේන විදිහට වෙන්නේ නැත්තෙත් ඒකයි

      Delete

Related Posts Plugin for WordPress, Blogger...